Watch Trailer

Escape from Pretoria (2020) Sinhala Subtitles | වර්ණභේදයට එරෙහිව හිරෙන් පැන යාම! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම වගේ මඟබලන් හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවේ කාලෙකට පස්සෙ. කොරෝනා නිසා අපිට ලැබුණු නිවාඩු කාලේ බොහොම කම්මැලිකමින් ගෙවිලා යද්දි විමාගෙ බලකිරීම මත, එයා භාරගත් මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මට පැවරුණා. අමාරුවෙන් කම්මැලිකමෙන් උපසිරැසිය පටන් ගත්තට ටිකක් කරගෙන යද්ද…

හැමෝම වගේ මඟබලන් හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවේ කාලෙකට පස්සෙ. කොරෝනා නිසා අපිට ලැබුණු නිවාඩු කාලේ බොහොම කම්මැලිකමින් ගෙවිලා යද්දි විමාගෙ බලකිරීම මත, එයා භාරගත් මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මට පැවරුණා. අමාරුවෙන් කම්මැලිකමෙන් උපසිරැසිය පටන් ගත්තට ටිකක් කරගෙන යද්දි තමයි පොඩි කික් එකක් ආවෙ මේ ගැන සොයන්න. වැඩි දෙයක් දන්නෙ නැති උනාට පොඩ්ඩක් හොයලා බලද්දි තමයි පොඩි විස්තර ටිකක් හොයා ගෙන ලිපියෙ සඳහන් කරන්න හිතුවෙ. එහෙනම් ඔන්න ඔයාලා බලාපොරොත්තු උන තරමේ විස්තරාත්මක ලිපියක් නැති උනාට මං වගේ කම්මැලි නොවී පහළින් තියෙන විස්තරෙත් පොඩ්ඩක් කියවලම බලන්නකො.

සාහසික බන්ධනාගාර පාලකයන්ගෙ ඇසට මුවාවී,

ඔබේ නිදහස වෙනුවෙන්…

අගුලු දාපු ආරක්ෂිත වානේ දොරවල් 9 ක් විවෘත කරන්න…

සිර කුටියේ ඇති ලී කැබලි වලින්,

ඔබට පුළුවන්ද යතුරු හදන්න?

ඔබට ඒ සඳහා ධෛර්යයක් තිබේද සහෝදරවරුනි?

පිළිතුර ‘නැත’.

මා ඔබට දොස් නගන්නෙ නැත.

මන්ද යත් මටද එවන් ධෛර්යයක් නැත,

නමුත්…

නමුත් ටිම් ජෙන්කින් එසේ කළ අතර, 1979 දී ප්‍රිටෝරියා බන්ධනාගාරයේ පාලකයන්ගේ ඇසට මුවාවී තමන්ගේ සිරකුටිය තුළදීම නිර්මාණය කර ගත් යතුරු භාවිතයෙන් සිරෙන් පැන යාමට තරම් ඔහුට ශක්තියක් ධෛර්යයක් තිබුනු බව ඇසීමට පවා පුදුමයකට කරුණකි. දේශපාලන සිරකරුවන් තිදෙනෙකු දකුණු අප්‍රිකාවේ ඉහළම ආරක්ෂක බන්ධනාගාරයකින් පිටතට පැමිණියේ කෙසේද?

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) වෙනුවෙන් වැඩ කිරීම නිසා 1978 දී සිරගත කරන ලද සුදු ජාතික අප්‍රිකානු ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ජෙන්කින් සහ ස්ටීවන් ලීගේ කතාව සහ කුප්‍රකට ‘සුදු මිනිසාගේ රොබන් දූපත‘ වූ ප්‍රිටෝරියා බන්ධනාගාරයෙන් පැන යාම පිළිබඳ කථාව මෙම සිනමාපටයෙන් මනාව විදහා දක්වයි. තම සිරකරුවන් පැන යාමෙන් ලැජ්ජාවට පත් වර්ණභේදවාදී ආරක්ෂක අංශය පවසා සිටියේ ඔවුන්ට උදව් කිරීම සඳහා එක් පාලකයෙකු හට අල්ලස් දී තිබුණු බවයි. නමුත් සත්‍යය ඊට හාත්පසින්ම වෙනස් විය. ප්‍රිටෝරියා වෙතින් පැන යාම හුදෙක් සාමාන්‍ය සිරගෙයකින් පැන යාමක් නොව ඉවසිලිවන්තකම, සූක්ෂම අවධානය පිරුණු මිනිසෙකුගේ විශිෂ්ට ජයග්‍රහණයකි.

නිදහස උදෙසා ජෙන්කින් විසින් කළ, අදහාගත නොහැකි ආකාරයේ වීරක්‍රියා පිළිබඳව 2003 වර්ෂයේ ඔහු විසින් රචනා කොට ප්‍රකාශයට පත් Inside Out: Escape from Pretoria Prison කෘතිය පදනම් කරගනිමින් මෙහි තිර රචනය සිදු කොට ඇති අතර පොතෙහි සඳහන් තොරතුරු ඒ ආකාරයෙන්ම භාවිතා කර ඇත. එම කෘතියෙහි බන්ධනාගාරයේ ඡායාරූප, ගොඩනැගිලි සැලැස්ම, යතුරු සාදා ගත් ආකාරයට සහ විවිධ යාන්ත්‍රණ වලට අදාල කටුසටහන් ආදිය සියල්ලද ඇතුලත් වේ. සත්‍ය කතාව සමඟ මෙය කෙතරම් සබැඳියාවක් පවතීද යත්, මෙහි අවසාන දර්ශනයේ දොරක් විවෘත කිරීමට මොවුන් යොදා ගන්නා ඉස්කුරුප්පු නියන එකල ජෙන්කින් විසින් සැබෑවටම භාවිතා කළ මෙවලමයි. තවදුරටත් ජෙන්කින් පවසන පරිදි ඔවුන් පැන ගත් විගසම යතුරු සියල්ලම අතහැර දැමූ නමුත් ඒ මෙවලම පමණක් ඔවුන් සන්තකයේ තබා ගෙන ඇත්තේ ආරක්ෂාව පිණිසය. අද වන විට එම ඉස්කුරුප්පු නියන මතක සටහනක් ලෙස ඔහු සතුව පවතී.

ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (හැරී පෝටර්) මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන අතර ඩැනියෙල් වෙබර් විසින් ස්ටීවන් ලී සඳහාත්, ඉයන් හාට් විසින් ඩෙනිස් ගෝල්ඩ්බර්ග් සඳහා පණපොවයි. ඉයන් හාට් සහ ඩැනියෙල් හැරී පෝටර් කතා මාලාවේදී දෙවන කතාංගයේදීද එකට රඟපෑමේ යෙදී ඇත. මෙම චිත්‍රපටය තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද්දේ ෆ්‍රැන්සිස් අන්නන් විසිනි. මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු-එක්සත් රාජධානියේ සම නිෂ්පාදනයකි. 2020 මාර්තු 6 වන දින නිකුත් කරන ලද මෙම චිත්‍රපටය ලොව පුරා කාගෙත් අවධානය ලබා ගැනීමට සමත් වී තිබේ. IMDB හි 6.6 ක හා rotten tomatoes හි 71%ක විචාරයක් ලබා ගත් මෙම චිත්‍රපටය රසවිඳින්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

ආයෙත් උපසිරැසියක් අරන් මුණ ගැහෙන තුරු සැමට ජය!!!

බයිස්කෝප් අඩවියට ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / Web / BR පිටපත් සඳහා අදාළ වේ.

24,576 downloadsDownload Escape-from-Pretoria-2020.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙරින් සමාධි ද සිල්වා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

24,576 downloadsDownload Subtitles61 KB

55 comments

  1. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම!!

    1. Anonymous

      Thanks

  2. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට ..
    මේකේ WEB කොපියත්, BluRay එකත් ඇවිත් තියෙන්නෙ හැබැයි.. BluRay නම් අද ආවා. පුලුවන් වෙලාවක් තිබුනොත් ඒකට SYNC කරලා දෙන්න. ජය වේවා !!

  3. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි dr!✌❤ ජය වේවා!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Shaggie

    Thnks sis

  6. කවිඳු

    බොහොම ස්තූතියි! මේ පාන්දර තමයි බලන්න හදන්නේ...
    හොඳ කතාවක් වගේ

  7. chinthaka_priyadrshana

    Thank u very much sis......Meka balanna sub denakam hitiye.....thank u................

  8. රංගික සිනෙත්

    බෝම ස්තුතියිිි අක්කි ,ජය වේවා

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Download කරා විතරයි....

  10. tharidu16

    thanks

  11. viradaka

    THANK YOU !

  12. Anonymous

    BOHOMA PIN !!!

  13. Amila Mudalige

    Sub ekata thanks

  14. Geethi

    Thank you for the subtitle.

  15. isuru srinath sjs

    මරූ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  16. Dewadithya

    Thanks for sub!

  17. Sajithlakshan

    thanks ........................

  18. D.Chamara

    bohoma sthuthi ...

  19. Sandun

    thank you!!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Anonymous

    thank you

  22. Anonymous

    ela

  23. indika75

    thanks..

  24. Pramukmili

    Thanx sis.........

  25. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  26. kingsamee

    mulin hithune echchara kolity naa kiyala, aaaah patta film eka ,superb acting ... thanks for subzzzzzzz

  27. Isuru Madusanka

    Thank you

  28. Anonymous

    Thanks

  29. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති journey to the west 2 (2017) movie ekatath sub dennako

  30. tv malli

    tnx sub ekata

  31. Sanjeewa

    Super movie.thanks for sub

  32. දසිත චාමික

    Thanks akke sub ekata! jaya!

  33. Anonymous

    hora baisecope ekk tynwani

  34. ruchiralakmal

    Thanks for the sub!!!!

  35. chinthaka.max4

    thankx sab ekata

  36. Suchtth Anusha

    Thanks a lot....! Great movie...

  37. Wayantha Sandaruwan

    godak sthuthiy

  38. Niro1115

    Thank you

  39. Anonymous

    thank you sister

  40. Ramal beenu

    Thank you... Me curfew kale gewal walata hira wela inna apita oyala dena me sub ekath godak watinawa.. Kawuru th wadiya katha nokarata oyala me karana deta godak pin.. Thanx again...

  41. Maleesha

    akkawa kalekin dakke..akkage sub balnna godak asayi

  42. Malith

    thanks so much akka

  43. melinda

    thank you

  44. dmr

    thanks

  45. Manohari

    Thank you...

  46. Shaggy

    Thank You saho

  47. Shaggy

    Sahodari*

  48. Shaggy

    Thank You sahodari

  49. jagath55

    Thanks

  50. Anonymous

    මෙක ෆිල්ම් එක තියෙනවද මට ලින්ක් එකක් දෙනවද ඩවුන්ලොඩ් කරන්න.

Load more comments