Falimy (2023) Sinhala Subtitles කාලයක් උණුසුම් මලයාලම් චිත්‍රපටි ගෙනාවට පස්සෙ ආයෙත් ඔන්න ලස්සන මලයාලම් කොමඩියක්. මේක ගැන ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටියෙ OTT release වෙනකල්. ඔන්න 18 වෙනිද ආව. දැනට IMDB 7.0 ක් තියෙන නිතින් සහදේව්ගෙ පළමු අධ්‍යක්ෂනය මේ. මේක පවුලෙ කතාවක්. නම දැක්ක ගමන් තේරෙනවනේ. ඒත්…
Falimy (2023) Sinhala Subtitles
කාලයක් උණුසුම් මලයාලම් චිත්‍රපටි ගෙනාවට පස්සෙ ආයෙත් ඔන්න ලස්සන මලයාලම් කොමඩියක්. මේක ගැන ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටියෙ OTT release වෙනකල්. ඔන්න 18 වෙනිද ආව. දැනට IMDB 7.0 ක් තියෙන නිතින් සහදේව්ගෙ පළමු අධ්‍යක්ෂනය මේ.
මේක පවුලෙ කතාවක්. නම දැක්ක ගමන් තේරෙනවනේ. ඒත් අකුරක් පැටලිලා වගේ නේද? ඔව් ෆැමිලි නමේ අකුරු පැටළුන වගේම පවුලත් පැටළිලා. සීයා. තාත්තා, අම්ම, පුතාල දෙන්න ඉන්න පවුලකට කොච්චර ලස්සනට ඉන්න පුළුවන්ද? ඒත් ඔක්කොම එකිනෙකාට වෙනස් පුද්ගලයො නිසා පවුලම මඤ්ඤං. ලෝකෙ එහෙම තියෙන එකම පවුල නෙමෙයි නේ. ගොඩක් පවුල් එහෙම තමයි.
මේකෙ සීයා අවුරුදු 82ක්. ඒ මනුස්සය නිතරම ගෙදරට හොරෙන් පැනල යන්න හදනවා බරණැස් වල වන්දනාවකට. කිලෝ මීටර් 2500ක් විතර දුර. ඒත් කොහෙන් හරි ස්ටේශමට යන කොට කාට හරි අහුවෙලා ආපහු ගෙදර ගෙනත් දානවා. කම්මැලි, නිදිමත ආත්මාර්ථකාමී තාත්තෙක් ඉන්නවා මෙලෝ දෙයක් නොකරන. ලෝකෙ කඩා වැටුනත් ගාණක් නෑ. අම්මා තමයි සේරම ගෙදර රන් කරන්නෙ. බාල සහෝදරයගෙ එකම සිහිනය එංගලන්තයට පනින එක. ඒත් ඒ සිහිනයට යන්න තරම් මිනිහගෙ ලොකු කැප වීමකුත් නෑ. ලොකු එකා තමයි ප්‍රධාන චරිතය. ඌ අහිංසකය ටිකක් පවුල ගැන හිතනවා ඒත් අත ගහන කිසිම වැඩක් හරි යන්නෙ නෑ. එයාගෙ කසාදෙටත් ඒකමයි වෙන්නෙ. අන්තිම දවසෙ ඒකත් අවුල් වෙනවා.
Falimy (2023) Sinhala Subtitlesඅවුලෙන් ඉන්න එයා ඔන්න සීයව බරණැස් අරන් යන්න තීරණය කරනවා. ඔන්න අනිත් අයත් ඒකට එකතු වෙනවා. කට්ටිය පවුලක් හැටියට කාලෙකට පස්සෙ ඔන්න චාරිකාවක් යනවා. ඔන්න චාරිකාව ආරම්භ කරනවා ත්‍රිවේන්ද්‍රම් සිට කෝච්චියෙන්. එතැන් සිට මුළු කතාවම දුවන්නෙ ඒ අපූරු චාරිකාව ගැන තමයි. අත ගහන හැම දේම වරදින ඒත් අහිංසක අපේ කතා නායකයා කට්ටිය බරණැස් එක්ක යයිද? පවුලක් හැටියට එකමුතුව මේ දීර්ඝ චාරිකාව යයිද? ත්‍රාස ජනක උනත් බලන අපිට නම් විනෝදෙන් බලා ගෙන ඉන්න පුළුවන් එයාලගෙ මේ අපූරු සිදුවීම් පෙළක් සහිත මේ චාරිකාව දිහා.
Falimy (2023) Sinhala SubtitlesBASIL JOSEPH, JEGADISH, MANJU PILLEI ප්‍රධාන චරිත රඟපානවා. නත්තලට කම්මැලි නැතුව උණු උණුවෙම බලන්න. නැවත හමු වෙමු.
ප්‍රීතිමත් නත්තලක් වේවා!
ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
10,727 downloadsDownload Falimy-2023.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Falimy (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
14 comments
Netflix පිස්සා
Kesh
හොය හොයම හිටි ෆිලුමක් ස්තුතී
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌malith
malayalam film download karanna hoda ite ekak plzz
විමා
අපේ ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අරගන්න
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Kavi
බොහොම ස්තූතියි සහෝ
ඉක්මනටම උපසිරැසි ලබාදුන්නට
ජය වේවා!Bandara
Thanks a Lot "Bandula"
Kanchana
ස්තුතියි ඔබට
Kasun
ලස්සන සලරුවක් සහෝ. ඔයාගෙ උපසිරැසි වලින්මයි මලයාලම් බලන්නෙ. දිගටම දෙන්න අපි බලනවා ❤️
Anonymous
supiriyak
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Falimy (2023) Sinhala Subtitles | අවුල් පවුල් වන්දනාව. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Falimy-2023-Cover-02.jpg)

අඩෝ මලයාලම් නම් සුපිරියක් තමයි, එල් බ්රෝ