ඔන්න ටික කාලෙකට පස්සේ මම නැවතත් කරළියට ආවා තවත් ලස්සන ෆිලුමක් එක්ක. සූර්යාගේ තානා සේන්ද කූට්ටම්. ඒ කියන්නේ ඉබේම එකතුවුණු කල්ලිය කියන තේරුම. 2016 වසරේදී හොඳම අධ්යක්ෂණයට හිමි සයිමා සම්මානය දිනාගත් සේදුපතිගේ නානුම් රවුඩි තාන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා විග්නේෂ් සිවන්ගේ ෆිලුමක් මේක. වැඩිය කතා නොකර කතා…

ඔන්න ටික කාලෙකට පස්සේ මම නැවතත් කරළියට ආවා තවත් ලස්සන ෆිලුමක් එක්ක. සූර්යාගේ තානා සේන්ද කූට්ටම්. ඒ කියන්නේ ඉබේම එකතුවුණු කල්ලිය කියන තේරුම. 2016 වසරේදී හොඳම අධ්යක්ෂණයට හිමි සයිමා සම්මානය දිනාගත් සේදුපතිගේ නානුම් රවුඩි තාන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා විග්නේෂ් සිවන්ගේ ෆිලුමක් මේක. වැඩිය කතා නොකර කතාව දිහාට හැරෙමු.
සූර්යාට නොහොත් ඉනියන්ට පොඩිකාලේ ඉඳන්ම උවමනා වුණේ CBI නිළධාරියෙක් වෙන්න. ඒක තමයි එයාගේ හීනේ. දවසක් කොහොමහරි පොරකාලා CBI නිළධාරියෙක් වෙන්න මෙයා සම්මුඛ පරීක්ෂණේකට යනවා. එතන මුලසුන හොබවපු උත්තමන් කියන දූෂිත CBI නිළධාරියා හිතාමතාම සූර්යාව සම්මුඛ පරීක්ෂණයෙන් කපා හරින්නේ සූර්යාට සියලුම සුදුසුකම් තියෙද්දි. සූර්යාගේ තාත්තා එක්ක තියෙන තරහකට තමයි උත්තමන් ඒ වැඩේ කරන්නේ. සර්ව සාධාරණ විදියට කටයුතු කරන්න ගියොත් අපිට කිසිම ජොබ් එකක් ගන්න හම්බෙන්නෑ කියලා ඒ වෙලාවේ සූර්යා තීරණය කරනවා නමුත් එහෙම කියලා අපේ හීනේ බොඳ කරගන්න පුළුවන්ද? මළ පැනලා එතනින් ගියපු සූර්යා ගහනවා සුපිරි ගේමක්. සූර්යාගේ මේ ගේම් එකට අසාධාරණ විදියට සම්මුඛ පරීක්ෂණවලින් නෙරපා හැරුණු තවත් බොහෝ පිරිස් එකතු වෙනවා. ඒක තමයි ඉබේම එක්වුණු කල්ලිය. එහෙම නැත්තම් තානා සේන්ද කූට්ටම්. ඉතින් මේ ඉබේ එකතු වුණු කල්ලිය එකතු වෙලා ගහපු ඒ සුපිරි ගේම් එක මොකද්ද කියලා තමයි මේ කතාවේ ඉතුරු ටික.
සුපුුරුදු පරිදි සඳුන් අයියා තමයි මේ ෆිලුම ඇරන් තිබ්බේ ඉතින් එයා කාර්ය බහුල වුණු නිසා ඔන්න මම උපසිරසිය බාරගත්තා. සූර්යාගේ ෆිලුමකට මම උපසිරසි කරන පළවෙනි වතාව. බයිස්කෝප් කණ්ඩායමට ස්තුතියි. ඔන්න දවස් තුන යන්න කලින් කොහොම හරි ඔයාලට උපසිරසිය ඇරගෙන ආවා. සූර්යාගේ ෆිලුමක් නම් ඉතින් සුපිරියිනේ..එහෙම කියලා හිතුවට මේ ෆිලුමට නම් හිතුව තරම් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තිබුනෙ නැහැ. ඒකට හේතුව හැටියට මම දකින්නේ සිංහම් චිත්‍රපටි මාලාව තුළින් සූර්යාට ලැබුණු තනි-අනන්‍යතාවය මේ ෆිලුමත් එක්ක පෑහෙන්නේ නැති ගතියක් තියෙනවා. අනිත් කාරණාව තමයි තමයි මේ මාදිලියේම කතාවක් රැගත් අක්ෂේ රඟන චිත්‍රපටයක් හිංදි භාෂාවෙන් තිරගත වුණ එක. කොහොම නමුත් IMDb රේටින් එක නම් 8/10 ක් තියෙනවා. සූර්යාත් එක්ක මේ ෆිලුමේ කීර්ති සුරේෂ්, තම්බි රාමයියා එතකොට බාහුබලි එකේ සිවගාමිදේවි එදත් අදත් ලස්සන රම්‍යා ක්‍රිෂ්ණන්, මැඩ්රාස් කලෙයිඅරසන්, ආර්.ජේ. බාලාජි, කාර්තික් වගේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙවර කීර්ති සුරේෂ්ගේ රඟපෑමත් සෑහෙන්න හොඳයි. මැද හරියෙදි ආර්.ජේ. බාලාජි ඇවිත් සුපිරි ආතල් එකක් දෙනවා ඒක නම් පට්ටයි. විශේෂම දේ තමයි අනිරුද් ගේ සංගීතය. පළවෙනි බාගේ මාරම ලස්සන සිංදුවක් තියෙනවා ඒක ෆිලුම රිලීස් වෙන්නත් කලින්ම සෑහෙන්න ජනප්‍රිය වුණා. එහෙනම් ඉතින් ෆිලුම අරන් නරඹන්න කියලා ආරාධනා කරනවා. සේදුපතිගේ ඔරු නල්ල නාල් පාත්තු සොල්රෙන් උපසිරසියෙන් නැවත හමුවෙමු ! ජයවේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
26,769 downloadsDownload Thaanaa-Serndha-Koottam-2018.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
116 comments
nuwan22
Patabendige
thanks broo
Aruna Disanayaka
thakyo bro......thank yo very much
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekataa. Meka special 26 story neda?.
Indrajith Udaya Kumāra
ඔවු මං හිතන්නෙ
Kanchaka
Thanks bro.......
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Avindu Umesh Gunasinghe
Ela
nirodha uthpala
thx bro umbala nattan apith na vage thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
prasanthakumara
thanks bro...
jayanada
baganna bane bn film eka
oshanda
niyamai sahoo.. supiri wedak ..thanks..
darshana100
niyamai yalu thanks
widuranga
thankx bro sub ekata
Thisal
ස්තුතියි.
Gathsara Umesh
Bhoooom sthuthiyi ayyer....
TharakaWAS
Thanks bro...!
vimukthitechno
thanks brother
Dilum Randika Kulathunga
Ammo sub ekata thanks bro sub eka audio ekata match wenawa bro
eth audio ekai video ekai matchwenne nane.hariyana rip ekak tyenam link eka denna.'
sub ekata thanx broEranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..smtsumith
ela elaaaaaaaaaaaaaa
Sdigs KS
thak you
gihan perera
Thanks bro sub ekata....maka danakan hitiya...jaya wava....god bless you...good luck...
Udaya
thanks machan sub aka dunnata. good job bro
Pushpa Kumara
thanks sub ekata.
Panther
Thanz sub akta saho
HARSHANA9211
thanks ................
Lasantharathnasirirox
Niyamai.....tnx..
Dayalrw
Thanks
dhammikadk
Thanks bro
Nala
Thanks bro.....
Kawi Jayasinghe
Tnx brooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dewappriya bandara
Thanks bro
dinusharivishan
thank you sub ekata
gayan215
bohoma sthuthi saho sub ekata..
Kaushan Herath
මේක එනකන් බලන් හිටියේ.සබට තෑන්ක්ස් බ්‍රෝ
dhanuha vk
thanks mchn sub akata
kelumchathuranga
thanks
irantha
thnzz
isuruclewz
link ekak denna berida film eka ganna
MudithaDissanayaka
Thaanaa Serndha Koottam (2018) - WebRip - X264 - ESubs - 1CD [Team Jaffa].mkv (696.9 MB)
isuruclewz
thanx bro
isuruclewz
guys kauruhari link ekak denwda meka download kraganna hemthenma hewwa hambune ne
MudithaDissanayaka
Thaanaa Serndha Koottam (2018) - WebRip - X264 - ESubs - 1CD [Team Jaffa].mkv (696.9 MB)
Iresh Madusanka Fernando
tnx bro
MudithaDissanayaka
hodakopiyak avith thiyenne
good job sahodarayasachintha
Sub ekata thanka
Silva
Niyamai bro...
eelagata Sketch 2018 web rip ekata hariyannath ekka subtitles denawada... tnx..Silva
Prabhu devage Gulaebaghavali 2018 film ekatath ikmanata sub denawada...
Gandhaka Indrajith
Thanks for the subtitle
Chathuka
සුපිරි සබ් එකක් තෑන්ක්ස් බ්‍රෝ
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
සූර්යාගේ නම් ඉතින් මගාරින්නේ නෑ.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!pasi.roy
suba ta thxx
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
සූර්යාගේ එකක් මගාරින්නේ කොහොමද..
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Ushannuwan
Thz kollo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela bro thank