1954 ජපානෙන් ලෝකෙට අඳුන්වලා දෙනවා වෙනස්ම මොන්ස්ටර් කෙනෙක්. 1945 පරමාණු බෝම්බයේ ජපානය ලද කම්පණය සිනමාකරුවන් ලෝකයට ඉදිරිපත් කරේ ඒ සතා හරහායි. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෝකෙම මේ වෙද්දි ජනප්‍රිය ගොඩ්සිලා. ඒ විදියට අඳුන්වල දුන්න ගොජිරා එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ගොඩ්සිලා ඉක්මනටම අන්තර්ජාතික පොප් කල්චර් එ…

1954 ජපානෙන් ලෝකෙට අඳුන්වලා දෙනවා වෙනස්ම මොන්ස්ටර් කෙනෙක්. 1945 පරමාණු බෝම්බයේ ජපානය ලද කම්පණය සිනමාකරුවන් ලෝකයට ඉදිරිපත් කරේ ඒ සතා හරහායි. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෝකෙම මේ වෙද්දි ජනප්‍රිය ගොඩ්සිලා. ඒ විදියට අඳුන්වල දුන්න ගොජිරා එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ගොඩ්සිලා ඉක්මනටම අන්තර්ජාතික පොප් කල්චර් එක වැළඳගත්තා.
මේ ගොඩ්සිලා ගේ වගේම මොනස්ටර්ස්ල ගොඩකම අයිතිය එදා ඉඳන් අද වෙනකල් තියෙන්නේ ජපානයේ Toho Co., Ltd එකට. ඉතින් මේ දවස්වල ජනප්‍රියම ගොඩ්සිලා ෆිල්ම් එක වන Godzilla Minus one ෆිල්ම් එක හැදුවෙත් ටෝහෝලා. ඒ කියන්නෙ ජපානෙන් හදන ෆිල්ම් වල තමයි ඔරිජිනල්ම මොන්ටර්ස්ල ටික ඉන්නෙ.
එතකොට මොකක්ද මේ ලෙජන්ඩරිල හොලිවුඩ් වල ගොඩ්සිලාල එක්ක නටන නාඩගම. ඉන්න එතනට එන්නම්.
මේ වෙද්දි ටෝහෝලා කරපු ගොඩ්සිලා ෆිල්ම් 33ක්, ඇමරිකන් ෆිල්ම් 5ක්, ටීවි ශෝස්/වීඩියෝ ගේම්ස්/නවල්ස්/කොමික් පොත් ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා.
ගොඩ්සිලා 1954 එද්දි කොන්ග් එහෙමත් නැත්නම් කින්ග් කොන්ග් එන්නෙ 1933දී. ඒ විදියට 1933දි ආව කොන්ග් අද වෙද්දි ගොඩ්සිලා වගේම විවිද ක්‍රම ඔස්සේ විවිද විදියට රසිකයො ගාවට ඇවිත් තියෙනවා. එදා ඉඳන් අද වෙකල් කොන්ග් ගේ අයිතිය තියෙන්නෙ RKO Pictures කම්පැණි එක යටතේ. ඉතින් කාලයාගෙ ඇවෑමෙන් අද වෙද්දි මේ සමාගම WB එක යටතේ තියෙන ආයතනයක්.
දැන් එමු මාතෘකාවට…
Warner Bros. Pictures එක්ක එකතු වෙලා අලුත්ම ෆිල්ම් එකක් හදන්න Legendary Pictures ලා ජපානෙ ටෝහෝ කම්පැණියත් එක්ක ගිවිසුමක් ගහනවා. ඉතින් මෙන්න මේ ගිවිසුම නිසා දෙවෙනි හොලිවුඩ් ගොඩ්සිලා ෆිල්ම් එක විදියට 2014දි ඩිරෙක්ටර් ගැරත් එඩ්වර්ඩ්ස් යටතේ GODZILLA ෆිල්ම් එක නිර්මාණය කරනවා. අවිවාදයෙන්ම මේ ෆිල්ම් එක එතෙක් මෙතෙක් නිර්මාණය උන හොඳම ගොඩ්සිලා ෆිල්ම් එක බවට පත් වෙනවා. මුලු ෆිල්ම් එක පුරාම ගොඩ්සිලා ගේ රන්ටයිම් එක විනාඩි 15ක් විතර උනාට ටයිටන්ලගෙ දැවැන්ත බව වගේම මොන්ස්ටර් මූවි එකක් නියන ෆීලින් එක හොඳටම දැනුනු මූවි එකක්.
මේ 2014 ෆිල්ම් එක සාර්තක උන නිසා ලෙජන්ඩරිලා තීරණය කරනවා එයාල සැලසුම් කරපු විදියට ටයිටන්ලාගේ සිනමා විශ්වයක් නිර්මාණය කරගෙන යන්න. ඒ 2014 ෆිල්ම් එකෙන් අඳුන්වල දුන්න මොනාර්ක් කියන රජයේ රහසිගත ඒජන්සිය මැදි කරගෙන. ඒකට ටෝහෝ ලගේ ටයිටන්කැරැක්ටර් වගේම RKO වල කින්ග් කොන්ග් යොදාගන්න තීරණය කරනවා. මේ සිනමා විශ්වය මොන්ස්ටර්වර්ස් එක විදියට නම් කරනවා.
මේ නිසා Kong: Skull Island මූවි එක නිර්මාණය කරන්න ලෙජන්ඩරිල සූදානම් උනා. RKO සමාගම WB ලාට අයිති උනත් කින්ග් කොන්ග් නමේ අයිතිය තිබුනු යුනිවර්සල් සමාගම එක්ක මේ ෆිල්ම් එක හදන්න සූදානම් වෙලා හිටියත්. පස්සෙ ලෙජන්ඩරිලා යුනිවර්සල්ලාගෙන් අයින් වෙලා WB එක්ක මූවි එක හදන්න තීරණය කරා. ඒ අනුව තමයි 2017 දී Kong: Skull Island මූවි එක තිරගත වෙන්නේ. King Kong නම යුනිවර්සල් සතුව තියෙන නිසා මොන්ස්ටර්වර්ස් එකේ ඉන්න කෙනා Kong විදියට හඳුන්වනවා.
2019 දි මොන්ස්ටර්වර්ස් එකේ තුන්වෙනි ෆිල්ම් එක වගේම දෙවෙනි ගොඩ්සිලා ෆිල්ම් එක විදියට Godzilla: King of the Monsters තිරගත වෙනවා. මේකට ගොඩ්සිලාට අමතරව ටෝහෝලාගෙන් ලයිෂන් එක අරගත්ත ගිඩෝරා, මෝත්‍රා, රොඩාන් කියන ටයිටන්ල ප්‍රධාන චරිත විදියට අරන් ආවා.
මේකෙන් පස්සෙ තමයි ලෙජන්ඩරිලා එයාල මුල ඉඳන් ප්ලෑන් කරපු මූවි එක හදන්න තීරණය කරන්නෙ. ඒ ගොඩ්සිලා ට එරෙහිව කොන්ග් මූවි එකක්. මේ නිසා එයාල නිවේදනය කරනවා Godzilla vs. Kong ෆිල්ම් එක. ඒ වගේම 2020දි කල් ඉකුත් උන ටෝහෝ ටයිටන් කැරැක්ටර් වල ලෙජන්ඩරිල ට තිබුනු ලයිෂන් එක ලෙජන්ඩරිල එක්ක ආයම අලුත් කරා කියල ටෝහෝලා නිවේදනය කරා.
2020 නොවැම්බර් රිලීස් කරන්න 2018 දීම ප්‍රඩක්ෂන් පටන් ගත්ත GvK මූවි එක කොවිඩ් පැන්ඩමික් එක නිසා තිරගත කරන්න උනේ 2021 මාර්තු 24 වෙනිදා. ඒ වගේම පැන්ඩමික් එක නිසා WB ලා එයාලගේ තනි තීරණයක් විදියට තියටර් එකට මේ මූවි එක රිලීස් උන දවසෙම HBO MAX (දැන් MAX) ස්ට්‍රීම් සර්විස් එකටත් රිලීස් කරනවා. (2021 ආව හැම මූවි එකක්ම WB ලා මේ විදියට තියටර් රිලීස් කරපු දවසෙම HBO MAX දැම්මා. ඔය නිසා තමයි WB ල එක්ක අවුරුදු ගානක් වැඩ කරපු ක්‍රිස්ටෝෆර් නෝලන් WB එක අතෑරල යුනිවර්සල්ලා ගාවට ගියෙත්) ඒ කාලෙ ආරංචි උන විදියට ලෙජන්ඩරිලත් WB එකත් එක්ක හීට් එකක් දාගෙන තිබ්බා GvK මූවි එක සහ Dune ෆිල්ම් එකේ HBO MAX රිලීස් එක ගැන. මේ හීට් එක නිසා ලෙජන්ඩරිලා 2022දී අවුරුදු ගානක WB ල එක්ක වැඩ කරපු එක නවත්තලා SONY එක්ක multi year ඩීල් එකකට ගිහින් තියෙනවා. ඒ උනත් ඒ වෙද්දි WB ල එක්ක කර කර හිටි ප්‍රොජෙක්ට් දිගටම WB ල එක්කම කරන් යන්න එයාල කටයුතු කරා. (මේ හින්ද තමයි DUNE PART TWO වගේම GODZILLA X KONG මූවි WB ල එක්ක කරේ.)
ඔන්න ඊලඟට මොන්ස්ටර්වර්ස් එක ටීවි සීරිස් පැත්තට යනවා. ලෙජන්ඩරිල Netflix එක්ක කොන්ග්ගෙ කතාව අරන් Skull Island (2023) ඇනිමේෂන් සීරිස් එකත් ඇපල් ටීවී ප්ලස් එක්ක ටයිටන්ල සහ මොනාර්ක් ඒජන්සිය අරන් Monarch: Legacy of Monsters (2023) ලයිව් ඇක්ෂන් සීරිස් එකත් නිර්මාණය කරනවා.
ඒ කතා ඇති. දැන් එමු මේ ලිපිය ලියන්න හේතු උන දවසේ මාතෘකාවට.
GvK 2021 ෆිල්ම් එකේ සාර්තකත්වය නිසා ලෙජන්ඩරිල තීරණය කරනවා ඒකට සීක්වල් එකක් හදන්න. ඉතින් මේකෙ ප්‍රතිඵලය තමයි 2024 රිලීස් උන Godzilla x Kong: The New Empire මූවි එක.
GvK මූවි එකේ වගේම මේකෙත් ඩිරෙක්ටර් වෙන්නෙ ඇඩම් වින්ගාර්ඩ් මහත්තය. මොන්ස්ටර්වර්ස් එක වෙනමම ලෙවල් එකකට අරන් එන්න එයාට හැකි උනා.
Godzilla x Kong: The New Empire කියන්නේ Godzilla vs. Kong (2021) ෆිල්ම් එකේ සීක්වල් එක සහ MonsterVerse එකේ පස්වන මූවි එක වෙනවා. මේක Godzilla ෆ්‍රැන්චයිස් එකේ 38 වන චිත්‍රපටය සහ King Kong ෆ්‍රැන්චයිස් එකේ 13 වෙනි මූවි එක වෙනවා.
කතාව පැත්තට පොඩ්ඩක් එන්නම්.
දැන් ඉතින් ටයිටන්ලා සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඇල්ෆ ටයිටන්ල දෙන්නෙක් විදියට කොන්ග් හොලෝ අර්ත් එකත්, ගොඩ්සිලා මතුපිට ලෝකයත් පාලනය කරනවා. ටිකෙන් ටික දෙන්නටම එයාලගේ රාජධානියට අලුත්ම තර්ජනයක් එනවා කියල දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා නාහෙට අහන් නැති මේ දෙන්න ට ආපහු සැරයක් එකට එකතු වෙන්න සිද්ද වෙනවා.
ගොඩ්සිලා කියන්නෙ ඇල්ෆ කෙනෙක්. ඒ අස්සෙ කොංග් කියන්නෙත් ඇල්ෆ කෙනෙක්. කිංග් ඔෆ් මොන්ස්ටර් ඉවෙන්ට් එකේ ගිඩෝරාව පරද්දල අන්තිමට ආයම ඇල්ෆ උන ගොඩ්සිලා ගෙ ඇල්ෆ කෝල් එක කොංග් ගානටවත් ගන් නෑ. ඉතින් දෙන්නට දෙන්න හම්බුනා කියන්නෙ ඇල්ෆලා දෙන්නෙක්ගෙ වලියක් තමා. කලින් වතාවේ දෙන්න මරාගෙන හොංකොං වලින් බාගයක්ම කෑලි කරා මතක ඇතිනෙ. යංතන් මෙකාගොඩ්සිලා නිසා පරණ තරහ පැත්තකට දාල එකට වැඩ කරන්න උනා. ඔන්න ඔය නිසා අන්තිමට ගොඩ්සිලා පොලව උඩ ඇල්ෆ ටයිටන් විදියට ඉද්දි කොන්ග් පොපොව මැද හොලෝ අර්ත් එකේ රජ කරන්න ගියා.
ඔන්න මේ පාර කතාව පටන් ගද්දි තත්වෙ ඔය විදියට තියෙන ගමන් තියෙන්නෙ. සෙරිසාවා එයාගෙ ගෙදරට මිසයිලයක් ගහපු නිසා ගොඩ්සිලා කොලෝසිම එයාගෙ ගෙදර ඇඳ විදියට තියන් ඉන්න ගමන් ඉදල හිටල ටයිටන්ල එක්ක පොඩි වලියකුත් දාගෙන ඉන්නව. හැබැයි එයාට එකපාරටම අනතුරු ඇඟවීමක් දැනෙනව. හිටිගමන් පොලොව උඩට ඇවිත් මොනාර්ක් එක ලගට එන කොන්ග්ගෙනුත් අමුතුම කලබලයක් පේන්න ගන්නව. ඒ අස්සෙ දැන් චූටි ලමිස්සියෙක් වෙලා ඉන්න ජියාටත් අමුතුම විශන් පේන්න ගන්නව.
හැමදේම කනපිට ගැහෙන්නෙ එකපාරටම. ගොඩ්සිලා පොලොව උඩ දෙවනක් කරන්න ගන්නව. ජියාට අමුතුම දේවල් දැනගන්න ලැබෙනව. ඒ අස්සෙ කොන්ග් පස්සෙන් හොලෝ අර්ත් එකට යන මොනාර්ක් එකේ සෙට් එකට මූන දෙන්න වෙන්නෙ හිතන්නෙම නැති දේකට.
හැමදෙයක්ම කැරකිල අන්තිමට නවතින්නෙ දරුනු හතුරො දෙන්නෙක් අස්සෙත් තවත් ටිව්සට් කීපයක්ම අස්සට.
ෆිල්ම් ගැන කියන්න තියෙන විස්තරේ මේක තමයි. මේ විස්තරාත්මක ලිපිය ලියල දුන්න තිසර අයියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. මීට අමතරව මටත් පුංචි දෙයක් කියන්න තියෙනවා ඒ තමයි ඔයාල ටයිටල් එකෙනුත් දැක්ක විදිහට මේ තමයි මගේ උපසිරැකරණ ගමනේ තුන්වෙනි කඩයිම නැතිනම් 150 වෙනි උපසිරැසි ගැන්වීම. හැම කෙනෙක්ම ඉතිං තමන්ගෙ උපසිරැසි කඩයිමකදි මොනාම හරි කියන නිසා මාත් පොඩි දේවල් ටිකක් කියන්නම් නැතිනම් ඔයාලට පුළුවන් සබ් එක අරන් ෆිල්ම් එක බලන්න යන්න දැං. 😉

2020 ජනවාරි 4 වෙනිද තමයි මගේ උපසිරැසි ගමන් මග ආරම්භ වෙන්නේ. එහෙම පටන් ගත්තු ගමන දැං අවුරුදු හතරකට වඩා කාලයක් පුරාවට කරගෙන එන්න හැකිවෙලා තියෙනවා සහ ඒ අවුරුදු හතරෙන් කැමතිම අවුරුද්දක් නම් කරන්න කිව්වොත් කියන්න තියෙන්නෙ ඒ 2023 අවුරුද්ද කියලයි. මොකද කිව්වොත් 2023 වසරේදී සෑහෙන්න ජනප්‍රියත්වෙට පත්වුණු ඉංග්‍රීසි චිත්‍රපට බොහෝ ප්‍රමානයකට උපසිරැසි කරන්න මට හැකියාවක් ලැබුණා සහ ඒවට බයිස්කෝප් රසික ඔබෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව හසන්ත අයියට විශේශ ස්තූතියක් නොකරම බෑ මොකද එයා තමයි මං දැනට කරපු වැඩිම ඩව්න්ලෝඩ් ප්‍රමානයකට හිමිකම් කියන චිත්‍රපට දෙකම වෙන් කරලා දුන්නේ, Ambulance (2022) සහ Transformers: Rise of the Beasts (2023).
ඉතිං මේ අවුරුදු හතරක් පුරාවට ආපු උපසිරැසි ගමන තනියෙන් ආපු ගමනක් නම් නෙවෙයි ඒකට සහෝදර උපසිරැසිකරුවන්ගෙන් සහ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙන්ද සෑහෙන උදව් උපකාර ලැබුණා. ඒ අයව නම් වශයෙන් මතක් කරන්න ගිහින් එක නමක් හරි මඟ හැරුනොත් ලොකු අසාධාරණයක් වෙන නිසා, මේ අවස්‍තාවෙදි බයිස්කෝප් කන්ඩායමේ උපසිරැසිකරණයේ නියුතු සියළුම සහෝදර සහෝදරියන්ට සහ ඇඩ්මින් මණ්ඩලයටද විශේශයෙන් ස්තූති කරනවා බයිස්කෝප් වෙබ් අඩවිය මෙච්චර සාර්ථකව තාමත් කරන් යන එකට.
තවත් පොඩි දෙයක් කියනවා නම් මෙච්චර කාලෙකට මේ වැඩේ කරගෙන ගියේ මූලිකවම හේතු දෙකක් නිසා, එකක් ආසාව අනික ඔබෙන් ලැබෙන ප්‍රතිචාර. හැබැයි දැන්නම් මේ වැඩේ කරන් යන්නෙ ආසාව නිසාම විතරයි මොකද ලගකදි ඉදන් වැටෙන කමෙන්ට් ප්‍රමානය නම් සෑහෙන්නම අඩු වෙලා තියෙන්නේ. ඒ නිසාම දැං ආසාවත් ටික ටික නැතිවීගෙන එනවා. ඒ වගේම මං දන්න උපසිරැසිකරුවන් ගොඩකටත් දැං මේ වැඩේ එපා වීගෙනයි එන්නෙ ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අඩු නිසා, ආසාව නිසාම තමයි දැං බොහෝ දෙනෙක් උපසිරැසිකරණයේ යෙදෙන්නේ. ඉතින් කියන්න තියෙන්නෙ නම් ඔයාල ගන්න උපසිරැසියත් එක්ක ඒ උපසිරැසිකරුවන්ටත් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලයි හැකි විදිහකින්. ඒකෙන් එයාලට තව තවත් ගුණාත්මක උපසිරැසි කරන්න ධෛර්‍යක් ලැබෙනවා. හැබැයි හැකිවිදිහෙන් කමෙන්ට් එකක් දාගෙන යන බයිස්කෝප් රසික ඔබට මගේ ස්තූතිය.
එහෙනම් මීට වඩා මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෑ, හැබැයි අවසාන වශයෙන් තවත් විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ අපේ සර්වසාධාරන විමා අයියට මොකද එයා තමයි මට මේ ෆිල්ම් එක බාරදුන්නෙ කඩයිම කරන්න. ඒ වගේම ෆිල්ම් එක වෙනුවෙන් සුපිරි ලිපියක් ලියල දුන්න තිසර අයියටත් හදපිරි ස්තූතිය! එහෙනම් ආයෙ දවසක හමුවෙමු, ජයවේවා!
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
46,767 downloadsDownload Godzilla.x.Kong_.The_.New_.Empire.2024-1.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Brian Tyree Henry
- #Dan Stevens
- #Kaylee Hottle
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Rebecca Hall
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sriram Raghavan
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sydney Sweeney
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
118 comments
Mayura
Aravinda Fernando
බොහොම ස්තූතියි...
දිගටම කරගෙන යාමට කාරුණිකව ඉල්ලනවා....
Sineth
ela ela denakam balgena hitiye thava oni essarahatath
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
BANDUKA K
උණුසුම් සුභ්පැතුම්!
Lahiru Ruchiran
thanks brother..
Anonymous
ස්තූතී
Sachith
Thanks for sub
PRABUDDHA
THANK YOU BRO.
jazz
බොහෝම ස්තුතියි සහෝදරයා
Gagan pabasara
සුභ පැතුම් ඉස්සරහටත් සුපිරි ෆිල්ම් ගෙන්න ❤️
Pasindu
සබට තුති සහෝ.. ඒ වගේම 150 වෙනි කඩයිමට සුබ පැතුම් ජයෙන් ජය.. ❤️
Shaggy
Congrats brother!!
Kavindu
Downlod karanna bane
Dinesh lakshan
Thnkz Bro.. Very Very Thankz
sam
jaya wewa sahodaraya.....
Supun
Tnqqqqq brother.... ❤️❤️❤️❤️❤️ Issarahatath supiri film gemu.. oyala dena sub aka nisa tama api film aka Rasa Kara Kara balanne.. Jaya weewaa...!!! Bs...!!!
Supun
150 weni sub akata suba pathanawa sahodaraya...!!! Jaya weewaa...!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Supiri film walata sub denna hekiyawa wedi weewaa...!!! ❤️❤️❤️❤️
Anonymous
thnks bro
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
Sashen
ජය වේවා සහෝදරයා
Sashen
ජය වේවා bro
ama gavesh
Thank you brother. keep it up.
Asanga kb
jayama wewa bosaa..
kusal
thanks boza sub ekta
Lasantha
Supiri
kavindu lakshan
Supuriyak
Anonymous
thnx bro
විමා - Admin
කඩයිම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් ඔලිව, මචෝ! වැඩක් බය නැතුව බාරදෙන්න පුළුවන් එල කොල්ලෙක්. හෙමින් හෙමින් මීළඟ කඩයිමටත් යමු එහෙනම්. තවත් කිං කොංග් - ගොඩ්සිලා මුවි එකක් ගහනවා කියනවනේ, ඒකෙන් 300වත් ගහන්න ඕනා ඔන්න ;)
Visitha Vimukthi
150 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරයා..!
එනකන් බලාගෙන හිටියේ
Kavidu Anjana
Supiri
Madusha
බොහොම ස්තූතියි
PCVENOM
thanks 200 gahamu
යුරාන් ධනුක (දනුවා)
150* ට උණුසුම් සුබ පැතුම් ඔලිව සහෝ... බයිස්කෝප් පවුලෙන් හම්බුන හොඳම මිත්‍රයෙක් තමයි. ඒ වගේම සිනමාව ගැන හොඳ දැනුමක් තියෙන උපසිරසි කරන්න පුදුම උණක් තියෙන කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාගේ උපසිරසිවල ගුණාත්මක බව ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. විමා කියලා තියෙනවා වගේ ඕනම වැඩකට බය නැතුව සෙට් කරගන්න පුළුවන් චරිතයක් තමයි. ඕනම උදව්වකට කවදාවත් බෑ නොකියන හොඳ කොල්ලෙක් තමයි. එහෙනම් සහෝ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. ඒ වගේම දිගටම උපසිරසි දෙමු හොදේ. ජයවේවා!!!
Anonymous
jaya
kavinda gamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Anonymous
super..thanks
Lahiru Bandara
තෑන්ක්ස් බ්‍රො සුපිරි ෆිල්ම් එකක්. එනකම්ම තමා බලන් හිටියෙ මෙක. එලම
මධුකප්‍රිය පෙරේරා
150 උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්! ඉක්මනින් අනිකුත් කඩයිම් පසු කරන්න ලැබේවා කියා පතනවා. උපසිරසියටත් ස්තුති වේවා!!!
සංජන චමෝද්
150 වන සිංහල උපසිරැසිකරණයට උණුසුම් සුභ පැතුම් අයියෙ.
සයිට් එකේ ඉන්න සිංහල උපසිරැසි කරන හොදම කෙනෙක් කියල කියන්න පුලුවන්. ❤️
ඉක්මනින් 200 වන උපසිරැසිය කරන්නත් හැකියාව ලැබෙන්න කියල විෂ් කරනවා.
ඒ වගේම,සිංහල උපසිරැසියට
ස්තූතියි.
randil manamperi
congrats thank you
Bhashitha Gimhan
❤
Anonymous
super
Chathura Lakshan
❤️❤️❤️ thanks ❤️❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
150 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා..
මෙතැනින් නොනැවතී 200 වෙනි උපසිරැසියෙන් ඉකමනින්ම හමු වෙමු..
ජය වේවා..lakmal
good luck bro....
keep up your good work.chanaka sasalanka
thanks bro
lakshan
thanks ...................
Tharanga sanjeewa
thanks bro
Anonymous
Thanks for your valuable time sharing to entertain us. Good Luck...!!!.
Shalini
Thank you jayawewa!!
Heshara
Congratulations and thanks a lot
Viraj
Thanks
Hashan
Thanx for the sub & Good luck bro...❤️
Chaminda
නියමයි.. ෴.එල. ෴.එල....
එනකම් බලා හිටියෙ. ආපු ගමන් දීල. තෑන්ක් යූ❣️❣️❣️❣️
Advertisement
![Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | දැවැන්තයින් එකවී ගැටෙන කල…! [සිංහල උපසිරසි] 150*](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Godzilla-x-Kong-2024-a.jpg)
150ට සුබ පතනවා.