ඔන්න 6වෙනි උපසිරසයත් ගෙනාවා.මේ පාරත් ගෙනාවේ බැට්මෑන් අනිමේෂන් එකක්ම තමයි.මම ඊට කළින් උපසිරස කරපු Batman Beyond: Return of the Joker(2000) චිත්‍රපටිය නරඹන්න ඇතියි කියලා හිතනවා.Batman vs superman නම් හැමෝම වගේ බලන්න ඇතියි.ඒත් මම මේ පාර උපසිරස කරපු Batman vs Dracula නම් ගොඩක් කට්ටිය බලලා නැතුව ඇති.මේක…

ඔන්න 6වෙනි උපසිරසයත් ගෙනාවා.මේ පාරත් ගෙනාවේ බැට්මෑන් අනිමේෂන් එකක්ම තමයි.මම ඊට කළින් උපසිරස කරපු Batman Beyond: Return of the Joker(2000) චිත්‍රපටිය නරඹන්න ඇතියි කියලා හිතනවා.Batman vs superman නම් හැමෝම වගේ බලන්න ඇතියි.ඒත් මම මේ පාර උපසිරස කරපු Batman vs Dracula නම් ගොඩක් කට්ටිය බලලා නැතුව ඇති.මේක නිකුත්වෙලා තියෙන්නේ 2005 වර්ෂයේ.මේක නම් හැමකෙනාම නරඹන්න ඕනි සුපිරිම ඇනිමේෂන් එකක් කියලා හිතනවා.එහෙනම් කතාව පැත්තට හැරෙමු.
මේ කතාවේ ප්‍රධානතම හතුරා තමයි ඩ්‍රැකියුලා.ඒ වගේම මේ කතාවෙත් හැම බැට්මෑන් කතාවකම වගේ ඉන්න පොදු හතුරාවන ජෝකරුත් ඉන්නවා.තව පෙන්ගුවිනුත් ඉන්නවා.ඉතින් කවුරුත් දන්නවනේ වීරයා කවුද කියලා?ඒ තමයි ඉතින් කවුරුත් ප්‍රියකරන බැට්මෑන්.කතාව පටන්ගන්නේ ආර්කම් හිරගෙදරින්.එහෙදී පෙන්ගුවින්ට දැනගන්න ලැබෙනවා ගෝතම් කනත්තේ හංගලා තියෙන නිධානයක් ගැන.ඒක පෙන්ගුවින් වගේම ජෝකරුත් දන්නවා.ඉතින් මේ දෙන්නම වෙන වෙනම හිරෙන් පනිනවා.මුලින්ම පනින්නේ ජෝකර්.ඉතින් පෙන්ගුවින් හිරෙන් පැනලා ජෝකර්ව හම්බෙලා එකතු වෙලා නිධානේ හොයන්න කතා කරගත්තත් ජෝකර් මේකට කැමති වෙන්නේ නෑ.එතනදී ජෝකර්ගේ පස්සෙන් බැට්මෑන් එලවන්න පටන් ගන්නවා.ඒත් පෙන්ගුවින් මෙතනදී බැට්මෑන්ගෙන් බේරෙනවා.ඉතින් එයා තනියම යනවා ගෝතම් කනත්තට නිදානේ හොයන්න. ඒත් එයාට ඒ වෙනුවට හම්බවෙන්නේ ඩ්‍රැකියුලාගේ නිශ්චල ශරීරය.ඒත් එක්කම පෙන්ගුවින්ගේ අතින් ගිලිහුණ ලේ බිංදුවක් නිසා එයාට ආපහු පණ එනවා.එතන ඉදන් තමයි ඩ්‍රැකියුලාගේ භීෂණය පටන්ගන්නේ.නගරයේ මිනිස්සු එන්න එන්නම වැම්පයර්ස්ලා බවට පත්වෙනවා.මේ වැම්පයර්ස්ලා පවා බැට්මෑන් වඩා හැම අතින්ම බලවත්.එතකොට හිතාගන්න පුලුවන්නේ ඩ්‍රැකියුලාගේ බලය.මෙයා එක වතාවකදී බෲස්ගේ ගෙදර තියෙන ප්‍රදර්ශනේකටත් එනවා මිනිස් ස්වරූපයෙන්. එයා එතනදි කියන්නේ එයාගේ නම ඇලියුකාර්ඩ් කියලා.ඒ නමින්ම තමයි බැටා දැනගන්නේ මේ ඩ්‍රැකියුලා කියලා. ඒකත් ලස්සන ක්‍රමයකට. කතාව ඉතින් ඔහොම ලස්සනට දිගට ගලාගෙන යනවා.කතාවම කිව්වොත් කතාවේ රසය අඩුවෙනවනේ. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක්.ඒ හින්දා හැමෝටම මේක නරඹන්න කියලා ආරාධනා කරනවා.ඒත් එක්කම මේක බාගෙන යන ගමන් Comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
The Batman vs Dracula The Animated Movie 2005 DVDRip Xvid fasamoo LKRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,195 downloadsDownload The-Batman-vs-Dracula.2005.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
21 comments
Gathsara Umesh Kumara
sajith
download link
http://goo.gl/eCiORdSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!
ටොර්‍න්ට් ලින්ක් එක් : https://goo.gl/SGWzbJKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi sahooo niyamai aniwa balanna oni thanaks...
ලහිරු ලක්මාල්
3614539D4A36AE58AD3099F2D8B6F7FBA3FFE076
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජයkavinda
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි
දසුන් හසන්ත
හොඳයි සහෝ., දිගටම දෙමු!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru lakmal
ප්‍රතිචාර වල්
lahiru lakmal
ප්‍රතිචාර වලට ස්තූතියි
shan
Bat man the killig joke(2016) film ekta sub puluwnm drnnah.
shan
Sub ekta thnq
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
PahasaraDv
Thankz very much....
Anonymous
mee magule sub kalinne enne
Anonymous
බොහොම ස්තූතියි සහෝ subtitle එකට...❤️
adc
abcd
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි සහෝ..50හ ඉක්මනටම පන්නමු..ටොරෙන්ට් ලින්ක් දෙන්න නැති එක නම් දිකයි..එක බැරිනම් අඩුම තරම හැශ් ටැග් එකවත් අල බලන්නකෝ..