Watch Trailer

Escape from the Planet of the Apes (1971) Sinhala Subtitle | පලායාම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හුග දවසකට පස්සෙ ආයෙත් මේ පැත්තෙ එන්න හම්බුනා. හරි අදත් මම කතාවක් ගෙනාවා. ඒ තමයි මම ඔයාලට කලින් ගෙනාව Conquest of the Planet of the Apes 1972 කතාවෙම කොටසක් වෙන Escape from the Planet of the Apes 1971 කතාව මේක ගැන කියනවනන්. Conquest of the Planet of the Apes 1972 රගපාපු සියළුදෙනාම වගේ මේකෙ ඉන්නවා. […]

හුග දවසකට පස්සෙ ආයෙත් මේ පැත්තෙ එන්න හම්බුනා. හරි අදත් මම කතාවක් ගෙනාවා. ඒ තමයි මම ඔයාලට කලින් ගෙනාව Conquest of the Planet of the Apes 1972 කතාවෙම කොටසක් වෙන Escape from the Planet of the Apes 1971 කතාව මේක ගැන කියනවනන්. Conquest of the Planet of the Apes 1972 රගපාපු සියළුදෙනාම වගේ මේකෙ ඉන්නවා. ඒවගේම මේ කතාවත් ලියන්නෙ කලින් කතාව ලිව්ව දෙන්නමයි. කලින් කතාව වගේම වාර්තා පිහටවපු හා ඒකාලෙ හැටියට කෝටිගානක් හොයපු කතාවක් මේක.

ටිකක් විතර තේරුම්ගන්න අපහසු වුනත් නියම කතාවක් කියලා කියන්න පුළුවන් මොකද Conquest of the Planet of the Apes 1972 කතාවත් එක්ක මේක සම්භන්දවෙන නිසා. මේකෙ කතා තේමාව වෙන්නෙ Conquest of the Planet of the Apes 1972 කතාවෙ ඉන්න සීසර්ගෙ අම්මයි තාත්තයි දෙන්නා අනාගතේ ඉදලා අවුරුදු 2000ක් අතීතෙට එනවා. ඒ මිනිස්සුන්ට තව අවුරුදු 2000 කින් වෙන්න යන විනාශෙ ගැන කියන්න ඒත්. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒ අය නොසිතුව දෙයක් ඒ වදුරන්ගෙයි මිනිස්සුන්ගෙයි අතර ඇතිවුන යුද්ධය ගැන මිනිස්සු දැන ගත්තම මිනිස්සු සීසර්ගෙ ඉපදීම ගැන සැක ඇති කරගන්නවා, ඒ නිසා සීසර්ව ඉපදෙන්න කලින් අම්මයි තාත්තයි මරන්න අණකරනවා. ඒ හෙතුවමත සීසර්ගෙ අම්මයි තාත්තයි මිනිස්සුන්ගෙන් බෙරෙන්න පුළුවන් තැනක් හොයාගෙන යනවා ඒ කරුනාවන්ත වෛද්‍ය වරු දෙන්නෙක් හින්දා ඒවගේම ඔයාලට මතක ඇති Conquest of the Planet of the Apes කතාවෙ හිටිය සර්කස් අයිතිකාරයා එයාගෙ නම ආර්මන්ඩෝ එයාවත් හම්බවෙන්නෙ මේ කතාවෙදි තමයි. ඒ සීසර්ගෙ දෙමපියන් දෙන්නා පැනල යන එකත් එක්ක ඒ සීසර් මේ ලෝකෙ දකින්න හදන වෙලාවේ. අන්න ඒවෙලාවෙ තමයි තමන්ගෙ සර්කස් එකේ මේ දෙන්නට නවතින්න ඉඩ දීලා ආර්මන්ඩෝ උදව් කරන්නෙ. ඉතින් ඔන්න ඔහොම සිද්ධින් ගලාගෙන ගිහින් අවසානෙදි සිද්දවෙන්නෙ සීසර්ගෙ අම්මයි තාත්තයි මැරෙනවා ඒත් සීසර්ව මේ ලෝකේ තනිකරලා. ඒ අර්මන්ඩෝගෙ සර්කස් එකේ සීසර්ව හන්ගලා එනනිසා. තව දෙයක් මේ ටික කියන්න බැරි වුනා සීසර්ට පලවෙනි යටම නම තියන්නෙ සීසර් කියලා නෙමෙයි ලුවිස් කියලා ඒ අර ඩොක්ටලගෙන් එක්කෙනෙක් ගෙ නමක්. තව දෙයක් සීසර්ගෙ අමිමයි තාත්තයි එක්ක තව කෙනෙක් එනවා එයාගෙ නම මයිලෝ එයා ගෝරිල්ලෙක්ගෙ පහරදීමකින් නැතිවෙනවා. ආ ඔක්කොම කීවත් අම්මගෙයි තාත්තගෙයි නන් දෙක කියන්න බැරිවුනා අම්මගෙ නම සියේරා තාත්තා කොරනේලියස්.

කමෙන්ටි කරන ඩවුන්ලෝඩ් කරන අයට ගොඩක් ස්තූති කියනවා, උපසිරැසි 5 ක් මේවිදිහට ගේන්න උදව්කරාට. ඉතින් වෙනදා වගේම කියන්න තියෙන්නෙ ඔයාලට සුබ දවසක්. එහෙනන් මම ගියා 6 වෙනි උපසිරැසියෙන් හම්බෙමු. එතකන් ඔබ සැමට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,857 downloadsDownload Escape-from-the-Planet-of-the-Apes-1971.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/ishan-uvinda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් උවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉෂාන් (LB)

Subtitles

1,857 downloadsDownload Subtitles55 KB

17 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. chandima_herath

    thanks or the sub. keep it up bro..............

  3. geeganagamage

    බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ලස්සන සුපිරිම ෆිල්ම් අපියි වෙනුවෙන් අරගෙන එනවට කියන්න වචන නැහැ මේ කරන උතුම් සේවය අප සියලුමදෙනා වෙනුවෙන් .

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Udara Damith Dissanayaka

    කලින් එඅත් මේකේ නියමයි
    මේකත් ඒවගේ ඇති
    ස්තුතියි
    පරණ එකකට සබ් දුන්නට

  7. madhawa91

    sub ekta sthuthie

  8. AsithaDilruwan

    elama saho thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kasurax

    Jaya wewa, Thanks bro.

  11. Ishara.m

    Thanku saho

  12. Waruna Kamalawansha

    නියමයි..... පැරණි රසාංග... බොහෝම ස්තූතියි උපසිරැසියට

  13. abcgmd

    ela bro thanks

  14. Anonymous

    thanks saho..sub ekata

  15. asasasa

    thanks for the sub. keep it up bro

  16. Anonymous

    thanks or the sub. keep it up bro…………..

  17. Nishantha Pradeep

    thank you mchnn