බිල් හාෆඩ් නිව්යෝර්ක් නගරයේ ජීවත් වන කඩවසම් තරුණ වෛද්‍යවරයෙක්. ඔහු තමන්ගේ සුරූපී බිරිඳ සහ කුඩා දියණිය එක්ක ජීවත් වෙන්නේ සුඛෝපභෝහී මහල් නිවසක. ඔවුන් ඇසුරු කරන්නේ සමාජයේ ඉහළ පැළැන්තියේ ප්‍රභූවරුන්.දොස්තර බිල්ගේ මේ සුන්දර ලෝකය කැළඹීමට ලක් වෙන්නේ දිනක් රාත්‍රියේ ඔහුගේ බිරිඳ සිදු කරන හෙළිදරව්වක් සමගින්.…

බිල් හාෆඩ් නිව්යෝර්ක් නගරයේ ජීවත් වන කඩවසම් තරුණ වෛද්‍යවරයෙක්. ඔහු තමන්ගේ සුරූපී බිරිඳ සහ කුඩා දියණිය එක්ක ජීවත් වෙන්නේ සුඛෝපභෝහී මහල් නිවසක. ඔවුන් ඇසුරු කරන්නේ සමාජයේ ඉහළ පැළැන්තියේ ප්‍රභූවරුන්.දොස්තර බිල්ගේ මේ සුන්දර ලෝකය කැළඹීමට ලක් වෙන්නේ දිනක් රාත්‍රියේ ඔහුගේ බිරිඳ සිදු කරන හෙළිදරව්වක් සමගින්. එනම් වෙනත් පුරුෂයෙක් පිළිබඳව ඇය තුළ වසරකට පෙර ඇති වූ කාමුක සිතුවිල්ලක්. මින් කම්පනයට පත් වන ඔහු මහ රෑ නිව්යොර්ක් නගරය තුළ ඇවිද යන්නේ කෝපය, ඊර්ෂ්‍යාව සහ පළිගැනීම මුසු වූ මානසික තත්වයකින්. එහිදී ඔහු ලිංගිකත්වය හා බැඳුණු සිදුවීම් පෙළකට මුහුණ දෙනවා. මේ සිහිනයක් බඳු වූ රාත්‍රිය කෙළවර වෙන්නේ එක්තරා රහසිගත ප්‍රභූ සංගමයක් විසින් පවත්වනු ලබන කාම සාදයකට ඔහු අනවසරයෙන් ඇතුළු වීමෙන්.
කෙටියෙන් පැවසුවොත්, Eyes Wide Shut චිත්‍රපටයේ තේමාව වන්නේ විවාහක පිරිමින් සහ ගැහැනුන් තුළ තම සහකරුවා කෙරෙහි ඇති ඇල්මත්, විවාහයෙන් පරිබාහිර ලිංගික සම්බන්ධතාවන් ඇති කරගැනීමට ඇති ආශාවත් අතර දෝලනය වෙමින් පවතින මානසික ඝට්ටනය කිව්වොත් නිවැරදියි.
Eyes Wide Shut කියන්නේ සිනමා ලෝලීනට ආකාර කිහිපයකින් විශේෂිත වූ නිර්මාණයක්. ඉන් එකක් තමයි මෙය 2001: A Space Odyssey (1968), Full Metal Jacket (1987), The Shining (1980) වැනි නිර්මාණ ලොවට දායාද කළ Stanley Kubrick නම් වූ සුප්‍රකට සිනමාවේදියාගේ අවසන් නිර්මාණය වීම. මෙහි අවසන් සංස්කරණය වෝනර් බ්‍රදර්ස් සමාගමට භාර දී දින පහකට පසු ඔහු මෙලොවින් සමුගත්තා. ඔහු මේ සඳහා පාදක කරගෙන ඇත්තේ 1926 දී පළ වූ Dream Story නම් වූ නවකතාවක්. ඔහු එම කථාවේ අයිතිය 1960 ගණන් වලදී ලබා ගෙන ඇතත් චිත්‍රපටය නිර්මාණය වීම 90 දශකය දක්වා යටපත් වී තිබෙනවා.
තවත් විශේෂත්වයක් තමයි මෙහි වෛද්‍ය බිල් හාෆඩ් සහ ඔහුගේ බිරිඳ ලෙස රඟපාන සුපිරි හොලිවුඩ් තරු යුවලක් වන Tom Cruise සහ Nicole Kidman මෙම චිත්‍රපටය රූ ගත කල අවධියේදී සැබෑ ජීවිතයේද එකිනෙකා හා විවාහ වී සිටීම. එය ඔවුන් දෙදෙනා මෙහි සිදු කරන අනර්ඝ රංගනය සඳහා නිසැකවම රුකුලක් වෙන්නට ඇති. මෙය අනිවාර්යයෙන්ම ඔවුන් දෙදෙනා සිය වෘත්තීය ජීවිතය තුළ ඉදිරිපත් කර ඇති හොඳම රංගනයන්ගෙන් එකක් වන බව මෙය නරඹන විට ඔබට වැටහෙනු ඇත.
ඊට අමතරව මෙම චිත්‍රපටය නොකඩවා වැඩිම දින ගණනක් තිස්සේ රූ ගත චිත්‍රපටය ලෙස ගිනස් වාර්තාවක් ඉසිලීමත් විශේෂත්වයක්. එනම් දින 400ක්. සර්ව සම්පූර්ණවාදියෙකු (Perfectionist) ලෙස ප්‍රකට කුබ්‍රික් විසින් මෙහි තිර පිටපත රූගත කිරීම් අතරතුර නැවත නැවත ලිවීමත්, එකම දර්ශනය තමන් සැහීමට පත්වන තුරු නැවත නැවත රූ ගත කිරීමට පෙළඹීමත් මීට හේතු වී තිබෙනවා.
මිනිසුන්ගේ ලිංගිකත්වය හා බැඳුණු මානසික තත්වයන් මනාව විවරණය කරන අපූරු සිනමා කෘතියක් වන මෙය ඔබ ඉතා සංයමයෙන් හා අවධානයෙන් යුතුව නැරඹිය යුත්තක් බව නම් සඳහන් කළ යුතුමයි.
1f038209aa9dd92c9bb1db0c762b0be2d28fdf69 8C3FC5A45F4825349F8CA616CE173D9FFF0CEF5F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,915 downloadsDownload Eyes.Wide_.Shut_.1999.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
rum2550
Subtitles
48 comments
zumo man
chamath cafe
අපේ ටොම් කෘස් නේ ඉන්නේ බලන්නම ඕනේ
ositha
ela ban meyka balannama one
was
නියමයි සහෝ
yasas
thxxxxx lot
ositha
:) supiri :)
rusuru | රුසිරු
බොහොම තුති සහෝ
quik
thanks
kalinga
තුති සහෝ :)
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...කේ.යූ.ජී. උදාර
කුබ්‍රික්ගෙන් සිනමා ලොවට බිහි වූ තවත් විශිෂ්ට සලරුවක්.............
මේකට සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ.Chami
Thanks...
Thisara NEO
නියමයි සහෝ
Siraj
නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි..........dev
wenas katawak wage... .
bohoma stuti saho.... .dilshan asith
thankz
priyan
thnx..
නලින්
ස්තුතියි සහෝ
ඔබට ජය..,!
tharindu
Fatta film ekakk vagee sahooo...onna ehenamm bavaaa...thankss sub ekatahhhhhh....
me
Thanks
jack
Thank You Machan Sub Ekata
rosheen
super work
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
asitha
niyamai tnx
“චූටී මල්ලි”
පරන පහරක් වගෙ නෙ රම්
එල එල
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය..........wimukthi
පට්ට,එල,maxxa,සුපිරි
yeshu
thankZ
බුද්ධිල යසස්
ටොම් කෘස්, ලොව වැඩිම ආදායමක් ලබන නලුවා.
එහෙනම් කථාව ගැන වෙන මොනවත් ඕන වෙන්නේ නෑ නේ.
සුප්පා කථාවකට සබ දීලා තියෙන්නේ.
දිගටම දෙන්න.
ජය වේවා!indika
thnq
ශාන් විමුක්ති [විමා]
අලේමන්දා
18+
නිකම් මොකක්ද වගේ නේ :P
සබට බොහොම තුති වේවා
මෙන්න ලැයිස්තුවට දාගත්තා!Aravinda
Thanks......
nalaka
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි rum2550 සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
ස්තූතියි සිංහල උපසිරැසියට.
තවත් එකක් දෙමු!
ජයවේවා! :Dmudiya / මුදියා
සුපිරි ජෝඩුවක්නෙ ඉන්නෙ.
ලස්සන ඇති කතාව.බලන්න ඕනි.
නියමයි rum2550.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Rajitha Abeysinghe
මේ කතාව ටිකක් අමුතු කතාවක්.උඩින් එක කතාවක් ගලාගෙන ගියාට ෆිල්ම් එකේ හරිහමන් අවසානයක් මටනම් තේරුනේ නෑ.කොටින්ම කුතුහලය පිරිච්ච බලන කෙනාගේ යටි හිතට කතාකරන ජාතියේ අමුතු කතාවක්.ඇත්තටම අදකාලේ සමාජයේ මිනිස්සු මුහුන පාන සර්වකාලීන සිදුවීම්ක් දවසක් තුල සිදුවෙන සිදුවීම් පෙලක් අල්ලලා හදපු ලස්සන කතාවක්.
මේ වගේ ලස්සන පරණ කතා තව හුගක් ඇති අපිට අහුනොවිච්ච ඒවා.ඒ වගේ එකක් ගෙනාපු ඔයාට ගොඩක් ස්තූතියි “rum2550"!!
rum2550
ඇත්තම කිව්වොත් මම මේකට සබ් දාන්න ගත්තේ විකියා සහෝගේ ඉල්ලීමටයි. මම මේක මුලින්ම බැලුවේ අවුරුදු 5 කට විතර කලින්. ඒත් මේකේ නියම ගැඹුර දැනුනේ සබ් දාන්න මේ වතාවේ බලනකොටයි. අවසානය ටිකක් ගුප්තයි. ඒත් මම හිතන්නේ ඒකෙන් පෙන්නුම් කරන්නේ කොතරම් බාහිර හැඟිම් ඇතිවුනත් ඔවුන් දෙදෙනාට එකිනෙකාගෙන් තොර ජීවිතයක් නැති බවයි. ලස්සන දේ තමයි නරඹන්නාට කැමති විදියකට මේ කථාව නිර්වචනය කරන්න පුලුවන් වීම.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Nimesha
baiscope eken mama gaththu sub walin meke sub niyametama daala thiynawa.. maxxa. apita therena widiyata daala. wena niyakanma translatin eka daanakota oya meaning eka daala thiyanwa.. elama kiri.. gd lk
Kolla
Ela thanx sub dammata!!!!
Nandana
Thank U rum2550
Uditha Perera
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Anonymous
Thanks!
dilum
Watinaa movie ekakata ihalama gunaathmaka sub ekak deela thiyanawa sahodaraya.bohoma stuthi.thawath me wage hoda nirmaana walata sub deemata shakthiya dairya lebewaa
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elazzz thnxzzz