Watch Trailer

Extortion (2017) with Sinhala Subtitles | ඔයාට ඔයාගේ පවුලෙ අයව කොච්චර වටිනවද? [සිංහල උපසිරැසි සමඟ]

පරණ හොඳ ෆිල්ම් හොය හොය බලන අතරෙ සෙට් උන සුපිරිම ෆිල්ම් එකකට තමයි අද සබ් ගෙනාවෙ. සයිට් එකේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනට උපසිරසි තිබුනෙ නෑ, ඉතින් සුපිරිම ෆිල්ම් එකක් නිසා මට හිතුතා සබ් දාන්න ඕන කියලා කොහොමහරි In To The Badland ටීවි සීරීස් එකට සබ් දාන අතරෙ මේකත් ඉවර කලා. In To The Badland […]

පරණ හොඳ ෆිල්ම් හොය හොය බලන අතරෙ සෙට් උන සුපිරිම ෆිල්ම් එකකට තමයි අද සබ් ගෙනාවෙ. සයිට් එකේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනට උපසිරසි තිබුනෙ නෑ, ඉතින් සුපිරිම ෆිල්ම් එකක් නිසා මට හිතුතා සබ් දාන්න ඕන කියලා කොහොමහරි In To The Badland ටීවි සීරීස් එකට සබ් දාන අතරෙ මේකත් ඉවර කලා.

In To The Badland සීරීස් එක ඉවර කරලා මගේ තිස් වෙනි උපසිරසි නිර්මාණය විදියට ගෙනාවෙ මේ අවුරුද්දෙ තිරගත වුනු සුපිරිම ෆිල්ම් එකක්.මේකත් මම වෙනදා ගේන survival(ජීවිතය බේරා ගැනීම) ටයිප් එකේම එකක් තමා, ඉතින් ඕනම කෙනෙකුට හාට් එක රත් කරගෙන මුල ඉඳන් අවසාන වෙනකන් බලන්න පුලුවන් කුතුහලය පිරුණු සුපිරිම ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්. Action, Adventure, Crime කියන කැටගරි එකේ ෆිල්ම් එකකට 6.4 වගේ ඉහල IMDB අඟයක්  ලැබෙනවා කියන්නෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ෆිල්ම් එක කොහොම ඇතිද කියලා,

හරි, දැන් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.ඇන්ඩි කියන්නෙ කාර්යබහුල වෛද්‍යවරයෙක් ඉතින් ඇන්ඩි තමන්ට ලැබෙන නිවාඩුවකදි තමන්ගේ අවුරුදු 6ක පුතයි නෝනයි එක්ක කැරිබියන් දූපත්වල නිවාඩුවක් ගත කරන්න යනවා.එතනින් තමයි ඔක්කොම පටන් ගන්නෙ.මෙයාලා බෝට්ටුවක් කුලියට අරගෙන මුහුදෙ ගිහින් අහම්බෙන් වගේ පාළු දූපතකට ගොඩ වෙනවා. ඉතින් ටිකක් වෙලා දූපතේ ගත කරලා මෙයාලා අයිත් එන්න බෝට්ටුවට නැඟලා බෝට්ටුව ස්ටාට් කරන්න හදනවා,  කොච්චර උත්සහ කරත් ඇන්ඩිට බෝට්ටුව ස්ටාට් කර ගන්න බැරි වෙනවා.ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඇන්ඩිටයි පවුලෙ  අයටයි බේරෙන්න පුලුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.කොහොම උනත් ඇන්ඩි තාත්තා කෙනෙක්  විදියට තමන්ගේ පවුලෙ අයව බේරගන්න නොකරන දෙයක් නෑ කියලා කියලා විතරක් මම කියන්නම්, ඒ වගේම තමයි ගොඩක් අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කෙනෙක් අන්ත අසරණ වෙන්නෙ කොහොමද කියලත් ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.

මේකෙ ඇන්ඩිගෙ චරිතෙට පණ පොවන්නෙ Eion Bailey, ඒ වගේම Captain Phillips ෆිල්ම් එකේ මුහුදු මංකොල්ල කාරයන්ගේ නායකයගේ චරිතයට පණ පොවපු Barkhad Abdi ඒ හා සමාන චරිතයකට මේ ෆිල්ම් එකේ පෙනී ඉන්නවා.ඒ වගේම තමයි අපි  කවුරුත් දන්න Danny Gloverතුත් මේ ෆිල්ම් එකට රංගන දායකත්වය දීලා තියෙනවා.

කලබලේට තමයි මේ ලිපියත් ලිව්වෙ ඒ නිසා ලිපියනම් හොඳද දන්නෙ නෑ, අනිත් එක තමයි මම මේක ටිකක් කල් අරගෙන ඉඩ  තියෙන වෙලාවට ටික ටික ඉවර කරන්න තමයි හිතාගෙන හිටියේ ඒත් ෆිල්ම් එක බැලුවට පස්සෙ මේක ඉවර කරන්කම්  ඉවසිල්ලක් තිබුනෙ,ඒක නිසා වැඩත් පාඩු කරගෙන උදේ ඉඳන් හවස් වෙනකම් ටයිප් කරලා එක දවසෙන් වැඩේ ඉවර කලා. ඔයාලට පුලුවන් කමෙන්ට් එකක් දාලා වෙච්ච මහන්සියට වටිනාකමක් දෙන්න.එහෙනම් මම ගියා ඉක්මණටම තව ෆිල්ම් එකකින් හමු වෙමු කාටත් ජය!!

Taxi Driver (1976) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

Extortion.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,371 downloadsDownload Extortion.2017.1080p.WEB-DL.DD5_.1.H264-FGT.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

7,371 downloadsDownload Subtitles35 KB

33 comments

  1. Bobby

    Good film Bro, Thanks

  2. Mithun

    පුද්ගලිකව මෙකට සබ් එකක් වැටෙනකම්මයි උන්නෙ ඩව්න්ලොර්ඩින් කරන්නෙත් නැතුව .. බොහොම ස්තුතියි ඔයට සහෝ මම අසම ටයිප් මෙකත්
    කැප්ටන් ප්ලිප්ස් වගෙ සුපිරි එකක් වගෙ
    එ පොරත් ඉන්නවනොවැ
    ඉදිරියටත් මෙවගෙ හොද එව සෙට් උනොත් දෙන්න

  3. CHEthiya

    Thnkz bro...

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    අපි හැමෝම වෙනුවෙන් වෙන මහන්සියට බොහෝම පිං මචං..!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Yukthi Sudheera

    Supiri bro... Digatama mehema sub damu... Ubata puluwan....

  8. Suranga anuradhe

    Tnq sahodaraya........sub kerana oyala hemotama jayen jayama wewa

  9. thisal

    මන් බලපු සුපිරිම එකක් සබ දෙන්න කලඉන් බැලුවා සබට තැන්ක්ස් බන්

  10. dedunu

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..

  11. Nuwan viraj

    Ela saho thankz sab ekata

  12. Dulanga

    Thanks

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Jack

    නියමයි මචෝ…
    අනිවා බෑලීමක් තමයි..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

  15. kumara

    බොහෝම ස්තූතියි. ගොඩාක් පිං. ජය වේවා. දිගටම සබ්දෙමු

  16. Rajitha

    Thank you machan......jayawewa......!

  17. අසිත

    elama saho thanks

  18. Lushan Kuruppu

    එළ බ්‍රෝ! දිගටම කරගෙන යමු!

  19. Chalana

    thnx bro...

  20. Shani

    Thkz Brooo....
    Plz do the sub for "12 Feet Deep". Love u all.............

  21. lakshan

    බොහෝම ස්තූතියි.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. surendra

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..

  24. Supitha

    බොහොම ස්තූතියි

  25. Ananda

    thanks saho upasirasiya dunnata...

  26. Nishan

    Thanx bro

  27. yohan

    sub ekata thanks saho

  28. nimal dissanayake

    ස්තුතියි උදාර!
    ගොඩක් ස්තුතියි!!
    ඇත්තටම බලද්දී හාර්ට් එක රත් වෙනවා!
    කුතුහලය උපරිමෙන්ම දැනෙනවා.
    රඟපෑම්, කැමරාකරණය, තෝරාගෙන තියෙන පසුතල
    වගේම ඔයාගේ සබ්ස් ටිකත්
    ජාඩියට මුඩිය වාගෙයි!
    උදාර වැඩක්!

  29. sachintha94

    720p sinhala sub ekak nadda?

  30. spwasantha

    Account1 n kohomwath sub download krnna baha.downoad enaw tik welwkin retry wenaw.mkadda hethuwa.plz help...

  31. Tharindu Athukorala

    br denne nedda?

  32. Anonymous

    1080p - blu-ray SUB WARADEE.....?

  33. Anonymous

    Brother sub file eka nhne methana