ඔන්න ආයෙත් පාරක් මෑත කාලයේ තිරගතවීම් සිදුවුන මලයාලම් ෆිලුමක් අරගෙන ආවා! මේක Thriller කාණ්ඩය ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.කොහොමත් හුඟ දෙනෙක් මලයාලම් thriller ෆිලුම් බලන්න කැමතියිනේ! මේක තමයි අප්‍රිකානු රටක වැඩිම දර්ශන ප්‍රමාණයක් රූපගතකිරීම් කරපු පළවෙනි මලයාලම් ෆිලුම.ඒ වගේම 80 දශකයේ අග භාගයේදී උගන්ඩා…
ඔන්න ආයෙත් පාරක් මෑත කාලයේ තිරගතවීම් සිදුවුන මලයාලම් ෆිලුමක් අරගෙන ආවා! මේක Thriller කාණ්ඩය ඔස්සේ වර්ගීකරණය වුනු ෆිලුමක්.කොහොමත් හුඟ දෙනෙක් මලයාලම් thriller ෆිලුම් බලන්න කැමතියිනේ! මේක තමයි අප්‍රිකානු රටක වැඩිම දර්ශන ප්‍රමාණයක් රූපගතකිරීම් කරපු පළවෙනි මලයාලම් ෆිලුම.ඒ වගේම 80 දශකයේ අග භාගයේදී උගන්ඩාවේ සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරින් තමයි ෆිලුම හැදිලා තියෙන්නේ.කොහොමවුනත් ඒ කාලයේ සිද්දියක් ඇසුරින් නිර්මාණය වුනාට ෆිලුමේ තියෙන්නේ ඒ කාලයේ පසුබිමක් නෙවෙයි,වර්තමාන පරිසර පසුබිමක්.ඒ හින්දා කම්මැලිකමක් නැතුව හුඟක් අයට ෆිලුම බලන්න පුළුවන් වෙයි.
ෂිකා සහ ජයක්‍රිෂ්ණන් කියන්නේ කේරලයේ ඉඳලා ඇවිල්ලා උගන්ඩාවේ ජීවත්වෙන යුවලක්.මේ දෙන්නට මීනු කියලා හුරතල් දුවෙකුත් ඉන්නවා.ඉතින් මේ පුංචි පවුල ටික කාලයක් යනකල් බොහොම සතුටින් තමන්ගේ ජීවිතය ගෙවනවා.දවසක් මේ ෂිකා,ජේ(ජයක්‍රිෂ්ණන්) දෙන්නා ඒන්ජල් මැතිව් කියන උගන්ඩාවේ ඉන්න ෂිකාගේ යාළුවෙක්ව මුණගැහෙන්න යනවා.එතැනදී ඒන්ජල්ගේ යාළුවෙක් වෙන උගන්ඩාවේ නගරයක නගරාධිපතිගේ දුවෙකුත් මේ අයට මුණගැහෙනවා.ඉතින් මේ අය හින්දා ෂිකාට අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවෙන්න සිද්දවෙනවා.ඒ ඉරණම මොන වගේ එකක්ද?ජේ තමන්ගේ බිරිඳව ඒ ඉරණමෙන් මුදවගන්නේ කොහොමද?අවසානයේ මේ දෙන්නටම මේ දේවල්වලින් බේරිලා එන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න විසඳගන්න ෆිලුම අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා!
ෆිලුම ටිකක් පරණ නිසා seeds නම් අඩුයි.ඒ හින්දා torrent විදියට බාහන්න නම් ටික වෙලාවක් ඉවසන්න වෙනවා.ඒකට විකල්පයක් විදියට baiscopedownloads.com අඩවියට ගිහිල්ලා, ඒකේ තියෙන විදියට මේක Direct බාගන්න පුළුවන්.ඒ වගේම ” Escape From Uganda with English Subs – Malayalam Full Movie ” නමින් තියෙන YouTube පිටපතත් අවශ්‍ය නම් බාගන්න පුළුවන්.
මේක මගේ 20වෙනි උපසිරැසි නිර්මාණය.තවම අර්ධ ශතකයට ආවේ නැතත්,ෆිලුමකට ඉල්ලීමක් කරාම ඒකට ඉක්මනින් ප්‍රතිචාර දක්වන වගේම එවන උපසිරැසිය ඉක්මනින් අඩවියේ පලකරන්න රෑ දවල් නොබලා වෙහෙසෙන,නොමිලයේම තමන්ගේ කාලය,ශ්‍රමය මේ වෙනුවෙන් කැපකරන බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ල බොහොම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා!
පසුගිය සති කිහිපයේ හොඳ මලයාලම් ෆිලුම් කිහිපයක්ම තිරගතවීම් ඇරඹුවත් මේ දවස්වල ඒ එකකවත් හොඳ තත්ත්වයේ පිටපත් නම් අන්තර්ජාලයට නිකුත් වුනේ නෑ .ඒ අතරට මලයලාම් සුපිරි තරුව Dulquer Salman රඟපාන CIA (2017) ෆිලුමත් ඇතුලත්.ඉතින් මේ හැම ෆිලුමක්ම ඊළඟ සති කිහිපයේ එක දිගට අන්තර්ජාලයට නිකුත් වේවි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉමු! ඒ වගේම CIA (2017)ත් හොඳ පිටපතක් ආපු ඉක්මනින්ම උපසිරැසියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඒ අතරතුර මේ විදියට මෑත කාලයේ ජනප්‍රිය වුනු මලයාලම් චිත්‍රපටිත් අපේ මලයාලම් රසිකයින් වෙනුවෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා!
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
Escape from Uganda (2014) – DVD Rip – X264
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,213 downloadsDownload Escape-from-Uganda-2014.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
25 comments
sameera
Sisila Prasad
නියමයි සහෝ.
තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටයක්.
ආයෙත් පාරක් බලන්න ඕනේ සබ් එකත් එක්ක.
ජයවේවා!!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!(මගේ comment එක copy කරගැනීමට අවසර ලබාදෙමි.)
prabodha
Thank uuu bro....
SPD
නියමයි මචන්. බලලා තිබුනේ නැති චිත්‍රපටියක් මේක.
ඒ නිසා ඉතින් මේ සඳහා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මචං.
Dulquar salman ගේ CIA(2017) චිත්‍රපටියත් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා.
Nivin Pauly ගේ shakavu(2017) චිත්‍රපටියත් ඇවිත් තියෙන්නේ.
ඒකටත් ඉක්මනට සබක් බලාපොරොත්තු වෙනවා.
උඹටයි සිසිලටයි පිං සිද්ද වෙන්න තමයි ඉතිං අළුත් මලයාලමක් උණු උණුවෙන් බලන්න ලැබෙන්නේ.
බොහොම ස්තුතියි මචං.
ජයම වේවා...!!shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
මලයාලම් සබ් දෙන කිහිප දෙනයි ඉන්නේ.
ඒ වුනත් ඒ කිහිප දෙනා මේ දිනවල ක්‍රියාකාරීව දායක වෙලා ඉන්නවා කියන්න පුලුවන්
එහෙනම් දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!mahesh babu
Niyamai saho......
Malayalam thriller movies gana nam katha karanna deyak naa,supirima tama
Thawath meweni movies demu
Jaya wewa!!!Kulanjana Maduranga
niayamai…malayalam film idiriyatath denna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
senehas nimna
යාලුවා katamarayudu කියන පවන් කල්යාන්ගෙ telugu film එකේ hd rip එකක් ආවා. ඒකට සබ් දෙනවද පුලුවන්නම්.
Malan Kurera
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…මලයාලම් ෆිල්ම්ස්ම දෙන්න තව.
හේමන්ත
ස්තුතියි මල්ලි උපසිරැසට…මලයාලම් ෆිල්ම්ස් තව දෙන්න
Thilina chamara
බොහොම ස්තූතී,පුලුවන් නම් Dulquer Salmaan ගේ සබ් කරල නැති එවටත් සබ් දෙන්න...
Isuru
Nivin pauly ge "Sakhavu (2017)" awa... hdrip thiyenawa
Sanindu Lakkitha
::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
:::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Dinuka Sudara
thanks for sub
rangika Kariyawasam
තරිඳ රසාංග මචෝ.බොහොමයක් ම ස්තුතීයි උබට.ලෙසටම සබ කරලා තියෙනවා.ෆටිටයි ෆිලුම ..සිසිල ප්‍රසාද් සහෝ SPD සහ තරිදු සහෝ ඔයාලා තුන්දෙනා නිසා තමා අපි මලයාලි ෆිලුමක් බලන්නෙ.ඒකටනමි අපි පිං දෙනවා මචන්ලා... ජය හෝ..... DQ ගේ CIA ෆිලුමෙන් අපිව නැවත හමුවෙන්න මචෝ......
සුදේශ් මදුසංක
බොහොම ස්තුතියි සහෝ...!
Chalana
thnx bro...
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Sanjula Jeter
Thanks!
Dhruva (2016) film akata sub akak dennakooo!
hasith
tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තරිඳු රසාංග
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි,ඒ වගේම ඉස්සරහටත් හැමෝගෙම සක්‍රිය දායකත්වය බලාපොරොත්තු වෙනවා.මේ වෙද්දී මගේ ඊළඟ උපසිරැසි ගැන්වීම Lucid Dream (2017) [කොරියානු අඩවියේ පලවෙනවා.ඒ වගේම මගේ මීළඟ පළවීමට නියමිත උපසිරැසි ගැන්වුම Lakshyam (2017) [මලයාලම් ෆිලුමෙන් හමුවෙමු.
Avishka Didulanga de silva
Mcn sub eka wegen yana seen 1k thiyanawane...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Niyama..machan..nivin pauly ge SAKHAVU film 1th ikmnta ooni