ආයුබෝවන් යාළුවො සියලු දෙනාටම. මාස හතරකට වගේ පස්සේ තමයි සිංහල උපසිරසියක් එක්ක මේ පැත්තට එන්න ලැබුණේ. පහුගිය ටිකේ වැඩ බොහොමයක් තිබුන නිසා සබ් කරන එකෙන් ටිකක් ඈත් වෙන්න වුනා. මේක මගේ පස්වන උපසිරැසිය.කලින් වතාවල් වලදී වගේම මේ පාරත් ඉතින් මලයාලම් ෆිලුමකටම තමයි බැස්සේ. ෆිලුමේ නම තමයි Maheshinte Prathikaa…

ආයුබෝවන් යාළුවො සියලු දෙනාටම. මාස හතරකට වගේ පස්සේ තමයි සිංහල උපසිරසියක් එක්ක මේ පැත්තට එන්න ලැබුණේ. පහුගිය ටිකේ වැඩ බොහොමයක් තිබුන නිසා සබ් කරන එකෙන් ටිකක් ඈත් වෙන්න වුනා. මේක මගේ පස්වන උපසිරැසිය.කලින් වතාවල් වලදී වගේම මේ පාරත් ඉතින් මලයාලම් ෆිලුමකටම තමයි බැස්සේ. ෆිලුමේ නම තමයි Maheshinte Prathikaaram(2016). කේරලේ ඉඩුක්කි නම් ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිදුවීමක් තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ. සබ ඉවර වෙනකම් කම්මැලි කමක් නැතුව කෙටුවත් අන්තිමට මේ ලිපිය ලියන එක තමයි අකමැතිම දේ. වැඩි විස්තර නැතත් මලයාලම් බලන කෙනා මේක කොහොමත් බලනවනේ. ඒ නිසා ෆිලුමේ විස්තර ටිකක් කෙටියෙන් දක්වන්නම්.
IMDB අගය : 8.2/10
කාණ්ඩය : Drama/Thriller
නළු නිලියන් : Fahadh Faasil / Aparna Balamurali (Fahadh Faasil වෙනත් ෆිල්ම් : Iyobinte Pusthakam (2014), Bangalore Days(2014))
අධ්‍යක්ෂණය : Dileesh Pothan
සංගීතය : Bijibal
තිර රචනය : Syam Pushkaran
ෆිලුම ගැන මුලික තොරතුරු ටික තමයි ඒ. ඊට අමතරව මෙය සම්මාන රැසකට උරුමකම් කියනවා.
47th Kerala State Film Awards
Best Film with Popular Appeal and Aesthetic Value
Best Screenplay (Original) – Syam Pushkaram
64th National Film Awards
Best Feature Film in Malayalam
Best Screenplay – Syam Pushkaram
ඉහත තොරතුරු බලපුවාම ෆිලුම ගැන යම් අවබෝධයක් ගන්න ඇති කියලා හිතනවා. මම කතාව නම් කියන්න කැමති නෑ ඒත් කතාව ගැන සාරාංශයක් දැනගන ෆිලුම බලන්න ඕන පිරිසකුත් ඉන්න නිසා කතාව ගැන පොඩි විස්තර ටිකක් දෙන්නම්.
ඉඩුක්කි කියන ගමේ ඉන්නවා මහේෂ් කියලා කෙනෙක් එයා ගමේ ස්ටුඩියෝ එකක් කරන කෙනෙක් එයාට අහිංසක ආදරයකුත් තියනවා ගමේ කාටත් කරදරයක් නැතුවා පාඩුවේ ඉඳපු කෙනෙක් මහේෂ් මෙය දවසක් රණ්ඩුවක් බේරන්න ගිහින් ජිම්සන් කියලා කෙනෙක්ගෙන් ගිහින් ගුටි කන්න වෙනවා එදා මුළු ගමම ඉදිරියේ මෙයාට ලැජ්ජාවට පත් වෙන්න සිද්ද වෙනවා එදා මෙයා ගමම ඉදිරියේ තමන්ටම අභියෝගයක් කර ගන්නවා මෙයාගේ අහිංසක ආදරේ මෙයාට අහිමි වෙයිද ? මෙයාගේ අභියෝගය ජය ගන්න මෙයාට පුළුවන් වෙයිද ? ජිම්සන්ගෙන් පලිගන්න මහේෂ්ට පුළුවන් වෙයිද ? පලිගන්න යන මහේෂ්ගේ ඉරණම කොයි ආකාරයෙන් විසඳෙයිද ? ඒවාට පිළිතුරු ෆිලුම බලලම හොයාගන්න.
ෆිලුම ගැන කියනවා නම් සරල 100%ක්ම තාත්වික ෆිලුමක් කියලා කියන්න පුළුවන්. ඔයාලා කතාව හොඳ අවධානයකින් බැලුවොත් සමාජයේ ඉන්න විවිධ පුද්ගලයන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් සියුම් විදියට ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයාට හැකිවෙලා තියනවා කියලා පෙනේවි. ෆිලුමේ පරිසර පසුබිම අපේ රටට බොහෝ සෙයින් සමාන නිසා ෆිලුම ගොඩක් අයට සෙට් වෙයි කියලා හිතනවා.ෆිලුම බාන්නේ ටොරන්ට් විදියට නම් පහත ලින්ක් දෙකෙන් ඕනෑම එකක් අවුලක් වෙන එකක් නෑ. seedr.cc වගේ එකක් use කරලා නම් 720p DVDRip එක ඉක්මනට සීඩ් වෙයි. DVDRip එකත් පුළුවන් හැබැයි ටිකක් වෙලා යයි. ඒක ඔබේ කැමැත්තක්. seedr.cc වගේ දෙයක් භාවිතා කරලා ෆිල්ම් බාන්න දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න පුළුවන්. මම මුල්ම උපසිරැසිය කරපු දවස්වල බයිස්කෝප් හෝම් පේජ් එකේ මලයාලම් ෆිල්ම්වලට වෙනම කොටසක් වෙන් කරලා තිබුනේ නෑ.
ඒ නිසා ගොඩක් අයට දකින්න නැතුව මිස් වුන හොඳ ෆිල්ම් ගොඩක් තියනවා. මගේ පලමු උපසිරසියත් එහෙම එකක් කියලයි මට හිතෙන්නේ. Premam (2015), Charlie (2015) වගේ ෆිල්ම් ආසාවෙන් බලපු, ඒවා හොඳට සෙට් වුන කෙනෙක් නම් Ennu Ninte Moideen (2015) ෆිල්ම් එකත් බැලුවේ නැත්තම් බලන්න. සෙට් වෙයි. මම සබ කරපු නිසාම නෙමෙයි කියන්නේ. තිබුනේ පොඩි කොමෙන්ට් ගණනක් වුනත් ඒ අයට ගොඩක් සෙට් වෙලා කියලා තේරුණා. මොකද කොමෙන්ට් කරපු බොහෝ අය නිකන්ම “බොහොම ස්තුතියි” කියනවට වඩා වැඩි දෙයක් එයාලගේ කොමෙන්ට් එකෙන් කියලා තිබුනා එහෙනම් අපි ගියා. තවත් ෆිලුමකින් හමුවෙමු. ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Maheshinte Prathikaaram (2016) Malayalam DVDRip x264 AAC 5.1 E-Subs-MBRHDRG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
12,225 downloadsDownload Maheshinte-Prathikaaram-2016.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPD
Subtitles
68 comments
Sisila Prasad
nirmal
Sisila Prasad
Yaman 2017 , Paambhu Sattai 2017
මේවටත් සබ් දෙන්න සහෝ!SPD
බොහොම ස්තුතියි සහෝ අදහස් දැක්වීමට.
ඔබ හරි ඉස්සරට වඩා වැඩි පිරිසක් දැන් මලයාලම් බලන්න පුරුදු වෙලා කියලා තේරෙනවා.
පුළුවන් හැම වෙලාවකම මලයාලම් ෆිලුමක් තමයි කරන්නේ සහෝ..
ජයවේවා...!
mahesh babu
Thank's for sub bro
Digatama malayalam movies wlata sub demu
Grandmaster,7th day movies wlatath sub denna
Jaya wewa!!!!!SPD
balamu machan puluwan unoth denna balannam. adahas dakveemata sthuthi
Mahesh
malayalam film aniwaryen balana nisa onna ganna damma
bohoma sthuthi sub ekata
jaya wewa !!!SPD
bohoma sthuthi saho adahas dakvimata...!
Kulanjana Maduranga
niayamai…malayalam nm ithinaniwa balanawa thama....idiriyatath thawa malayalam film denna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SPD
bohoma sthuthi saho..
nirmal
Yaman 2017 , Paambhu Sattai 2017
මේවටත් සබ් දෙන්න සහෝ!SPD
බලමු සහෝ
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~SPD
බොහොම ස්තුතියි සහෝ..
බුදුසරණයි..!
නිරෝෂ්
ස්තුතියි SPD සහෝ්.ජයවේවා !
SPD
බොහොම ස්තුතියි සහෝ...
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,ඒ වගේම මාස කිහිපයකට පස්සේ ආයෙත් බයිස්කෝප් අඩවියට ආපු එකට බොහොම සතුටුයි.මං හිතනවා ඉස්සරහටත් සයිට් එකට මලයාලම් ෆිල්ම් වල උපසිරැසි ලබාදෙන්න ඔයා කටයුතු කරයි කියලා.ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ,සිසිල සහෝගේ කමෙන්ට් එක දැකලා ලොකු සතුටක් දැනුනා,මොකද මං හිතන්නේ මලයාලම් ෆිල්ම් උපසිරැසි ගන්වන අපේ එක් අරමුණක් වුනේ අපේ චිත්‍රපට රසිකයන්ගේ මලයාලම් රසිකත්වය වැඩි කරන එක,මේ විදියට අපිට ලැබෙන කමෙන්ට් වලින් ඒක යම් තාක් දුරකට සාක්ෂාත් කරගන්න පුළුවන් වුනා කියලා හිතාගන්න පුළුවන්,නිතරම සයිට් එකත් එක්ක ඉන්න සිසිල සහෝගේ කමෙන්ට් එක ඒකට හොඳ සාක්ෂියක් කියලා මම හිතනවා,ඒ වගේම තවත් කියන්න ඕනේ,Premam,Charlie වගේ ෆිල්ම් මෑත කාලයේ ආපු හොඳම මලයාලම් චිත්‍රපට.ඉතින් ඒවා නොබලපු මලයාලම් රසිකයන්ට ඒවත් බලන්න කියලා ආරධනා කරනවා!ජය!
SPD
අනිවා සහෝ පුළුවන් හැම වෙලාවකම මලයාලම් එකක් තමයි කරන්නේ.
හේතුව මලයාලම් ෆිල්ම් ගොඩක් තාත්ත්විකයි වගේම ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා.
ඒ නිසා වටිනා කාලය ඇක්ෂන්/මසාලා වගේ වානිජමය ෆිල්ම් එකකට සබ් කරන්න නම් කීයටවත් නාස්ති කරගන්නේ නෑ.
දැන් දැන් මලයාලම් ෆිල්ම් වල උපසිරැසි ඩවුන්ලෝඩ් ප්‍රමාණය වැඩි කියල මටත් තේරෙනවා.
මලයාලම් සෙට් වුන කෙනා කොහොමත් දිගටම බලනවා.
ඇත්තටම මලයාලම් ෆිල්ම් අනිත් ඉන්දියානු ෆිල්ම් වලට සාපේක්ෂව ගොඩක් වෙනස්. සාක්ෂරතාව අතින් ගත්තත් කේරලේ ඉන්දියාවේ අංක එකනේ. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝටම මලයාලම් ෆිල්ම් බලන්න ආරාධනා කරනවා. ආ.. අදහස් දැක්වීමට බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ..!asea ariyadasa
මලයාලම් සිනමාවා හා කේරලයට ඇලුම් කරන ඔනම කෙනෙක්ට Fb page එකක් තියේන්වා .සොදුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කෙරලය කියලා .අදම ලයික් කරන්න.
sandun
thanx saho
malayalam films thami apita one,digatama demu
jayaSPD
welcome bro..!
amila
thanx bro
SPD
welcome bro
KAVINDA GAMAGE
සහෝගේ උපසිරසියම අපි හැමෝම
බලාපොරොත්තු වෙනවා.
සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
ජයම වේවා…SPD
අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි සහෝ..
ජය වේවා...!
thisal
බොහෝම ස්තුතියි උපසිරැසට
SPD
අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි සහෝ..
Chami.S
Thanks..
Good Luck.SPD
Thanks brother..!
kushan
Dulquer Salmaan ge film ona saho..
SPD
Dulquer Salmaange godak films walata baiscope eken subtitles hoyaganna oyata puluwan. aluth film ekak awama aniwa sub eka dennam...!
කසුන් සංජය
උපසිරැසට බොහොම ස්තුතියි සහෝ.. මේවැනි නිර්මාණය ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය !!!
SPD
බොහොම ස්තුතියි සහෝ...!!!
Salinda
සුපිරි පහරක් වගේ ... තවදුරටත් වගේ සුපිරි සබ් කරන්න ලැබේවා !
SPD
බොහොම ස්තුතියි සහෝ…!!!
Salinda
Yaman 2017 film ekata sub denna .. baiscope eka poddak danuwath karanna .. drect download eke film eka daala thiyenawa.. thama sub na ..
SPD
denna balannam saho.
prasad
sub ekata thanks mcn.malayalam film balanna sub tiyana nisana.api wanuwan sub karanawata godak stutie.api wanuwan karana kapa weema agayanawa
SPD
bohoma sthuthi saho..
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.SPD
අදහසට බොහොම ස්තුතියි සහෝ..
බලමු සහෝ දෙන්න බලන්නම්.
sunimal
සහො සබ් එකට ගොඩක් ස්තුති .. මම ඉස්සෙල්ලම බලපු මලයලම් ෆිල්ම් එක තමඊ permam එදා තමඉ මම දැන ගත්තේ මලයලම් ෆිල්ම් වෙනස් කියල ඇත්තටම දමිල තෙලිගු ෆිල්ම් වලට වඩා හොඳ රසයක් මලයලම් ෆිල්ම් වල තියෙනවා... කතාව උනත් හොදට ගලාගෙන යනවා..තියෙන වැඩත් එක්ක හැම ෆිල්ම් එකක්ම බලන්න අමරුයි එත් මලයලම් ෆිල්ම් එකක් නම් අනිව බලනව මෙ වගෙ ෆිල්ම් අපි වේනුවෙන් ගෙනවට ගොඩක් ඉස්තුති....
SPD
අදහසට බොහොම ස්තුතියි සහෝ..
දිගටම මලයාලම් ෆිල්ම් බලන්න.
ජය වේවා..!!
D.Chamara
balanna watina bandayak wage .aniwa balimak thamai bohoma sthuthi sahooo
SPD
bohoma sthuthi saho...!
Randika N Jayarathne
malayalamkiwam etin atha harinna bah n...........api wg pisso wenuwen karana sewayata godak pin....
SPD
bohoma sthuthi sahodaraya...!
Chalana
thnx bro...
SPD
welcome bro..!
Malindu Tharushan
Thanks for sub
SARRAINODU (2016) sinhala sub oneSPD
welcome bro..!
රංගික සිනෙත් කාරියවසම්
නියමයි බන්.තව තව තව තවත් මලයාලමි වලට සබි ඔිනා මචන්.නියම වැඩක් එල...
SPD
අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SPD
අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි සහෝ..
Sineth Gamachchige
බොහොම ස්තූතියි උපසිරැසියට. කිසිම ආඩුවක් නැතිව සබ් එක ලස්සනට කරල තියෙනවා.ගොඩක් හිතට අල්ල කතාවක්, මේ වගේ තව ලස්සන මලයාලම් ඒවගේ නම් ටිකක් කියන්න්කෝ. ගොඩ දෙනෙක් බලන්නේ ඉංග්‍රීසි ඒවා විතරනේ, මේ වගේ ඒවා බලන්නත් පින තියෙන්න ඕන, ෆිල්ම් එකේ සිනමාකරනය ඉතාම ඉහල මට්ටමක පවතිනවා, සංගීතය පවා හරිම ලස්සනයි, ෆිල්ම් එකේ ලොකේශන් නම් පට්ටයි, ලංකාව වගේමයි...!
Rajitha
වෙනස් විදිහේ ලස්සන ආදර කතාවක්.ගොඩක් ස්තූතියි!
Avishka Didulanga de silva
Godak sthuthi saho...jayen jayama wewaa...!!!
Thara
bohomathama sthuthi...!
asea ariyadasa
මට ඉතින් ෆිල්ම් නම් මලයාලම් තමා.මලයාලම් ෆිල්ම් බලනකොට දැනේන තෘප්තිය මාරයි.මෙවා බල්න්න ලැබෙන්නේ සිංහල සබ් දෙන ඔයලා නිසා ගොඩාක් පින් .....තවත් මලයාල්ම් සබ් කරන්න .සුබ පතනවා.
iupasanta
මගේ මලයලාම් ෆිල්ම් පිස්ස්කෙ, උගත් මිත්‍රයෙක් රෙකම්න්ඩ් කරා මේක බලන්න කියල. ස්තූතියි සබ් වලට
Pradeepkdisanayaka
Fattama ekk anna film... pattama thns macho
Puluwnnm aviyal 2016 ektath sub denna ekath paharakSu
Thanks saho sub ekata..:)
SangeethRox
Thank you
nilanka_baiscop
thanks
Akila Dilhara
Thanks Brother...❤
Viraj
Thanks
Nilanka
මන් බලපු මලයාලම් ෆිල්ම් 150ක් පමණ අතරින් තාම බැලුවෙ නැති එකක්. මේ වගේ පරණ ලස්සන ඒව තියෙනව, මන් සොයලත් තියෙනව,ඒත් සබ් නෑ. ඒවටත් දෙන්න උත්සාහ කරන්න. Thank you very much
Sahan Gayantha
thanks a lot SDP saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය වෙනුවෙන්.
මලයාලම් චිත්‍රපට වල රසය දන්නා කෙනෙක් විදියට, මේ වගේ මලයාලම් චිත්‍රපට වලට උපසිරැසි ගන්වන එක බොහොම අගය කරනවා.
මොකද, බයිස්කෝප් අඩවියේ මේ වෙද්දී මලයාලම් චිත්‍රපට උපසිරැසිකරුවන් ඉන්නෙ බොහොමත්ම සුළු පිරිසක්.
ඒත්, මේ වෙද්දී මලයාලම් චිත්‍රපට නරඹන්නන් ප්‍රමාණයේ යම් කිසි පිබිදීමක් දකින්න පුලුවන්.
ඒ නිසා, ඉදිරියටත් මේ වගේ චිත්‍රපට උපසිරැසි ගන්වමු.
ජයවේවා!!!