Watch Trailer

The Family Plan (2023) Sinhala Subtitles | සමුදුන් අතීතය යළි පසුපස හඹා එයි [සිංහල උපසිරසි]

The Family Plan (2023) Sinhala Subtitles ආයුබෝවන්! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද මං ඔයාලට අරගෙන එන්නෙ The Family Plan (2023) චිත්‍රපටයට උපසිරැසි. මේ දෙසැම්බර් මස 15 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නෙ. බොහොම ඉක්මනට මේකට උපසිරැසි දෙන්න බලාපොරොත්තු ඇතුව හිටියත්, ති…

The Family Plan (2023) Sinhala Subtitles

ආයුබෝවන්! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද මං ඔයාලට අරගෙන එන්නෙ The Family Plan (2023) චිත්‍රපටයට උපසිරැසි. මේ දෙසැම්බර් මස 15 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නෙ. බොහොම ඉක්මනට මේකට උපසිරැසි දෙන්න බලාපොරොත්තු ඇතුව හිටියත්, තිබෙන කාර්යයබහුල තාවයත් එක්ක ඒක කරන්න බැරිවුන එකට නම්, හැමෝගෙන්ම සමාව භජනය කරනවා. හරි, ඒ කොහොම වුනත් මේ ෆිල්ම් එකට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු අපේ විමා සහෝවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕන. මොකද එහෙම නොකළොත් ඒක ලොකු අඩුවක්.

කතාව පැත්තට හැරුනොත්, The Family Plan (2023) කියන මේ ෆිල්ම් එක, ඇක්ෂන්, කොමඩි ගණයට තමයි අයත් වෙන්නෙ. මේ වෙද්දි IMDb දර්ශකයේ 6.3 ක අගයක්ද ගූගල් පරිශීලක අගය 74% ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 26% ක අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ ඉන්නෙ කවුද කියලා නොකියාම බැරි නිසා මං ඒ ගැනත් සඳහන් කරන්නම්. මෙහි ඩෑන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කවුරුත් ආදරේ කරන Mark Wahlberg විසින්. ඊට අමතරව Michelle Monaghan, Zoe Colletti, Van Crosby යන අයද රංගනයෙන් දායක වෙනවා.

මේ වෙද්දි ඔයාලා ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවානාම්, ඔයාලට යම් අදහසක් ඇති, මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ කොහොම වුනත් මං කතාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. ” ඩෑන් කියන්නෙ පියෙක්. ඒ වගේම තමන් විතරක් දන්න අතීතයක් ඔහුට තියෙනවා. ඒ ජීවිතේ අතෑරලා ඔහු ආදරයක් හොයාගෙන දරු පවුලක් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි තමන් සමුදුන් අතීතය කවදාවත් ඔහුව අත්නොහැර ඔහු පසුපස පන්නන්නවා.” කතා තේමාව ටිකක් විතර පොදු පූර්ණ වුනත් කිසිම කම්මැලිකමින් තොරව, වෙලාව යනවා තේරෙන්නෙ නැතුවම හැමෝටම රසවිඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.

ඒ නිසා මඟහැර ගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං ගිහින් එන්නම්.

හැමෝටම සුභ දවසක් ජයවේවා!

 

The Family Plan (2023)

Initial release: December 15, 2023

Director: Simon Cellan Jones

Distributed by: Apple TV+

Production companies: Apple Original Films; Skydance; Municipal Pictures

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

30,598 downloadsDownload The-Family-Plan-2023.zip113 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

30,598 downloadsDownload Subtitles113 KB

19 comments

  1. Madusha

    බොහොම ස්තූතියි සගෝ.සබ් දෙනකම් බලන් හිදියෙ.❤️‍

  2. Kavindu Nethmina

    Sub ekata Thanks bro

  3. Anonymous

    Thanks sago sub ekata ❤️

  4. Anonymous

    tere bin laden film walata sinhala subtitle denna puluwanda

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රුකා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Please……..

    The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023)
    Thanksgiving (2023)
    Silent Night (2023)
    Finestkind (2023)
    Fast Charlie (2023)
    Leave the World Behind (2023)
    Family Switch (2023)

  6. Hashan

    Thanx for the sub bro!!!!!!!!!!!

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  9. Buddhika Lakmal

    පට්ට ෆිලුමකට සබ දුන්නට බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ

  10. lakshan

    thanks ...................

  11. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub

  12. Roshan

    Thnx bro.Great job.Good luck.

  13. Anonymous

    Thanks Brother

  14. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  16. Anonymous

    thnx bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anonymous

    Thanks bro..

  19. mindika

    Thanks !!!