සිනමාව හැම දවසකම වෙනස් වෙන දෙයක්. එහෙම නොවෙන්න ඒ සිනමාවට පැවැත්මක් නැති බව ලෝක ධර්මයට අනුව අපි හැමෝම දන්නා දෙයක්, ඕක සිනමාවට නෙමෙයි ලෝකේ සියල්ලටම පොදු නීතියක්. 50 සහ 60 දශකයන් තුල ප්‍රසිද්ධ සිනමාව දික්විජය කරන්නට සමත් වුන සිනමා නිර්මාණ ගොන්නක් ඇමරිකාවෙන් බිහිවුණා ඒ “බටහිර” චිත්‍රපට කාණ්ඩය නියෝජනය ක…

සිනමාව හැම දවසකම වෙනස් වෙන දෙයක්. එහෙම නොවෙන්න ඒ සිනමාවට පැවැත්මක් නැති බව ලෝක ධර්මයට අනුව අපි හැමෝම දන්නා දෙයක්, ඕක සිනමාවට නෙමෙයි ලෝකේ සියල්ලටම පොදු නීතියක්. 50 සහ 60 දශකයන් තුල ප්‍රසිද්ධ සිනමාව දික්විජය කරන්නට සමත් වුන සිනමා නිර්මාණ ගොන්නක් ඇමරිකාවෙන් බිහිවුණා ඒ “බටහිර” චිත්‍රපට කාණ්ඩය නියෝජනය කරමින්, අමතක කල යුතු නැහැ මේ කාලය පුරාවට ජපානයත් සමුරායි නිර්මාණ එක්ක ඔවුන්ගේ සලකුණ තිබ්බ විත්තිය. ඔහොම කාලයත් එක්ක ඒ නිර්මාණ අභාවයට යනකොට ප්‍රසිද්ධ සිනමාව තුල සුපිරි මිනිසුන් බිහිවෙන්න පටන් ගත්ත, ඒ කිසිවකට නොදෙවෙනි ක්‍රියාදාම රජවරුන් පිරිසක් හොලිවුඩ් සිනමාව තුල බිහිකරමින්. නමුත් අද හොලිවුඩ් ක්‍රියදම චිත්‍රපටයක් ඉන් එහාට ඇවිදින්. නමුත් තවමත් චීනය තුල අපිට එවැනි වීරයන් ගැවසෙන විශිෂ්ඨ නිර්මාණ දැකගන්නට පුළුවන්. ඔවුන් මුල්‍යමය අතින් පවා සාර්ථක වෙනකොට ඉතින් වරදක් කියන්න බැහැ නෙව ඉතින් මේ ඒ වගේ චීනයෙන් ආව සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.
JS චුං නම් වන අපේ කතාවේ වීරයා චීන පොලිස් බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙ ප්‍රධාන බෝම්බ නිෂ්ක්‍රීය කරන්න ලෙස තමයි රාජකාරි කටයුතු කරන්නෙ. නමුත් ඉතින් ඔහුගේ කතාව අද කතාවට සම්බන්ධ වෙන්න නම් අතීතය දැනගෙන ඉන්න සිද්ධ වෙනවා. මින් පෙර මෙහෙයුමක් වෙනුවෙන් ඔහු රහසේම බෝම්බ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති අපරාධකරුවෙක් එක්ක එක්ව වැඩ කරගෙන යනවා, නමුත් ඒ කල්ලියට මොහුගෙ පොලිස් සම්බන්ධය ගැන කිසිම අදහසක් නැහැ… කොහොම නමුත් මොවුන්ගෙ විශිෂ්ඨ මංකොල්ලයක් අවසාන වෙන තැන චුං තමුන්ගෙ ඇත්ත හෙළි කරමින් මේ කල්ලියෙ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා.. මේ එක් අයෙක් කල්ලියෙ ප්‍රධානියා වූ පැන්ග් හොංගෙ බාල සහෝදරයා…
ඉතින් එතනින් අවසාන වෙන අතීත කතාව පළිගැනීමේ කතාවක් ලෙස නැවත කරලියට එන්නෙ චුං හට ඔහුගෙ සේවය අලලා පදක්කමක් පිරිනැමූ උත්සවය අවසාන වී තමුන්ගෙ රථයට නැග්ග ඔහුගෙ කලින් ප්‍රධානියෙක් වුන සගයෙක් කාර් රථය පිපිරී යාමත් එක්ක මිය යාම නිසාවෙන්… මේ සටන නගරයේ බෝම්බ කිහිපයක් ලෙස තවත් වර්ධනය වෙනවා… නමුත් මේකෙ උච්චාතම අවස්ථාව වෙන්නෙ, පැන්ග් හොං සහ ඔහුගෙ කල්ලිය හොංකොං වෙත ඇතුල් වීමට ඇති උමං පාලම තුනෙන් එකක් අවහිර කිරීමෙන්… මේක නිකම්ම අවහිර කිරීමක් නෙමෙයි ප්‍රාණ ඇපකරුවන් රදවා ගැනීමක්… පැන්ග් හොං කතා කිරීමට සුදානම් චුං සමඟ විතරයි… ඔහුගෙ ඉල්ලීම් ඉටු නොවුවහොත් ප්‍රාණ ඇපකරුවන් සමඟම කිලෝග්‍රෑම් 1 000 ක C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය පාලමත් විනාශ කරමින් පුපුරා යාවි…
ඉතින් අපේ වීරයාට මේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගන්න හැකි වේවි ද? ඔවුන්ගේ ඉල්ලීම් මොනවා ද? පැන්ග් හොංගෙ යටි අරමුණ මොකද්ද ? ආ ඔව් මේකෙ ලොකු මුදල් හා සම්බන්ධ යටි අරමුණක් නිසාවෙන් කෙරෙන වැඩක්, හුදෙක්ම චුංගෙන පලිගැනීමක් නෙමෙයි… ඉතින් මේ සියල්ල අතරේ කවුරුන් අවසානයේ මරුතුරුලට යයි ද? කියන ප්‍රශ්න සඳහා උත්තර ලබාගන්න නම් ඔබට මේ සලරුව බලන්නම සිද්ධ වෙනවා…
ඉතින් පැය 1 කුත් මිනිත්තු 59 ක් පුරා දිවයන මේ විශිෂ්ඨ Action, Thriller කාණ්ඩයන් නියෝජනය කරන සිනමා නිර්මාණය Herman Yau ගේ අධ්‍යක්ෂණයක්. තිරයේ දකින මුහුණ වෙන්නෙ Andy Lau, Wu Jiang, Jia Song සහ Ron Ng වගේ පිරිසක්… IMDB මීටරයේ 6.3 ක අගයක් දිනාගත්ත මෙය රෝටන් ටෝමාටෝ මීටරයේ 83 % වගේ අගයක් ලබාගන්නත් සමත්ව තියනවා. ඉතින් මේ චිත්‍රපටය ගැන අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, ඔබ හොයන්නෙ වාහන පසුපස හඹායන, සතුරන් සමඟ හරි හරියට ගැටෙන, බෝම්බවලින් නිර්මාණ ශිලිව වැඩක් ගණන මංකොල්ලකරුවන් සිටින, අවසාන මොහොත දක්වාම ත්‍රාසය සපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් නම් මෙය ඔබට බොහොම ගැලපේවි…
ඉතින් එහෙනම් තවත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!
පා.ලි.
ඔබ චිත්‍රපට බාගත කිරීමේ දී සැලකිලි මත වෙනවා නම් හොඳයි මොකද Shockwave (2017) ලෙසත් චිත්‍රපටයක් නිකුත්ව තියනවා. නමුත් මා උපසිරස එක්කල ඒ ක්‍රියාදාම චිත්‍රපටයේ නම උඩ මාතෘකාව තුලින්ම ගන්න හැකි නම් ඔබට ඒක ලේසි වේවි. ඒ වගේම අපේ බයිස්කෝප්ඩවුලෝඩ්ස් අඩවියත් ලෙහෙසියෙන් පිටපතක් සොයාගැනීමට උදව්වක් වේවි….

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
32 comments
Hemantha De Silva
sahanpasindu
සොයා ගත නොහැක
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thari_lakmal
උපසිරැසියට තුති..!
ජයෙන් ජය වේවා...!tokalum
supiriy
Bobby
Thank you very much for the Sab
AsithaDilruwan
ela ela saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bandaramudiyansi
Thank you . කලිම් දුන්න ටිකත් ගන්න ඔනේ.. සතියක නිවාඩුවකින් පස්සෙ හොද ෆිල්ම් ටිකක් බලතහැකි.
අර A Quiet Place එක නම් හොද බ්ලුරේ වගේ ප්‍රින්ට් එකක් එනකම්මයි ඉන්නෙ.. එක නම් ආපු ගමන් උපසිරැසි හදල දෙන්න.
ස්තුතියි ගොඩක් සබ් වලට.___Bandaramudiyansi
The Hurricane Heist please මෙක බ්ලුරේ යන කොපි වලට යාවකාලින කරලදෙන්න
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් JoJo's Bizarre Adventure: Diamond Is Unbreakable (2017)
සබ් දෙන්න.ජය වේවා!madushangamage
thankes,bro...
ranga11112
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........
DhanushkaAASL
THANKS BRO
pushpika chandimal
hoda chithrapatiyak bro..sub ekata thuthi
Bandaramudiyansi
The Hurricane Heist please මෙක බ්ලුරේ යන කොපි වලට යාවකාලින කරලදෙන්න
Kapila4499
thank for sub..........
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!lahiru sadaruvan
thank you so much bro..
saduhiru1
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janihashan
thanks bro.................
shaneesha
Padman (2018) sub plzz
Lasanga_Prasad
meke sub page eka enne nane
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
tharidu sagara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Nipun Tharuka
supiri film ekak. sub ekata thanks ....
Lahiru M Shan
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!ඔබට ජයෙන් ජය...!!!
SahanMY
web link eka ewanna
thusitharhm
thx
සාගර ඉන්ද්‍රජිත් (JITH)
Thanks a lot...
Krishani
Thank you ️
Advertisement

Thanks Sameera...
Thanks Bais....