යාළුවනේ ඔන්න මම මගෙ පළවෙනි උපසිරැසිය ඔයාලට ගෙනාවා. පළවෙනි එකනේ. වැරදි ගොඩක් ඇති. ඒව එච්චර ගණන් ගන්න එපා. මම කොහොමත් බලන්නෙ හින්දි නිසා පළවෙනි එක විදියට හින්දි එකක්ම ගෙනාවා. ඉස්සෙල්ලම ගෙනාවෙ ටිකක් පරණ එකක්. කොහොමත් පරණ දේවල් අලුත් දේවල් වලට වඩා හොඳයිනේ. ගොඩක් අය මේක බලල ඇති. ඒ වුණත් බයිස්කෝප් එකේ සබ…

යාළුවනේ ඔන්න මම මගෙ පළවෙනි උපසිරැසිය ඔයාලට ගෙනාවා. පළවෙනි එකනේ. වැරදි ගොඩක් ඇති. ඒව එච්චර ගණන් ගන්න එපා. මම කොහොමත් බලන්නෙ හින්දි නිසා පළවෙනි එක විදියට හින්දි එකක්ම ගෙනාවා. ඉස්සෙල්ලම ගෙනාවෙ ටිකක් පරණ එකක්. කොහොමත් පරණ දේවල් අලුත් දේවල් වලට වඩා හොඳයිනේ. ගොඩක් අය මේක බලල ඇති. ඒ වුණත් බයිස්කෝප් එකේ සබ් දාල නැත්නම් ඒක අඩුවක්නේ. මමත් මේක බලලා ගොඩක් කල් වෙනවා. ඒත් සබ් දාන්න හිතුණෙ ළඟදී. මේක කරන්න හිතුවට වඩා කාලයක් ගත වුණා. හින්දි නිසා ලයින් ගාන වැඩියිනෙ. අනික මේ දවස්වල පොඩි වැඩක හිටියේ. අනිත් එක තමයි මට හම්බ වුණ english sub එකේ ගොඩක් වැරදි තිබුණා. ඉතින් ඒවත් ටික ටික හදන්න වුණා. 2014 ට කලින් ඉවර කරන්නයි ටාගට් කරගෙන හිටියේ. කොහොම හරි ඒකත් කළා.
ඉතින් ෆිල්ම් එක දිහාට හැරෙන්නම්. මේක 2004 අවුරුද්දෙ ආපු ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Dhawan. මේකෙ ජනප්‍රිය නළු නිළියො කීප දෙනෙක්ම ඉන්නවා. Salman Khaan, Priyanka Chopra වගේම Akshay Kumar මේකෙ ප්‍රධාන චරිත රඟ පානවා. ඒ වගේම Amrish Puri, Satish Shah සහ Rajpal Yadav අනෙක් චරිත වලින් දායක වෙලා තියනවා. මේක ලස්සන ආදර කතාවක්. හැබැයි ටිකක් වෙනස් කතාවක්. Comedy කියලත් කියන්න පුළුවන්. ඒ වගේම මේකට 6.5ක් වැනි ඉහළ IMDb අගයක් ලැබිල තියනවා. මේකෙ ලස්සන සින්දු කීපයකුත් තියනවා.
මම ටිකක් කතාව කියන්නම්. මේ ආදර කතාව සමීර්, රානි සහ සනී කියන තුන්දෙනා වටේ තමයි ගෙතිල තියෙන්නෙ. සමීර් කියන්නෙ ඉක්මනට තරහ යන, ඒ නිසාම ප්‍රශ්නවලට පැටලෙන කෙනෙක්. සමීර් තමන්ගෙ ප්‍රශ්න නිසා ගෝව වලට එනවා. ගෝවා වලදි තමයි සමීර්ට රානිව හම්බ වෙන්නේ. සමීර්ට රානිව දැක්ක දවසෙම ආදරයක් ඇති වෙනවා. ඒත් සමීර් හැම වෙලේම රානිගෙ තාත්තත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ අතරෙ තව කරදරයකුත් එනවා. ඒ තමයි සනී. සනී රානිට ළං වෙන්න හදනවා. ඔය අතරේ සමීර්ට ඇබැද්දි ගොඩකුත් වෙනවා. මෙහෙම ගියොත් මට මුළු කතාවම කියන්න වෙයි. ඉතින් ඉතුරු ටික දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. හැබැයි කතාවෙ අන්තිමට වෙන්නෙ අපි හිතන්නෙ නැති දෙයක්. තවත් කිවුවොත් අගේ නැති වෙනවනේ. එහෙනම් ෆිල්ම් එක බලලා අඩුපාඩු තියනවනම්, (අනිවාර්‍යයෙන් ඇති) ඒවා පෙන්නලා comment එකක් දාන්න. එහෙනම් ආයෙත් ඔයාලට තවත් උපසිරැසියක් අරන් එන්නම්.
bdd5336e6ec5a4b291f829eeec2c774841ef9d8d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,160 downloadsDownload Mujhse-Shaadi-Karogi-2004.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/aditha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
35 comments
Thisara NEO
paranage
THANK YOU FOR YOUR DEDICATION
ishara
ah jaya wewa.meka patta film ekak.
digatama sub denna hakiwewa!!!eranga
palamu wadeyta txz digatama denna
ccnp
Thanks
ositha
bohoma pin hode
tharanga
පළමු වැඩේට සුභ පැතුම් තවත් සබ් දෙන්න ලැබේවා !
wow
wow,,,maru :D
හර්ෂ ලහිරු
එලකිරි ප්‍රවීන් කොල්ලා
මේක මං බලපු පට්ටම කොමඩියක්
ස්තුතියි සහො :D :D ජයjana,
tx 1st wadeyta machan
zumo man
elazz thnxzzz
Sahan
thankz a lot wewa bro.. supiri vadak.. keep it up..
chanuka
Thanks,digatama sub denna
නලින්
ස්තුතියි ආදිත සහෝ
මේක නම් බඩ අල්ලන් හිනා වෙන්න නියම ෆිල්ම් එකක්
ජය වෙවා!
අදිත ප්‍රවීන්
හැමෝටම ගොඩක් ස්තුතියි
මේ ඔක්කොම මට ලොකු හයියක්
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Siraj
නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි..........ගයාන් රූකාන්ත
පලවෙනි එකට සුබ පතනවා දිගටම කරමු ජය වේවා
Kulanjana Maduranga
1st sub 1ta suba patum sahoo.good work.digatama sub denna. jaya wewa...
Ravindu
onna palaweni sub ekata magenuth subapathum!!!! digatama aragena yamu.good luck!
“චූටී මල්ලි”
එල එල මල්ලී
මේක කලින් බැලුවද මන්දා
දැන් වසර 10ක් පරනයි නෙ මේක
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය..........ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
සාදරයෙන් පිලිගන්නවා ඔයාව
තව හින්දි සිනමාපට සදහා උපසිරසි කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජය!namika
නියමයි මචං! මමත් ආසම හින්දි ඒවාට තමා. මේ සලරුව මම බලලා තියනවා. මම මේකේ වඩාත්ම ආස සිංදු වලටයි, බොහොම ස්තුතියි මේක බයිස්කෝප් වෙත ගෙනාවට.
පලවෙනි සබට සුභ පැතුම්!පසිඳු සහෝ
උපසිරසියට බොහොම ස්තුතියි අයිත බලන්න ඕනේ
nishi fiora
patta hah......
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
ස්තූතියි සිංහල උපසිරැසියට.
තවත් එකක් දෙමු!
ජයවේවා! :Dmudiya / මුදියා
පළවෙනි එකට සුභ පැතුම් පොඩ්ඩො.
මං ආසම ෆිල්ම් එකක් තමයි මේක.
හිනා වෙන්න පුළුවන් ඉල ඇදෙන්න.
සින්දු ටික ගැන නම් කියන්න වචන නෑ.
බලනව වෙලාවක් ලැබුන ගමන්.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
Dhanushka
Priyanka Chopra inna thawa movies danda (Y)
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Naween
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි අදිත සහෝ...
Eranda Malith 2.0
Thanks mcn
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement

2014දි මුලින්ම අලුතින් එකතු උණ කෙනා...
ජයවේවා සහෝ ........
ස්තූතියි සහෝ උපසිරැසියට......
දිගටම සබ් එවන්න........
comment, download ගාන අඩු උනාට සැලෙන්න එපා..........