රේ බ්‍රෙස්ලින් කියන්නේ අමුතුම විදිහේ රස්සාවක් තම ජීවන වෘත්තිය ලෙස තෝර ගත්ත පුද්ගලයෙක්. ඒ අමුතු විදිහේ රස්සාව තමයි හිර ගෙවල් බිඳින එක. එහෙම හිර ගෙවල් බිඳින්නේ රජයෙන්ම ඔහුට ලැබෙන කොන්ත්‍රාත්තු අනුවයි. රජයට අවශ්‍ය වෙනවා රජය යටතේ තියෙන සිරගෙවල් වල තියෙන දුර්වලතා හොයා ගන්න. කවුරුවත් නොදන්න පුද්ගලයෙක් ලෙ…

රේ බ්‍රෙස්ලින් කියන්නේ අමුතුම විදිහේ රස්සාවක් තම ජීවන වෘත්තිය ලෙස තෝර ගත්ත පුද්ගලයෙක්. ඒ අමුතු විදිහේ රස්සාව තමයි හිර ගෙවල් බිඳින එක. එහෙම හිර ගෙවල් බිඳින්නේ රජයෙන්ම ඔහුට ලැබෙන කොන්ත්‍රාත්තු අනුවයි. රජයට අවශ්‍ය වෙනවා රජය යටතේ තියෙන සිරගෙවල් වල තියෙන දුර්වලතා හොයා ගන්න. කවුරුවත් නොදන්න පුද්ගලයෙක් ලෙස සුළු වැරැද්දක් මත බන්ධනාගාර ඇතුලට යන රේ බ්‍රෙස්ලින්, එම සිරගෙදර තියෙන දුර්වල තැනක් හොයාගෙන කොහොම හරි පැනලා යනවා. රේ බ්‍රෙස්ලින්ට අනුව හිර ගෙයක් බිඳින්න කරුණු තුනක් අවශ්‍ය වෙනවා.
1- ගොඩනැගිල්ලේ පිරිසැලැස්ම දැන ගැනීම.
2- ආරක්ෂකයින්ගේ දින චර්යාව දැන ගැනම.
3- පිටත සිටින පුද්ගලයෙක්ගේ උදව්වක් ලබා ගැනීම.
රේ ට පිටතින් උදව් දෙන්න ඉන්නේ ඔහුගෙම බිරිඳ සහ ඔහුගේ හොඳම මිතුරායි. එක දවසක් රේට හොඳ යෝජනාවක් ඉදිරිපත් වෙනවා CIAආයතනයෙන්. ඒ ඔවුන් විසින් සෑදූ දියුණු තාක්ෂණයෙන් යුත් බන්ධනාගාරයකින් පැන යාමේ අවස්ථාවක් ඇත්දැයි සෙවීමයි. මේ සඳහා රේ අය කරන සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ඔහුට ලැබෙනවා. ඒත් මේ බන්ධනාගාරය ගැන කිසිම වාර්තාවක් කොහේවත් සඳහන් වෙන්නෙ නෑ වගේම මේක තියෙන තැනත් හැමෝටම රහසක්. ඉතින් මේ අපූරු යෝජනාව බාර ගන්න රේට මේක ඔහුව සදහටම සිර කිරීමේ කුමන්ත්‍රණයක් බව වැටහෙනකොට ප්‍රමාද වැඩියි. යම් පුද්ගලයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා රේ ව කවුරුත් නොදන්නා මේ බන්ධනාගාරය තුල සදහටම හිර කරන්න.
මේ හිර ගෙදරදි රේට අපූරු මිතුරෙක්ව මුණ ගැහෙනවා. නමින් ඔහු එමිල් රොට්මේයර්. ඉතින් රේ බ්‍රෙස්ලින් සහ එමිල් රොට්මේයර් දෙන්නා එකතු වෙලා මේ බන්ධනාගාරයෙන් පැන යන්න දරන උත්සාහය පිභිබඳවයි මේ චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ. ඒ වගේම හිර ගෙවල් වල තියෙන දුර්වලතා ගැන රේ බ්‍රෙස්ලින් ලියපු පොතක් පදනම් කරගෙන තමයි මේ අමුතු බන්ධනාගාරය ගොඩ නගලා තියෙන්නේ. ඒ නිසා සෑම බන්ධනාගාරයකම තියෙන දුර්වලතා මගහැරලා මේ බන්ධනාගාරය ගොඩ නගලා තියෙනවා.
මේ පාර ඔයාලට සිංහල උපසිරැසි සමගින් ගෙනාවේ 2013 වසරේ නිකුත් උන තවත් සුපිරිම චිත්‍රපටියක්. බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ සිනමා පෙර දැක්මටත් මේ චිත්‍රපටියේ ට්‍රේලරේට සිංහල උපසිරැසි යොදලා දුන්නා ඔයාලට මතක ඇති. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටියේ රේ බ්‍රෙස්ලින්ගේ චරිතය Sylvester Stallone විසිනුත් එමිල් රොට්මේයර්ගෙ චරිතයArnold Schwarzenegger විසිනුත් රඟ දක්වනවා. 2013 ඔක්තෝම්බර් 18 වෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය තිරගත වීම ඇරඹුන පලමු සතියේ විතරක් ඩොලර් මිලියන 10කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 50 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටිය අයිති වෙන්නේ ක්‍රියාදාම ගණයටයි.
ඉතින් යාළුවනේ.. කවුද මේ රේ බ්‍රෙස්ලින්ව කුමන්ත්‍රණය කරලා සදහටම බන්ධනාගාර ගත කරන්න උත්සාහ කරන්නේ? බ්‍රෙස්ලින්ට මේ කොන්ත්‍රාත්තුව බාර දෙන CIA නියෝජිතයා ඇත්තටම CIA නියෝජිතයෙක්ද? කවුද මේ එමිල් රොට්මේයර්? ඔහුව සිරගත කරන්නෙ ඇයි? මේ අමුතු බන්ධනාගාරය කොහේද තියෙන්නේ? ඇයි ඒක තියෙන තැන රහසක් වශයෙන් තියා ගන්නේ? රේ බ්‍රෙස්ලින්ට මේ බන්ධනාගාරයෙන් පැනගන්න සැලසුමක් හදන්න පුළුවන් වේවිද? ඒ සැලසුම හදපු විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවිද?
475 MB (HD) කොපිය මෙතනින් බාගන්න 348e23fe8bea19c2691570c6d8c162a172ef16db 870 MB (BR) කොපිය මෙතනින් බාගන්න 6dc6e7c3b881c8867e7bbcfabb3ef3c7d6d4aa66 1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න c3381d57902af0b83e650f59749b22456675e7ef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
18,496 downloadsDownload Escape-Plan-2013.BR_.zip220 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
219 comments
tharanga
“චූටී මල්ලි”
DiReCt LiNk FoR Escape Plan (2013)650Mb
putlocker.com/file/6232CC719953AC74
Ruchi
Sub ganna ba machan "DATA BASE ERROR" kiyala watenawa
asanka
සිංහල උපසිරැසි denne nehene
dineth
sub denne nehene.[Error establishing a database connection] me error aka anawa
susan dilruk
sub denne naa..
database connection errorsusan dilruk
it's done friend,,
thnnx...
i'll waiting for that onepriyan
bannna baaaaaaaaaaaa
mihin ලංකා
ජයම වේවා සහෝට පට්ට පට්ට
SXකෙල්ල
නියමයි කියලත් අහනවා සුපිරි
asiri
thanks lot bro
mss
thanksss sahota
Amila
මේක නම් සුපර් ෆිල්ම් එකක් බොහොම පින් සබ් එකට
kalana
jayen jaya! wewaa!!! saho!!!!
was
නියමයි මචෝ
ශාන් විමුක්ති [විමා]
දිනිදු අයියේ එනකම්මයි බලන් උන්නේ
බොහොම ස්තුතියි උපසිරසට
ජයෙන් ජය!nipuna prasad
maxxama film aka danmma banwa
සමීර චතුරංග
දෙනකම් බලන් උන්නේ? බොහොම තුති සහෝ..මේක දෙන්න ගොඩක් මහන්සි උණා කියලා ආරංචියි...
geeth
cool :D
දිල්ෂාන් කාලිංග
පට්ට ෆිල්ම් එකක් වෙන්ටා...
බලමුකෝ...බලමුකෝ...
:)හර්ෂ ලහිරු
අඩෝ දිනිදුවා සද්දවහලා ඉදලා තියෙන්නෙ
මේවගේ පරමාණු බෝම්බයක් අතාරින්නනේ :D :D
මේක කවද්ද දෙන්නෙ කියලා බල බල හිටියෙ
බොහොම ස්තුතියි සහො :P :P ජයccnp
Thanks
harsha
loweth na machan dindiu pattama thama
f_live
බොහොම ස්තුතියි :D :D
zumo man
elazzz thnxzzz
quik
thanks
ganidu
තෑන්ක්ස් වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල දිනිදුවෝ...මේකත් එනකම්ම බලාන උන්නු එකක්..අනික ඔයා දුන්නා කියන්නේ මොක උනත් බලනවා මමනම්..ට්‍රේලරේ ත් බැලුවා සබ් එක්කම..පට්ට..
එහෙනම් ඉතින් මෙන්න ගන්නවා..475 mb කොපිය එලට ඇති නේද?
ඔන්න බෑවා..
ජය වේවා...තරිඳූ පෙරේරා
pissuuuuuuuu neeee ahhh meka denakan uneeeeeee.....thanksss sahoooo.......niyama vadakkkkk..............danma bava danma baluvaaaaa..suppa ahhhhh...thanksss sub ekatahhhh....
jana
meyka pattama pathuru film akak machanla aniwa balahn supri
dilan
thanks boss
shann
බොහොම පින් මචෝ තවත් හොද ඒවාට සබ් දෙන්න
Ruwan Chamara
කියලා වැඩක් නෑ මචෝ මේ ෆිල්ම් එක බයිස්කෝප් එකෙන් දානකම්ම තමයි බලන් හිටියේ සිංහල වචන එක්ක බලන්න "දිනිදු සම්පත්" ස්තුතියි සහොදරයා...
lk
meyka nam maru
Thisara NEO
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........pathum
digatama denna mey wage elakiri awa
Ramya
thnzz sahoo sub ekata
“චූටී මල්ලි”
අනිවා බැලීමක්
සබට තුති දිනිදු Elemntry සීසන් 2දෙන්නෙ කවද්දෝ
ඒකෙ Web-Dl කොපියටත් සබ් ඔනි සහෝ හොදේ
සබට තුති
ඔබට ජය...............dr wee
සබ් බැවෙන්නේ නැ නෙහ් සහෝ
Download Manager
Niyamai bro thanx
Sanka
බොහොම ස්තුතියි!
sumudu
baiscope is best
Gayan
Error establishing a database connection
download wenaha sub aka, podak balanda puluwanda ?
Gayan
ela dan hari giya.... thanks. :)
user
sub file eka down wenne nethooooooooooo :(
thiwanka
sub 1ka ganna baneee machoo..
ගයාන් රූකාන්ත
මේක දෙන්නේ කවද්ද කියා කියා හිටියේ කොපිය කලින්ම ගත්තා සබට තුති ජය වේවා
user
ah.... harigiyaaaaaaaaaaa :D
me
Thanks
Hussey
I can notdownload the sub.
why is that?kasun viraj
සබ් දෙනකම් උන්නේ
බොහොම ස්තුතියි උපසිරසට දිනිදු අයියේ
ජයෙන් ජය!rukshan
can't download sub bro .. plz help
Janaka Illesinghe
sub eka Download karanna bane...
Fer
"Error establishing a database connection"
plz fix it soon
Lakith
සබ් එක බාගන්න කොට මේක එනවා Error establishing a database connection කරුණාකරලා මොනවහරි කරන්න
Ashan ravihansa
ou macho matath ehema seen ekak enavqa mara vade sub eka ganda ba
දිනිඳු සම්පත්
සර්වර් අවුලක් තියෙන්නේ. ටික වෙලාවකින් ආපහු ට්‍රයි කරන්න. හරි යනවා.
nuwan
hari mcn wade goda
viradaka
thank u sapath
Siraj
නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.dr wee
sub down venne ne neh
chathuranga
sub ganna behene...
Error establishing a database connectionDeshan
sub ganna ba…
Error establishing a database connection..Please fix it machooooooooooooooooo.......
Ayesh
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට සබ් දෙනකම් උන්නේ