මේ අරගෙන ආවේ වෙන සහෝදරයෙක් විසින් ලිපියක් විතරක් ඉදිරිපත් කරලා තියෙන චිත්‍රපටියකට උපසිරැසියක්.මේක ඉතින් Comedy/Drama ගණයට තමයි අයත් වෙන්නේ.සමහර අයටනම් ඒ නිසා බලද්දී කම්මැලි හිතේවි. එකම දවසක් තුලදී රැකියාව, බිරිඳ වගේම තමන් ඉන්න ගෙදරත් අහිමි වෙන මනුස්සයෙක්ගේ අපිළිවෙල ජීවිතය අසල්වැසි මිනිසුන් කිහිප දෙ…
මේ අරගෙන ආවේ වෙන සහෝදරයෙක් විසින් ලිපියක් විතරක් ඉදිරිපත් කරලා තියෙන චිත්‍රපටියකට උපසිරැසියක්.මේක ඉතින් Comedy/Drama ගණයට තමයි අයත් වෙන්නේ.සමහර අයටනම් ඒ නිසා බලද්දී කම්මැලි හිතේවි. එකම දවසක් තුලදී රැකියාව, බිරිඳ වගේම තමන් ඉන්න ගෙදරත් අහිමි වෙන මනුස්සයෙක්ගේ අපිළිවෙල ජීවිතය අසල්වැසි මිනිසුන් කිහිප දෙනෙකුගේ උදව්වෙන් පිළිවෙලක් වෙන විදිය තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ. IMDM 6.4ක් අරන් තියෙනවා. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Will Ferrell.
අලුතින්ම නිකුත් වෙන චිත්‍රපටි වලට උපසිරැසි ලබාදෙන්න බයිස්කෝප් වෙබ් අඩවියේ සාමාජිකයන් හැමවිටම කටයුතු කරනවා. පරණ චිත්‍රපටි වලට සිංහල උපසිරැසි ලබාදෙන්නේ ඒවා බලන්නත් කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්න නිසා. ඉතින් කැමති අය අරගෙන බලන්න. ගිහින් එන්නම්.
ජය වේවා !
කලින් පලකරන ලද උදා සොහොයුරාගේ ලිපිය
නික් හැල්සි අලෙවි ප්‍රවර්ධකයෙක්. එක් දිනක ඔහුගේ ආයතනයෙන් ඔහුට දැනුම් දෙන්නේ ඔහු සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව. ඔහු ඒ හිත් අමාරුවෙන් නිවසට එද්දී දක්නට ලැබෙන්නේ කිසිසේත්ම නොසිතූ දසුනක්. ඔහුට සිය නිවසට ඇතුළුවෙන්නවත් විදිහක් නෑ. ඔහුගේ බිරිඳ ගෙදර නෑ. අලිමදිවට හරක් කිව්ව වාගේ, එකක් මදිවට තව එකක්. බිරිඳ ඔහුව හැරගිහින්. හේතුව තද-බල ලෙස ඇල්කොහොල් වලට ඇබ්බැහි වූවෙකු වන නික් බිරිඳගේ විශ්වාසය කඩකිරීම.
හ්ම්…..ඉතිං ඔහුගේ බඩු හැම දේම එළියට දාල තමයි ගිහින් තියෙන්නේ, තව ඔහුට ඇතුළුවෙන්න බැරි වෙන්න නිවසෙහි ආරක්ෂක අගුළු පවා වෙනස් කරලා. ඉතින් දැන් ඔහු මොකද කරන්නේ? මොනව කරන්නද ජීවිතේට එන හැටියට මුහුණ දෙනවා. හරියන අතකට ගහ උළුවස්සා කියල, පෙරළෙන පිට හොඳයි කියනවා මිස වෙන මොකද කරන්නේ?
හැබැයි ඔහුට මේ වැඩේදී තව නව යහළුවන් පිරිසක් හමුවෙනවා. ඒ අයගේත් උදව්වෙන් ආපහු නිසි මගට එළඹෙන්නට ඔහුට හැකිවෙනවා. මිනිසෙකුගේ ජීවිතයට කෙතරම් ප්‍රශ්න ගැටළු ආවත් ඒවාට මුහුණ දෙමින්; මොනතරම් අනපේක්ෂිත තත්ත්වයන් උද්ගත වුවත් ඒවා භාරගනිමින් ජීවිතය හැඩගස්වා ගත හැකි බව පෙන්වා දෙන ‘විල් ෆෙරෙල්’ රඟන මේ සිනමාපටය ඔබට සතුටකුත් වින්දනයකුත් ගෙන ඒවි.

Due to copyright issues, we do not provide any torrent links.
Everything.Must.Go.2010.BluRay.720p.x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
2,379 downloadsDownload Everything-Must-Go-2010.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
31 comments
Dishan
ns
එපා.............
chamila
thanks...
indikson
මම මේක බැලුව. මට නම් එච්චර ඇල්ලුවෙ නෑ. ප්ලොට් එක ටිකක් සැර මදියි. කොහොම උනත් අමුතු තේමාවක්.
AL1717
Ela onna Henam Mekath Wating List Ekata Demma
:DThanks Wewaaa
Asabha
Ah!!2011.11.11 daapu post ekane..
bagena balanna one..:)
thankz!!!!Saranga
balama balamu...
Thankz bro...ns
දැන් බයිස්කකෝප් ස්යිට් එක චා..
ඊලඟ උපසිරැසි ලිස්ට් එකෙ තියෙන්නෙ වැඩි හරියක් **** එකෙන් සබ් දීපු ෆිල්ම්රමේෂ් නානයක්කාර
වෙන සයිට් වලින් දිපු සබ් ගොඩක් ලගදිම කියලා එන්න හදනවා.සමහර විටි ඒ කොපි එක අරන් නම වෙනස් කරලා දෙන්න යනවද දන්නේ නෑ.මොකද මතකද දන්නේ නෑ කලින් කෙනෙක් රැංගෝ ෆිල්ම් එකට ඔහොම කරලා තිබ්බා.එක නිසා නෙට් එකේ දැනට දිලා තියන සබ් දෙන්නම් කියන අයට වෙනත් චිත්‍රපටයකට සබ් දෙන්න කියලා කිව්වොත් හොද නැත්ද?මොනවා උනත් එකම ෆිල්ම් එකට දෙන්නෙක් සබ් දෙන එක වැඩක් නෑ.
අදහස් පමණි ඇඩ්මින් පොඩ්ඩක් මම කියපු එක ගැන හිතලා බලන්න.
රමේෂ් නානයක්කාර
rango නෙමෙයි rio ෆිල්ම් එක ගැන කිව්වේ.සමාවෙන්න ඕන ඉස්සෙල්ලා නම වැරදුනා.මේ තියෙන්නේ ඔහොම උනාට පස්සේ වුන දෙයක්
nuwantha
මමත් දැක්කා වෙන සයිට් වල සිංහලෙන් සබ් දෟපුවා මේකෙ එන්න තියන ලිස්ට් එකේ තියනවා. එකම ෆිල්ම් එකට දෙන්නෙක් සබ්දාන එක කාලෙ අපතේ හැරීමක් තමයි. මම ඒ සයිට් එකේ අයටත් මේ ගැන කිව්වා. ඉස්සරහට ඒ ගැන හිතලා ඇති කියලා මට හිතෙනවා.
ස්තූතියි.
Javind
චිත්‍රපටයට ස්තුතියි
යාලුවෝ වගයක් කියලා තියන කතාව ඇත්ත
දැනටමත්
Rise of the Planet of the Apes (2011)
Sucker Punch (2011)
Bodyguard (2011)
Fast Five (2011)
Murder 2 (2011)
Pirates of the Caribbean: On Stranger Tides(2011)
Hop (2011)
The Warrior’s Way (2010)
Colombiana (2011)
Singham (2011)මේවා සේරම සබ් තියනවා.එක වෙබ් අඩවියක නෙමෙයි විවිධ එවගේ තියනවා.දාලා තියන එකටම සබ් නොදා අලුත් එකකට දැම්මොත් හොද නැත්ද.පෙනවනේ බාගයක්ම ලිස්ට් එකේ තියන එවා දැනටමත් කට්ටිය සබ් එක්ක බලලා ඇති
රාම් රාජ්
thanks
Irshad Haniffa
thanx machhan
Nimesh
Thanks machan!!!
පිස්සු පුසා
බැලුවො...
Uraj Deemantha
ඔන්න මමත් බාගත්තා..... ඔෆිස් එකේ ඉන්න ගමන් උඩින් පල්ලෙන් බැලුවා... සුපිරි ෆිල්ම් එකක් වගේ...... :D
Jayan Chamal
top kathava sinahala sub danamanam kiyala vadaka na
අසිත
elama saho thanks
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි.පුලුවන් නම් The Golden Compass (2007) සබ් දෙන්න
ජය!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Dinuka Sudara
sub ekata thanks.....
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx sis...
dinu
Sandy Wexler (2017) sub denna
Pasan
Sub 1t thx....
Anonymous
thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanqqqq :)