Watch Trailer

Ezra (2017) Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

උපසිරසිකරුවන් දෙදෙනෙක් මෙම චිත්‍රපටයට උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු. තරිඳු රසාංග සහෝදරයාගේ ලිපිය මුලින්ම ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසී ඔබ සැමට කිරියෙන්-පැණියෙන් බයිස්කෝප් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! අලුත් අවුරුද…

උපසිරසිකරුවන් දෙදෙනෙක් මෙම චිත්‍රපටයට උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාගේම උපසිරසි මෙසේ පළකරන්නෙමු.

තරිඳු රසාංග සහෝදරයාගේ ලිපිය

මුලින්ම ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසී ඔබ සැමට කිරියෙන්-පැණියෙන් බයිස්කෝප් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

අලුත් අවුරුද්දේ අලුත්ම ෆිලුමක් අරගෙන තමයි ආවේ.මේක අයත්වෙන්නේ Horror Mystery Thriller කියන ප්‍රභේදවලට.මේකත් අපේ ගොඩක් මලයාලම් රසිකයෝ බලාගෙන හිටපු ෆිලුමක් වෙන්න ඕනේ.ෆිලුමේ හොඳ තත්ත්වයේ පිටපතක් නිකුත්වෙලා දවස් කිහිපයක් ගතවෙන්නත් කලින් කොහොමහරි සබ කරලා ඉවරකරගන්න පුළුවන් වුනා.ඉතින් මේ අවුරුද්දේ Prithviraj Sukumaran වැඩ අල්ලපු මේ ෆිලුමෙන්ම අපේ මලයාලම් රසිකයන්ට මේ අවුරුද්දේ වැඩ අල්ලන්න පුළුවන් වෙයි! තවත් දෙයක් කියන්න ඕනේ,මේ ෆිලුම ශ්‍රී ලංකාවෙත් රූ ගත කිරීම් කරලා තියෙනවා.ඒක අපිට විශේෂ දෙයක් වෙයි.

කතාව පටන්ගන්නේ කොචිවල ජීවත්වුණ අන්තිම යුදෙව්වත් ජීවිතක්ෂයට පත්වුනා කියන ප්‍රවෘත්තියෙන්.ඒත් එක්කම මේ නගරයේ අබිරහස් මිනී මැරුමක් සිද්දවෙනවා.ඔය අතරේ තමයි රන්ජන්,ප්‍රියා කියන තරුණ යුවල මේ නගරයේ පදිංචියට එන්නේ.ප්‍රියා ගෙදර ලස්සනට තියන්න නගරයේ පරණ බඩු කඩේකින් අමුතු විදියේ පරණ බඳුනක් මිලදී ගන්නවා.එයා ගෙදරට ඇවිල්ලා මේක විවෘත කරලා බලනවා.එතැනදී මේකේ සිරකරලා තිබුන ඒබ්‍රහම් ඒස්රා කියන යුදෙව් ආත්මය නිදහස් වෙනවා.මෙයින් පස්සේ භයානක සිද්දි දාමයකටම මේ අයට මුහුණදෙන්න සිද්දවෙනවා.කවුද මේ යුදෙව් ආත්මය,ඒ ආත්මය මේ  බඳුනට ආවේ කොහොමද,මේ ආත්මයේ අරමුණ මොකක්ද,ඒකෙන් මේ අයට මොනවගේ කරදවලට මුහුණපාන්න වෙයිද,ඒවට මේ අය මුහුණදෙන්නේ කොහොමද කියන දේවල් ඔයාලට ෆිලුම බලද්දී දැනගන්න පුළුවන් වෙයි.   මේ වෙද්දී චිත්‍රපට 10ක් උපසිරැසි ගන්වන්න මට පුළුවන් වෙලා තියෙනවා.ඒකෙන් වැඩි හරියක්ම මලයාලම් චිත්‍රපට.ඒ වගේම මේ විදියට තවත් මලයාලම් චිත්‍රපට වගේම වෙනත් ඕනෙම භාෂාවක හොඳ චිත්‍රපට උපසිරැසි ගන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ හැම දේකටම අපේ චිත්‍රපට-උපසිරැසි රසිකයන්ගේ අදහස් ගොඩක් වටිනවා.මොකද ඒ අයගේ අදහස්,දිරිගැන්වීම්වලින් විතරයි,අපි මේ කරපු වැඩේ ගැන සතුටක් ලබන්නේ,ඒ වගේම තවත් උපසිරැසි කරන්න දිරිගැන්වීමක් ලබන්නේ.ඒක නිසා හැමපාරම වගේ මේ පාරත් කියනවා,ඔයාලගේ ඕනෙම අදහසක්-යෝජනාවක්,දිරිගැන්වීමක් විතරක් නෙවෙයි චෝදනාවක් වුනත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න.ඒ පොඩි කමෙන්ට් එක ඇත්තටම අපිට ලොකු උදවුවක්,තවත් ඉස්සරහට යන්න.ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සිතූ පැතූ හැම හොඳ දෙයක්ම ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ආයෙත් ප්‍රාර්ථනා කරන ගමන් දැනට ඔයාලගෙන් සමුගන්නවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.

එතෙක් ඔබට ජය!

සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

මේ ලෝකය හරිම පුදුමාකාරයි. වරෙක, සුන්දරත්වයේ ප්‍රතිමූර්තියක් වන මේ ලොවම තමයි, තවත් වරෙක අතිශය භයානක නරකාදියක් වන්නේ. ඈත අතීතයේ පටන්ම මේ ලෝ තලය තුල, අනන්ත අප්‍රමාණ වූ බලවේගයන් ක්‍රියාත්මක වෙනවා. එයින් සමහරක් බලවේගයන් මනුෂ්‍යාගේ පියවි ඇසට දැකගත නොහැකි තරම්, අතිශයින් සියුම් වෙනවා. නමුත්, මිනිසු පියවි ඇසට ග්‍රහණය කරගත නොහැකියි කියා, ඒ සියල්ල අවඥාවෙන් බැහැර කිරීම නුවණට හුරු වන්නේ නැහැ. මන්ද යත්, මිනිස් ඇසට මෙන්ම මිනිස් මනසට ග්‍රහණය කරගත නොහැකි අතිශය බිහිසුණු අඳුරු බලවේගයන් මේ ලෝ තලයේ තිබෙනවා. එම අඳුරු බලවේගයන් පාලනය කල හැකි අතිශය බලවත් මන්ත්‍ර ශාස්ත්‍රකරුවන්ද මෙලොව සිටිනවා. තම අභිමතාර්ථය ඉෂ්ඨ සිද්ධවීමට සුදුසු කාල සීමාව උදාවෙන තුරු, වසර සිය දහස් ගණනාවක් නිද්‍රෝපගතව සිටින්නාවූ අතිශය බිහිසුණු අඳුරු ආත්මයන් තිබෙනවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? ගොඩක් දෙනෙක් මට හිනාවෙවී…මේ මොන විකාරයක්ද කියන්නෙ කියලා. නමුත්, මගේ වචනය විශ්වාස කරන්න. මේ මොහොතේ පවා, ඔබට නොදැනුවත්වම, ඔබ වටා නොහඳුනන බලවේගයන් අනන්ත අප්‍රමානයක් සැරිසරනවා. ඔබ කිසිසේත්ම නොසිතන මොහොතක, මේ අඳුරු බලවේගයන්ගේ ඊළඟ ගොදුර ඔබ විය හැකියි. ඇතැම්විට, ඔබගේ ජීවිතය බේරාගැනීමට, ඒ වනවිටත් ඔබ ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවනි.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තය කියන්නෙ, දිගු ඉතිහාසයක් සහිත පෞරාණික ප්‍රාන්තයක්. වසර සිය ගණනක් තිස්සේ, මේ කේරල ප්‍රාන්තයේ යුදෙව් ජනතාව වාසය කළා. නමුත්, කාලය ගතවෙත්ම, විවිධවූ හේතු කාරණා මත, මෙම යුදෙව් ජනතාව එකා බැගින් එකා, යලිත් සිය නිජබිම වන ඊශ්‍රායලය බලා පිටත්ව යනවා. අවසානයේ, කේරල ප්‍රාන්තය තුල යුදෙව් ජාතිකයන් ස්වල්පයක් පමණයි ශේෂ වෙනවා. කාලය සෙමින් සෙමින් ගෙවී යනවා. අවසාන යුදෙව් ජාතිකයත්, කේරල භූමි මාතාවට සමුදී, සිය ජීවන චාරිකාවට සමුදෙනවා. අවසානයේ, කේරලය යනු, යුදෙව් ජාතිකයින්ගේ තොර භූමියක් බවට පත්වෙනවා. මුම්බායි නගරයේ සිය බිරිඳ සමගින් සතුටින් වාසය කරන්නාවූ සංජය හට රැකියා ස්ථාන මාරුවක් ලැබ, හදිසියේම කෝචි නගරයට සිය බිරිඳ සමගින් පදිංචි වීමට පැමිණෙනවා. ඔවුන්ගේ නව නිවහන, සිය බිරිඳගේ අදහසක් අනුව, ප්‍රති අලංකරණය කල යුතු යැයි සංජය තීරණය කරනු ලබනවා. නමුත්, මෙය ඔවුන්ගේ ජීවිතයේ අවාසනාවන්තම තීරණය යැයි, ඒ මොහොතේ නම් ඔවුන් බිඳක් හෝ නොසිතන්නට ඇති.

හදිසියේම සිය බිරිඳගේ පැහැදිලි වෙනසක් සංජය හට පෙනී යනවා. තමන්ට දකින්නට ලැබෙන කරුණු කාරණා ඔස්සේ, මේ පිළිබඳව මනාසේ දත් අයගේ සහාය මත, සිය බිරිඳගේ මෙම අමුතු හැසිරීම පිළිබඳව මොහු ගැඹුරටම විමසා බලනවා. ඔහුට ලැබෙන්නාවූ අවසාන ප්‍රතිපලයෙන්, කිසිවක් කරකියා ගත නොහැකි බල රහිත අසරණයෙකු බවට ඔහු පත්වෙනවා. යුදෙව් ජනප්‍රවාදයන්හි මිත්‍යාමය පුරාවෘතයක් ලෙස සලකෙන්නාවූ, අතිශය බිහිසුණු, කිසිසේත්ම පාලනය කළ නොහැකි අඳුරු ආත්මයක් හමුවේ ඔහු බලරහිත පුද්ගලයෙකු බවට පත්වෙනවා.

මලයාලම් සිනමා ක්ෂේත්‍රය කියන්නෙ, කවදත් ප්‍රේක්ෂකයා හට නැවුම් වූ අත්දැකීමක් තිලිණ කරදෙන හරි අපූරු තෝතැන්නක්. ඒ වගේම, Prithviraj Sukumaran කියන්නෙ, කවදත් වෙනස්ම ආරක චිත්‍රපටයන් තුලින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන, වර්තමාන මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජඹෙන තාරකාවක්. මේ සුවිශේෂී කරුණු ද්විතවයේ සුසංයෝගය සහිතව, Horror, Mystery, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, Imdb දර්ශකයේ 7.7 ක ඉහලම අගයක් සහිතව, තිරගතවීම ආරම්භකොට දින 26 ක් ඉක්මවා යෑමට මත්තෙන්, ඉන්දියානු රුපියල් කෝටි 40 ඉක්මවා යමින් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවමින්, ප්‍රේක්ෂක ඔබ හමුවේ දිගහැරෙන්නාවූ නවතම සිනමා අන්දරය තමයි Ezra කියන්නෙ. සාමාන්‍ය මට්ටමේ Horror චිත්‍රපටයකට Imdb දර්ශකයේ ලැබෙන්නෙ පොඩි අගයක් කියලා, චිත්‍රපට ක්ෂේත්‍රය ගැන හරියාකාර දැනුමක් තියෙන අය දන්නවා. මේ නිසා, Horror කාණ්ඩය නියෝජනය කරනන්නාවූ මේ චිත්‍රපටයට මෙවැනි ඉහල අගයක් ලැබීමට නම්, මෙම චිත්‍රපටය අනිවාර්‍යයෙන්ම ඉහළම ගුණාත්මක තත්වයෙන් තිබිය යුතු බව සක්සුදක් සේ පැහැදිලියි.

ඒ බව මනාව පැහැදිලි කරමින්, චිත්‍රපටය පුරාවටම ඉතාමත් ඉහලම ගුණාත්මක තත්වයෙන් යුතුව VFX තාක්ෂණය මැනවින් යොදාගෙන තිබෙනවා. විටෙක ඔබ පුදුමයට පත්වේවි, හින්දි සිනමාවේ පවා දැකගත නොහැකි, මෙතරම් ඉහල මට්ටමේ තාක්‍ෂණයක් සහිත චිත්‍රපට, මලයාලම් සිනමාවෙන් බිහිවෙනවාද කියලා. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වනවා නම්, Youtube අඩවිය ඔස්සේ ඔබට දැකබලා ගන්න පුළුවනි, ඉතාමත් ඉහල ප්‍රමිතියෙන් VFX තාක්ෂණය යොදාගෙන, හරි අපූරුවට මෙම සිනමාපටය නිර්මාණය කරන ආකාරය.  ඒ වගේම, තාක්ෂණයට නොදෙවෙනි, ඉතාමත් විශිෂ්ට, කුතුහලය සපිරි කතාවකින් මෙම චිත්‍රපටය සමන්විත වෙනවා. ඒ වගේම බොහොමයක් මලයාලම් චිත්‍රපට සඳහා ආවේණික පරිදි, Thriller රසික රසිකාවිය වෙනුවෙන්, අවසාන නිමේෂයේ, ඔබ කිසිසේත්ම නොසිතන්නාවූ කණපිට ගැසූ අවසානයක් ඔබට දැකගත හැකි වේවි.

එසේ නම්, නිසැකවම ඔබගේ ලොමු දැහැගන්වමින්, ඔබ භීතියෙන් කිලිපොලා යන්නාවූ අනුවේදනීය වෘතාන්තයක් සමගින් පුරා හෝරා දෙක හමාරකට ආසන්න කාලයක් ගතකිරීමට සහෘද ඔබට කෙරෙන්නාවූ ආරාධනාවත් සමගින්, අවසරයි එසේනම් අදට සමුගෙන යන්නට. එසේනම්, දෙවන වතාවටත් ඔබ සැමට පතන්නම්…

ලැබුවා වූ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද, බයිස්කෝප්වාසී සියළුම සහෝදර සහෝදරියන් හට සෞභාග්‍යමත් වසරක් වේවා!!!

NEW

Ezra (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

tamilrockers.im/index.php/topic/53157-ezra-2017-malayalam-dvdrip-x264-700mb-esubs
tamilrockers.im/index.php/topic/53158-ezra-2017-malayalam-dvdrip-x264-500mb-esubs
TamilRockers.lc+-+Ezra+(2017)+Malayalam+DVDRip+x264+700MB+ESUBS.mkv

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,574 downloadsDownload Ezra-2017.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” හා “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

3,574 downloadsDownload Subtitles82 KB

47 comments

  1. IsH

    Happy New Year baiscoplk eke okkotama

  2. Kaviya

    Happy new year✌✌✌
    Tq for sub brothers

  3. මේනක...

    සුභ අලුත් අවුරැද්දක් වේවා බයිස්කෝප් වෙබ් අඩව්යේ සියලු දෙනාටම෴....

  4. මේනක...

    sub ekata thanx

  5. සචින් කෙවින්

    සුභ අලුත් අවුරැද්දක් වේවා බයිස්කෝප් වෙබ් අඩව්යේ සියලු දෙනාටම

  6. lakmal

    happy new year broooo

  7. Sanindu Lakkitha

    ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා..!
    සබට තුති සහෝ..

  8. Ranjan Rathnayaka

    happy new year machan.ela wadak

  9. Nchamara

    Thanks...

  10. Tharidu Sagara

    සුභ අලුත් අවුරැද්දක් වේවා බයිස්කෝප් වෙබ් අඩව්යේ සියලු දෙනාටම
    ඔන්න ඔය දෙන්නගෙ උපසිරසියකින් තමයි අවුරුද්ද ආරම්භ කලේ
    දෙන්නටම බොහොමයක් ස්තුතියි
    දිගටම ඔහොම කරගෙන යමු.දෙන්නගෙම උපසිරසි කොලටියටම තියෙනව.
    එහෙනම් මම ගියා .

  11. thisal

    thanks

  12. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. අසිත

    බයිස්කෝපීවාසි සැමටත් බයිස්කෝප් සබ් නිර්මාණකරුවන්ටත් කාටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!!

    "elama aho thanks"

  14. Lasitha gayan

    Thankz saho sub ekata

  15. Lahiru Lakmal

    Happy New Year!
    Thanks for sub

  16. Gayan

    Sub ekata thank's sahola dennatama. Jayawewaa!

  17. Tharaka

    පැතුම් මල් පීදෙන……
    හද නීවී සැනසෙන…..
    නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන…..
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට…

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  18. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

    saho obatath,….Labuwau nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

  19. mindika

    Thanks !!!!!!!!!!!!

  20. mithun

    The great wall මූවී එක webrip වලට අප්ඩෙට් දෙන්න සිසිල සහෝ.. please

  21. mithun

    සහොල දෙන්නටම බොහොම ස්තුතියි හොද ෆිල්ම් එකක් අරගන්නව

  22. Chalana

    thnx bro dennatama...

  23. රංගික සිනෙත් කාරියවසම්

    ලැබුවා වූ නව සිංහල හිංදු අළුත් අවුරැද්ද බයිස්කෝප් වාසී සියලු දෙනාටම ජය සතුට සපිරෙන එලම එල ෆටිටම අවුරැද්දක් වෙිවා කියලා පතනවා..෴෴ සබි එක එල
    ලෙසටම කරලා.දෙන්නටම තැන්කු...෴෴෴

  24. SPD

    සුභ අලුත් අවුරුද්දක් වේවා....!
    එනකම් බලාගන ඉඳපු ෆිලුමක් මචන්. අලුත් අවුරුදු තිළිණය වෙනුවෙන් සිසිල ප්‍රසාද් සහ තරිඳු රසාංග ඔබ දෙපලටම බොහොම ස්තුතියි. ඒ වගේම නිරන්තරයෙන් අපට මලයාලම් ෆිල්ම් තිලින කරන තරිඳු රසාංග සහෝදරයාගේ දහ වන උපසිරසියටත් සුභ පතනවා .

  25. Mahesh

    Sub ekata thanx

  26. විමා

    දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසට :D

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. prasad

    godak stutui sub ekata.malayalam film ekak nam aya kiyanda dayak na.

  29. shashika

    tnQ mchn sub 1ta.. digatama sub dena.. lipiya nm patta.. (y)

  30. කසුන් සංජය

    සුභ අලුත් අවුරුද්දක් වේවා….! ඔබ දෙදෙනාටම
    උපසිරැසියට බොහොම ස්තුතිය. සිසිල ප්‍රසාද් සහ තරිඳු රසාංග සහොදරයන් දෙන්නටම
    තවත් මේ වගේ නිර්මාණ කරන්න සුබපතනවා. ඔබට ජය

  31. Viraj

    sub ekata thanks saho..

  32. SPD

    මේ මගේ දෙවැනි කොමෙන්ට් එක. පට්ටම ෆිල්ම් එක මචන්ලා. සබත් සුපිරියටම දීලා තිබුනා. නැවත වරක් බොහොම ස්තුතියි ඔබ දෙපලටම. පුළුවන්නම් ABY(2017) මලයාලම් චිත්‍රපටියට උපසිරසි ලබා දෙන්න.
    ඉදිරියටත් මෙවැනිම විශිෂ්ට නිර්මාණ අපිට ලබාදෙන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා ඔබ දෙපලටම...!

  33. කෞෂාන් පියුමන්ත

    සබට ස්තූතියි මචන්.ඒත් දෙන්නෙක්ම මේකට සබ් කරපු එක අපරාදෙ බන්.දෙන්නගෙන් කාටහරි වෙන එකකට සබ් කරන්න තිබ්බා.ඇඩ්මින් මඩුල්ල සබ් කරන්න බාර දෙද්දී හරියට බලල දියන් බන්.නැත්තන් කාලයයි මහන්සියයි තමයි අපතේ යන්නේ.
    සබ් කරපු දෙන්නටම තෑන්ක්ස්.
    ජය!!

  34. Amila Mudalige

    Sub ekta Thanks saho

  35. jayanandana

    mam inne Israel wala a hinda balannama ona. sub ekata Thx

  36. Mahesh

    tawath wenasma widihe malayalam film ekak
    baluwa lassanayi
    tawa malayalam film walata sub karanna
    jaya wewa !!!

  37. Eranda

    fatta film ekak..thanks sub ekata..

  38. dilip asiri

    Pttai ...thnqqq

  39. Danushka Nuwan

    chips 2017 sub eka deepnko bn.patta film ekk

  40. Chathura

    ස්තූතියි සබ් එකට.. ජය !!

  41. KwiZ

    PTTA filumk saho..jayawewa...

  42. Su

    thanks saho sub ekata.. :)

  43. IsuruF

    Thnkz

  44. Prabodha Jayakody

    Thanks...

  45. DILmin

    Thanks!

  46. Kavi

    බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම
    ජය වේවා!

  47. shashini

    meka blnne kohomd