බයිස්කෝප් සහෝදර සහෝදරියනි, ආයුබෝවන්. අද මම ඔයාලට ගෙනාවෙ දෙවන ලෝක යුද්ධයෙ පශ්චාත් යුධසමය පැවතුනු කාලයෙ සෝවියට් වැසියන්ගෙ ජීවන රටාව සහ ඔවුන් විඳි දුක් ගැහැට ගෙන කියවෙන චිත්‍රපටියක්, මෙය Drama, War කාණ්ඩවලට අයත්වෙන අතර Aleksandr Proshkin විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා, පැය දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙ…

බයිස්කෝප් සහෝදර සහෝදරියනි, ආයුබෝවන්. අද මම ඔයාලට ගෙනාවෙ දෙවන ලෝක යුද්ධයෙ පශ්චාත් යුධසමය පැවතුනු කාලයෙ සෝවියට් වැසියන්ගෙ ජීවන රටාව සහ ඔවුන් විඳි දුක් ගැහැට ගෙන කියවෙන චිත්‍රපටියක්, මෙය Drama, War කාණ්ඩවලට අයත්වෙන අතර Aleksandr Proshkin විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා, පැය දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ Expiation සිනමාපටයට Karina Andolenko, Sergey Dreyden, Natalya Gandzyuk වැනි අය රංගනයෙන් දායකවෙනවා. 2012 නොවැම්බර් මාසයෙ රුසියාවෙදි තිරගතවුන මෙම චිත්‍රපටියට Montréal World Film Festival සම්මාන උළලේදි හොඳම කළා අධ්‍යක්ෂණය වෙනුවෙන් Aleksandr Proshkin විසින් සම්මානය දිනාගත්තා. තරමක් වෙනස් වූ කලා නාට්‍යමය චිත්‍රපටිවලට කැමති අයට මේ කතාව ගැලපෙනව, කොහොමවුනත් සටන් දර්ශන මේ චිත්‍රපටියෙ දකින්න නැති බව විශේෂයෙන්ම මතක් කරන්න සිද්ධවෙනවා.
දැන් අපි කතාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු,1945 වසර වනවිට සෝවියට් සංගමය දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කර තිබුනා. එහෙත් සෝවියට් දේශය පුරාවට නටබුන් වූ ගොඩනැගිලි විසිරුණු පවුල් තැන තැන දක්නට තිබුනු අතර ඇතැම් ස්ථානවල නාසි හමුදා විසින් සමූල ඝාතන සිදුකරන වලදමන ලද සමූහ මිනිවලවල් පිළිබඳව වාර්ථා සැකසෙමින් තිබුනා. මේ අතර තවමත් තරුණ වියේ පසුවන සාශා රුසියාවෙ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත්වෙනවා, ඇයගෙ තාත්තා යුද්ධෙයෙන් මියගිය අතර හමුදාවට බැඳුනු ඇගේ සැමියා ගැන තොරතුරක් තිබුනෙ නැහැ. ඇයට ගමේ තරුණයන් නොයෙකුත් විහිළු තහලු සිදුකල අතර වැඩිහිටියන් ඇය තවත් විවාහයක් සිදුකරගනි යැයි බලාපොරොත්තුවුනා ඇයගෙ අම්ම ආසන්නෙ පවතින හමුදා කඳවුරක ආපනශාලාවක සේවය කලා, මෙලෙස ජීවත්වන ඔවුන්ගේ ජීවිත වෙනස්වෙන අයුරු සිනමාපටයෙන් ඔයාලට දැකගන්න පුලුවන්, චිත්‍රපටිය නරඹන්න ඔබට ආරාධනා කරමින් මම සමුගන්නවා, ඔබට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,883 downloadsDownload Expiation-2012-aka-Iskuplenie.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
8 comments
හෂාන්
Uvindu sathsara
baisocopedownloads(dot)co web adawiyen mema chithrapataya bagatha kala heka
Suranjan
Thanks jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහෝම ස්තූතියි..!!!!