Shock Wave කෙනෙක් පස්සෙ ආයෙත් චීන ක්‍රියාදාම සිනමාව පැත්තට යන්න තමයි මේ අරමුණ. මේකත් කලින් වගේම බොහොම ත්‍රාසය, කුතුහලය පිරුණ තවත් අගනා චිත්‍රපටයක්. කලින් වගේමයි චීන පොලිස් නිලධාරියෙක් සහ ඔහුට භාර වුන දීර්ඝ කාලින මෙහෙයුමක් අලලා තමයි මේ නිර්මාණය ගොඩ නැගිල තියෙන්නෙ. ලින් කායි නමින් නම් වන අපේ කතාවේ ප්…

Shock Wave කෙනෙක් පස්සෙ ආයෙත් චීන ක්‍රියාදාම සිනමාව පැත්තට යන්න තමයි මේ අරමුණ. මේකත් කලින් වගේම බොහොම ත්‍රාසය, කුතුහලය පිරුණ තවත් අගනා චිත්‍රපටයක්. කලින් වගේමයි චීන පොලිස් නිලධාරියෙක් සහ ඔහුට භාර වුන දීර්ඝ කාලින මෙහෙයුමක් අලලා තමයි මේ නිර්මාණය ගොඩ නැගිල තියෙන්නෙ.
ලින් කායි නමින් නම් වන අපේ කතාවේ ප්‍රධන චිරිතය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙක්. ඇත්තටම ඔහු මධ්‍යම පන්තියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙනුවෙන් වැඩ කරන ගෝලයෙක් කියන්න පුළුවන්. නමුත් ඉතින් ඔහු මාත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් වෙනුවෙන් යන මොහොතක ඔහුව පොලිසියෙ දලට කොටු වෙනව, නමුත් ඉතින් කොහොම හරි ඔවුන් එක්ක ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුනාට පස්සෙ පැනයන කායි නතර වෙන්නෙ ඔහුගෙ ලොක්කාගෙ නිවසෙ. එතැනදී තමයි ඔහුට තමුන්ගෙ ලොක්කා පොලිස් ලොක්කෙක් එක්ක හවුලෙ මේ වැඩේ කරගෙන යන බව කියා සිටින්නෙ… ඒ ඔහු ලබාදෙන ආරක්ෂාව වෙනුවෙන්, ඒ වෙනුවෙන් ගෙවීම තමයි ඉඩහිට මත්ද්‍රව්‍ය ටිකක් එක්ක බෙදාහරින්නෙක් බිල්ලට දීම. ඉතින් ලොක්කට කායිගෙ යෝජනාව වෙන්නෙ ඔහුවත් මේ ජාවාරමට පහල පෙලේ සොල්දාදුවෙක් හැටියට නෙමෙයි, තමුන්ගෙ හවුල්කරුවා හැටියට එක්කාසු කරගන්න කියල. තුවක්කු කටක් දිහා බලා ඉන්න ඔහු එයට එකග වෙනවා…
ඉතින් එහෙම තමයි කායි මේ ජාවාරමේ ඉහළට යන්න තමුන්ගෙ මාර්ගය විවර කරගන්නෙ. ඔහුගෙ මෙහෙයුම වන්නෙ තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය යාවෙන දේශ සිමාවේ පිහිටි අවනීතිය රජයන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සුරලොවක් වුන Golden Triangle එහෙමත් නැත්නම් රන් ත්‍රිකෝණය තුල ක්‍රියාත්මක විශාලම මත්ද්‍රව්‍ය ජාවාරමකට තිත තියන එක. ඔහුගෙ ඉල්ලක්කය වන ඊගල් වෙත යන්න ඔහුට කරන්න වෙන දේ, පොලිස් නිලධාරියෙක් හැටියට ඔහුට කොයි වගේ ප්‍රශ්න ඒ නිසාවෙන් ඇති වෙනවා ද ? කියන එක ඔබට දැකගත හැකි වේවි…
කායි, තමුන්ගෙ කතාව එහෙම කියාගෙන යන මොහොතක මිට වසර 10 කට පෙරාතුව ඊගල් හඹා ගිය ලී නම් පොලිස් කපිතාන්වරයා තමයි මේ මෙහෙයුම පාලනය කරන්නෙ, අතර මගදී ඔහුට දැනගැනීමට ලැබෙනවා වසර 10 කට පෙර තමුන් මිය ගියා යැයි අපේක්ෂා කල තමුන්ගෙ පොලිස් විශේෂ කාර්යය බලකා සොහොයුරා තවමත් ඊගල් ලග දුක් විදින බව, ඉතින් ඔහුත් යා යුතුයි රන් ත්‍රිකෝණයට තමුන්ගෙ සොහොයුරා නැවතත් රැගෙන එන්නට…
ත්‍රාසය, කුතුහලය එක්ක මදි නොකියන්න ක්‍රියාදාම පිරුණු මේ සලරුව බලන ඔබට කායිගෙ ඉරණම, ලීගෙ ඉරණම වගේම ඊගල් සහ ඔහුගේ කල්ලියෙ ඉරණමත් අගේට දැකගත හැකි වේවි…කලින් වගේම කියන්න තියෙන්නෙ කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලන්න ඔබ අකමැති වෙන්න හේතුවක් නැහැ හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් සොයා යන අයෙක් නම්.
පැය 2 කුත් මිනිත්තු 02 ක වගේ කාලයක් දිවයන Alan Mak, Anthony Pun දෙපලගෙ අධ්‍යක්ෂණයක් වෙන මේ සලරුව තුල Yihong Duan, Xuan Huang (The Great Wall), Yueting Lang, Yanhui Wang, Jiadong Xing, Feng Zu සහ තවත් විශාල පිරිසක් දැකගත හැකි වේවි. IMDB 6.3 ක අගයක් ලබාගත් මේ නිර්මාණය වෙනුවෙන් රොටන් ටෝමාටෝ හි ප්‍රේක්ෂකයන් 88% අගයකුත් ලබාදී තිබෙනවා. අයත් වෙන්නෙ Action, Crime කියන කාණ්ඩයන් දෙකට.
එහෙනම් තවත් සලරුවක් එක්ක ඔබ හමුවට එන්නම් එතෙක්, ඔබට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
35 comments
Soori
Bandaramudiyansi
කොරියාවටත් යමුකෝ... එයලගෙ සිනමාපට මාර තාත්විකයි.. අමුවෙන්ම ගන්නව එයාලගෙ ෆිල්ම් . ස්තුතියි සහෝදරය .......
Bandaramudiyansi
❤
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela ela saho thanks
priyan99
thanks bro sub ekata.supiri film ekak wage
Nuwan-milinda
Saho subakata thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
Bobby
Thank you very much Sameera
subodha
Thanks
HARSHANA9211
thanks....
ranga11112
Thanks Saho…..
Sub akata Bohoma Pinrockz2020
Thanks saho.... :)
puluwan namrockz2020
Thanks saho.... :)
puluwan nam "Skybound 2017" ekatath sub denna saho....Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
SANATH RANGA ABEYWEERA
thank"s brooooo
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයmalith
Ela ela
Sanjeewa2010
thnxxxxxxxxxxxxx
aroshacd
ela ela bro.. donnie darko, primal fear sub diyan plz
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
saduhiru1
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hiruni
Thankzzzz
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ජය වේවාDhanushkaAASL
THANKS
shashika laksiri
thanxxxx sub ekata
Chulender kasun
Thanks bro
....................Fathishafy
Thank you so much sub ekata
tharindu jayasekara
thanx bro..good luck
Mahesh..test
Elam
Kasunabayasekara
Thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තුතියි සමීර සහෝ සිංහල උපසිරැසියට....!
ජය...!!!