Watch Trailer

Ethel & Ernest (2016) Sinhala Subtitles | සැබෑ ආදරය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ දෙවනි උපසිරැසියත් ගෙනාවා..ටිකක් කල් ගියාට සමාවෙන්න.ඒත් මම හිතනවා මේක ඔයාල කවුරුත්බ ලාපොරොත්තු නොවුනු ෆිල්ම් එකක් කියලා.ඒ නිසා සමාව ලැබෙයි. 😁ඔක්කොට ඉස්සෙල්ල කියන්න ඕනෙ මේක සත්‍යකතාවක් මත පදනම් වෙච්ච එකක්.ඒවගේම මේ කතාවෙ තියෙන්නෙ,මේ කතාවෙ කතුවරයාගෙ මව හා පියාගෙ කතාව. ඒ කියන්නෙ The Snow…

SHOWBIZ – Laura Lambert interview – COLLECT PICTURE – Raymond Briggs’s parents, Ethel and Ernest.

ඔන්න එහෙනම් මගේ දෙවනි උපසිරැසියත් ගෙනාවා..ටිකක් කල් ගියාට සමාවෙන්න.ඒත් මම හිතනවා මේක ඔයාල කවුරුත්බ ලාපොරොත්තු නොවුනු ෆිල්ම් එකක් කියලා.ඒ නිසා සමාව ලැබෙයි. 😁ඔක්කොට ඉස්සෙල්ල කියන්න ඕනෙ මේක සත්‍යකතාවක් මත පදනම් වෙච්ච එකක්.ඒවගේම මේ කතාවෙ තියෙන්නෙ,මේ කතාවෙ කතුවරයාගෙ මව හා පියාගෙ කතාව. ඒ කියන්නෙ The Snowman, Father Christmas, Ug වගේ පොත් ලියපු Raymond Briggs කියන නවකතා රචකයාගෙ අම්මගෙයි තාත්තගෙයි කතාව. ඉතින් එයා ලියපු තවත් පොතක් වන Ethel & Ernestහි කතාව තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ..මේ කතාව ගැන ඉස්සෙල්ලාම දැනගන්න ලැබෙන්නෙ 1998 නිකුත් වෙච්ච Ethel & Ernest කියන චිත්‍රකතාවෙන්..ඊට පස්සෙ මේ චිත්‍රකතා පොත 1999 පැවැත්වූ British Book Awards වලදී ‘හොදම චිත්‍රකතා පොත’ විදියට සම්මාන ලබනවා…මේ පහළින් තියෙන්නෙ Raymond Briggsගෙ පිංතූරයක් හා Ethel හා Ernest පිංතූරයක්.

 

 

ඉතින් මේ කතාවට ආසාවට නිසාමද කොහෙදෝ,මේ චිත්‍රකතා පොත සිනමාපටයක් බවට හරවන්න කට්ටියක් තීරණය කරනවා. ඇනිමේෂන් ෆිල්ම් එකක් විදියට තමයි මේක නිර්මාණය වෙන්නෙ.Drama/History කියන වර්ගයේ ෆිල්ම් එකක්. IMDB අගය 7.8 වගේ අගයක් ලබාගෙන, Rotten Tomatoes 97%ක් ලබාගෙන තිබෙනවා. මේක ඉස්සෙල්ලාම 2016 ඔක්තෝම්බර් 28 වෙනිදා, BBC හා BBC ONE යන නාලිකා ඔස්සේ තමයි දැකගන්න ලැබෙන්නෙ.

ඉතින් මේකෙ වෙන්නෙ මෙහෙමයි, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ එතෙල්(ඒට්) හා අර්නෙස්ට්(අර්න්).ඒ කියන්නෙ රේමන්ඩ්ගෙ අම්මයි තාත්තයි. මේ දෙන්නම එච්චර පොහොසත් නැති සාමාන්‍ය පවුල්වල අය..අර්නෙස්ට් කියන්නෙ කම්හල් සේවකයෙක් වගේම,එතෙල් කියන්නෙ ගෘහ සේවිකාවක්. මේ දෙන්න ඉස්සෙල්ලාම මුණ ගැහෙන්නෙ 1928 දි.ඒ එතෙල් ජනේලෙන් එළියට දූවිලි ගසගස ඉද්දි,එතනින් යන අර්නෙස්ට් එතෙල්ට බායි කියාගෙන යනවා. එතනින් තමයි මේ දෙන්නගෙ ආදරේ පටන්ගන්නෙ. මේ ෆිල්ම් එක පුරාවටම යන්නෙ මේ දෙන්නගෙ ජීවිත කාලෙ ගැන තමයි. අම්මල දරුවන් ගැන හිතන්නෙ කොහොමද,තාත්තල දරුවන් ගැන හිතන්නෙ කොහොමද කියල මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා. මේ දෙන්නගෙ ආදරයේ විශේෂත්වයක් තමයි දෙන්නම 1971 වෙනකන් ජීවත් වෙලා ඒ අවුරුද්දෙමයි මැරිල යන්නෙ. සාමාන්‍ය පවුල් ජීවිතවල සතුටු අවස්ථා,දුක් අවස්ථා වලට මේ ෆිල්ම් එක හොද උදාහරණයක්. මොකද මේකත් ඇත්ත කතාවක්නෙ. හැබයි මේකෙ තියන කතාව 100%ක්ම ඇත්තම කතාවට සමානයි කියල කියන්නත් බෑ.

එහෙනම් කතාව බලන්න කියල ආරාධනා කරනවා..තාම 2වනි උපසිරැසියනෙ,වැරදිත් ඇති.ඒවත් කමෙන්ට් එකකින් කියන්න කියල ඉල්ලනවා…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ethel.And.Ernest.2016.720p.HDTV.x264-PLUTONiUM

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,947 downloadsDownload Ethel-Ernest-2016.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/RavinduNadeesha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු නදීශ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිදු නදීශ

Subtitles

1,947 downloadsDownload Subtitles47 KB

18 comments

  1. Mayura

    කතාව නම් හිතට අල්ලයි වගේ. බාලම බලමු. බොහොමත්ම තුති සබට... ඊළග එකක් ඉක්මනට ගේමු

  2. Helili Hemamali

    බොහොම ස්තූතියි මල්ලි. දිගටම සබ් දෙමු හොඳේ.

  3. ශසිත් සඳරුවන්

    බොහොම ස්තුතියි මල්ලි උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආහ්..
    ඔබට ජය!

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Dasun Madawa Ranasinghe

    thnx

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Liamdee

    thanx

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    අගේ ඇති විස්තරාත්මක ලිපියක් සහෝ.
    ජයෙන් ජය.

  9. Udara Damith Dissanayaka

    ..............උපසිරැසියට බොහෝම ස්තුතියි..............

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. SanjulaJeter

    Ela

  12. Pasan_Madusankha

    Bohoma Sthuthiy Saho Upasiresiyata. Jaya Wewaa..!

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  15. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. AsithaDilruwan

    ela ela thanks saho

  18. yasith Maduran

    nice job