Watch Trailer

Jersey (2022) Sinhala Subtitles | හීනයක් වෙනුවෙන්…. [සිංහල උපසිරසි]

මට තවත් මෙහෙම දුක් විද විද ජීවත් වෙන්න බෑ මේ හතරේ සිමාවෙන් එහා පැත්තේ මම කවුරුවත් නෙවෙයි. මට ආයෙම ක්‍රීඩා කරන්න ඕනේ. හැබැයි මේ වතාවේ ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕනේ. මට වයස 36යි. ක්‍රීඩා කරන්න පටන් ගන්න වයස නෙවෙයි, වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන වයස. ඒත් මේ අවුරුදු 36 ම මගේ ඇස් ඉස්ස…

මට තවත් මෙහෙම දුක් විද විද ජීවත් වෙන්න බෑ
මේ හතරේ සිමාවෙන් එහා පැත්තේ මම කවුරුවත් නෙවෙයි.
මට ආයෙම ක්‍රීඩා කරන්න ඕනේ.
හැබැයි මේ වතාවේ ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕනේ.
මට වයස 36යි. ක්‍රීඩා කරන්න පටන් ගන්න වයස නෙවෙයි,
වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන වයස.
ඒත් මේ අවුරුදු 36 ම මගේ ඇස් ඉස්සරහදි දැක්කා.
පහුගිය දවස් තුනේම රුපියල් පන්සීයක් වෙනුවෙන් හිඟා කන්න වුනා.
දන්නවද? මම කාගෙන් හරි සල්ලි ඉල්ලනකොට….
කවුරුවත් ආපහු ඒ සල්ලි ඉල්ලුවේ නෑ.
ඒ ඒගොල්ලෝ මට කැමති නිසා නෙවෙයි.
ඒගොල්ලෝ හොඳටම දන්නවා මට ඒ සල්ලි ආපහු දෙන්න බැරි වග.
එක මනුස්සයෙක්වත් මාව විශ්වාස කරන්නෙ නෑ.
කාලෙක හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒත් දැන් නිකමෙක්.
මේ ලෝකෙන්ම කවදාවත්ම මාව විවේචනය කලේ නැත්තේ
එකම කෙනයි, මගේ පුතා.
එයාගේ තාත්තා රස්සාවක් කලත් නොකලත් එයාට වැඩක් නැහැ.
හම්බ කරනවද නැද්ද, සාර්තක වුනාද නැද්ද
මම එයාගේ තාත්තා. ඒ ඇති.
එයා කවදාවත් මගෙන් මුකුත් ඉල්ලුවේ නෑ.
මේ වතාවෙ ජර්සිය ඉල්ලුවේ ඇයි කියලවත් මම දන්නේ නෑ.
මට ඒකවත් අරන් දෙන්න බැරි වුනා.
මට තියෙන ලොකුම බය මොකක්ද දන්නවද?
මම දිගටම මෙහෙම හිටියොත් අනිත් අය මාව දකින විදිහටම
තමයි එයත් මාව දකින්නේ.
අද එයා කිව්වා
සෙල්ලම් කරන්න තාත්තේ, හදවතින්ම…
ඔයා ක්‍රිකට් ගහනකොට මට ඔයාව පේන්නේ වීරයෙක් වගේ.
මගේ තත්ත්වය මට තේරුම් ගියා.
මේ අවුරුදු ගානක් තිස්සේම නොතේරුනු දේ අද මට තේරුනා
මට මෙහෙම ජීවිතයක් ඕනේ නෑ.
පහුගිය අවුරුදු දහය තිස්සෙම සර් මාව විශ්වාස කලා,
මම හොඳ තැනකට එයි, හොඳ දෙයක් කරයි කියලා.
මම ඒ හැම බලාපොරොත්තුවක්ම වතුරේ දැම්මා.
ඔයාගේ, විද්‍යාගේ…
මගෙ යාලුවන්ගේ. මම ඔය හැමෝවම වැට්ටුවා.
ඒත් අද උදේ, අවුරුදු ගානකට පස්සේ…
මම මගේ ඔලුව උස්සගෙන ඇවිද්දා සර්.
අතනදි, මම මගේ පුතාව දැක්කා.
සර් මොනවා කරන්න කිව්වත් මම කරනවා සර්.
හැබැයි ආයේ ඔලුව නමන්නේ නෑ.
අවුරුදු දහයකට කලින් අත ඇරපු තැන ඉඳන් ආයේ පටන් ගන්නවා.
ඒක පොරොන්දුවක් සර්.

මේ අවුරුදු 36දි තමන්ගේ හීනය හැබෑ කරගත් ඔහුගේ කතාව.

මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය 2019 අවුරුද්දේ මේ නමින්ම ආපු තෙලිගු චිත්‍රපටියේ රී මේක් එකක්. අධ්‍යක්ශනය කරන්නේ තෙලිගු චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Gowtam Tinnanuri මයි. රංගනයෙන් Shahid Kapoor, Mrunal Thakur සහ Pankaj Kapoor දායක වෙනවා. ඉතින් තාරක මල්ලි බාරගෙන තිබුනු මේ චිත්‍රපටිය එයාට කරන්න වෙන්නේ නෑ කීව නිසා මම ඉල්ලගෙන ඉවර කලා. ඒත් ඉවර කරගන්න නම් ටිකක් පරක්කු වුනා. ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

10,543 downloadsDownload Jersey-2022.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,543 downloadsDownload Subtitles72 KB

38 comments

  1. Kushan

    Sub akta thanks

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Anonymous

    Thanks for sub

  4. Sanjeewa2010

    Pattaaaaaaaaaaa

  5. Anonymous

    සබට තෑන්ක්ස්

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  7. sahan

    thanks

  8. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මුතූ අක්කේ

  9. Naveen

    උපසිරසියට තුති

  10. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  11. Pasindu Madumal

    සබට තුති අක්කේ..!✌
    බැලීමක් තමයි ඉතින් ❤

  12. Anonymous

    Thank you....

  13. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  14. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

    1. Lakindu

      සුපිරි ...බොහොම ස්තුති .අනෙක් ඒවත් ඉක්මනට දෙයි කියලා දන්නවා..ජය වේවා.ඩෙත් ඉන් නයිල් මුවී එකට ලින්ක් දුන්නේ නෑ..හොයාගන්න බැරි උනා.

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  16. Anonymous

    Heropanti 2
    Attack part 1 hindi film walatath sub denna

  17. Anonymous

    thanks

  18. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  19. indika 75

    thanks..

  20. Dan

    Thank You ...

  21. bunny

    Thanks buddy

  22. Bandula

    Thanks sis

  23. oshanda

    thanks dhaharaa ..... sister

  24. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Anonymous

    John abraham ge aluth eka dennkow

  26. තාරක නුවන් දිල්හාර

    Thank You Akke.
    loku udawwak kare.

  27. Dan

    One of the great movie. Definitely worth to watch. Thank You again ...

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  29. Udaya Fdo

    Thank you

  30. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

    1. OB Harvey

      Pata Uda yanna Comment eka denme komei ban....???

  31. සාරංග J ලියනගම

    Thanks

  32. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  33. Anonymous

    Thanks Sis

  34. Anonymous

    උපසිරැසියට බොහොම ස්තුතී....ජය වේවා!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.