Watch Trailer

The Spy Next Door (2010) with Sinhala Subtitles | ළඟ ගෙදර රහස් පරීක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, ජැකී චෑන්ගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමවත්ම අමතක වෙන්නෙ නෑනෙ, ඒ නිසයි මගේ 49 වෙනි සබ් එක හැටියට මේ ෆිල්ම් එක කරන්න තෝර ගත්තෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ ජනව…

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, ජැකී චෑන්ගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමවත්ම අමතක වෙන්නෙ නෑනෙ, ඒ නිසයි මගේ 49 වෙනි සබ් එක හැටියට මේ ෆිල්ම් එක කරන්න තෝර ගත්තෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ ජනවාරි මාසෙ 15 වෙනිද, ඉන්දුනීසියාවෙදි තමයි ෆිල්ම් එක පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ලැබිල තියෙනවා, IMDB අගය 5.4 ක් විදිහට සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brian Levant කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කියල පැහැදිලිවම කියන්න පුලුවන්, ෆිල්ම් එක ආරම්භයේ ඉඳල අවසානය දක්වාම ලොකු රස වින්ඳනයක් ලබන්න පුලුවන්, ඒත් එක්කම මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු අසංක හොසොයුරාවත් බොහොම ආදරයෙන් මේ වෙලාවෙ මතක් කරනවා.

ෆිල්ම් එකේ කතාව ගැනත් විස්තරයක් කරන්නම් මේ විදිහට, ෆිල්ම් එකේ හැටියට ජැකී රහස් පරීක්ෂකයෙක්, එයාට කියන්නෙ බොබ් කියල, තවත් පැත්තකින් දුෂ්ට චරිත විදිහට ඉන්නෙ රුසියානු කණ්ඩායමක්, ඉතින් මේ බොබ් සුපුරුදු විදිහට රහස් පරීක්ෂක කටයුතු කරගෙන යනව, ඒත් එක්කම බොබ් නැවතිලා ඉන්න ගෙදරට ළඟ ගෙදර ඉන්නවා කාන්තාවක්, එයාට කියන්නෙ ජිලියන් කියල, එයාට ඉන්නවා පුංචි ළමයි තුන්දෙනෙක්, බොහොම දඟකාර ළමයි තුන්දෙනෙක්, ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ එයාලගෙ පියා නොහොත් ජිලියන්ගෙ ස්වාමියා එයාලව හැර ගියපු බවක්, කොහොම හරි ඉතින් මේ බොබ් සහ ජිලියන් අතර ලොකු ආදරයක් ගොඩ නැගෙනවා, නමුත් මේ පුංචි ළමයි තුන්දෙනා නං බොබ් ට කොහොමවත්ම කැමති නෑ, ඒ වගේම ජිලියන් සහ පුංචි ළමයි තුන්දෙනා දන්නෙ නෑ බොබ් කරන රැකියාව මොකක්ද කියල, ඉතින් බොබ් ට ඕන වෙනවා එයාගෙ රැකියාවෙන් විශ්‍රාම ගන්න, නමුත් රුසියානු කණ්ඩායම එයාලගෙ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනව, එයාල හදන්නෙ ලෝකෙ හැම තැනම තියෙන තෙල් ආකර විනාශ කරන්න, මේ කණ්ඩාම හින්ද බොබ්ගෙ විශ්‍රාම ගැනීමත් පරක්කු වෙනව, ඒ අතරෙ බොබ්ගෙ මූලස්ථානයෙන් ඊමේල් පණිවිඩයක් එවනවා බොබ්ගෙ පරිගනයට, මේ ඊමේල් පණිවිඩයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ රුසියානු කණ්ඩායම කරගෙන යන රහස් වැඩ පිළිවෙළක දත්ත වගයක්, නමුත් බොබ් ට මේ පණිවිඩය ගැන බලන්න කාලයක් ලැබෙන්නෙ නෑ, මොකද හදිස්සියේම ජිලියන් ඇවිල්ල බොබ් ට කියනවා ඇගේ පියා රෝහලට ඇතුළත් කරල, ඒක නිසා ඇයට පියාව බලන්න යන්න අවශ්‍යයි කියල, ඉතින් මේ බොබ් ජිලියන්ට කරන උදව්වක් විදිහට ළමයි තුන් දෙනාව බලාගන්න කැමති වෙනව, ජිලියන් එයාගෙ පියාව බලල එනතුරු, ඒත් මේ දඟකාර ළමයි තුන්දෙනා නං මේ කාරණාවට කොහොමවත්ම කැමති වෙන්නෙ නෑ, නමුත් ජිලියන් මේ තුන්දෙනාව බොබ් ට බාර දීල පිටත් වෙනවා ඇගේ පියාව බලල එන්න, ඉතින් මේ කට්ටිය ඔහොම ඉන්න අතරෙ මේ ළමයි තුන්දෙනාගෙන් ගොඩක්ම දඟකාර කොලු පැටියෙක් ඉන්නවා, එයා බොබ්ගෙ පරිගනයට හොරෙන් ඇතුළු වෙලා බොබ්ගෙ මූලස්ථානයෙන් බොබ් ට එවපු ඊමේල් පණිවිඩය හරහා රහසිගත තොරතුරු ටික ඩවුන්ලෝඩ් කරනවා, මේ ගැන කලින්ම දැනගන්නෙ රුසියානු කණ්ඩායම, නමුත් බොබ් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ, ඊට පස්සෙ රුසියානු කණ්ඩායම කෙලින්ම එන්නෙ බොබ් ව සහ දඟකාර ළමයි තුන්දෙනාව හොයාගෙන, ඉතින් බොබ් ට ලොකු විස්තරයක් දාන්න වෙනවා ජිලියන් නැති අතරෙ මේ දඟකාර ළමයි තුන්දෙනාව රුසියානු කණ්ඩායමෙන් බේරගන්න. අපි බලමු බොබ් කොහොමද ඒ රාජකාරිය කරන්නෙ කියල.

සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

අකිල ප්‍රනාන්දු සොහොයුරා කලින් පලකරන ලද ලිපිය

ඕන්න ඉතින් මමත් වැඩ පටන්ගත්තා..වෙලාවක් නැතිවුනත් ලැබුන වෙලාවේ කට්ටියට බයිස්කෝප් 1ක් දෙන්න හිතුවා.ඔයාලා දන්න Jackie Chan තමයි ප්‍රධාන භුමිකාව රගපාන්නේ.වෙනදා වගේම POLICE චරිතයක් තමයි මේ සැරෙත්. හැබැයි Spy කෙනෙක් විදිහට.

කතාව කෙටියෙන් කිව්වොත් BOB (Jackie Chan)දීර්ඝ කාලයක් ආරක්ෂක අංශයේ වැඩ කල දක්ෂ නිලධාරියෙක්. හැබැයි වැඩ නිසාම කසාද බඳින්න බැරිවෙනවා.මේ ඔක්කොම කනපිට හැරෙන්නේ අසල්වැසි නිවසේ ඉන්න Juliyant  නැමැති කාන්තාව මුණ ගැසිමෙන්. BOB හදවතින්ම Juliyantට ආදරය කරනවා.හැබැයි ඇය තිදරු මවක්.රැකියාවෙන් සමුගත් ඔහුට තවත් ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා.ඒ තමයි Juliyant ගේ දරුවන් BOB ට අකමැති වීම.මෙසේ වෙනස් ගති ඇති ලමයින් තිදෙනා නිසා BOB ගේ රහසක් සතුරන් අතට පත්වීමට යනවා.

ඊට පස්සේ මොකද වෙන්නේ, ඔයාලට බාරයි ඒක, සටන් සමග ඉලඇට කැඩෙන විහිලු බාගාන්න බලන්න. ඉන්න සෙට් එක තමා  Jackie Chan, Billy Ray Cyrus, Amber Valletta, Katherine Boecher, Troy Brenna, Jeff Chase, Esodie Geiger, Mark Kubr, George Lopez, David Mattey. ඉතින් බාගෙන බලන්න.

 

The Spy Next Door (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Spy.Next.Door.2010.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,618 downloadsDownload The-Spy-Next-Door-2010.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,618 downloadsDownload Subtitles39 KB

70 comments

  1. SPND

    tnx ithin 1st comment 1 danakota lajjath hithenawa onna kamak na tnx a lot udepandara banna damma....

  2. Lasantha

    එලම කිරි. ජැකී අයියානේ ඉන්නේ. බලමු බලමු. තෑන්ක් යූ මචෝ...

  3. chamila

    ජැකී අයියා ඉන්නවනම් අනිවා බානවා... :D

  4. Akila

    Thanks macho.
    Jackie Chan nam itin kiyala wadak na.

  5. නදී

    මමත් ඕක බැලුවා. මල් 7යි.
    පොඩි නිවැරදි කිරීමක් තියනවා. Juliyant නෙවෙයි Gillian වෙන්න ඕනෙ.

  6. Anonymous

    THANKS

  7. TIKKA

    Thanks Macho Good start

  8. psw

    ela ela math banawa.

  9. DUMA

    ඔන්න බාන්න දැම්මා......Thank you වේවා...!!!!!

  10. අංජන

    හැමදාම ඉල්ලනවා වගේ ජැකී ගේ අනිත් පිල්ම් ටිකත් අප‍ට දෙන්න. ස්තුතිය.

  11. gvs

    ele ela

  12. Subash Priyankara

    අම්මෝ කාලෙකින් ගුරාගෙ එකක් හම්බ උනේ, අනිව බලන එක බලනවා, ජය වේවා, Thx.

  13. Dinushka Udara | රොකියා

    ububtu wala sinhala thaama install kara neth. ee nisaa danna engirisiyen liyami.

    meee film eke kathaawanam Jackie Chan ge anith eewa thatam lassana neee. namuth awulak neee. anith eka Jackie Chan meee film eke hena wayasayi. eeth thaamath kolla wage gaha gannawa.

  14. dasun

    ala. pulwannam my name is khan move aka danawada. mama balagana ennawa ok.

  15. aKILLER (Aki)

    mamanam meka kalin beluwa ,,, hoda movie ekak hebei dannam jakie chan wayasa patai..

  16. Uraj Deemantha

    හෆ්ෆා කාලෙකට පස්සේ ගුරාගෙන් ෆිල්ම් එකක්........ :) බාමු බාමු...... :D

  17. Uraj Deemantha

    ඒක නෙවෙයි ගුරෝ...... කෝ මගේ හාඩ් ඩිස්ක් එකයි, රවුටරෙයි ...........!! :P

  18. අකිල ප්‍රනාන්දු

    බොහොම ස්තුති ඔයාලා දුන්න ප්‍රතිචාර වලට.
    "නදි" මාව නිවැරදි කලාට ගොඩාක් ස්තුති.
    තව එවා මග එනවා.තාම පටන් ගත්තා විතරයි.

    "පොතේ ගුරා" බොහොම ස්තුති මගේ පළමු ලිපියට අවස්ථාව දුන්නට.

    1. kitt

      a....sub eke link eka nethoooooooooooooooooo

    2. thanu

      sub eka wenama dannako

  19. sameera

    ela ela sirama sira.

  20. KoK

    මචන්ග් මගෙ තියෙන්නෙ වින්ඩොස් 7 සින්හල සබ් කෙම්පි ප්ලෙයර් එකෙ ප්ලෙ වෙන්නැ

  21. බන්දුල විතානගේ

    Thank u very much

  22. ලකිදු

    තැන්කු වෙවා

  23. Gayantha

    ThanxZ..!!

  24. සමන් කලුබෝවිල

    woooooowwww......pattaa....mama mee movie eka enakan goda dawasak hitiya......ela....den banna dala...heta udenma balanawa.... ammooo....ela...ela..... thankx biskope set ekatama....ela.....!!!!

  25. anthr6x

    මාර සීන් එකනෙ. උදේ බාගත කොලා. පචිත අලයක් දාන්න බැරි උනානෙ. :D

  26. රන්දික පෙරේරා

    බෑම සදහා හාඩ් ඩිස්කයේ සුරකින ලදී. :D
    පළමු ලිපිය ඉතා අනර්ඝ අන්දමින් පළ කිරීම සම්බන්ධයෙන් මෙන්න මගෙන් සුභ පැතුම්. ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමඟ මෙලෙසම ලිපි මඟින් රැදෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඉදිරි ගමනට ජය.

    ජය වේවා...!!!

  27. upul

    short & sweet film

  28. රසිකයෙක්

    ජැකී අයියා හිටියත් ෆිල්ම් එකනම් එච්චරම හොදම තත්වයේ නෑතො..

  29. Hiroshi

    I hv watched this movie..Its gr8..evn kids can enjoy...thnks for sharing... :)

  30. AL1717

    Elakiri Machan
    Onna Banawooooooooo

  31. කෝලමා

    බොහෝම ස්තූතියි ! :D

  32. jana

    mame baluwa.jakky chan ge monawada hoda naththe!thanx.

  33. Harin

    good job
    i love it

  34. Anonymous

    elama thama fillm 1 nam

  35. Kasun.D

    Please fix the torrent

  36. kathu

    මෙක මට කොහොමද මගඅැරුනෙ..!! කමක් නෑ පහුවෙලා හරි downකලා..!! Thank you වෙවා..

  37. Ramraj

    මේක බලලා නෑනේ. බලමු නේද එහෙනම්.

  38. duminda

    my laga film eka thiyenawa.sub witharai ona.

  39. niranji

    ane meke error ekak enawaneee

  40. chuti baba

    macho link eka aye hadahanko bn.,,,,,,, eka kadila wage..

  41. Isuru

    Plzz fix the subtitle download link

  42. Pasindu Harshana

    meke sub eka nadda???????????

  43. Oshan Madushanka

    මේකෙ subtitle ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ..Error එකක් එනවා......

  44. thanu

    link eka weda ne
    sub eka wenama wath denna

  45. Soori

    බා ගත්තා. සබ වැඩ. බොහෝම ස්තුතියි උපසිරැසියට දිනූෂ සහෝ...!!!

  46. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  47. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  48. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  49. Eranga Sandaruwan

    බෝම ස්තූතියි උප සිරැසියට..
    ජය වේවා..
    ජැකී චෑන්ගේ නම් නොබලා කෝමද නේ??

  50. kelum chathuganga abeysekara

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.