පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටමත් ස්තුතියි. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නේ 2020 වර්ෂයේ තිරගත වුන EMMA චිත්‍රපටියයි. ඉංග්‍රීසි සාහිත්‍ය ගැන තරමක් හෝ දැනුමක් ඇති කෙනෙක් හරි, ලෝකයේ ප්‍රසිද්ධ කතුවරු ගැන දන්නා අය Jane Austen කි…

පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටමත් ස්තුතියි. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නේ 2020 වර්ෂයේ තිරගත වුන EMMA චිත්‍රපටියයි.
ඉංග්‍රීසි සාහිත්‍ය ගැන තරමක් හෝ දැනුමක් ඇති කෙනෙක් හරි, ලෝකයේ ප්‍රසිද්ධ කතුවරු ගැන දන්නා අය Jane Austen කියපුවාම හොදට දන්නවා. ඇය ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ඨ ලේඛිකාවක් ලෙසට සැලකෙනවා. ඇය විසින් රචනා කරනු ලැබූ පොත් සම්භාව්‍ය කෘති ලෙසට සැලකෙන අතර සිනමා ලෝකය අතරත් ඇයගේ නිර්මාණ සදහා ජිවය ලබා දෙන්නට බොහෝ අවස්ථා වලදී විවිධ අධ්‍යක්‍ෂවරුන් කටයුතු කර තිබෙනවා. EMMA චිත්‍ර පටයත් එලෙස නිර්මාණය වුවක් ලෙසට හොද උදාහරණයක්. සමාන්‍යයෙන් Jane Austen ගේ නිර්මාණ කාලයෙන් කාලයට සිනමා පටයක් හෝ නාට්‍යක් ලෙසින් පැමිණීම සිරිතක් ලෙස දක්වන්න පුළුවන්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන එමා වුඩ්හවුස් කියන්නේ දක්ෂ, තරුණ ඒ වගේම ධනවත් පවුලකට උපන් කෙනෙක්. ඇය සුවපහසු ජිවිතයක් ගෙවන අතර ඇයට ජිවිතයේ බැරෑරුම් ප්‍රශ්න වලට කවදා වත් මුහුණ දෙන්න වෙලා නැහැ.කතාව පටන් ගන්නේ ඇය බලාගත් මිස් ටේලර් ගේ විවාහයත් සමගයි. ඇයගේ පිටව යාමෙන් පසු එමා හැරියට් ස්මිත් සමග මිත්‍ර කමක් ආරම්භ කරනවා. එමාගේ විනෝදයට කරන්නේ ගෑනු පිරිමි යාලු කරන එක. ඒ දෙන්නා වෙනස් තරමට එමා කැමැතියි.
ඉතින් එමා එයාගේ යාළුවාටත් කෙනෙක් යාලු කරන්න මාන බලනවා. මේ පාර එයා උත්සහා කරන්නේ පල්ලියේ පුජකයා වන එල්ටන් මහත්තයාට හැරියට් ව යාලු කරලා දෙන්න.ඒත් හැරියට් කැමති රොබට් මාර්ටින් ට. එයා සල්ලි කාරයෙක් නෙවෙයි. එල්ටන් මහත්තයත් හැම වෙලාවේම එමා පස්සේ එනවා, ඒ එයා එමාට කැමති නිසා. මේ අතර එමා ෆ්‍රෑන්ක් චර්චිල් ගමට එනකල් බලාගෙන ඉන්නවා. ඇය ඔහු ගැන හිතේ කැමැත්තකින් ඉන්නේ. මේ හැම දේ අතරටම එනවා නයිට්ලි මහත්තයා, එයා එමා එක්ක හැම තිස්සෙම රණ්ඩු කරනවා. ලේසියෙන් එමා ගේ හොදක් කියන්නේ නැහැ.
ඉතින් එමා ගේ කපු වැඩේ හරි යයිද ? එමා චර්චිල් මහත්තයාව යාළු කරගයිද ? නයිට්ලි මහත්තයා මොනවද කරන්නේ ? ඒවා චිත්‍රපටය බලලාම දැන ගන්න.
ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,358 downloadsDownload Emma.-2020.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Captain Nobody” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Captain Nobody
Subtitles
13 comments
Anonymous
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... බලන්න වටින ෆිලුමක් වගේ.. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා....
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Nilush Angana
Sub ekata thanx
kumara 123
elaaaaaaaaaaa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Andria Lee
sub eka *264 720p version ekata weda kranne nane hariyata. please check.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!sadun
sub eka hariyata set wen na..webb rip ekata.
Rishantha
Thanks captain
SD
thanks bro ..........
Advertisement
Hi