ටික දවසකට පස්සේ ආයෙත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇමරිකාවේ තිරගතවෙන්නේ ජූලි 15වෙනිදා ඉදන්. හැබැයි ඉතින් මැයි 26වෙනිදා තමයි අන්තර්ජාල ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙන්නේ. චිත්‍රපටිය 2015 කියලා සදහන් වෙන්නේ මේක විවිධ චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කෙරුනු නිසා. මේක අයිතිවෙන්නේ drama, romance,sci-fi යන කාණ්…

ටික දවසකට පස්සේ ආයෙත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇමරිකාවේ තිරගතවෙන්නේ ජූලි 15වෙනිදා ඉදන්. හැබැයි ඉතින් මැයි 26වෙනිදා තමයි අන්තර්ජාල ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙන්නේ. චිත්‍රපටිය 2015 කියලා සදහන් වෙන්නේ මේක විවිධ චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කෙරුනු නිසා. මේක අයිතිවෙන්නේ drama, romance,sci-fi යන කාණ්ඩයන්ට. imdbඅගය 6.1ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන සයිලස් සහ නියා විදියට රංගනයෙන් දායක වෙන්නේ පිලිවෙලින් Nicholas Hoult සහ Kristen Stewart.
කතාව මෙහෙමයි, මේ කතාවේ තියෙන්නේ අමුතු ලෝකයක් ගැන. ඉතින් මේ අමුතු ලෝකයේ ඉන්න අයත් අමුතුයි. ඒවගේම පිළිපැදිය යුතු නීතිමාලාවක් තියෙනවා. ඒවා තමයි, තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම, සැකසහිත ක්‍රියාවන් වාර්තාකිරීම ආදී ඒවා. මෙතන සැකසහිත ක්‍රියාවන් කියලා සදහන් කලේ මේකයි, මේ ලෝකයේ ඉන්න අයට හැගීම් නෑ. හැබැයි හැමෝටම නෙමේ,සමහර අයට හැගීම් ඇතිවෙනවා.මේ ලෝකෙදී හැගීම් ඇතිවෙන එක හදුන්වන්නේ,රෝගයක් නැත්නම් දෝෂයක් විදියට. ඒවගේම තමයි,කායික සබදතා,ස්පර්ශ කිරීම,හැගීම් ප්‍රදර්ශනය කිරීම යන ඒවා හදුන්වන්නේ මේ රෝගයේ ලක්ෂන විදියට.ඉතින් මං කලින් කිවුවා වගේ සැක සහිත ක්‍රියාවන් කියලා අදහස් කලේ මේ වගේ රෝග ලක්ෂන පෙන්වන එක. ඒවගේම තමයි මේ ලෝකයේ කාටවත් එකතුවෙන්න බෑ. ඒ කිවුවේ පිරිමියෙක්ට ගැහැණියෙක් එක්ක සබදතා පවත්වන්න බෑ. අපේ විදියට කිවුවොත් යාළුවෙන්න බෑ.එහෙම වුනොත් ඒ අයව den නමින් හැදින්වෙන තැනකට අරන් යනවා. එතනදී ඔවුන්ට වේදනා රහිත මරණයක් ලබාදෙනවා.සබදතා ඇතිකරගන්න අයව ඔවුන් අවදානමක් විදියට තමා සලකන්නේ. ඒවගේම මොවුන් මේ හැගීම් ඇතිවෙන එක නතරකරන්න ප්‍රතිකාරයකුත් සොයමින් ඉන්නවා.ඉතින් මං සදහන් කලේ මේ ලෝකයේ විස්තර ටිකක්. කතාව මෙහෙමයි,සයිලස් කියන කෙනාටත් මේ රෝග ලක්ෂන ඇතිවෙමින් එනවා.ඒ කියන්නේ ඔහුට විවිධ හැගීම් දැනෙනවා.මේ සයිලස් සහ නියා වැඩකරන්නේ එකම තැනක. සයිලස් නියාගේ පස්සෙන් යන්න පටන්ගන්නවා. මෙහෙම කාලයක් ගෙවී යද්දී මේ දෙන්නා කතාකරන්න පටන්ගන්නවා. නියා කියන්නේ දැනටමත් මේ රෝගය තියන කෙනෙක් කියලා සයිලස්ට දැනගන්න ලැබෙනවා.(මේ රෝගය කියන්නේ හැගීම් ඇතිවෙන එකට ඈ) ඉතින් දැන් සයිලස්ටත් හැගීම් දැනෙන නිසා කාලයක් යද්දී මේ දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා. ඒ දෙන්නාට තේරෙනවා මේක රෝගයක් නොව ලස්සන හැගීමක් කියලා. ඒත් ඉතින් මේ ලෝකයේදී කාටවත් එකතුවෙන්න ඉඩක් නෑ. මේ දෙන්නටත් ඒක පොදුයි. ඉතින් මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න ආරාධනා කරනවා. ලිපියනම් ටිකක් අවුල් ඇති. ඒක ගනන් ගන්න එපා. ලිපිය කොහොමවුනත් මේක සුපිරි චිත්‍රපටියක්. sci-fi චිත්‍රපටි වගේම Romance චිත්‍රපටි වලට කැමති අය මේක අනිවා බලන්න. එහෙනම් මං ගියා! තවත් උපසිරැසියකින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB/BR පිටපත් සඳහා වලංගු වේ.
5,119 downloadsDownload Equals-2015-BR.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
- #Aurora Perrineau
- #Bel Powley
- #David Selby
- #Dennis Shin
- #Editor's Pick
- #Guy Pearce
- #Jessica Lois
- #Kate Lyn Sheil
- #Kristen Stewart
- #Must Watch
- #Nathan Parker
- #Nicholas Hoult
- #Offbeat
- #Rebecca Hazlewood
- #Scott Lawrence
- #Seth Adams
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Vernetta Lopez
- #You Decide
- #Yu Hwan Park
- #ඉසුරු දිල්ශාන්
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
26 comments
Dinu Senal
sajith
download link
http://goo.gl/i2MXeQDirect Link
《《《《DIRECT LINK》》》》
Equals 720p WEB-DL x264 (700 MB)
https://clicknupload.link/s9tkbfyc3dl5Equals 720p WEB-DL x265 HEVC (325 MB)
https://clicknupload.link/b0qerf2ekny6
Sajith Anthony
අමුතුම එකක් නිසා බලන්න ඕනෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!lakysam
http://dl.fardadownload.ir/
films tv series okkoma IDM banna :)Asitha
ela thanks
yeshu
tnx
Jack
නියමයි සහෝ.
අමුතුම කතාවක්නේ.
බලන්න ඕණේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
sanath indika
thx sahoo
Dina
720P 570MB x265 10bit WEB-DL HEVC HDR Direct Link
http://x265mkv.com/download-equals-2015-720p-10bit-web-dl-h…
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rajitha
Thanks machan......jayawewa.....!
නිපුන වීරසේකර
මේ චිත්‍රපටය අනිවා බලන්න. ලෝකෙම එකම අතකට යද්දී ඒ ගමන නතර කරලා, තමන්ගේම ගමනක් යන අයටයි නියම ආදරවන්තයෝ කියලා තේරේවි...
නිපුණ වීරසේකර
සිංහල උපසිරසි දුන්නට බොහොම පිං...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Dilhan Wijesuriya
thank u..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
Isuru site ekata manaram isurak ek karala! thanks. science fiction ekak wunata manushika bawa hondatama wiwaranaya wena kathawak. widyathmaka wadanwalata gelapena wachana hoyanna Isuruta puduma kattak kanna wennethi kiyalath hithenawa. kohoma wunath wede supiri!
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Hope
Maxxa machan! Thank you...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!chinthaka
thank u very much bro....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Bro !