“අධ්‍යාපනයක් නොමැති දරුවා සහ පියාපත් නොමැති පක්ෂියෙකු අතර වෙනසක් නොමැත.” —ටිබෙට් කියමනක්— “ලෝකය වෙනස් කිරීමට යොදාගත හැකි ප්‍රබලම ආයුධය අධ්‍යාපනයයි.” —නෙල්සන් මැන්ඩෙලා— අධ්‍යාපනය පිළිබඳ මේ වගේ කියමන්, නිර්වචන අපේ ජීවිත කාලයේදී අපිට කොතෙකුත් හමුවී ඇත්ද? ඇත්තටම මූලික අධ්‍යාපනයක් හෝ ලබා තිබීම කොච්චර වැ…

“අධ්‍යාපනයක් නොමැති දරුවා සහ පියාපත් නොමැති පක්ෂියෙකු අතර වෙනසක් නොමැත.”
—ටිබෙට් කියමනක්—
“ලෝකය වෙනස් කිරීමට යොදාගත හැකි ප්‍රබලම ආයුධය අධ්‍යාපනයයි.”
—නෙල්සන් මැන්ඩෙලා—
අධ්‍යාපනය පිළිබඳ මේ වගේ කියමන්, නිර්වචන අපේ ජීවිත කාලයේදී අපිට කොතෙකුත් හමුවී ඇත්ද? ඇත්තටම මූලික අධ්‍යාපනයක් හෝ ලබා තිබීම කොච්චර වැදගත්ද කියන එක අපේ ජීවිතයේදී අපිටම දැනුන අවස්ථාත් නැතුවම නෙමෙයිනේ. ලෝකය පුරාම සිසුන් කී දෙනෙක් ඔබ මෙය කියවන මේ අවස්ථවේදීත් පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා ඇතිද?
අධ්‍යාපනය ව්‍යාපාරයක් කරගෙන තිබෙන අද කාලයේ, නිදහස් අධ්‍යාපනය ඉල්ලා සිසුන් ලක්ෂ ගනන් වීදි බහින කාලෙක, තමන්ට පාසලක් ලබාදෙන්න ජීවිතය පූජා කරපු ශ්‍රේෂ්ඨ මිනිසෙකු වෙනුවෙන් ඔහුගේ ජීවිත කථාව සිනමාවට නඟා ලැබෙන අදායමෙන් පාසලට නේවාසිකාගාරයක් තනන එම පාසලේම වර්තමාන සිසුන්, ගුරුවරු සහ විශේෂිතම ගුරුවරයෙකු පිළිබඳ අපූරු කතා පුවතක් තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නේ.
කතාව ගැන වැඩිපුර කියන්න අවශ්‍ය නැහැ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ “ලාල් ජෝශ්” විසින්. දර්ශකයේ 5.2ක අගයක් ගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. මලයාලම් සිනමාවේ සුපිරි තාරකාව “මෝහන් ලාල්” තමයි මෙ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ. ඔහුත් සමඟ අනූප් මෙනන්, සලීම් කුමාර් වගේ ජනප්‍රිය නළුවන් කීපදෙනෙක් මෙහි රඟපානවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ලෝකය පුරාම ජනප්‍රියත්වට පත්වුණ “ජිමිකි කමල්” සින්දුව තියෙන්නේ මේ චිත්‍රපටියේ.
ඉතින් මේ මගේ පලමු උපසිරැසිය. වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනේ. මෙච්චර කාලයක් බයිස්කෝප් එකෙන් ගත්තා මිසක් බයිස්කෝප් එකට මගෙන් වැඩක් වුණේ නැහැනේ. හිතේ තිබුණ කැමැත්ත නිසා සබ කරන්න පටන් ගත්තට මේක ලේසි වැඩක් නෙමෙයි කියලා තේරුණේ කරගෙන යද්දි. ඉතින් මට මේ සබ කරන්න අවසර දීපු “සිසිල” සහෝදරයව ආදරෙන් මතක් කරනවා.
බයිස්කෝප් එකට ජයෙන් ජය. නැවත හමුවෙමු!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
4,373 downloadsDownload Velipadinte-Pusthakam-2017.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මේනක හේරත්
Subtitles
31 comments
Chathuka
ශසිත් සඳරුවන්
ආහ් මෙන්න මලයාලම් වලට තවත් කෙනෙක්...
නියමයි සහෝ.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Thilina Chamara
බොහොම ස්තූතීයී පලවෙනි උපසිරැසියට...
GeethD
nyamai bro thankz
mohanlalge aluth 1ka villain 1tath sub dennaHaritha245
thanks bro
oshanda
නියමයි සහෝ.
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Shammi
thanks bro
gihan perera
Good job bro....digatama sub danne...god bless you...
supun bro
thanx bro digatama sub demu bro..
hindi film ekaka sub demuko...
ජයෙන් ජය.mahinda
thanks.. malayalam film nitharama balanna labenawanam hodai.....
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.malayalam film nm aniwa balanawa...thawa malayalam film denna.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
spd
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
දැන් මලයාලම් ෆිල්ම් වලට සිංහල උපසිරසි එන්නේ හරි අඩුවෙන්.
ඒ නිසා උපසිරසි කරනකොට දිගටම මලයාලම් ෆිල්ම් තෝරගන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
ජයවේවා...!!!Gandhaka Indrajith
Thanks for the subtitle
thusitha Premarathna
thanks bro
Subhashini88
Thank you. Good luck bro
malith
Ela ela
pasindu1989
උපසිරැසියට ගොඩක් ස්තුතියි. Keep it up your good work
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
kumaradasa
sub ekata bohoma stutie
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangika Kariyawasam
නියමයි සහෝ. ෆටිටම වැඩක්. තවත් මලයාලමි සබි දෙන්න කියලා ඉල්ලනවා...Role Models (2017) ෆිලුමට සබ දෙන්න කියලා ඉල්ලනවා..ජය හෝ..
Menaka Herath
බොහෝම ස්තූතියි ඔබ සියලු දෙනාගේ දිරිගැන්වීම් වලට. ඉක්මනින්ම අලුත් සබකින් හමුවෙමු.... ජයවේවා!!!!!!!!!!!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මේනක සහෝ.
ජයෙන් ජය.sublove
bohomath sthuthi me wage movie ekakata sub eka aragena aawata.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
venroi
ela
suna
sub 1ta thnxs Menaka....
ashan19
Thanks mchn
Lalani Maduwanthi
Thank you malli
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එක එනකල් බලන් හිටියේ මේකේ සුපිරියි
තව හොද සබ් එකක් ඉක්මනින් දෙන්න
ජය වේවා