Watch Trailer

Firestarter (2022) Sinhala Subtitles | ගින්දර සමග සෙල්ලම්! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා. සාමාන්‍ය පෙල විභාග කටයුතු නිසා උපසිරැසියක් කරන්න වෙලාවක් ලැබුනෙ ම නැහැ. ඔන්න එහෙනම්,ඊයෙන් විභාගෙ ඉවර උනා…! පහුවදාම,ඒ කියන්නෙ අදම ඔන්න උපසිරැසියක් අරං ආයෙන් සයිට් එක පැත්තට ආවා! stephen king කියල කිව්වම කවුද නොදන්නෙ නේද? ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවු…

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා. සාමාන්‍ය පෙල විභාග කටයුතු නිසා උපසිරැසියක් කරන්න වෙලාවක් ලැබුනෙ ම නැහැ. ඔන්න එහෙනම්,ඊයෙන් විභාගෙ ඉවර උනා…! පහුවදාම,ඒ කියන්නෙ අදම ඔන්න උපසිරැසියක් අරං ආයෙන් සයිට් එක පැත්තට ආවා!

stephen king කියල කිව්වම කවුද නොදන්නෙ නේද? ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුන අග්‍රගණ්‍යම සම්භාව්‍ය ත්‍රාස්‍යජනක රචකයෙක් කිව්වොත් නිවැරදියි.එතුමා අතින් මේ වෙද්දි පොත් දහස් ගානක් ලියවිලා තියෙනව වගේම,අද වෙද්දි ඒවගෙන් ගොඩක් චිත්‍රපට් වලටත් පාදක වෙලා තියෙන්වා. the shining,Doctor sleep(2018),IT (2017),Pet Sematary (2019) වගේ හොරර් චිත්‍රපට ලෝලී හද සන්තානයෙ ගැඹුරෙම තැන්පත් වෙච්ච චිත්‍රපට එතුමාගෙ පොත් පාදක වෙලා නිර්මාණය වුන චිත්‍රපට. ඉතින් අද මං අරං ඇවිත් තියෙන චිත්‍රපටයට ත් පාදක වෙලා තියෙන්නෙ එතුමාගේ ම එක නිර්මාණයක්.

චාලි කියල කියන්නෙ ටිකක් අමුතු විදියෙ ගෑණු ළමයෙක්.එයාගෙ මුළු පවුලමත් එහෙමයි. පරික්ෂණා ගාරයකින් එයාගෙ අම්මගෙයි තාත්තගෙයි ඇඟට ඇතුලු කරපු රසායනික සංයෝගයක් නිසා තමයි එහෙම වෙන්නෙ. අපේ මේ පුංචි චාලි,කලබල වෙනකොට එයාගෙ ඇඟෙන් ගින්දර නිපදෙනව.ඒක එයාට පාළනය කරන්න ටිකක් අමාරුයි.

ඉතින් චාලිටයි එයාගෙ තාත්තටයි ලැබුණු ඒ බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න එයාලගෙ ඇ‍‍‍‍‍‍‍‍‍‍‍ඟට ඒ රසායනික් ද්‍රව්‍ය දාපු ආයාතනය උත්සහ කරනව. ඉතින් පුංචි චාලිටයි එයාගෙ තාත්තටයි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද? ඒක දැන ගන්නනම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතිබ් මේ චිත්‍රපටයේ පුංචි චාලිගෙ චරිතයට පන පොවන්නේ, Rian kiera armstrong. ඒ වගේම එයාගෙ තාත්තගෙ චරිතය Zac Efron විසින් නිරූපණය කරනවා. ඊට අමතරව, sydney lemmon | Gloria reuben | Tina jung | Michael greyeyes | වගේ ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් ම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. අද්‍යක්ෂණය කරන්නෙ, keith thomas.

ඉතින් මෙකත් Stephen king මහත්මෙයගෙ අනික් චිත්‍රපට වගේම ගොඩක් හොඳ ත්‍රාසය,භීතිය,කුතුහලය පිරි කතාවක්.එහෙනම් හැමෝටම චිත්‍රපටය රස විදින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.තවත් උපසිරැසියකින් ඉක්මනින් ම හමුවෙමු!🤜🤛

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,404 downloadsDownload Firestarter-2022.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

5,404 downloadsDownload Subtitles35 KB

17 comments

  1. Anonymous

    සබ එනකම් බලන් ඉදලා...ඉදලා... ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා..කමක් නෑ... දැන් ආයෙ පාරක් බලනවා... සබට තංකුයි!

  2. Udara Damith

    elllll

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    Thanks for sub

  7. Vinod

    උපුටා ගෑනීම ඔහුගේ අවසර මත කියල හදුව නම් හරි....

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Anonymous

    උපසිරසියට ස්තුතියි

  10. Pramod

    තෑන්ක්ස් සහෝ , ජය වේවා. දිගටම යමු

  11. indika 75

    thanks..

  12. Dewadithya

    Thanks for Sub!

  13. Anonymous

    Thanks a lot

  14. Nishan

    Thanx bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Malith samarawickrama

    Thanks saho sub ekata