සුපුරුදු විදිහට එවන්ගැලියන් ෆෑන්ස්ලා හැමෝවම කොන්නිචිවා කියල පිළිගන්නවා. කලින් වතාවෙ මම Evangelion:1.0 You Are(Not)Alone (2007) චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගෙනල්ලා Rebuild of Evangelion Series එක ආරම්භ කළා. මේ වෙනකොට හැමෝම ඒක නරඹලත් ඉවර ඇති. ඊටත් කලින් මම උපසිරැසි අරන් ආපු Neon Genesis Evangelion Ser…

සුපුරුදු විදිහට එවන්ගැලියන් ෆෑන්ස්ලා හැමෝවම කොන්නිචිවා කියල පිළිගන්නවා. කලින් වතාවෙ මම Evangelion:1.0 You Are(Not)Alone (2007) චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගෙනල්ලා Rebuild of Evangelion Series එක ආරම්භ කළා. මේ වෙනකොට හැමෝම ඒක නරඹලත් ඉවර ඇති. ඊටත් කලින් මම උපසිරැසි අරන් ආපු Neon Genesis Evangelion Series එක සහ The End of Evangelion චිත්‍රපටය ඔයා නරඹපු නැති කෙනෙක් නම් ඒ ටිකත් නරඹලා මේ Rebuild Series එක නරඹන්න පටන් ගන්න කියල මම යෝජනා කරනවා. මොකද Neon Genesis Evangelion Series එකෙන් තමයි මේ හැමදේකම ආරම්භය සිද්ධ වුනේ. ඒ වගේම මේ උපසිරැසි අරන් ආපු Evangelion:2.0 You Can(Not)Advance චිත්‍රපටයට කලින් Evangelion:1.0 You Are(Not)Alone චිත්‍රපටය නරඹා තිබීම අත්‍යාවශ්‍යයි. මොකද Evangelion 1.0 එකේ sequel එක තමයි Evangelion 2.0 කියලා කියන්නේ.🔥
මම කලින් චිත්‍රපටයෙදි කිව්වා වගේම සමහර තැන්වල දකින්න ලැබෙන Evangelion:2.22 You Can(Not)Advance කියල කියන්නෙත් මේ Evangelion:2.0 You Can(Not)Advance චිත්‍රපටයටම තමයි. Evangelion 2.22 කියල කියන්නෙ Evangelion 2.0 කියන Theatrical Version එකේ DVD/Bluray release එක. මේ විදිහට Neon Genesis Evangelion වෙනුවෙන් Rebuild Series එකක් හැදුවේ original series එකෙයි movies වලයි ෆෑන්ස්ලා නොවන අයට evangelion series එකට ප්‍රවේශ වෙන්න වගේම, අලුත් කිරීම තුළින් පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ප්‍රවේශ වෙන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන එක කියල Original Evangelion Series එකේ වගේම මේකෙත් Director විදිහට ඉන්න Hideaki Anno කියල තියෙනවා. අන්න ඒ වෙනස ඔයාටත් මේකෙන් අත් විඳින්න පුලුවන් වේවි.✌️
ඉතින් මේ වෙනස මොකක්ද කියලා Evangelion:1.0 You Are(Not)Alone අවසාන තත්පරය තෙක්ම බලපු අය නම් දන්නවා. මොකද ඒක Neon Genesis Evangelion Series එකේ පළමු කථාංග හයේ කතාව නැවත දිගහැරුමක් කියල කිව්වට මැදක් හරියට යද්දි ඒක වෙනස් වෙලා අන්තිම හරියෙදි සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට කතාව යොමු වුනා. අන්න ඒ වෙනසේ ආරම්භයෙන් ගලා යන කතාව අපිට මම මේ උපසිරැසිය අරන් එන Evangelion:2.0 You Can(Not)Advance චිත්‍රපටය මඟින් බලාගන්න පුලුවන්. මේ චිත්‍රපටය NGE Series එකේ 8 වෙනි කොටසේ සිට 19 වන කොටස දක්වා තියෙන කතාව නැවත ප්‍රතිනිර්මාණයක් කියලයි සඳහන් වෙන්නේ. පෞද්ගලිකව මට නම් ඒක ඒ විදිහට දැනුනෙම නෑ කිව්වොත් සමහරවිට ඔයා විශ්වාස නොකරාවි. මොකද මේක ඒ තරම් ම අනර්ඝ විදිහට නිර්මාණය කරල තිබුනා.👌

Credit-Wikipedia
Key Visual of Rebuild of Evangelion
2009 වසරේ දී නිකුත් වුනු මේ Evangelion:2.0 You Can(Not)Advance චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ පෙරදී Evangelion Series එක සහ Evangelion:1.0 You Are(Not)Alone චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Hideaki Anno විසින්මයි. චිත්‍රපටය පෙර පරිදිම Action, Drama, Sci-fi, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. මේ චිත්‍රපටය IMBD දර්ශකයේ 7.9 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.31 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම Rotten Tomatoes හි 82% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1 යි මිනිත්තු 52 ක් පුරා ධාවනය වෙන මේ චිත්‍රපටය original script එකකට අනුව නිර්මාණය වෙලා තියෙනවා. මොකද නිෂ්පාදනයේ ආරම්භය ගැන මම Evangelion 1.0 ලිපියේ මුල සඳහන් කරල තියෙනවා. පෙර පරිදිම Khara Studio එකෙන් ගෙනෙන මේ චිත්‍රපටය R+ Mild Nudity යටතේ Rate වෙලා තියෙනවා. මේ චිත්‍රපටයත් පෙර පරිදිම Utada Hikaru විසින් ගායනා කරන “Beautiful World” නම් Ending Theme Song එකෙන් හැඩ ගැන්වෙනවා. මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 44 ක පමණ Box Office ආදායමක් උපයා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය Awards Winning 1 ක් සහ Nominations 2 ක් ලබාගෙන තියෙනවා. ඒවා තමයි,
🔹Tokyo Anime Award හි 2010 වසරේ Film Category යටතේ Best Music හි winner වීම.
🔹Behind the Voice Actors Awards හි 2012 වසරේ Best Female Vocal Performance in an Anime Title in a Supporting Role යටතේ nominee වීම.
🔹Awards of the Japanese Academy හි 2010 වසරේ Best Animation Film යටතේ nominee වීම.
ඉතින් මේ චිත්‍රපටයේ වෙන්නෙ මොකක්ද කියල නම් මම පොඩ්ඩක්වත් කියන්නෙ නෑ. මොකද, මම කලිනුත් කිව්වා මේ Evangelion 2.0 කියල කියන්නෙ Evangelion 1.0 එකේ sequel එක කියලා. ඉතින් Evangelion 2.0 එකට කලින් Evangelion 1.0 එක අනිවාර්යයෙන්ම බලලා තියෙන්නත් ඕනි. තවත් වැඩි දියුණු කරපු Animations එක්ක Sounds එක්කාසු කරපු, කොටින්ම කිව්වොත් animations තවත් detailed විදිහටත් අරන් එන කතාවක් තමයි මේ Rebuild of Evangelion කියල කියන්නේ. මම කලින් ලිපියෙදිත් කිව්වා වගේම අලුත් ඒන්ජල්වරු, අලුත් එවන්ගැලියන්වරු, අලුත් weapons වගේම අලුත් battle tactics එක්ක අලුත්ම විදිහකට යන කතාවක් මේකෙදිත් අපිට බලාගන්න ලැබෙනවා. මේක නරඹද්දි Original Evangelion Series එකේ Parallel Universe එකක්නෙ කියන සංකල්පය ඔයාගෙ ඔලුවට ඒවි. මේ චිත්‍රපටය පටන් ගන්නෙත් වෙන එකකවත් නැති අලුත් ම Scene එකකින්. මේකෙදිත් චරිත නිරූපණයේ පවා අලුත් වෙනස්කම් හඳුන්වලා දීල තියෙනවා. කලින් කතාවල හිටපු නැති, එවා රොබෝලා පදවන අලුත් කෙල්ලෙකුත් අපිට මේ චිත්‍රපටයෙන් මුණ ගැහෙනවා. එයා Evangelion හි ඔයාගෙ සිත් ගත්තු අයනමි, අසුකා දෙන්නාව අභිභවා යන්නත් ඉඩ තියෙනවා.😋
මේ චිත්‍රපටය ගැන වර්ණනා කළා ඇති කියලයි දැන් මගේ හැඟීම. අවසානය වශයෙන් කියන්නෙ මේ Rebuild of Evangelion Series එක කිසි වෙලාවකවත් ඔයාගෙ බලාපොරොත්තු කඩ නොකරාවි කියන දේ විතරයි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් ඔයාට 1337x වෙබ් අඩවියෙන් ටොරන්ට් ඔස්සෙ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. Baiscope Downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි.
මීළඟට Rebuild Universe එකේ තෙවැන්න වගේම Evangelion 2.0 හි sequel එක වෙන Evangelion:3.0 You Can(Not)Redo (2012) චිත්‍රපටයෙන් මුණ ගැහෙමු. හැබැයි ඒ ළඟදීම නම් නෙමෙයි, මොකද මට පෞද්ගලිකව ඉස්සරහට හුඟක්ම කාර්යබහුල වැඩ කටයුතු කිහිපයකටම මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේ යන වේගයෙන් සහ මේ යන රටාවට මට උපසිරැසි අරන් එන්න බැරි වේවි. හැබැයි මේ Evangelion Series එක ඉවරයක් කරල දානකල් මම තවත් ඇනිමෙ සීරීස් එකකට සිංහල උපසිරැසි ගේන්නෙත් නෑ. මොකද ඕනිම වැඩක පිළිවෙළක් තියෙන්නත් එපැයි.😌 මේ උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා! අරිගතෝ🙏 Happy Anime✌️
ලංකන් Weebs වෙනුවෙන් – හසරංග නදීෂ
<<< Evangelion:1.0 You Are(Not)Alone (2007)
Evangelion:3.0 You Can(Not)Redo (2012) >>>
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Bluray පිටපත සදහා අදාළ වේ.
2,141 downloadsDownload Evangelion-2.0-You-Can-Not-Advance-2009.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Drama
- Thriller
- Horror
- Adult
- War
- Animation
- Crime
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Anime
- Mecha
- Psychological
- #Evangelion:2.0 Sinhala Subtitles
- #Evangelion:2.0 You Can(Not) Advance (2009) Sinhala Sub
- #Evangelion:2.0 You Can(Not) Advance (2009) Sinhala Subtitles
- #Evangelion:2.0 You Can(Not) Advance Sinhala Sub
- #Evangelion:2.0 You Can(Not) Advance Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Sineth
ලංකන් Weebs
Thank you.❤️
Ishan Madusha
බොහෝම ස්තූතියි...
ලංකන් Weebs
ස්තූතියි.❤️
Sineth
Ado link eka danne ndd ban
jeraan jekar
නියමයි සගෝ
ලංකන් Weebs
ස්තූතියි.❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
ලංකන් Weebs
බොහොම ස්තූතියි.❤️
Bawantha
Thank You 3.0 eka puluwan ikmanata denna hekiwewa parthana karnawo
ලංකන් Weebs
බොහොම ස්තූතියි.❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Supiriyak hode ela ela dankm ban hitiye
Link ekath dahn hode
Adarei yako