Watch Trailer

Leap ! (2016) with Sinhala Subtitles | පිපීමට වෙරදරන සිහිනයන් සැබෑ කරගනු පිනිස. [සිංහල උපසිරසි සමඟ]

මේ ලෝකේ ඔන තරම් සිහිනයන් තියනවා. ඒත් ඒවා ලේසියකට සැබෑ වෙන්නේ නැහැ, සමහරැන්ගේ හිත්වල ඒවා සිහින විදිහටම තිබිලා අවසානෙදි පරවෙලා යනවා. හරියට මගේ හිතේ තියන හීන වගේ. ඒත් ඇතැම් පුද්ගලයන් කොච්චර කරදර බාධක ආවත් කෙසේ හෝ තමන්ගේ අරමුණු ඉටුකරගෙන සිහිනයන් සැබෑකරගන්නවා. ඉතින් ඒ වගේ තමන්ට කිසිම දිනක ලන්වෙන්නවත් බැ…

මේ ලෝකේ ඔන තරම් සිහිනයන් තියනවා. ඒත් ඒවා ලේසියකට සැබෑ වෙන්නේ නැහැ, සමහරැන්ගේ හිත්වල ඒවා සිහින විදිහටම තිබිලා අවසානෙදි පරවෙලා යනවා. හරියට මගේ හිතේ තියන හීන වගේ.  ඒත් ඇතැම් පුද්ගලයන් කොච්චර කරදර බාධක ආවත් කෙසේ හෝ තමන්ගේ අරමුණු ඉටුකරගෙන සිහිනයන් සැබෑකරගන්නවා. ඉතින් ඒ වගේ තමන්ට කිසිම දිනක ලන්වෙන්නවත් බැරි විදිහේ සිහිනයක් පසුපස හබායන අනාථ ළමයි දෙන්නෙක්ගේ කතාවක් තමයි මේ චිත්‍රපටියේ ගෙතිලා තියෙන්නේ.

 

ඉතින් මේක ගැන කියනව නම් මේ ඇත්තටම ප්‍රන්ශ ඇනිමේශන් චිත්‍රපටියක් 2016 ඔක්තෝම්බර් 19වෙනිදා තමයි මේක ලොවපුරා තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ  Leap කියන්නේ මේ චිත්‍රපටියේ ඉංග්‍රිසි නම. ඒකේ ප්‍රන්ශ නම තමයි Ballerina.ඉතින් මේ චිත්‍රපටිය මේ වන විට votes 1000කට අධික ප්‍රමාණයක් අතරින් IMDb අගය 6.8ක් ලබා ගෙන තියනව.ඉතින් කවුරුත් බලනව ඇති මේකට දීල තියන votes ප්‍රමාණය මදි කියල.ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි.මේක තවමත් ඇමරිකාව තුල තිරගත වීම ආරම්භ කරල නැති නිසා.මේ සුපිරි චිත්‍රපටිය ඇමරිකාව තුල තිරගත විම ආරම්භ කරන්නෙ 2017 අගෝස්තු 30 වෙනිද.ඉතින්  Animation, Adventure, Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය පැයයි විනාඩි 29ක් පුරා දිව යනව.ඒ වගේම මේ චිත්‍රපටිය මේ වනවිට ලබාගෙන තියන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 56ක්. බොහෝ ටෙලි කතා මාලා ප්‍රමානයක් අධ්‍යක්ශණය කරපු Eric Summer තමයි මේ සුපිරි ඇනිමේෂන් චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ. ඒ වගේම ඉතින් ගොඩක් දෙනෙක් නරඹල තියන චිත්‍රපටියක්ගෙ Maleficent (2014) කියන්නෙ.ඉතින් ඒ චිත්‍රපටියෙ වගේම We Bought a Zoo (2011) කියන කොමඩි චිත්‍රපටියෙනුත් අපිට දැකගන්න ලැබුණ‍ Elle Fanning තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වනේ  Félicie Milliner වෙනුවෙන් හඩ කැවීම් සිදු කරන්නෙ.ඒ වගේම මේ වසරේ ජුනි 16 තිරගත වීම ආරම්භ කරන The Book of Henry චිත්‍රපටියෙන් අපිට දැකගන්න ලැබෙන Maddie Ziegler තමයි Leap චිත්‍රපටියෙ Camille Le Haut වෙනුවෙන් හඩ කැවීම් සිදු කරන්නෙ.මේ වගේ සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක් නරඹන්න ඉතින් කස්ටියට අමුතුවෙන් ආරාධනා මොකටද..

 

මේකේ කතාව ගැන කියනවනම් පෙලීසි සහ වික්ටර් කියන්නේ කාත් කව්රැවත් නැති අනාත ළමයි දෙන්නෙක්. මේ දෙන්නා ජීවත් වෙන්නේ අනාථ නිවාසෙක. පෙලීසිට ලොකු හීනයක් තියනවා නර්ථන ශිල්පිනියක් වෙන්න. වික්ටර්ගේ හීනේ තමයි ඉන්ජිනේරැවෙක් වෙන එක. ඒත් මේ දෙන්නට ඒ හීන වලට ලන්වෙන්නවත් බැහැ. මේ දෙන්නා එකතුවෙලා අනාත නිවාසයෙන් පැනලා යන්න තීරණය කරනවා. ඒ කොහොම හරි නගරෙට ගිහින් තමන්ගේ සිහින ඉටුකරගන්න. ඉතින් මේ දෙන්නා අනාත නිවාසයෙන් පැනලා ගිහින් පැරීසියට යන කෝච්චියට නැගලා පැරීසියට එනවා. පැරීසියේ තියනවා හොද නර්තන විද්‍යාලයක්. ඒක තමයි පැරිස් ඔපෙරා රගහල. ඉතින් පෙලීසිට ඔනි කරන්නේ මේ විද්‍යාලයට කොහොම හරි ඇතුලත් වෙන්න. එත් පැරීසියට ආව ගමන් වික්ටර් සහ පෙලීසි දෙන්නා වෙන් වෙනවා. ඉතින් පැරීසියට ඇවිල්ලා මෙයාලා මේයාලගේ සිහින සැබෑකරගන්න විදිහ තමයි මේ චිත්‍රපටිය පුරා දිවෙන්නේ. එයාලට මේ ගමනෙදි ගොඩක් ගැටළු වලට මුහුන දෙන්න සිද්ද වෙනවා.අවසානෙදි මොනවද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..

 

ඉතින් මේක ඇවිල්ලා ටික දවසක් වුනාට හරිහමන් ඉන්ග්‍රිසි සබ් එකක් ආවේ මේ ඊයේ පෙරේදා. ඉතින් ඒකත් එච්චරම හොද එකක් නෙමෙයි මැදින් මැදින් ප්‍රංශ වචනත් තිබුනා. ඒක නිසා වැඩේ හිතුවට ගොඩාක් අමාරැ වුනා. සමහර තැන් වල රසාස්වාදය වැඩි කිරීමට පිටපතින් පරිබාහිරට පවා යන්න සිද්ද වුනා. ඇත්තම කිව්වොත් මේක මම ගොඩාක් ආසවෙන් කරපු සබ් එකක්. හැබැහි වැඩේ ලේසිනම් වුනේ නැහැ.  මම හිතන් හිටියේ මේකෙන් මගේ පළවෙනි කඩයිම පහු කරන්න. ඒත් චිත්‍රපටිය ඉස්සර වුනා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ පස්සේ හීන්සීරැවේ එක පහු කරනවා. එහෙනම් මේක තමයි මගෙන් ඔයාලට හම්බවෙන අව්රැදු තෑග්ග. හැමෝටම සුභ අළුත් අව්රැද්දක් වේවා ජය මම යනවා..!

 

ලැබුවා වූ  නව වසර බයිස්කෝප් වාසි සයළු දෙනාට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා…!

Laid in America (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා  අදාළ වේ.

6,318 downloadsDownload Ballerina.2016.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Dil-Shan-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

6,318 downloadsDownload Subtitles45 KB

50 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    සහෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..
    ජය වේවා..බුදුසරණයි..

  2. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  3. Tharaka

    පැතුම් මල් පීදෙන……
    හද නීවී සැනසෙන…..
    නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන…..
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට…

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. Sajith Anthony

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
    සිංහල උපසිරැසියට ස්තූතියි!
    ජය වේවා...!!

  5. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. සුභ අළුත් අවුරුද්දක් වේවා...

  6. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. PASINDU DIXON

    උපසිරැසි ලබාදෙන ඔබටත්,බලන අයටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා..........

    1. dimuth

      link 1 ewapan mchooo

  8. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි
    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ
    ජයම වේවා!

  9. එල්.සී. දමැල්

    Thanksss

  10. thisal

    thankss

  11. Sohan Jayasooriya

    Niyamai sachiyooo thanx sub ekata

  12. Ravindu Rukshan

    thx

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    saho obatath,….Labuwau nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

  14. KAVINDA GAMAGE

    සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා…

    බොහෝම ස්තූතියි සහෝ

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!

  16. Chalana

    thnx bro...

  17. Udara Damith B/K

    උදාවන්නා වූ සිංහල හින්දු නව වසර සියලුම දෙනාට ටීවී සිරිස් සහ උපසිරසි වලින් ඉතිරේවා
    උපසිරසට තැන්ක්ස්

  18. සචිත් ලක්ෂාන්(සචී)

    බොහොම ස්තුතියි දිල්ශාන් අයියා උපසිරසියට..
    සුභ අලුත් අවුරුද්දක් වේවා..!

  19. අසිත

    සුභ නව වසරක් වේවා…!

  20. Lasantha rathnasiri

    Niyamai.

  21. nirosha

    සුභම සුභ නව වසරක් වේවා…!
    awrudu thagga niyamayi

  22. Mahesh

    Sub ekata thanx

  23. සුපුන් විමුක්ති

    අඩේ , මේ ballerina ෆිල්ම් එක බාන්නෙ කොතනින්ද මචෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  26. Tharindu Athukorala

    tnx buddy..

  27. Nirodha uthpala

    Niyama vadak tavath me vage digatama denna labewa kiya mama hadawatinma partana karanava obata jaya ah amataka vunaane subata thx broooo

  28. Viraj

    sub ekata thanks saho..

  29. tharaka

    thanks saho......

  30. Chami.S

    Thanks..
    Good Luck..

  31. Neer

    බොහොම ස්තුතියි සබ් වලට...

  32. Rasheen Mansil

    subtitle ekata thanks malli :-)

  33. movie mania

    සබට පින් බ්‍රෝ!! ඩිස්නි කාරයොන්ට ඇඩේන්න ගහපු film එකක්. මේකේ දෙවෙනි කොටසකුත් එන්න කියල පතමු

  34. chanu mikhail

    banawooo elz ,
    thanx u
    mewage ewathawa denna.
    ;)

  35. මලින්ද

    බොහොම ස්තුතියි සහෝදරයා....
    GooD LucK

  36. chamod

    Thanx brooo

  37. ashan lankanath

    thanks

  38. Supitha

    Thank u saho

  39. Tharindu Athukorala

    tnx bro

  40. Kasun Chamara Premadasa

    මේක එන්නෙ කවද්ද කියල බලන් හිටියෙ
    බොහොම ස්තුතියි
    ජය වේවා

  41. Vipula Sanjaya

    Thankz bro...

  42. Hima Benaragama

    sub ekata godak sthuthi...

  43. sonali

    great

  44. Manjula Kumara Gamage

    බොහොම ස්තූතියි සබ් එකට…
    ජය වේවා…!!

  45. Mithun

    ඔන්න මෙක ඇමරිකාවේ තිරගත විම අරම්ම කලා .. බොක්ස් ඔපිස් ලු, 6.9 රෙටින් එක 8.3ක් වගෙ ඉහල ගිහින් ..
    මෙ වෙද්දි ටොරෙන්ට් පට විස්සකට වඩා අන්තර්ජාල වල වැටිලත් තියෙනව

    මන් මෙ සාර්ච් දුන්න සිංහල උපසිරැසි දිලද බලන්න බැලිත් නම් බඩු තියේන
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ ජය

  46. nrjayasinghe

    තෑන්ක්ස..
    මමත් ගත්තා

  47. pkamare

    thanks.. :-)

  48. Anu

    Thanks bro...

  49. Amalka

    තැන්ක්ස් බන් සබ් එකට