Family Star (2024) Sinhala Subtitles ආයුබෝවේවා! කාලෙකින් ඔන්න තවත් ෆිලුමකට සබ් එකක් අරන් එන්න හිතුවා. මුලින්ම සමාවෙන්න ඕන වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා සබ් එක අරන් එන්න. දේවරකොන්ඩාගෙ ෆිලුමක් නිසා අතාරින්න බැරි නිසා තමයි කොහොමහරි කරගෙන සබ් එක අරන් ආවේ. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන සබ් කරන්න කිසිම තල්ල…

Family Star (2024) Sinhala Subtitles

ආයුබෝවේවා! කාලෙකින් ඔන්න තවත් ෆිලුමකට සබ් එකක් අරන් එන්න හිතුවා. මුලින්ම සමාවෙන්න ඕන වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා සබ් එක අරන් එන්න. දේවරකොන්ඩාගෙ ෆිලුමක් නිසා අතාරින්න බැරි නිසා තමයි කොහොමහරි කරගෙන සබ් එක අරන් ආවේ. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන සබ් කරන්න කිසිම තල්ලුවක් නැති මේ කාලේ චැට් කර කර සබ් කරන්න උනන්දුව ඇති කරවන අපේ රවිඳු හේෂාන් මල්ලි, නවීන් මල්ලි ඇතුලු ඇඩ්මින් මඩුල්ලට. ඒ කතා පැත්තක තියලා හැරෙමු ෆිල්ම් එක පැත්තට.

2021 ඉඳන් දේවරකොන්ඩාගේ අසාර්ථක ෆිල්ම් ලිස්ට් එක මේකෙන්වත් ඉවරවෙයි කියලා බලන් හිටපු අපි වගේ ෆෑන්ස්ලාට හොඳ ආරංචියක් නම් නෙවෙයි මේ පාරත් ලැබුණේ. කෝටි 50ක් වියදම් කරපු මේ ෆිලුමෙන් කෝටි 20ක දළ ආදායමක් විතරයි උපයා ගැනීමට හැකියාව ලැබුණේ. ගොඩක් තැන්වල පිටපතට දොස් නගා තිබුනේ කිසි ගැළපීමක් නැති පිටපතක් විදිහටයි. දේවරකොන්ඩාට මේ වගේ පිටපතක් තෝරා ගැනීම ගැනත් දොස් නගලා තිබුණා. හැබැයි දේවරකොන්ඩා සහ මෘනාල් අතර තිබ්බ කෙමිස්ට්‍රිය ගොඩක් දෙනෙක්ගේ පැසසුමට ලක්වෙලා තිබුණා. ඒ වගේම අපි වගේ ෆෑන්ස්ලාට සතුටු වෙන්න, ආසාවෙන් බලා ඉන්න තිබ්බ එකම හේතුවත් මේ දෙන්නා අතර තිබ්බ කෙමිස්ට්‍රිය විතරයි. හැබැයි නොබලා ඉවත දාන්න තරම් අවුලක් නෑ කියන එකත් මතක් කරන්න ඕන.

Romantic Action Drama කැටගරි වලට අයිති වෙන මේ ෆිලුම නිකුත් වුනේ 2024 අප්‍රේල් මාසේ 05 වෙනිදා. Geetha Govindam වැනි අපි කාගෙත් සිත් ඇදගත් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ Parasuram විසින් තමයි පිටපත හා අධ්‍යක්ෂණය සිදුකර තියෙන්නේ. සංගීතය Gopi Sundar ගෙන්. IMdb දර්ශකයේ මේ වන විට 5.2 ක් වැනි අගයක් තමයි මේ චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ.

කතාව යන්නේ මෙහෙමයි, ගෝවර්ධන් කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. එයා තමන්ගේ පවුලම බලාගෙන, පවුලට මුල් තැන දීගෙන ඉන්න කෙනෙක්. තමන්ගේ සහෝදරයන්ගේ බිරිඳ, ළමයි, එතකොට ආච්චි ආදී සියලු දෙනාගේ වියදම් දරාගෙන පවුල නඩත්තු කරගෙන යන්නේ ගෝවර්ධන් විසින්. ඉතින් මෙයාගේ රස්සාවට අමතරව ආරවුල් විසඳලා එහෙමත් කීයක් හරි හොයාගන්නවා. ඉතින් මෙහෙම ජීවත් වෙන අතරේ මෙයාගේ අනුදැනුමකින් තොරවම මෙයා ඉන්න කාමරේ කුළියට දෙනවා එයාගේ ආච්චි සහ යාලුවෙක් එකතුවෙලා. ඉතින් ඒ සිදුවීමට හොඳටම කේන්ති ගිහින් ආච්චිටත් සද්දයක් දාලා එලවන්න කියලා යනකොට දකිනවා හිත කීරිගෑවිලා යන කෙල්ලෙක් තමයි කාමරේ කුළියට අරන් තියෙන්නේ. ඒ තමයි කතා නායිකාව ඉන්දු. ඉතින් ශේප් එකේ එතනින් මොකුත් නොකියා ඇවිත් ටික දවසක් යනකොට මේ දෙන්නා අතරේ පොඩි හුටපටයක් නොදැනීම ඇති වෙනවා. මේක හොඳටම යන අතරේ ඉන්දු තමන්ගේ යාලුවොත් එක්ක කතා කර කර ඉන්න දෙයක් ගෝවර්ධන්ට අහන්න ලැබෙනවා. මේ කතාවත් එක්ක තමයි සම්පූර්ණ කතාවම අනිත් පැත්ත ගැහෙන්නේ. ඉතින් මේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා බලන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ආයෙත් අවසාන වශයෙන් කියනවා. නොබලා ඉවත දාන්න තරම් ෆිලුමක් නෙවෙයි. බලන්න පුලුවන්.

තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා  අදාළ වේ.

29,514 downloadsDownload The-Family-Star-2024.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Family Star , Family Star (2024) Sinhala Subtitles, Family Star Sinhala Sub, 

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

29,514 downloadsDownload Subtitles63 KB

10 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සහෝ උපසිරැසියට....
    ජයවේවා....

    1. Anonymous

  2. baiscopelk ishu

    Sub ekata thx saho

  3. යුරාන් ධනුක (දනුවා)

    අම්මෝ දේවරකොණ්ඩගේ ෆිල්ම් එකක්නම් ශසිත් සහෝ තමයි
    උපසිරසියට බොහෝම ස්තූතියි හොදේ.

  4. Chanaka Sangeeth

    Thank you bro

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Nuran henuka

    ❤️

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  9. Upul

    thanks