කොහොමද හැමෝටම? ඔන්න අද අරන් එන්නේ තවත් විශිෂ්ට කොරියානු චිත්‍රපටියක්. The Night Owl කියන මේ කොරියානු චිත්‍රපටිය 2022 වර්ෂයේ නොවැම්බර් 23 වෙනිදා තිරගත වීම ආරම්භ වෙන්නේ. ඉතින් මාස හයක් වගේ ලොකු කාලයක් ගිහින් පෙරේදා තමා මේ චිත්‍රපටියේ ඔරිජිනල් වෙබ් පිටපතක් නිකුත් වුනේ. ඉතින් ඇවිත් තියෙනවා දැක්ක ගමන් උ…

කොහොමද හැමෝටම? ඔන්න අද අරන් එන්නේ තවත් විශිෂ්ට කොරියානු චිත්‍රපටියක්. The Night Owl කියන මේ කොරියානු චිත්‍රපටිය 2022 වර්ෂයේ නොවැම්බර් 23 වෙනිදා තිරගත වීම ආරම්භ වෙන්නේ. ඉතින් මාස හයක් වගේ ලොකු කාලයක් ගිහින් පෙරේදා තමා මේ චිත්‍රපටියේ ඔරිජිනල් වෙබ් පිටපතක් නිකුත් වුනේ. ඉතින් ඇවිත් තියෙනවා දැක්ක ගමන් උපසිරැසිය කරන්න පටන්ගත්තා. එහෙනම් චිත්‍රපටියේ වැඩිදුර විස්තර දැනන් ඉමු. The Night Owl චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Ahn Tae Jin විසිනුත්, තිරරචනය Hyun Gyu Ri විසිනුත් සිදු කර තිබෙනවා. පැයයි විනාඩි පනස් අටක් පුරාවට ගලාගෙන යන මේ චිත්‍රපටිය Historical, Thriller ශානරයන්ට අයත් වෙනවා. ඉතින් කොරියානු සිනමාවෙන් ආපු සාර්ථකම Historical+Thriller චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටිය හදුන්වන්න පුළුවන්. ඉතින් තවත් ඒක ඔප්පු කරමින් සතියකට පමණ කලින් පැවැත්වුන කොරියාවේ 59 වෙනි Baeksang උළලේදි හොදම චිත්‍රපටිය විදියට The Night Owl චිත්‍රපටියත්, හොදම නළුවා විදියට Ryu Jun Yeol, හොදම නව අධ්‍යක්ෂකවරයා විදියට Ahn Tae Jin සම්මාන ලබා ගන්නවා. වොන් බිලියන 9ක වියදමකින් නිර්මාණය කළ The Night Owl චිත්‍රපටිය ඩොලර් මිලියන 27.7ක සාර්ථක ආදායමක් ලබාගෙන 2022 වර්ෂයේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 5 වෙනි ස්ථානයේ රැදී සිටින්න සමත් වී තිබෙනවා.

CAST – රංගන දායකත්වය
• Ryu Jun Yeol – චොන් ක්යොන්ග් සූ
• Yoo Hae Jin – ඉන් ජෝ රජතුමා
• Choi Moo Sung – ලී හ්යුන්ග් ඉක් (ප්‍රධාන රාජකීය වෙදදුරු)
• Jo Sung Ha – ප්‍රධාන අමාත්‍ය
• Park Myung Hoon – වෙදදුරු මන් සික්
• Kim Sung Cheol – සෝ හ්යොන් (කිරුළ හිමි කුමරු)
• Ahn Eun Jin – චෝ ආර්යාව
• Jo Yoon Seo – කන්ග් බින් (කිරුළ හිමි කුමරිය)

Plot Synopsis – කතා සාරාංශය
කතාව පැත්තට යන්න කලින් චිත්‍රපටියට පාදක වුන ඉතිහාසය ගැන කෙටියෙන් කියලා ඉන්නම්… ජෝසන් රාජධානියේ ඉන් ජෝ රජුගේ රාජ්‍ය සමය තුල තමා මේ කතාව දිවයන්නේ. ඉන් ජෝ රජුගේ වැඩිමල්ම පුතා තමයි සෝ හ්යොන් කියන්නේ, ඔහු තමයි ජෝසනයේ කිරුළ හිමි කුමරු. එකල වර්ධනය වෙමින් තිබුන චින්ග් රාජ්‍යයත් සමග ජෝසනයේ ඇති වූ සටන්වල ප්‍රතිඵලයක් විදියට කිරුළ හිමි සෝ හ්යොන් කුමරුව ප්‍රාණඇපකරුවෙක් විදියට චින්ග් රාජ්‍යයට අරන් යනවා. කොහොමහරි අවුරුදු අටකට පස්සේ කිරුළ හිමි කුමරු නැවතත් ජෝසනයට පැමිණෙනවා. ඒත් ඇවිත් වැඩි කල් යන්න කලින් කිරුළ හිමි සෝ හ්යොන් කුමරු මිය යනවා. විෂ ශරීරගත වෙලා මියගියා කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

එහෙනම් දැන් කතාව පැත්තට යං, චොන් ක්යොන්ග් සූ කියන්නේ අන්ධ කටු චිකිත්සකවරයෙක්, අන්ධයි කිව්වට මෙයාට අදුරේදී ටිකක් විතර පේනවා. ඒකහින්දම වෙන්නැති සමහරවිට මේ චිත්‍රපටිය The Night Owl කියලා නම් කරන්න ඇත්තේ. ක්යොන්ග් සූ අන්ධ වුනාට කටු චිකිත්සාවට ගොඩක් දක්ෂයි. ඉතින් ප්‍රධාන රාජකීය වෙදදුරු වෙන ලී හ්යුන්ග් ඉක් මෙයාගේ හැකියාව දැකලා රාජකීය සායනයේ වැඩට ගන්නවා. ඔහොම කල් යද්දි චින්ග් රාජ්‍යය ප්‍රාණ ඇපයට ගෙනිච්ච කිරුළ හිමි කුමරු අවුරුදු අටකට පස්සේ ආයෙත් එනවා. එකදවසක් කිරුළ හිමි කුමරුට ලී හ්යුන්ග් ඉක් විෂ පොවපු ඉදිකටු වලින් ප්‍රතිකාර කරනවා අදුර නිසා ක්යොන්ග් සූ හොදට දකිනවා. මේක පිටුපස ඉන්නේ රජතුමා කියලත් දැනගන්නවා. මේ ඇත්ත ගැන වෙන කවුරුවත් දන්නේ නෑ. ඒකහින්දා ක්යොන්ග් සූට ඇත්ත හෙළි කරන්න ඕන වෙනවා. ඇත්ත හෙළි කරන්න මොහුට පුළුවන් වෙයිද? ඇත්ත හෙළි කලත් කිසිවක් වෙනස් නොවේවිද?
ඉතින් මේ කුතුහලයෙන් පිරුණ චිත්‍රපටිය මගනොහැර නරඹන්න කියලා ආරාධනා කරනවා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Web-dl පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,198 downloadsDownload The-Night-Owl-2022.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #2022
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Owl (2022) Sinhala Sub
- #The Night Owl (2022) Sinhala Subtitles
- #The Night Owl Sinhala Sub
- #The Night Owl Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Kavi
Sandun Lakshitha
Korea movie wadipura denna ko
Anonymous
බොහොම ස්තුතියි කොරියන් සබ් දෙනවට
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝ!
Rajitha
තැන්ක්ස් සහෝ
Kushan
Sub akta thanks
Dew
thank you sub ekata
ප්‍රදීප්
සුපිරි ෆිලුමක් සහෝ..ස්තුතියි සිංහල උපසිරසියට....
Udari
Sub එකට ස්තූතියි මල්ලි!! film එක සුපිරියක්
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
Bimsara Yashan(ඔලිව)
ෆිල්ම් එක නම් සුපිරි වගේ... උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
Ela ela
හරේන්ද්‍ර
2022 ආපු කොරියන් ත්‍රිලර් ෆිල්ම් තව දෙන්න
Nayana Buddhika
කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි❤️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you ️
Anonymous
Thank you for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maleesha Jayasinghe
Can you please upload the 1947 Road to Boston Movie too. Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
nilanka
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Night Owl (2022) Sinhala Subtitles | කිරුළ හිමි කුමරුගේ අභිරහස් මරණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/The-Night-Owl-2022-a.jpg)
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!