Watch Trailer

Fantastica: A Boonie Bears Adventure (2017) aka Boonie Bears: Entangled Worlds Sinhala Subtitles | සැගවීගිය ෆැන්ටාස්ටිකාවේ නිධානය සොයායන දඩයක්කරුවන් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා! බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවන්ට. හොදයි එහෙනම් මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලන් මග නොහැර අනිවා බලන්න ඕන ඇනිමේෂන් එකක් අරගෙනයි. (Boonie Bears) එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ දන්න අදුරන නමින්ම කියනවනම් ( වළස් මුල්ල) චිත්‍රපට මාලාවේ එන 4වන චිත්‍රපටය අරගෙන තමයි.මේක නිකුත්වුනේ 2017 වර්ශයේදී. ඉත…

සුභ දවසක් වේවා! බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවන්ට. හොදයි එහෙනම් මං අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලන් මග නොහැර අනිවා බලන්න ඕන ඇනිමේෂන් එකක් අරගෙනයි. (Boonie Bears) එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ දන්න අදුරන නමින්ම කියනවනම් ( වළස් මුල්ල) චිත්‍රපට මාලාවේ එන 4වන චිත්‍රපටය අරගෙන තමයි.මේක නිකුත්වුනේ 2017 වර්ශයේදී. ඉතින් මේ චිත්‍රපටයත් මේ boonie bears කතාමාලාවේ අනෙක් චිත්‍රපට වල වගේම හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.ඒ වගේම මේ [Fantastica:A Boonie Bears Adventure] චිත්‍රපටය IMDB : 6/10 ක අගයක් ලබාගෙන තියෙනවා.ඉතින් මේ IMDB අගයෙන්ම ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ මේක සුපිරි ඇනිමේෂන් එකක් කියලා.

මේ 4වෙනි චිත්‍රපටියෙදිනම් අපි දන්න කියන ප්‍රධාන චරිත 3ක් විතරයි ඔයගොල්ලන්ට දැකගන්න ලැබෙන්නේ. අපි පොඩ්ඩක් ඒ චරිත 3 මතක් කරගෙන ඉමු.
1. බ්‍රයර් – ලොකු සහෝ
2. බ්‍රැම්බල් – පොඩිසහෝ
3. වික්ටර් – කැලෑ කන්නා
මෙන්න මේ තුන්දෙනා තමයි ඔයගොල්ලෝ දන්න අදුරන චරිත වලින් දකින්න ලැබෙන්නේ.

හරි එහෙනම් අපි කතාවෙ වෙන්නේ මොකද කියලා පොඩ්ඩක් බලලාඉමු. මේකත් පටන් ගන්නේ සුපුරුදු විදිහටම කැලෑ කන්නා ගහක් කපන්න ගිහින් වලස් රාලලා දෙන්නත් එක්ක දාගන්න වලියකින් තමා. ඒ වගේම මේ කතාවේ පුරාවිද්‍යාත්මක ගවේශනයකු වන ඩොක්ටර් වොට්සන් නැමැත්තෙකු ෆැන්ටාස්ටිකාවේ අතුරුදහන්ව ගිය මුව ගෝත්‍රිකයන් පිලිබඳ පර්‍යේෂණයක් සිදුකරනු ලබනවා. ඉතින් මේ පර්‍යේෂණයක බොහෝම වැදගත් එකක්.ඩොක්ටර් වොට්සන් හිතාගෙන ඉන්නේ මේ පර්‍යේෂණයක ගැන වෙන පිටින් කවුරුවත් දන්නේ නැහැ කියලා.ඒත් මේගැන වෙනත් කෙනෙකු ඇහැ ගහගෙනයි ඉන්නේ.මොකද කිව්වොත් මේ අතුරුදහන්ව ගිය ෆැන්ටාස්ටිකාවේ තියෙනවා බොහෝම බලවත් දෙයක් ඒක හදුන්වන්නේ “ස්වර්ණමය මුවඅග” කියලයි.මේකේ වටිනාකම නම් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා. ඔයගොල්ලන්ට තේරෙන විදිහට කිව්වොත් මේ පූජ්නීය වස්තුවෙන් ලෝකයම විනාශ කර දමන්න වගේම ලෝකයම නැවත නිර්මාණය කරන්න උනත් පුලුවන් කමක් තියෙනවා. දැන් ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ මේක වැරදි කෙනෙකුගෙ අතට ගියෝතින් මොකක්ද වෙන්නේ කියලා.

ඉතින් හැමෝම හිතන් ඉන්නේ ෆැන්ටාස්ටිකාව වගේම මුවගෝත්‍රිකයනුන් නැතිවෙලා ගිහින් කියලා.ඉතින් මේ තර්කය වැරදියි කියලා ඩොක්ටර් වොට්සන්ගෙ ලග සේවය කරන පුරාවිද්‍යාත්මක ගවේෂණයන් සදහා යොදාගන්නා “කොකෝ” නම් රොබෝ විසින් මේ ෆැන්ටාස්ටිකාව හා මුව ගෝත්‍රිකයන් නැතිවී ගොස් නැති බවත් ෆැන්ටාස්ටිකාව මේ ලෝකයෙන් සැගවී ඇති බවත් එහි යාමට අවශ්‍ය කරන මාර්ග සිතියම පවා ගල්ගුහාවක තිබී සොයා ගන්නවා.ඒත් මේ ෆැන්ටාස්ටිකාවට යන ගමනට ඩොක් වොට්සන්ට සහ ඔහුගේ පර්‍යේෂණ කණ්ඩායමට සහබාගී වෙන්න බැරිවෙනවා. “කොකෝ” නම් රොබෝට මේ අතුරුදහන්වූ ෆැන්ටාස්ටිකාවට යාමට උදව් කරන්නේ අපේ කැලෑ කන්නයි, වලස්සු දෙන්නයි තමා.හැබැයි ඉතින් මේ ගොල්ලන්ට ලොකු බාධකයක් තියෙනවා මේ ගමනෙදී ඒ තමයි දඩයක්කරුවන් තුන් දෙනෙක් මේ ගොල්ලන්ගේ ගමනට හරස්වෙන එක.ඇත්තම කිව්වොත් දඩයක් කරුවන්ත් එක්ක වලස්සු දෙන්නයි, කැලෑකන්නයි හැප්පුනොත් වළස් මුල්ලේ කට්ටියට දිනන්න තියෙන අවස්තාව බොහොම පුංචි අවස්තාවක්. තේරෙන විදිහට කිව්වොත් අතින් පයින් ගහගෙන දිනන්න බැහැ.මොලෙන් තමයි ගේම දෙන්න ඕන. මොකද කිව්වොත් වලස්සුන්ටයි ,කැලෑ කන්නටයි රජ කෑමක් මේකෙදි සෙට් වෙනවා.දඩයක් කරුවන්ත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා.මේ දඩයක්කරුවන් ඉන්නවා නේද ඒගොල්ලන්ට තියෙන තාක්ශනික දේවල් වලින් වගේම ඒගොල්ලන්ගේ ශක්තියෙනුත්,සටන්කාමීත්වයෙනුත් දඩයක් කරුවන් ගොඩක් ඉහලින් ඉන්නේ. හරි කොහොමෙන් හරි කට්ටිය සැගවීගිය ෆැන්ටාස්ටිකාවට යනවා “කොකෝ”කියන රොබෝගේ උදව්වෙන්.ඇත්තටම මේ ෆැන්ටාස්ටිකාවත් නිකන් ඔයගොල්ලෝ ඇවටාර්-2009 බලලා තියෙනවනේ ඒක වගේ අමුතුම කැලයක් තමයි මේකත්. දඩයක්කරුවනුත් එනවා මේ කන්නායි,වලස්සුන්ගෙ පස්සෙන් මේ නිධානය හොයාගෙන.දෙගොල්ලො අතරම ගැටුම් ඇතිවෙනවා.මේ කැලේදී මේ වලස්සුන්ටයි,කන්නාටයි උදව් කරන්නේ මුව ගෝත්‍රිකයන්ගේ “නායා” කියන කාන්තාව තමයි.ඒ වගේම මේ කැලය තුලදී කන්නායි,වලස්සුයි ගොඩක් අසරන වෙනවා කෑමක් හොයාගන්න නැතිව. හැබැයි මේ කැලේ පළතුරු වර්ග එහෙම ඕන තරම් තියෙනවා ඒත් කන්න තමා බැරි.මං ඔයගොල්ලන්ට කලින්ම කිවුවනේ මේක අමුතුම ජාතියේ කැලෑවක් කියලා.වෙලාවට කට්ටියට “නායා”ව හම්බවුනේ නැත්නම් ඉතින් කැලේ ඇතුලෙදිම මැරෙන්න තමා වෙන්නේ.ඒ වගේම මේ කැලේ ඇතුලේ අමුතු ජාතියෙ සත්තුන් ගොඩක් ඉන්නවා.ඒ වගේම මේකේ ඉන්න දඩයක්කාරයන්ගේ බොස් ඉන්නවනේ එයත් තාක්ශනික ලෝකයේ සුපිරි වැඩ කාරයෙක් තමයි.එයාට කොහේ හරි මිල කරන්න බැරි වස්තුවක් තිබුනොත් අනිවාර්‍යයෙන් දඩයක්කාරයන්ගේ බොස් තමන්ගේ ගෝලයන් ලවා ඒක අරන් තවත් බලවත් වෙන්න තමා බලන්නේ.කොහොමහරි මේ පූජනීය නිධානය හොරකන් කරන වැඩේට දඩයක් කාරයන්ගේ ලොක්කට පවා එන්න වෙනවා

කොහොමහරි ,වලස්සු දෙන්නටයි,කැලෑ කන්නාටයි,නායාටයි,කොකෝ රොබෝටයි ලොකු සටනක් කරන්න වෙන පාටක් තියෙන්නේ කතාවේ හැටියට මේ සොරුන්ගෙන් පූජනීය වස්තුව ආරක්ෂා කරන්න.  හොදයි එහෙනම් මේ ෆැන්ටාස්ටිකා කැලය මොන වගේද? පූජනීය නිධානය සොරුන්ගෙන් ආරක්ශා කරගන්න පුලුවන් වුනාද? මේ හැම දේකටම පිළිතුරු ලැබෙයි ඔයගොල්ලන්ට ෆිලුම බැලුවහම.

මේ චිත්‍රපටියත් මග නොහැර නරඹන ලෙසට ඔබට ආරාධනා කරමින්,චිත්‍රපටියටයේ හොද නරක කියාගෙන කමෙන්ටුවකුත් දාගෙන යනමෙන් ඉල්ලීමක්ද කරමින්.. එහෙනම් ඔබ සැමට ජයෙන් ජයම වේවා!තවත් ලස්සන ඇනිමේශන් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.

2,098 downloadsDownload Boonie-Bears-Entangled-Worlds-2017.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-21
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිරු මදුශංක කන්නන්ගර

Subtitles

2,098 downloadsDownload Subtitles32 KB

8 comments

  1. Anonymous

    සබ් එකට තෑන්ක්ස්.
    වෙබ් එකේ හම තැනම හෙව්ව.

  2. Anonymous

    සබ් එකට තෑන්ක්ස්.
    වෙබ් එකේ හැම තැනම හෙව්ව.

  3. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ...

  4. උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  5. indika75

    thanks..

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    සබ් එකට ස්තුතියි සහෝ ! ඒ වගේම ෆිලුමත් සුපිරියි මේ ෆිලුමට පට්ට තාක්ෂනයක් දීලා තියෙනවා ....එල එල.