කොරෝනා නිසා ගෙවල් වලට වෙලා ඉන්න මගේ යාලුවන්ට ඔන්න මම තවත් දමිළ චිත්‍රපටයකට උපසිරස අරගෙන ආවා, හැබැයි මේකනම් Thriller ගණයට අයිති IMdb දර්ශකය 6.6ක් අරගෙන තියෙන කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් හොද ෆිලුමක්. 2020 මාර්තු මාසයේ 6 වෙනිදා තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 39 ක් පුරා දිවෙන Varalaxmi Sa…

කොරෝනා නිසා ගෙවල් වලට වෙලා ඉන්න මගේ යාලුවන්ට ඔන්න මම තවත් දමිළ චිත්‍රපටයකට උපසිරස අරගෙන ආවා, හැබැයි මේකනම් Thriller ගණයට අයිති IMdb දර්ශකය 6.6ක් අරගෙන තියෙන කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් හොද ෆිලුමක්. 2020 මාර්තු මාසයේ 6 වෙනිදා තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 39 ක් පුරා දිවෙන Varalaxmi Sarathkumar ප්‍රධාන චරිත දායකත්වයත් Ramesh Thilak, Prakash Raghavan, Maalavika Sundar, Santhosh Krishna, Kasthuri Shankar, Arjai යන අය සෙසු චරිත නිරූපණය කරනවා. 2010 වසරේ කොඩෙයිකානල් ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.
දෙවියන් විසින් නිර්මාණය කරන ලද මේ ලෝකයේ
දෙවියන්ගේ පළමු දරුවන්,අමතක වූ දරුවන් කදුකරයේ සිටින ගෝත්‍රික ජනතාවයි
ඔවුන්ගේ භූමිය රත්තරන් සහ ඔවුන් වටා ඇති කඳුකරයන්ය
ඒකයි එයාලගෙ ලොකුම ප්‍රශ්නයත් වෙලා තියෙන්නෙ
සොබාදහමේ තෑග්ග අසීමිත ධනයකින් වටවී ඔවුන්ගේ සුවදායකත්වයට තිබුණද,
එය ඔවුන්ගේම යැයි කියා ගැනීමට ඔවුන්ට නොහැකිව
අනාතයන් වශයෙන් ජීවත් වන නිසා ඔවුන් ටිකෙන් ටික ඈත් වෙමින් යන්නේ
ඔවුන් ජීවත් වන්නේ පොළොවේ මුදුනේ වුවත්
මුළු ලෝකයටම අවශ්‍ය වන්නේ ඔවුන්ව පහළට ඇද දමමින් සිටීමටයි
ඔවුන් නඟා සිටුවීමට කියා සිටින අය ඇත්ත වශයෙන්ම ඔවුන් සූරාකන එකයි කරන්නේ
රැවටීමෙන් හා කලකිරීමෙන් පසු නැවත නැවතත්
මේ වංචනික ලෝකය එපා කියමින්
ඔවුන්ට අවශ්‍ය වූයේ හුදෙකලා ජීවිතයක් ගත කිරීමටයි
කෙසේ වෙතත් කෑදර වෙළඳුන් කිසි විටෙකත් ඔවුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ නොදෙයි
මේක ඉන්දියාවේ විතරක් නෙමෙයි ලොව පුරාම සිද්දවෙන්නක්
ගෝලීය සාක්ෂිකරුවන්ගේ වාර්තාවට අනුව
2018 දී ඉන්දියාව ඇතුළු රටවල් 27 ක් පුරා පුද්ගලයින් 317 ක් මිය ගොස් තියෙනවා
ඒකෙන් ඝාතනයට ලක්වූවන්ගෙන් සියයට 70 ක් පරිසර ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්
මේ මියගිය ක්‍රියාකාරීන්ගේ අරමුණ වූයේ එකම එක දෙයයි
අපේ රටේ සම්පත් අපේ රටේ ජනයාගේ සුභ සිද්දිය සදහා පමණයි
මේ වගේ අපිව සූරාකන ආයතනික සමාගම් වලින් සහ ඔවුන්ට සහාය දෙන දේශපාලනිකයන්ගෙනුත්
අපිව බේරාගන්න තියෙන එකම ආයුධය අරගල කිරීම පමණයි
ගෞරී මහත්මිය,නිළියක් ලෙසත් සමාජ ක්‍රියාකාරියක් ලෙසත් කටයුතු කරන්නියක්. කුඩා කලදීම සිනාමාවට පිවිස අම්මා තාත්තා නිසා කිසිම අඩුවක් නොදැනුන ඇය, ඇගේ ඉරණම වෙනස් වන්නේ ඉකම දවසින් තම දෙමාපියන් අන්ත්‍රාවීමෙන්. තනිකමෙන් අවට දෙස බලපුවාම සියල්ලම ව්‍යාජත්වය හා බොරුවෙන් පිරී තිබෙනු දැක ඇය, එය අතහැර සැනසීම හා සාමය සොයා දිව යන්නට වුණා. එවිටයි ඔහුට කොඩෙයිකානල් ප්‍රදේශයේ මේ කදුකර අවට ජීවත්වන අහිංසක ජනතාව මුණ ගැහුණේ. හැමදේම තිබිලත් මොන මොනවදෝ හොයාගෙන යන ජනතාවත් ඉන්න රටක මොනවත්ම නැතුව සමාන්‍ය ජීවිත ගත කරන ඔවුන් ඇයට පාඩමක් වුණා කියලයි ඇයි සිතුවේ. ඇයට අවශ්‍ය වුණා ඔවුන් ගැන මුළු ලෝකයම දැනුවත් වෙනවට. ඇයගේ මේ වැඩපිළිවෙලට උෂා නම් මාධ්‍ය ක්ෂේත්‍රයේ යෙහෙළියක් ඇයට සහයෝගය ලබාදුන්නා.
ඔහොම කාලයක් යනකොට දවසක් හඩිස්සියේම මිනින්දෝරුවෙක් ගෞරිව මුණ ගැහෙන්න ඇවිත් ඔහු ඇයට කියා සිටියේ කොඩෙයිකානල් ප්‍රදේශයේ ඔහු දුන් සමීක්ෂණ වාර්තාව දිස්ත්‍රික්කයේ තසිල්ඩාර් හා වනජීවී නිළධාරීන් විසින් දේශපාලන වුවමනාව මත වෙනස් කර කල්බදු නොවන කලාපයක් බවට නීති විරෝධී ලෙස ආයතනික සමාගමකට විකිණීමට උත්සාහ කරන බවයි. මේ පිළිබදව රජයේ නිළධාරින් කිසිවෙකුත් විශ්වාස කල නොහැකි බවත් එම සමීක්ෂණ වාර්තාව තමන් ළග එනම ගෞරි ළග තබා ගන්නා ලෙසත් පවසමින් එම වාර්තාව ගෞරිට ලබාදෙනවා. නමුත් දින 4 කට පසුව එම නිළධාරියාද ඝාතනය කල බවට දැනගන්න ලැබෙනවා .හදිසියේම කොඩෙයිකානල් ගම්මනයේ ගින්නක් ඇති වී මේ අහිංසක ජනයාගේ නිවාස ගිනිබත් වී 45 කට අධික පිරිසක් මරු මුවට පත් වෙනවා. මේ ගැන කම්පාවට පත්වෙන ගෞරි එම ලියවිල්ල ඇතුළු සාක්ෂි මාධ්‍යට හෙළිකිරීමට උෂා හා කතා කරගන්නවා. පසුවදාට හමුවීමට යෝජනා කරගෙන ෆෝන් එකෙන් කතා කරගෙන ඉන්න අතරතුරම ගෞරිද නන්නාඳුනන පිරිසක් අතින් ඝාතනය වෙනවා. පසුව උෂා තීරණය කරනවා ගෞරි කරන්න හදපු දේ කොහොම හරි ඉෂ්ට කරන්න ඕනෙ කියල හිතාගෙන පහුවදාම චෙන්නෙයි බලා පිටත් වෙනවා. එහෙනම් ලොකු විස්තරයක් කිව්වා, බලමු චෙන්නෙයි වලට පැමිණෙන උෂාටත් එයාගෙ මල්ලිටත් උෂාගෙ යාලුවා වන ප්‍රියාටත් අත් විදින්නට වෙන්නේ මොන වගේ අකරතැබ්බයන්ටද කියලා.
හැමෝටම තෙරුවන් සරණයි….කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම සුවපත් වේවා !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
5,919 downloadsDownload Velvet-Nagaram-2020.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Udaya Saman
දෙනකන් හිටියෙ ඉතින් සබ් එක.බොහොම තුති ධනා සහෝ. උපසිරසියට .ඉක්මනින් තව එකක් දෙන්ඩෝ
Gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... කම්මැලිකමේ හිටියේ හොඳ ෆිලුමක් නැතුව.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....
Isuru Madusanka
Thank you
viradaka
THANKS SAHO
deepalsamantha2
ස්තූතියි සහෝ....
Isirajanith
Thanks for subtitles pluwanman DC Harley Quinn 2019 cartoon TV series sub dennko please
Shashen fernando
Link dekenma download karanna bane
oshanda
https:// w w w . 1 t a m i l m v . o r g/
oshanda
w w w . 1 t a m i l m v . o r g
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gkay
Velvet Nagaram (2020)[Tamil Proper 720p HDRip - x264 - DD 5 1 - 1 4GB - ESubs] mkv
Oyala dila thiyana torrent ekata Subtitle eka match wenne nahaමංජුල
250mb එකෙත් නෑ සහෝ
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
මංජුල
සබ් එක ටයිමින් අවුල් නේ (250mb එකේ)
හදලා දෙන්න බැරිදgayan
sub eke time set wenne na link 4k download kala dila thiyena link eka set wenne nathi nisa eth na sub eka hadala denawada
w.sumith dhammika fernando
meke sinhala sub eka wada karanne debasa gihin tika welawakata passene
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Velvet Nagaram (2020) Sinhala Subtitles | කොඩෙයිකානල් ඛේදවාචකය ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Velvet-Nagaram-2020.jpg)
බොහොම ස්තුතියි සබ් එකට :) :)