හරි එහෙනම් ගොඩ කාලෙකින් ඔන්න චිත්‍රපටියක් අරගෙන එනවා. චිත්‍රපටිය ආපු දවස්වලම බාරගත්තා උණාට අද තමයි කරලා ඉවර කරන්න පුළුවන් උණේ. වැඩ ටිකක් යෙදුණ නිසා. ඒ පිළිබඳව සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ Falcon RIsing කියන චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ ෆවේලා කියන බ්‍රසීලයේ තියෙන නගරයක සිඳුවෙන යම්කිසි කතාවක් පදනම් කරගෙන…

හරි එහෙනම් ගොඩ කාලෙකින් ඔන්න චිත්‍රපටියක් අරගෙන එනවා. චිත්‍රපටිය ආපු දවස්වලම බාරගත්තා උණාට අද තමයි කරලා ඉවර කරන්න පුළුවන් උණේ. වැඩ ටිකක් යෙදුණ නිසා. ඒ පිළිබඳව සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ Falcon RIsing කියන චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ ෆවේලා කියන බ්‍රසීලයේ තියෙන නගරයක සිඳුවෙන යම්කිසි කතාවක් පදනම් කරගෙන. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Michael Jai White. මෙයා Arrow ටීවි කතාමාලාවේ Ben Turner චරිතයට, The Dark night (2008), Blood and Bone (2009), Undisputed 2: last man standing (2009), Mortal Kombat: Legacy රූපවාහිනී කතාමාලාවේ, All legend of Bruce Lee කතාමාලවන්හි Ali චරිතයට, Justice League වාගේ ජනප්‍රිය කතාමාලාවන් රාශියකට චරිත පණපොවා තිබෙනවා. මොහු රංගන ශිල්පියෙක් විතරක් නොව, ලේඛකයෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් ද වෙනවා.
මේ චිත්‍රපටිය ගැන කිව්වොත්, මේ චිත්‍රපටියේ
අධ්‍යක්ෂක වෙන්නේ Ernie Barbarash.
චිත්‍රපටිය ලිව්වේ Y.T. Parazi.
නිෂ්පාදනය කරේ Shahar Stroh සහ Etchie Stroh.
ප්‍රධාන චරිත වෙන්නේ Michael Jai White, Neal McDonough සහ Laila Ali
චිත්‍රපටිය දිවෙන කාලය විනාඩි සීයයි.
කතාව මෙහෙමයි.
ෆවේලා කියන්නේ කලින් කිව්වා වගේම බ්‍රසීලයේ තියෙන නගරයක්. මේ නගරය පිරිලා තියෙන්නේ කුඩු ව්‍යාපාරකයින්ගෙන්, ගණිකා ව්‍යාපාරිකයන්ගෙන්, මිණීමරුවන්ගෙන්. ඉතින් මේ ෆවේලා කියන නගරය දුප්පත් නගරයක්. මේ නගරයට උදව් කරන්න ඇමරිකාවේ සින්ඩි චාප්මන් කියලා කෙනෙක් ස්වේච්ඡාවෙන් යනවා. මෙයා ජෝන් ෆැල්කන් චාප්මන්ගෙන් අක්කා. ජෝන් කියන්නේ හමුදාවේ ඉදන් අයින් වෙච්ච කෙනෙක්. යුද්දේදී ඇතිවෙච්ච යම් ගැටළුකාරී තත්වයන් නිසා මෙයාගේ මනස අවුල් ජංජාලයක් වෙලයි තියෙන්නේ. මේ මනුස්සයා කරන්නේ උදේ ඉදං රෑ වෙනකං බොන එකමයි. ඒ යුද්දේදී තමන්ගේ සගයන් අමානුෂික ලෙස මියගියපු දුක දරාගන්න බැරිනිසා වගේම එයාට ඒක ලොකු හිසරදයක් නිසා. සින්ඩි ෆවේලා වලට ගියාට පස්සේ දවස් කිහිපයකින් ජෝ්ට ඇමතුමක් එනවා බ්‍රසීලයේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්, ඒ එයාගේ අක්කට දරුණු විදිහට පහර දීමක් සිඳුවෙලා කියලා. ජෝන් ඒ ගමන්ම බ්‍රසීලයට ගමන් කරනවා. බ්‍රසීලයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉන්නේ ජෝන් සමඟ හමුදාවේදී එකට වැඩකරපු මැනී කියලා කෙනෙක්. ඉතින් මැනී මෙයාට උදව් කරනවා ෆවේලා වලට යන්න. සින්ඩිට සිද්ධ වෙච්ච මේ අපරාධය ගැන හොයාන්න ඒ රටේ ඉන්න පරීක්ෂකයෙක් වන තියාගෝට බාරදෙනවා. තියාගෝ පොලිස් නිලධාරිිනියක් වන කටරීනා ද සිල්වාට මේ ජෝන් ගැන බලාගන්න කියලා බාරදෙනවා.
ජෝන් කටරීනාත් එක්ක සින්ඩිගේ අපරාධය සිද්ධ වෙච්ච තැනට යනවා. ජෝන්ට ඕන කරන්නේ දැන් මේක කරේ කවුද කියලා දැනගන්න. ඔය අතරේදී සින්ඩිගේ කරේ තිබුණ මාලේ කෙනෙක් දාගෙන ඉන්නවා දකිනවා. ජෝන් ඒ කෙනාගෙන් ප්‍රශ්න කරද්දී සින්ඩිගේ ඩයරියක් ජෝන්ට ඒ කෙනා දෙනවා. හැබැයි ඒ වගේම එයා කියනවා එයාගේ නංගී මරීයා දැන් දවස් කීපයක ඉදන් අතුරුදහන් කියලා. ඒ වගේම පොලිස් නිලධාරිිනියත් කියනවා ෆවේලා වල පොඩි ළමයි කිහිප දෙනෙක්ම මේ විදිහටම අතුරුදහන් වෙලා කියලා. ඉතින් ජෝන් එයාගේ වැඩ පටං ගන්නවා. ඒ තමන්ගේ සහෝදරියට සිඳුවුන අපරාධය ගැන හොයාගන්න. නමුත් සිද්ධ වෙන්නේනම් ලොකුම ලොකු වෙනස්ම ආකාරයේ දෙයක්. මොකද අතරමඟදී ජෝන්ට දැනගන්න ලැබෙනවා සින්ඩි සමාජ සේවිකාවක් විදිහට ෆවේලා වල හිටියට සින්ඩි වෙන විදිහක යම් පරීක්ෂණයක් ෆවේලා වල සිඳුකරපු බවට. ඉතින්…
බලන්න මොකක්ද මේ පරීක්ෂණය සින්ඩි කරපු කියලා. ඒ වගේම සින්ඩිට මොකද උණේ, මරීයාට මොකද උණේ, ෆවේලා වල අනිත් දරුවන්ට මොකද උණේ, ජෝන්ට මොකද වෙන්නේ, අවසානය කොහොම වෙයිද කියලා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
699 MB (HD) කොපිය මෙතනින් බාගන්න
61DDDA5328ECBCAB651706756D64F0F450E3C2BA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,337 downloadsDownload Falcon.Rising.2014.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
41 comments
තිසර නියෝ (Thisara Buddhika)
yashan
එල එකක් වගේ සහෝ
තෑන්ක්ස් වේවා..!වරුණ රංගජිත් (වරූ)
ela..ela...
තවත් එකක් ඉමනටම අරගෙන එමු...
supiri...
ජයම වේවා...!!!Mahesh
sub ekata thanx aaaaaaa
dilanka
niyama film ekak ne dila thiyenne.. thanks......
sura
aiye sorry oyage post pawicchi karnda wunata mama robot teligu
fillm ekata sub danda saha meakata eaka enter karan ne komada
komada meake admin connect karnne
ශාන් විමුක්ති [විමා]
[email protected]
ඕකට ඊ මේල් එකක් දාන්න සහෝ#ChalinduDeshan (කිනා)
සම්පූර්ණ ෆිල්ම් එකේම දෙබස් (ලයින්ස්) සිංහලට පරිවර්ථනය කලාට පස්සේ ඒ නෝට්පෑඩ් ෆයිල් එක අපිට එවන්න… ඉතිරි වැඩකටයුතු අපේ ටීම් එක බලාගනීවී…
ඒ එක්කම අදාල ෆිල්ම් එකට, බයිස්කෝප් අඩවියේ දැනට යනවිදියේ ලිපියකුත් ලියලා එවන්න. මොකද සබ් දාලා ඉවර උනා කියන්නේ ඔයාට ෆිල්ම් එක ගැන සම්පූර්ණ වැටහීමක් තියනවනේ…
සබ් එක අපිට ලැබුනට පස්සේ ඒක අපි බලලා අදාල වෙනස්කම් කරලා අනික් ලැබිලා තියන සබ් වල අනුපිලිවලට ඔබ එවන සිංහල උපසිරැසියත් බයිස්කෝප් අඩවියේ පළකරන්න අපි සූදානම්.
සබ් එක සහ ලිපිය එවිය යුතු ලිපිනය - [email protected]
Kulanjana Maduranga
supirima filumak wge.ela ahhhhhhhhhhh......subata thanks KINA saho.digatama sub denn.jaya wewa........
Sameera
thanks......
SHAKIL
super macho.. kalekin niyama film 1k. thanks jaya wewaaaa
අදිත ප්‍රවීන්
නියමයි !
කාලෙකින් සුපිරි චිත්‍රපටයක් ගෙනල්ලා වගේ .
බොහොම ස්තුතියි උපසිරැසියට !ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි කිනෝ සබ් එකට
සැහෙන කාලෙකින් ෆිලුමක් අරන් ඇවිත් තියෙන්නේ ඈ :DJack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකටනුවන්ත දුලාන්
නියමයි සහෝ,, බොහොම තුති....!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ කිනෝ සර්,
කියල තියෙන විදියටනම් සුපිරි බඩ්ඩක් වගේ..
සුපිරි බඩු ඉතිං අතැරලා කෝමෙයි ඉතිං නේ...
ගොඩ කාලෙකින් නේද සුපිරි බඩ්ඩක් බැස්සුවේ..
ඔන්න එහෙනම් ඉතිං ගන්නවා..
ජය වේවා කියලත් කියනවා ඔන්න...Chandana
බොහොම ස්තුතියි ! :)
නලින්
ස්තුතියි කිනා!
ජය වේවා!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න බැවා සුපිරි චරිතයක්නේ නෙබලා කොහොමද...
සුභපැතුම්.. ස්තුතියි.
ජයවේවා...!$ඉසු ඩිපි (Isu DP)
නියමයි කිනා සහෝ..
ගොඩ කාලෙකින් නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!silent$
thanx bro ~
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ගයාන් රූකාන්ත (ජෝනා)
තව ටික දොහක් බලලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න හිතාගෙන උන්නේ කිනා මිසින් කියලා
ඇයි ඉතින් වෙනදා සතියකට සබ් එකක් දෙකක් ගෙන මිනිහා මාසයක් විතර ගිය දිහාක් නැනේ
කමක් නැ ඔය ඇවිත් ඉන්නේ සුපිරි භාණ්ඩයක් එක්කලාම ඔන්න මමත් සබ ගත්තා කිනෝ
සබට තුති ජය!!! :) :)prasa
supiri…
ජයම වේවා…!!!ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති.Nelson
Good Work Friend, Thanks!
“චූටී මල්ලි”
හොදා වගෙ මචෝ
සබට තුති
ඔබට ජය....................Dilshan kalinga
දැන් නම් මේ වගේ එව්වා බාලා බලන්නේ නෑ.\කොහෙන් හරි හම්බෙනවා කියල දන්නවනේ.
අනිවා හොයාගෙන බලන්න ඕනේ.
එදා වෙනුවෙන් සබට තුති බන්.රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan sampath
Thanks saho...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Chanaka Hasitha Naveendra
meka pattai kolloooo elaaaa nobalapu aya balana
Ninja
Onna math bewa.... Michael Jai White kiyanne supiri fighter kenek. Aniwa hamoma balanna ona film ekak...
kavi
thanx kena ...sahooo...jaya wewaa !!!!!!!
Tharindu Athukorala
ela ela
dulitha.chiran
Thanks
Rumesh Asanka
thank you
THISANGA
FILMA balala comment ekak dan yannan
Anonymous
Thanks
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)