The Iceman (2012) Sinhala Subtitles හිතවතුනි ඔබ සැමට සුබ දවසක්, මේ වතාවේ මං සිංහල උපසිරැසි යෙදුවේ 2012 නිකුත් වුණු, Ariel Vromen විසින් අධ්‍යක්ෂණය කළ The Iceman නම් ත්‍රාසජනක හොලිවුඩ් සිනමා පටයටයි. මේ සිනමාපටය ගොඩනඟා ඇත්තේ 1935-2006 අතර කාලයේ එක්සත් ජනපදයේ ජීවත් වුණු රිචඩ් කුක්ලින්ස්කි නම් නිර්දය ක…
The Iceman (2012) Sinhala Subtitles
හිතවතුනි ඔබ සැමට සුබ දවසක්, මේ වතාවේ මං සිංහල උපසිරැසි යෙදුවේ 2012 නිකුත් වුණු, Ariel Vromen විසින් අධ්‍යක්ෂණය කළ The Iceman නම් ත්‍රාසජනක හොලිවුඩ් සිනමා පටයටයි. මේ සිනමාපටය ගොඩනඟා ඇත්තේ 1935-2006 අතර කාලයේ එක්සත් ජනපදයේ ජීවත් වුණු රිචඩ් කුක්ලින්ස්කි නම් නිර්දය කුලී ඝාතකයාගේ කතාව ඇසුරින් ඇන්තනී බ්රූනෝ විසින් රචනා කළ “හිම මිනිසා: සාහසික ඝාතකයෙකුගේ සත්‍ය කතාවක්” (The Iceman: The True Story of a Cold-Blooded Killer ) කෘතිය සහ ජේම්ස් තිබෝට්ගේ “හිම මිනිසාගේ හඬ පට: ඝාතකයෙක් හා කෙරුණු සංවාද” (The Iceman Tapes: Conversations with a Killer) වාර්තා වැඩසටහන පාදක කරගෙනයි.
2012 අගෝස්තු වල ‘වැනිස් ජාත්‍යන්තර සිනමා උළලේ’දී මුල් වරට තිරගත කෙරුණු The Iceman එක්සත් ජනපදයේ සිනමාහල් වල තිරගත කෙරුණේ 2013 මැයි 03 වැනිදායි. සිනමාපටය රූගත කෙරුණේ ලොස්ඇන්ජලීස්,කැලිෆෝනියා, නිව්යෝක්, සහ ශ්‍රේවපොට්, ලුසියානා වලයි. The Iceman සිනමාපටය IMDb දර්ශකයේ මනාප 78,000 කින් 6.8/10 ක අගයක් ලබාගන්නට සමත් වුණු අතර Rotten Tomatoes අඩවියේ 66% ක approval rating අගයක් ලබාගනිමින්, ප්‍රතිචාර 128කින් 6.2/10ක සාමාන්‍ය අගයක් ලබාගන්නට ද සමත් වුණා.
කවුද මේ හිම මිනිසා හෙවත් රිචඩ් කුක්ලින්ස්කි කියන්නේ? රිචඩ් ලෙනාඩ් කුක්ලින්ස්කි (අප්‍රේල් 11, 1935 – මාර්තු 5, 2006) ඇමරිකානු අපරාධකරුවෙකු වුණු අතර මිනීමැරුම් ගණනාවක් සඳහා චෝදනා ලැබුවෙක්. කුක්ලින්ස්කි ඔහුගේ වැඩිහිටි ජිවිතයේ වැඩි කාලයක් ගත කළේ සාපරාධි ක්‍රියාවන්හි නිරත වෙමිනුයි. ඔහු ගෙවල් බිඳින කල්ලියක් පවත්වාගෙන ගිය අතර අනවසරයෙන් ලබාගත් අසභ්‍ය වීඩියෝපට බෙදාහැරීමේ ද නිරතව සිටියා. 1980 සිට 1984 දක්වා අවම වශයෙන් මිනීමැරුම් පහක් ඔහු විසින් සිදු කළ බවට විශ්වාස කෙරෙනවා. අභිචෝදකයන්ගේ අදහස අනුව ඔහු ලාභය ඉපැයීම වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන සිදු කළ අයෙක්. ඔහුගේ මූලික ආදායම් මාර්ගය වුණේ, ලාභදායි ව්‍යාපාර වලට ආයෝජනය සඳහා පොරොන්දු ලබා දී මිනිසුන් රහස් හමුවීම් සඳහා පොළඹවා ගෙන, ඔවුන් මරා දමා මුදල් පැහැර ගැනීමයි.
තමන්ගේම සහායකයන් දෙදෙනෙක්ද ඔහු විසින් ඝාතනය කෙරුණේ පොලිසියට ඔත්තු සපයන්නන් වීම වැළක්වීමේ අරමුණින්. කෙසේ වෙතත් තම බිරිඳ වුණු කුක්ලින්ස්කිගේ ගෙවල් බිඳුම් කල්ලිය ගැන කෙරුණු විමර්ෂණ ඔස්සේ ඔහුව මිනීමැරුම් කිහිපයක් සඳහා සම්බන්ධ බව අනාවරණය වීමත් සමඟ 1988දී පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙනවා. තමා කළ ඝාතන පාපොච්චාරණය කිරීමෙන් පසු, කුක්ලින්ස්කි ලේඛකයන්ට, අභිචෝදකයන්ට, අපරාධවේදීන්ට, සහ මනෝචිකිත්සකයන්ට ඔහු විසින් විවිධ සම්මුඛ සාකච්ඡා ලබාදී තිබෙන අතර, තමා විසින් මිනිසුන් 100ත් 200ත් අතර පිරිසක් සාහසික ලෙස මරා දමා ඇතැයි ඔහු විසින් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මේ අතිරේක මිනීමැරුම් කිසිදිනෙක ඔප්පු වුණු ඒවා නොවන බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට පත්වන තුරුම කුක්ලින්ස්කි සිය දෙවැනි බිරිඳ වුණු බාබරා කුක්ලින්ස්කි සහ දියණියන් දෙදෙනා සමඟ ඉතා ආදරණීය පියෙකුගේ ස්වරූපයෙන් නිව් ජර්සි හි ඩියුමොන්ට් වල නිවසේ කාලය ගත කළා. ඔහුගේ පළමු විවාහයෙන් ද පුතුන් දෙදෙනෙකු සිටියා. බාබරා සහ දියණියන් දෙදෙනාට කාරුණික ආදරණීය සැමියෙක් සහ පියෙකු වුණු කුක්ලින්ස්කි, ඇතැම් අවස්ථා වලදී කෝපයට පත්ව ප්‍රචණ්ඩ ලෙස හැසිරුණද, ඔවුන් කිසිවෙක් රිචඩ් කුක්ලින්ස්කිගේ සැබෑ ජීවිතය ගැන හෝ ඔහු විසින් සිදු කළ අපරාධ, ඝාතන ගැන දැනුම්වත්ව සිටියේ නැහැ. ඔහුට හිම මිනිසා යන අන්වර්ථ නාමය පට බැඳුණේ ඔහු විසින් ඝාතනය කෙරුණු එක් පුද්ගලයෙකුගේ මළසිරුර, මියගිය වෙලාව සැඟවීම පිණිස අධිශීතකරණයක දමා තබා ගැනුණු නිසයි.

රිචඩ් කුක්ලින්ස්කි, ඔහුගේ බිරිඳ බාබරා කුක්ලින්ස්කි, දියණියන් දෙදෙනා මෙරික් සහ ක්‍රිස්ටීන් සමඟ. (පසුව ඔවුන්ට ඩ්වේන් නම් පුතෙක්ද ලැබුණි)
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන රිචර්ඩ් කුක්ලින්ස්කිගේ චරිතයට පණ පොවන්නේ Michael Shannon විසින්. ඊට අමතරව Friends කතාමාලාවෙන් රොස් ගෙලර් ලෙස ජනප්‍රිය වුණු David Schwimmer මේ කතාවේ ජෝෂ් රොසෙන්තල් ලෙස (ඊට පාදක කරගත් සත්‍ය චරිතයේ නම හාවී රොසෙන්බර්ග්) ලෙසින් රංගනයෙන් දායක වෙනවා. එමෙන්ම කැප්ටන් ඇමරිකා ලෙස ජනප්‍රිය වුණු Chris Evans මෙහි Robert “Mr. Freezy” Pronge (Robert “Mister Softee” Prongay නම් සත්‍ය පුද්ගලයා ඇසුරින් නිර්මිත චරිතයක්) ලෙසින් රංගනයෙන් දායක වෙනවා. 1993 දී නිකුත් කෙරුණු The Iceman Tapes: Conversations with a Killer වාර්තා වැඩසටහනේ අන්තර්ගත වුණු කුක්ලින්ස්කිගේ සත්‍ය හඬ, මෙම සිනමාපටයේ Shanon ගේ නිරූපණය සඳහා යොදාගත් බව ද අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
මෙම සිනමාපටයට දක්වූ විශිෂ්ඨ රංගන දායකත්වය අගයමින් 2013 Newport Beach Film Festival සිනමා උළලේදී Michael Shannon වෙත Outstanding Achievement in Acting සම්මානය පිරිනැමුණු අතර, 2012 Capri, Hollywood සම්මාන උළලේදී අධ්‍යක්ෂක Ariel Vromenට Capri Breakout Director Award සම්මානය පිරිනමනු ලැබුවා. කෙසේ වෙතත් විචාරකයන්ගේ ප්‍රතිචාර මිශ්‍ර ප්‍රතිචාර වුණා. බොහෝ දෙනාගේ අදහස වුණේ මුළු චිත්‍රපටයම අභිබවමින් Michael Shannonගේ විශිෂ්ඨ රංගනය කැපි පෙනෙන මට්ටමක තිබුණු බවයි.

The Iceman සිනමා පටයට පාදක වුණු සත්‍ය චරිත සහ ඒ චරිත වලට රංගනයෙන් දායක වන රංගන ශිල්පීන්
The Iceman (2012) රංගන ශිල්පින් සහ ශිල්පිනියන්
- Michael Shannon රිචර්ඩ් කුක්ලින්ස්කි ලෙස
- Winona Ryder ඩෙබරා කුක්ලින්ස්කි ලෙස (බාබරා කුක්ලින්ස්කි නම් සත්‍ය චරිතය පාදක කරගනිමින් )
- Chris Evans රොබට් ප්‍රොන්ග් හෙවත් මිස්ටර් ෆ්‍රීසි (රොබර්ට් ප්රෝන්ගේ නම් චරිතය පාදක කරගනිමින්)
- Ray Liotta රෝයී ඩෙමේයෝ ලෙසින්
- James Franco මාර්ටි ෆ්‍රීමන් ලෙසින්
- David Schwimmer ජෝෂ් රොසෙන්තාල් (ක්‍රිස් රොසෙන්බර්ග් නම් චරිතය පාදක කරගනිමින්)
- Stephen Dorff ජෝසප් කුක්ලින්ස්කි ලෙස
- Erin Cummings එලන් ලෙස
- Robert Davi ලියෝ මර්ක්ස් ලෙස (ඇන්තනී ගැගී පාදක කරගනිමින්)
- Weronika Rosati ලිවී ලෙස
- John Ventimiglia මයිකි ස්කිකොලි ලෙස
- Christa Campbell ඇඩෙල් ලෙස
- McKaley Miller ඇනබෙල් කුක්ලින්ස්කි ලෙස
- Danny A. Abeckaser ඩිනෝ ලප්‍රෝන් ලෙස
- Ryan O’Nan ටෙරී ෆ්රන්සෝ ලෙස (ජෝර්ජ් මිලිබෑන්ඩ් පාදක කරගනිමින්)
- Eduardo Yanez ඩොමිනික් පෘවෙන්සානෝ ලෙස
- Vincent Fuentes J.C. ලෙසින්
- Ashlynn Ross ඇලෙක්ස් ලෙසින්
- Steven Hinckley සිරමැදිරි මුරකරු ලෙසින්

1983 ජනවාරි 18 වැනි දින රිචඩ් කුක්ලින්ස්කි අතින් ඝාතනය වුණු රෝයි ඩිමේයෝගේ මළ සිරුර, කාර් රථයක ඩිකියේ තිබී හමුවුණු අතර ශීත දේශගුණය නිසා එය ඉක්මණින් මිදී තිබුණා.
එහෙම නම් The Iceman විශිෂ්ඨ සිනමා නිර්මාණය සිංහල උපසිරැසි සහිතව රසවිඳින්නට ඔබට අවස්ථාව තිබෙනවා. මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ The.Iceman.2012.720p.BluRay.x264.YIFY පිටපතටයි.
මෙහි සංවේදී දර්ශන සහ නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්. ඒ වගේම මෙහි භාවිතා කෙරුණු ඉංග්‍රීසි භාෂා ශෛලියට ගැළපෙන පරිදි සිංහල පරිවර්තනයේද සුදුසු පරිදි අසභ්‍ය වචන භාවිතා කර තිබෙන බවද කාරුණිකව සලකන්න!!
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මණින් ඊළඟ සිංහල උපසිරැසියෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BLURAY පිටපත සඳහා ලබා දී ඇත.
5,482 downloadsDownload The-Iceman-2012.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
10 comments
Anonymous
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
ෆිල්ම් එකනං බලල තියෙන්නේ.. ඔයාගේ සබ් එක්ක ආයේ බලනවා....Thoros
ස්තූතියි සහෝ මේ වගේ චිත්‍රපට වලට sub දෙන එක ගැන.දැන් එන film ඉස්සර ඒවා තරන් quality නෑ.
Anonymous
Balanna barida
Sanupa Ranmeth
උපසිරසියට ගැළපෙන පිටපත් එක්කෝ අපේ ඩවුන්ලෝඩ්ස් අඩවියෙන්, නැත්නම් අපේ ටෙලිග්‍රෑම් group එකෙන් සර්ච් කරල ගන්න සහෝ.
Anonymous
Thanks Brother
Shanuka Rathnayake
thanks
Dewadithya
Thanks for Sub!
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Iceman (2012) Sinhala Subtitles | කුලී ඝාතකයෙකුගේ සත්‍ය කතාවක්…. [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/The-Iceman-2012-1.jpg)

Thanks jayawewa....!