හිතවත් බයිස්කෝප් වාසීන්ගෙන් අවසරයි. ඕං කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. වර්තමානයේ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක උපසිරැසිකරණයට වෙලාවක් නැතත් බයිස්කෝප් එකෙ තිසර අයියාගෙ ඉල්ලීමක් අහක දාන්න බෑ නොවෑ. අනික… මං වගේ පෝටර්හෙඩ් කෙනෙක්, හැරී පොටර් යුනිවර්ස් එකේ ෆිල්ම් එකකට සබ් ගහන්න තියෙන අවස්ථාවට ලේසියෙන් පයින…

හිතවත් බයිස්කෝප් වාසීන්ගෙන් අවසරයි. ඕං කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. වර්තමානයේ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක උපසිරැසිකරණයට වෙලාවක් නැතත් බයිස්කෝප් එකෙ තිසර අයියාගෙ ඉල්ලීමක් අහක දාන්න බෑ නොවෑ. අනික… මං වගේ පෝටර්හෙඩ් කෙනෙක්, හැරී පොටර් යුනිවර්ස් එකේ ෆිල්ම් එකකට සබ් ගහන්න තියෙන අවස්ථාවට ලේසියෙන් පයින් ගහලා දාවියෑ. 😏
ඉතිං හදිසි කාරයො ටික කෙලින්ම පල්ලෙහා ට ස්ක්‍රොල් කරලා සබ් එක ගන්න. කඩදාසිය ලිපේ තියලා ආව අය එහෙම කරද්දි අපි ටික නිවී සැනසිල්ලේ ෆිල්ම් එක ගැන කතා කරමු.😌 (ලිපියෙ ස්පොයිල්ස් අඩංගු වෙන්නෙ නෑ)
හැරී පොටර් කතාමාලාව කියන්නෙ හරියට මුහුදෙ තියෙන අයිස්කන්දක් වගේ. පේන අයිස් ටික තමයි ෆිල්ම් අටේ තිබ්බෙ.🤏🏻😉 එතකොට පොතේ තිබ්බට ෆිල්ම් එකේ නොතිබ්බ ටික වතුර යට තියෙන අයිස් තරං විශාලයි. පොතේ පරිශීලන ග්‍රන්ථයක් විදියට සදහන් වෙන Fantastic Beast and Where can Find Them පොතයි ග්‍රින්ඩවල්ඩ්ගේ පළමු මායා යුද්ධය ගැන තමයි ෆැන්ටෑස්ටික් බීස්ට් චිත්‍රපට මාලාව පදනම් වෙලා තියෙන්නේ.
ත්‍රී පොයින්ට්ස් ටු හෆල්ෆෆ්!🦡💛🖤✨
ට්‍රේලරෙ අන්තර්ගත ඒ අයිකොනික් දෙබස නිසා පෝටර්හෙඩ්ලා අතර මේ චිත්‍රපටය ගැන ලොකු කතාවක් ඇති වුනා. ග්‍රිෆින්ඩෝ වලට ලෝස් නැතුව ලකුණු දෙන ඩම්බල්ඩෝ ලොක්කට ඔහොම හරි හෆල්ෆෆ් එක මතක් වුනා මදැයි.😝 හැබැයි ඊට පස්සේ නම් කරනු කාරණා එතරම් සුබ වුණෙ නෑ.
🟡2020 නොවැම්බර් වලදී ඩෙප් ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකක් දාලා කියනවා, Sun පුවත්පතේ “Wife Beater” නඩුව තමන් පැරදුනු නිසා තමන්ට ග්‍රින්ඩවල්ඩ් චරිතයෙන් ඉවත් වීමට වූ බව.
🟡 දක්ෂ නළුවෙක් වන Mads Mikkelson ඒ චරිතය වෙනුවෙන් ආදේශ කරලා කියලා පසුකාලීනව අනාවරණය වෙනවා.
ඇම්බර් ඩෙප් පලහිලව්ව නිසා ඩෙප්ට අහිමිවන්නේ ග්‍රින්ඩවල්ඩ් චරිතය පමණක් නොවෙයි. කැප්ටන් ජැක් ස්පැරෝ වැනි චරිත ගණනාවක් ඩෙප්ට අහිමි වෙද්දි ඇම්බර්ට කිසිදු චිත්‍රපටයක් අහිමි නොවීම ගැන රසිකයන් තරහින් පසුවුනේ. ඊට විරුද්ධව වීමක් හැටියට මේ ෆිල්ම් එක වර්ජනය කරන්න පවා රසිකයන් තීරණය කළා. IMDb එකෙ රිවීව්ස් අඩුවෙන්නත් ප්‍රධානම හේතුව ඩෙප්ව අයින් කිරීම. 🥲
ඉතිං ඔය කලබල මතගැටුම් මැද ෆිල්ම් එක අප්‍රේල් 15 රිලීස් වුණා. 🤕
1920, ග්‍රින්ඩවල්ඩ් නැගී හිටියෙ කොහොමද කියලා අපි පළමු චිත්‍රපට දෙකෙන් දැක බලාගත්තා නෙ. මේ ගෙවෙන්නේ 1930 අවුරුද්ද…. ඒ කියන්නේ ඩම්බල්ඩෝ ග්‍රින්ඩවල්ඩ් ද්වන්ධ සටන වෙන්න අවුරුදු 15කට කලියෙන් වෙච්ච සිද්ධියක්… ( ඒ කියන්නේ WBලා පිස්සු නැටුවෙ නැත්තං තව ෆිල්ම් එකක් හෝ කීපයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්🥰 ). මගල්ස්ලා පින්කි ප්‍රොමිස් දුන්නට අපි වගේ මායාකාරයො දෙන්නෙ ලේ පොරොන්දු.😎 ලේසි නෑ වැඩේ… ලේ පොරොන්දුව කැඩුවොත් මැරෙණවා. ඩම්බල්ඩෝර් ග්‍රින්ඩවල්ඩ් ප්‍රේම පුරාණයේ ප්‍රතිඵලයක් හැටියට දෙන්නට දෙන්නා විරුද්ධ වෙන්නේ නෑය කියලා ලෙයින් දිවුරනවා.🥺👉🏼👈🏼 නොකැඩිය හැකි භාරයක් වෙනවා. ඩම්බල්ඩෝර් කීව කතාවක් වැරදියට තේරුම් ගත්ත ග්‍රින්ඩවල්ඩ් තීරණය කරනවා මගල්ස්ලාගේ (මැජික් බැරි අය) ලෝකය ආක්‍රමණය කලොත් මායාකාරයන්ට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. එතකොට මායාකාරියො ගිනි තියන සීන් වලින් එහෙම (සේලම් විච් ට්‍රයල්) බේරිලා එලිපිට නිදහසේ මැජික් කරන්න පුළුවන් යුගයක් ඇතිවෙයි කියන එක තමයි ග්‍රින්ඩවල්ඩ්ගෙ අදහස. ඒත් කාලයත් එක්ක පරිණත වෙච්ච ඩම්බල්ඩෝ ඒ අදහසට මනාප නෑ. මගල්ස්ලාව බේරගන්නත් ඕනෑ. ඒත් ලේ පොරොන්දුව නිසා ග්‍රින්ඩවල්ඩ්ට එරහි වෙන්නත් බෑ. ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ඩම්බල්ඩෝ ලොක්කා තීරණය කරනවා නිවුට් ස්කැමෑන්ඩර් කියන බළලා ලවා කොස් ඇට බාවන්න. (ෆැන්ටෑස්ටික් බීස්ට් දෙවන චිත්‍රපටයෙදී නිවුට් කොල්ලා ලවා ග්‍රින්ඩා ලග තිබ්බ බ්ලඩ් පැක් එක එහෙම හොරකම් කළේ ඕකට). මේ සැරේ නම් ඩම්බල්ඩෝ කොස් ඇට බාවන්න නිවුට්ට අමතරව මහාචාර්ය හික්ස්, තීසියයස්, ක්වලොස්කි, යූසෆ් කාමා, බන්ටි වගේ පූසො ගොඩක් හොයාගෙන තියෙනවා. 🤭 ඉතින් මේ කොස් ඇට බෑවිල්ල සාර්ථක වේවිද? නැත්තං කෝකියො වැඩි වුණාම හොද්ද බොර වෙනවා කියන්නා වගේ සෙට් එක වැඩේ පටලාගනීවිද?🤨 ඒකට උත්තර චිත්‍රපට අවසානයේදී ලැබේවි.
ඒ වගේම ක්‍රීඩන්ස්ගෙ ඇත්ත තාත්තා කවුද? (අනේ අනිච්චං ඒ කාලේ සමහරු ඩම්බල්ඩෝර් ගෙ තාත්තව පවා සැක කළා නොවෑ🤣), අරියානා ඩම්බල්ඩෝර්ට මොකද වුණේ? අර එන ෆීනික්ස් කාගෙ කවුද? කියන දැවෙන ප්‍රශ්න වලටත් විසදුම් හමුවේවි.
චිත්‍රපටය පුරාවටම මැජික් පාවිච්චි කරන්නේ ඉතාමත් අඩුවෙන්. අපි හැරී පොටර් කථාවකින් බලාපොරොත්තු වෙන මට්ටමට මැජික් භාවිතයක් නොතිබ්බත් දුශ්‍ය ප්‍රයෝග නම් පංකාදු පහයි. පිටපතේ දුර්වලතා නිසා හැරී පොටර් රසිකයෙක් නොවන කෙනෙක් ට නම් චිත්‍රපටය තේරුම් ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒත් මායා සත්ත්වයන් ගේ හැසිරීම හොඳට අවධාරණය කරලා ලියපු තිර පිටපතක්. 👌🏼
ෆිල්ම් එක ගැන කතා කරලා ඉවරයි. 2018දී අවසන් වරට බලද්දී අපේ කතානායකයො ටික මොකද කළේ කියලා මතක් කරගමු.
ඇල්බස් පර්සිවෙල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝර්
“සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් සිට ඔබ දෙස බලන්නම්” වගේ එරිසෙද් කැඩපතින් ඩම්බල්ඩෝ ගෙ සිත ඇතුළේ කැකෑරෙන ආශාව මොකක්ද කියල පෙන්නනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ග්‍රින්ඩවල්ඩ් (මතකයිනෙ මේස් වගයක් පේන්නෙ කියලා හැරීට බොරු කීවත් එක්ක මේ යෝධයා😒). ග්‍රින්ඩවල්ඩ් ලග මෙච්චර කාලයක් පරිස්සමට තිබ්බ බ්ලඩ් පැක් එක (නොකැඩිය හැකි භාරය) දිලෙසන දෙයක් නිසා නිෆ්ලර් හොරකම් කරනවා. එතනින් ඒ බ්ලඩ් පැක් ඩම්බල්ඩෝ අතට යනවා. ආදරය, සහෝදර බැදීම සහ සාධාරණය අතර ඩම්බල්ඩෝ දෝලනය වෙන ගමන් ඉන්නෙ.😶
නිවුටන් (නිවුට්) ආටෙමිස් ෆ්ඩෝ ස්කැමෑන්ඩර්
හෆල්ෆෆ් එකේ ගෝල්ඩන් බෝයි කීවට වරදක් නෑ.🥰 එයයි සත්තු අතරයි තියෙන සම්බන්ධය ලස්සනට ගලාගෙන ආවා.
“Oh, Newt. You never met a monster you couldn’t love”
-Leta Lestrange-
තමන්ගේ ලොකුම බය ඔෆිස් එකක වැඩ කිරීම වෙච්ච චූටි නිවුට් ගෙ අතීත කතා එළියට ආවා. ඒ වගේම ලීටා නිවුට් යාලු කම ගැනත්. ග්‍රින්ඩවල්ඩ්ගෙ බ්ලඩ් පැක් හොරකම් කරන මිශන් එක සාර්ථකව කළාට මොකද ලීටාගේ මරණය නිසා නිවුට් ඉන්නෙ හිත් අමනාපයෙන්.
තීසියස් ස්කැමෑන්ඩර්
නිවුට් ස්කැමෑන්ඩර් ගෙ ආදරණීය අයියණ්ඩි, 1899-1906 අතර කාලයේ හොග්වාර්ට්ස් වල ඉගෙන ගත්ත හෆල්ෆෆ් කෙනෙක්. අමාත්‍යාංශයේ දී දාගත්ත වලිය නිසා නිවුට් එක්ක හොඳ හිත පලුදු වෙලා උන්නු තීසියස්ට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් නොවෑ උනේ. ජූනි 6 වෙනිදා තීසියස් ලීටා කසාදෙ කෙරෙන්න ඔක්කොම ලෑස්ති කරල තිබ්බත් අන්තිම මොහොතේ ලීටා මිය යනවා.💔 අවසන් වරට අපට තීසියස්ව හම්බුනේ හොග්වාර්ට්ස් වලදී.
ටීනා ගෝල්ඩ්ස්ටීන්
අපි ලේසියට ටීනා කීවට මෙයාගෙ ඇත්ත නම Porpentina. රණ්ඩුවෙන් ඇරඹී ප්‍රේමයෙන් අවසන් වූ ටීනා නිවුට් ආදර අන්දරය ෆිල්ම් දෙකක් පුරාවටම ලස්සනට ගලාගෙන ආවා.😁 ඇමරිකාවේ Ilvermorny මායා පාසලෙන් අධ්‍යාපනය හදාරපු ටීනා දක්ෂ ඖරා කෙනෙක්. මේ සැලමැන්දර් ඇස් තියෙන කෙල්ල හරි නිර්භීතයි. ග්‍රින්ඩවල්ඩ්ගේ පැරිස් රැලියෙදී තමයි අවසාන වශයෙන් දැක්කෙ
ක්වීනී ගෝල්ඩ්ස්ටීන්
අනුන්ගේ සිතුවිලි කියවීමේ දුර්ලභ හැකියාව තියෙන සොඳුරු යුවතියක්. අනින්ද්‍රාජාලිකයෙක් වෙන ජේකොබ් සමඟ පෙමින් වෙලුනද ජේකොබ් විවාහය ප්‍රතික්ෂේප කළ නිසා ග්‍රින්ඩවර්ල්ඩ්ගේ පිලට එකතු වෙනවා. ග්‍රින්ඩවර්ල්ඩ්ගේ පාලනය යටතේ තමන්ට හා ජේකොබ්ට එක වහලක සිටිය හැකි යුගයක් උදාවේවි කියලා සිහින මවනවා.
ජේකොබ් ක්වලොස්කි
බේකරියට ණයක් ගැනීමට බැංකුවට ගිය මොහොතේ දී අහම්බෙන් නිවුට් ස්කැමෑන්ඩර් ව හමුවීමෙන් ජීවිතයම වෙනස් වෙනවා. Non Maj කෙනෙක් වශයෙන් හිටි මොහු මෙතෙක් නොදැන සිටි අලුත්ම ලෝකයක් ගැන දැනගන්නවා විතරක් නෙවෙයි, මායා ලෝකයේ දරුණුතම මායාකාරයාට විරුද්ධව සටන් කරන්නත් උදව් වෙනවා. අනින්ද්‍රාජාලිකයෙක් වුනාට ජේකොබ් මායා ලෝකයෙ මායාකාරයන්ට විතරක් පේන තැන් දකින්න පුළුවන් වීම, පලිගුවෙන් අනාවැකි කියන්න පුළුවන් වීම නිසා එයා ස්කූබ් කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා රසික මතත් පලවෙනවා.🔮🪄 තමන්ගේ ආදරවන්තිය කොච්චර බැගෑපත් වුනත් ග්‍රින්ඩවර්ල්ඩ්ගේ පිලට එකතු වීම ජේකොබ් ප්‍රතික්ෂේප කරනවා. එතනින් දෙන්නාගේ සම්බන්ධයට කණ කොකා හඬනවා. 💔
ක්‍රීඩන්ස් බෙයාර්බෝන්
ක්‍රීඩන්ස් කියන්නෙ ඔබ්ස්කියුරල් කෙනෙක්. ඒ කියන්නේ කුඩා කාලයේ වෙච්ච යම් සිදුවීමක් නිසා තමන්ගේ මායා බලය එළියට දාන්න බැරි වෙච්ච කෙනෙක්. එයාගෙ ඇග ඇතුලෙ පරපෝෂිතයෙක් වගේ මායාව හිර වෙලා තියෙන්නේ. මේ වගේ දරුණු තත්වයක් එක්ක මේ කොලුවා මෙච්චර කල් ජීවත් වෙච්ච එකත් පුදුමයක්. තමන්ගේ සත්‍ය අනන්‍යතාවය සොයා නාගිනි එක්ක පලාගිය මේ කොලුවා අන්තිමට නතර වෙන්නෙ ග්‍රින්ඩවර්ල්ඩ් ගාවින්. ඩම්බල්ඩෝර්ට හානි කරන්න ක්‍රීඩන්ස්ව පොළඹවාගන්න ඕන නිසා, ක්‍රීඩන්ස්ගේ ඇත්ත නම ඔරේලියස් ඩම්බල්ඩෝර් ය, ඩම්බල්ඩෝර් පවුලෙ කැත රහසක් නිසා එයාව හැමෝම අතෑරලා දැම්මා ය වගේ බොරු කන්දක් ක්‍රීඩන්ස්ගෙ ඔලුවට අතාරිනවා. 😌
අතීතය ගොඩ දැම්මා මදැයි ඔය. දැං අපි ආයෙ වර්තමාන දිහාවට එමු. පොත් කියවලා නැතුව ෆිල්ම් බලන කෙනෙක් නම් කතාව රස විදින්න මේ සත්තු ගැන දැනගන්න එක උදව්වක් වේවි.
Qilin
මහායාන බුදු දහමට අනුව මස් මාංශයෙන් වැළකුණු සාමකාමී දේව ඝනයේ සත්වයෙක්. කරුණාවන්ත, යහපත් රජකෙනෙක් රජකරන කාලෙක තමයි qilin ලා ඉපදෙනවා කියලා ජනප්‍රවාද වල නම් සඳහන් වෙන්නෙ. වාසනාවේ, සෞභාග්‍යයේ සහ යහපතේ සංකේතයක්. රත්තරං ලෝකඩ පාට කොරපොතු වලින් වැහුණු මුවෙක්ගේ හැඩ හුරුකම් තියෙන මේ සත්ත්වයාව මායා ලෝකයේ පාලකයන්ව තෝරන්න අතීතයේදී යොදාගෙන තියෙනවා. (අපේ බුද්ධිමත් ඡන්ද දායකයො ටිකටත් qilin කෙනෙක් හිටියා නම් මේ හැටි දුක් විඳින්න වෙන්නෙ නෑනෙ ආයුබොවන්ඩ🥲. #GoHomeGota2022)
Blast-Ended Skrewts
හැරී පොටර් පොත් කියෙව්ව අය නම් දන්නවා ඇති මේ ලේ උරාබොන කරුමක්කාර සතා ගැන.😅🔫 මුන් fire carb, manticore කියන සත්තුන්ට නෑදෑ කම් කියනවා. අඩි දහයක් විතර දිග ගෝනුස්සෙක් වගේ සතෙක්. හැරීලා හතර වසරේ දී මේ සතෙක් ව රැකබලාගන්න වෙනවා. හැරී ට අනුව නම් මිත්‍රශීලි Blast-Ended Skrewts කෙනෙක් ගැන හිතන එක මෝඩ හමයිනි කෙනෙක් ගැන හිතනවා වගේ මේ කපේට වෙන්නෙ නැති දෙයක් ලු. ඒ වගේම මුංව බෝ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්. 🤨
Wyvern
තමන්ගේ ඇග බැලුමක් වගේ පුම්බන්න පුළුවන් සතෙක්. හැරී පොටර් ෆිල්ම් එකෙ හම්බෙන පිස්සු නයිට් ගේ රූපය, Sir Cadogan, මේ සත්තුන්ව දඩයම් කරන්න ගිහිං තියෙනවා.
Picket
බලු පැටියෙක් වගේ කියුට් ලැජ්ජාශීලි බ්‍රොට්‍රොකල් කෙනෙක් වෙන මෙයාගෙ වර්ගෙ උදවිය සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ මායා යශ්ටි හදන්න ගන්න ගස් වල. හැබැයි පිකට් නම් නිවුට් එක්කම එකට ඉන්න තමයි කැමති. චිත්‍රපටයෙන් පිකට්ගෙ හිතුවක්කාර දග වැඩ, ඇද කිරිලි, වීර ක්‍රියා ගොඩක් බලාගන්න පුළුවන් වේවි.
ටෙඩී
තනිකරම වාතයත්. දිලිසෙන දෙයක් පෙන්නන්න බැරි වීම නිෆ්ලර්ලගේ හැටි නොවෑ. කෝවක දාලා උණු කලත් ඒ උපන් ගෙයි ගති යවන්න බෑ ඉතිං. දැං දරු පවුලක් රකින තාත්තෙක් නිසා ටිකක් පරිණත විදියට ඉන්න ට්‍රයි කළාට ආර්ක්ටැජ් බන්ධනාගාරයදී මෙයා ගෙ ඇත්ත ස්වරූපය එළියට පනිනවා. සැරයක් හෆල්ෆෆ් නිවාසෙ මහාචාර්ය කෙටල්බර්න් නිෆ්ලර්ලා දොළහක් ඇතිකරන්න ගිහිං ලොකු කලබගෑනියකට මුහුණ දුන්නා. එකෙක් ඉදලා මෙච්චර කරදර සිද්ධ වෙනවා නම් දොළහක් හිටියාම!!!
ෆිල්ම් එක බලන්න ඕන කරන හැම විස්තරයක්ම වගේ දැං කියල තියෙන්නේ. එහෙනම් මායාකාර මිතුරනී… J.K Rowling නිතරම කියනවා වගේ “නොරිදවා නොරිදවී ජීවත් වෙන්න”.
#HailHUFFLEPUFF 💛🖤✨
– Live and let live –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
52,249 downloadsDownload Fantastic-Beasts-The-Secrets-of-Dumbledore-2022-Blu-Ray.zip124 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)
Subtitles
- #Alison Sudol
- #Callum Turner
- #Cara Mahoney
- #Dan Fogler
- #Eddie Redmayne
- #Editor's Pick
- #Ezra Miller
- #Harry Potter
- #Jude Law
- #Katherine Waterston
- #Mads Mikkelsen
- #Maja Bloom
- #Offbeat
- #Paul Low-Hang
- #Poppy Corby-Tuech
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #Subtitles
- #Wizarding World
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)
61 comments
Anonymous
Senesh Madhushanka
ස්තුතියි ❤️
jeewa
tnx sub ekt❣
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Kushan
Sub akta thanks
Nishan S Ariyarathna
ලිපිය නම් නියමයි . චුට්ටක්වත් කම්මැලි නැ.. නොදන්න කාරනා ගොඩක් දැනගත්තා ❤ බොහොම ස්තුතියි උපසිරැසියටත් ❤️
Anonymous
thanx
oshanda
digu lipiyak ekka... godakma sthuthi....
Naveen
උපසිරසියට තුති
KasunRe
බොහොම ස්තූතියි......
Anonymous
Thank you very much brother ❤️
Asanga kb
thank you so much..
Anonymous
Thanks a lot!
Kevin D...
Thanks...
Udara Damith
elaaaaaaaaaaa
Udara Damith
lipiya maruuuuuuuuuuuuu
Anonymous
ෆිලුමට 8/10
ලිපියට 10/10thilina chiranjeewa
එ ලිපිය දෑතට බුදු සරනයි ,කම්මැලි තැතුව කියෙව්වැහැකි එල බ්න්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kevin
Thanks sister
Anonymous
තෑන්ක්ස් සිස්
Manoj
උපසිරසියට ස්තුතියි
Harvey Obrien
සිංහල උපසිරසියට තුති sis.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
indika 75
thanks..
viraj
thank you.......
Anonymous
Patta
Kavindu Edirimanne
ඒ ලිපිය නම් පට්ට...බයිස්කෝප් එකෙ දැක්ක සුපිරිම ලිපිය මට නම්. කිසි කම්මැලිකමක් නැතුව පල්ලෙහාටම ආවා.
උපසිරැසියට ස්තූතියිශලිනි මල්ෂා
ලිපිය නියමයි.!! ස්තූතියි සබ් එකට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Roshane
Tnx for sub...Great job....
Udara Damith
hoda kopiyakinma balanawaaa
elaThilinda Randeera
බොහෝම ස්තූතියි සිස් ❤️
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
thanks a lot sis sub ekata
supun
tz sub ekata.
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
AB
Thank sis
Amila
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
sub ekata thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ..!
Dewadithya
Thanks for Sub!
lakshan
thanks .................
kent
thanks
SINGAPPULI ARACHCHIGE
Fear Pharm
Fear Pharm 2Sub eka denawada
Dimuthu
Wow Wellawahum hoththiripschan kathawa nam noice
Adare sub eke e part ekata nam
Anonymous
Sub එක වැඩ කරන්නේ නැ කරපු කෙනාගෙ නම් මුලින්ම යන්න ඊට පස්සේ මුකුත් නෑ
Anonymous
Mageth wada kare naa
Anonymous
sub wada na
Anonymous
sub walata thanks, [WEB saha BLU-RAY walata wenama sub deela thiyenawa] VERY GOOD.
Mokada Meka
❤️❤️❤️
Madusha supun tharaka
මාරම කතා සෙට් එකක් එකම දවසෙ කතා තුනම බලන්නේ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සබ් එක දුන්නට බොහොම ස්තුතියි... ❤