හැමදාම බයිස්කෝප් එකෙන් උපසිරැසි අරන් ෆිල්ම් බලන එකේ මටත් හිතුණා උපසිරැසියක් හදල බලන්න. හදන්න ගත්තම තමයි ඒකෙ තියෙන අමාරුව තේරෙන්නේ. ඒ නිසා මම මෙච්චර කල් සිංහල සබ් එක්ක බලපු ෆිල්ම් වෙනුවෙන් බයිස්කෝප් එකේ උදවියට ස්තූතිවන්ත වෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒ නිසා මම ඔයාලගෙ අදහස් කොහොමද කිය…

හැමදාම බයිස්කෝප් එකෙන් උපසිරැසි අරන් ෆිල්ම් බලන එකේ මටත් හිතුණා උපසිරැසියක් හදල බලන්න. හදන්න ගත්තම තමයි ඒකෙ තියෙන අමාරුව තේරෙන්නේ. ඒ නිසා මම මෙච්චර කල් සිංහල සබ් එක්ක බලපු ෆිල්ම් වෙනුවෙන් බයිස්කෝප් එකේ උදවියට ස්තූතිවන්ත වෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒ නිසා මම ඔයාලගෙ අදහස් කොහොමද කියලා දැනගන්න කැමතියි. චිත්‍රපටය ගැන කීවොත් ඇත්තටම මම ගොඩක් කල් ඉඳන් බලන් හිටියා බයිස්කෝප් එකෙන් මේකට සබ් දෙනකන්. ලැබුණෙ නැති නිසා තමයි මංම වැඩේට බැස්සේ.
මේ චිත්‍රපටය ටිකක් විහිළු පැත්තට බර එකක්. ඒත් සමාජයට හොඳ පණිවිඩයකුත් දෙනවා කියලා මම විශ්වාස කරනවා. මේකට IMDB අගය 4.4/10 ක් ලැබිලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිත Jackky Bhagnani, Puja Gupta, Chandan Roy Sanyal සහ Angad Bedi විසින් නිරූපණය කරනවා. මේක මුල ඉඳලා අග වෙනකන්ම කිසිම පාළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.
කතාව ගැන කිව්වොත් 2006 වසරෙදි තිරගත වුණු Accepted කියන හොලිවුඩ් චිත්‍රපටයෙ කතාවට ගොඩක් සමානයි. කතාව ගෙතෙන්නෙ යාළුවො හතරදෙනෙක් වටා. රිතේශ් (Jackky), නැන්ජි (Angad) සහ පූජා (Puja) කියන 3 දෙනා ඉස්කෝලෙ විභාග වලදි හැමදාම අඩු ලකුණු තමයි ගන්නේ. එයාලගෙ අනිත් යාළුවා විෂ්ණු (Chandan) එයාගෙ තාත්තගෙ පීඩනය නිසාම ඉහළ ලකුණු අරන් හොඳ කැම්පස් එකකට තේරෙනවා. ඒත් අනිත් අයට බැරි වෙනවා. ඒ නිසා මේ අයට ගෙවල් වලින් විසුමක් වෙන්නෙ නෑ. අපේ වගේම තමයි 😀 මෙයාලා ගෙවල් වලින් බේරෙන්නම බැරි නිසා එයාලව රවට්ටන්න බොරු නමක් දාපු කැම්පස් එකක ලියුමක් පෙන්නලා ඒකට තේරුණා කියනවා. ඒත් එයාලට ඒකෙන් බේරෙන්න වෙන්නෙ නෑ. තාත්තලා අම්මලාට කැම්පස් එක බලන්න ඕනෙ වෙනවා. ඊට පස්සෙ මෙයාලට කැම්පස් එකක් හදන්න වෙනවා. ඒත් කරදරනම් අඩු වෙන්නෙ නෑ. එයාලට වෙන මේ කරදර මොනාද, එයාලා ඒවට මුහුණ දෙන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනෙ නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
එයාලා බොරු නම් ගොඩක් එකතු කරලා කැම්පස් එකට දාන නමේ වචන වල මුල් අකුරු එකතු වුණාම තමයි FALTU කියල හැදෙන්නේ. කැම්පස් එක හැදුවටත් පස්සෙ තමයි එහෙම කෙටිනමක් හැදෙනව කියල එයාලා දැනගන්නේ. ප්‍රශ්නෙ වෙන්නෙ අහම්බෙන් වගේ ඒකට තේරුමකුත් තියෙන එක. හින්දි භාෂාවෙන් FALTU කියන්නෙ ”ප්‍රයෝජනයක් නෑ” කියන එක. එහෙනම් මේ කැම්පස් එකෙන් නම වගේම ඇත්තටමත් ප්‍රයෝජනයක් නැද්ද කියල බලලම තේරුම් ගන්නකෝ . .
මේක මගෙ පළවෙනි නිර්මාණය නිසා වැරදි එහෙම තියෙන්න පුළුවන්. ඒත් මම ගොඩක් මහන්සි වෙලා මට පුළුවන් උපරිම විදියට කරලා තියෙන්නේ. බලලා ඔයාලගෙ අදහස් කොහොමද කියලා පහළින් දාලම යන්නකෝ. එහෙනම් හැමෝටම ජය වේවා !
da013661a70138190a763c6a0670c92b08d66a39 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,894 downloadsDownload FALTU.2011.baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/KoshalaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝෂල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කෝෂල රත්නායක
Subtitles
32 comments
devmin
devmin
seeds නෑනේ කිලො බයිට් එකක්වත් ඩවුන් උනේ නැ :(
akila
Niyamai sahoo...ela.
Nishantha
Ane Saho, Meka Mita Kalin Baiscoper ekema Dunna English Film ekem Copy ekakne.... A nisa English film Amu Amuwe copy karapu ewa nathuwa wena ekakata Sub Karanna. Mehema kiwata Tharaha ganna epa. good luck...
Kulanjana Maduranga
1st subta sub pathum KOSALA Saho. Good work & thanks Bro. Digatama sub denna shakthiya labewa. Baiscope ekka digu gamanak ymu.Jaya wewa....
චන්දිම අමරසිංහ
niyamai palaweni wadata subapatum.... thaz degatama karagana ymu...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shehan
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dවරුණ රංගජිත් (වරූ)
නියමයි සුබ පැතුම්..
සාදරයෙන් පිලිගන්නවා..Aloka
meka download karanna bane web page is not available kiyala watenawane
Aloka
A HARI HARI SUB AKATA THANKS JAYAWEWA!
Raveen Fernando
the hungover games 2014 film eke සිංහල උපසිරස දෙන්නකෝ සහෝ
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ලක්ෂාන් නිලංක
පලමු නිර්මාණයට සුබ පැතුම්....දිගටම අපිත් එක්ක ඉන්න සහෝ...ජය වේවා ....!
yasasa lakmintha
පලමු නිර්මානයට සුබ පෑතුම් සහෝ... ජය වේවා..! :)
නලින්
ස්තුතියි කෝෂල සහෝ!
ජය වේවා!
කසුන් තාරුක
නියමයි සහෝ... :)
පලමු උපසිරැසියට සුභ පැතුම්..! :)
දිගටම කරන්න ශක්තිය ලැබේවා!
ජයෙන් ජය සහෝ...! :)Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.prabhath
1st wadeta suba pathun english eka nam beluwa.thanks
jayani chathupraba
Thank youuuuuuuuuu
ශාන් විමුක්ති [විමා]
පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට :)prasa
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි කෝෂල සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
බලලා නෑ
සබට තුති
ඔබට ජය...........Koshala Rathnayake
කොමෙන්‍ටු දාපු හැමෝටම මාගේ හද පිරි ප්‍රණාමය ! ! :D
Menu
Itz really nice movie bro :) Thank you so much & best of luck!!!
madujaya
නියම වැඩක් මචන් .....ජයෙන් ජයම වේවා !!!!!!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
අදිත ප්‍රවීන්
පළවෙනි එකට සුභ පතනවා !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
:Ddinuka
i wish you
Isuru
Thanks machn elaaaaaa........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අද පළවෙනිය මමද :D