Watch Trailer

Extinct (2021) Sinhala Subtitles | අනාගතයට චාරිකාවක් [සිංහල උපසිරසි]

හායි! මේ මගේ පලවෙනි සබ් එක බයිස්කෝප් එකට හදපු. ඒ තමයි 2021 දී නිකුත් වුන Extinct ෆිල්ම් එකට. Imdb අගය 5.4/10 ලබාගත්ත මේ ෆිල්ම් එක Sky Cinema ස්ටූඩියෝ එක තමයි නිෂ්පාදනය කරන්නේ. David Silverman හා Raymond S. Persi කියන යටතේ අධ්‍යක්ෂණය වුන Extinct ෆිල්ම් එක ඩොලර් මිලියන 12ක ආදායමක් ලබාගෙන තියෙනවා. එහෙ…

හායි! මේ මගේ පලවෙනි සබ් එක බයිස්කෝප් එකට හදපු. ඒ තමයි 2021 දී නිකුත් වුන Extinct ෆිල්ම් එකට. Imdb අගය 5.4/10 ලබාගත්ත මේ ෆිල්ම් එක Sky Cinema ස්ටූඩියෝ එක තමයි නිෂ්පාදනය කරන්නේ. David Silverman හා Raymond S. Persi කියන යටතේ අධ්‍යක්ෂණය වුන Extinct ෆිල්ම් එක ඩොලර් මිලියන 12ක ආදායමක් ලබාගෙන තියෙනවා. එහෙනම් අපි යමු කතාව පැත්තට.

ඔප් සහ එඩ් කියන්න ගැලපගස් කියන කියන දූපතේ හිටපු ෆ්ලමල්ස් කියන වර්ගයට අයත් දෙන්නෙක්. මෙයාලා කරන හැම වැඩේම අවුල් වෙන නිසා අනිත් ෆ්ලමල්ස්ලා මෙයාලට එච්චර කැමති නෑ. ඔප් කියන්නෙ ටිකක් විනෝදකාමි කෙනෙක් වුනත් එඩ් කියන්නේ සීරියස් චරිතයක්. ඒක නිසාම එඩ්ට ඕනි වෙන්නෙ අනිත් ෆ්ලමල්ස්ලාගේ හිත දිනාගන්න. ඉතින් මේ අතරේ මෙයාලට දූපතේ තිබිල මලක් හම්බවෙනවා. මේක නිකන් මලක් නෙමෙයි කාලය හරහා යන්න පුලුවන් මලක්. වැරදීමකින් මේ මල හරහා මෙයාලාව අනාගතයට යැවෙනවා. ඉතින් ඔප් සහ එඩ්ට මෙහෙදී යාලුවෝ කට්ටියකුත් හමුවෙනවා. ඒවගේම එයාල දැනගන්නවා ෆ්ලමල්ස්ලා ගිනිකදු පිපිරීමකින් වඳවෙලා යනවා කියලා. ඉතින් ඔප් සහ එඩ්ට තමන්ගේ වර්ගයා වඳවීමෙන් බේරගන්න පුලුවන් වෙයිද? මෙයාලා අසාර්ථක වෙයිද? ඉතින් ඒක දැනගන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා,

මේ ෆිල්ම් එකේ Adam Devine එඩ් විදිහටත් Rachel Bloom ඔප් විදිහටත් තම හඬ දායකත්වය ලබාදෙනවා.

ඒවගේම විශේශයෙන් මතක් කරන්න ඕනි මට මේ සබ්ටයිටල් එක ලබාගන්න තැනේ ඉඳන් හදලා ඉවර වෙනකන්ම උදව් කරපු සචින්ත බෙනට් අයියව. ඉතින් මේ වගේම තවත් උපසිරසියකින් ආයෙත් හමුවෙමු….!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

2,474 downloadsDownload Extinct-2021.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Mihin Lakdinu” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2022-05-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles by

Mihin Lakdinu

Subtitles

2,474 downloadsDownload Subtitles40 KB

19 comments

  1. Anonymous

    Thanks and keep it continue.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. එල්. සී. ‎දමැල්

    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් මිහින් සහෝ.
    දිගටම සබ් කරමු. :)
    ජය! ✌

    1. Mihin Lakdinu

      Thank you ❤️

  4. Buddhika Lakmal (laKMal)

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං... දිගටම සයිට් එකත් එක්ක ඉදගෙන සබ් දෙන්න කාලය ලැබේවා....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Mihin Lakdinu

      Thank you ❤️

  5. සචින්ත බෙනට්

    පළමු සබ් එක ගැන සුබ පැතුම් මල්ලී ❤️ ඒ වගේම බයිස්කෝප් එකටත් සාදරයෙන් පිලිගන්නවා...

    1. Mihin Lakdinu

      Thank you ayya ❤️

  6. Anonymous

    Stranger Things S04 ekata sub oni

  7. Anonymous

    good luck for ur work and tnx for the sub

  8. thesaru praneeth

    good job ,keep going man

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. හසිත මධුෂාන්

      ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
      දිගටම සබ් කරමු....

    2. Mihin Lakdinu

      thank you

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. Harvey O'brien

    පළවෙනිම සබ් එකට සුබ පැතුම්.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  12. Anonymous

    THANKS

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!