ප්‍රශ්නය Aamis කියන්නේ මොන වගේ චිත්‍රපටියක්ද? උත්තරය තනි වාක්‍යයකින් කියන්නම්. Aamis කියන්නේ මීට කලින් ඉන්දියානු සිනමාවෙන් බිහි නොවුණු ජාතියේ චිත්‍රපටියක්. ප්‍රශ්නය ආහා.. ඒක නම් ඕනවට වැඩියි වගේ. වගකීමෙන්ද කියන්නේ? උත්තරය ඔව්, වගකීමෙන් කියන්නේ. නිකමට Aamis කියලා ගූගල් කරලා බලන්නකෝ. ගොඩක් අය ඔය මතය ප…

ප්‍රශ්නය
Aamis කියන්නේ මොන වගේ චිත්‍රපටියක්ද?
උත්තරය
තනි වාක්‍යයකින් කියන්නම්. Aamis කියන්නේ මීට කලින් ඉන්දියානු සිනමාවෙන් බිහි නොවුණු ජාතියේ චිත්‍රපටියක්.
ප්‍රශ්නය
ආහා.. ඒක නම් ඕනවට වැඩියි වගේ. වගකීමෙන්ද කියන්නේ?
උත්තරය
ඔව්, වගකීමෙන් කියන්නේ. නිකමට Aamis කියලා ගූගල් කරලා බලන්නකෝ. ගොඩක් අය ඔය මතය පල කරලා තියෙනවා.
ප්‍රශ්නය
හරි, Aamis සෙට් වෙන්නේ මොන වගේ අයටද? Drama කැටගරියේ එකක් නේද?
උත්තරය
ඕක තමා වැදගත්ම කාරණේ. මේක එක Genre එකකට ලඝු කරන එක ලේසි නැහැ. Drama කැටගරියේ කියලා හිතෙද්දි, නැහැනේ Romance එකක්නේ හිතෙයි. ඒ හිතලා ආයේ බලද්දී මේක Thriller එකක් වෙනවා. ඔව් අනිවාර්යෙන්ම, මිනිත්තු 15කින් Horror එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්නෙට මෙහෙමයි කියලා උත්තරයක් දෙන්න බෑ.
ප්‍රශ්නය
ඒ කියන්නේ Aamis ඕන කෙනෙක්ට සෙට් වෙන ජාතියේ චිත්‍රපටියක්?
උත්තරය
ඔව්. ගොඩක් දුරට ඔව්. හැබැයි අරුත් සුන් Action චිත්‍රපටි වලින් විතරක් සෑහෙන අයට සෙට් වෙන එකක් නැහැ. ඉතින් එහෙම අයට බලන්න කියන්නේ නම් නැහැ.
ප්‍රශ්නය
බලන්න ඉන්න අයට Aamis වල කතාව පොඩ්ඩක් කියමුද?
උත්තරය
එහෙම කිව්වොත් අපරාධයක්. පොඩි හෝ අයිඩියා එකක් නොදී මෙහෙම කියන්නම්. නිර්මලී කියන්නේ වෛද්‍යවරියක්. අවුරුදු 35ක් 40ක් වගේ ඇති. සැමියා වැඩ කරන්නේ දුර බැහැර. මෙයාලට පොඩි පුතෙක් ඉන්නවා. එදා දවස ඉරිදාවක්. නිර්මලී නිවාඩුපාඩුවේ පොතක් බලන් ඉද්දි ඇයට ඇහෙනවා ගේට්ටුව අරින සද්දයක්. එතනින් තමා හැමදේම පටන් ගන්නේ. ඉතින් බලන්න.
ප්‍රශ්නය
Aamis ගැන අපි දැනගන්න ඕන, වෙන දේවල් මොනවද?
උත්තරය
IMDb අගය 8.1ක් අරගෙන තියෙනවා මනාප 1140ක සංඛ්‍යාවකින්. ප්‍රධාන චරිත දෙක නවක නිළි Lima Das සහ නවක නළු Arghadeep Baruah. මෙතන හැබෑම වැඩකාරයා, Bhaskar Hazarika අධ්‍යක්ෂකතුමා. මේකෙන් පස්සේ අනිවාර්යෙන්ම මෙතුමාගේ කලින් චිත්‍රපටිය ගැනත් ඔබ සලකා බලාවි. ඒ වගේම චිත්‍රපටියේ ප්‍රධාන ඉදිරිපත්කරන්නා කවුරුත් දන්න Anurag Kashyap.
ප්‍රශ්නය
Aamis බලපු අයගේ ප්‍රතිචාර මොන වගේද?
උත්තරය
IMDb එක ආශ්‍රය කරගෙනම කියන්නම්.
මේ වගේ භාවාත්මක අදහසක් මෙච්චර යතාර්ථවාදී විදිහට පෙන්වපු මේ චිත්‍රපටිය ඉන්දියානු සිනමාවේ වැදගත් සන්ධිස්තානයක්. අනිවාර්යෙන්ම බැලිය යුත්තක්.
(Cheks-04602 : Rating 10/10)
මේ ප්‍රණීත චිත්‍රපටිය බලලා මං පුදුම වුණා.
සැබෑ ආදරයට යන්න පුළුවන් දුර මේකෙන් සංකේතවත් කරනවා.
වෙනස් සංකල්ප වලට කැමති අය බැලිය යුතුමයි.
(abisheksaha-619 : Rating 10/10)
අවුරුදු 23ක ජීවිත කාලේ ඇතුලත මං චිත්‍රපටි මහා ගොඩක් බලන්නැති.
ඒත් මේ වගේ එකක් බලලා තිබ්බේ නෑ. මේක මහ පිස්සුවක්.
(bbidyut_s : Rating 10/10)
දිරවගන්න අමාරුයි. ඒත් තියුණු ලෙස ගොඩ නගපු සංකල්පයක්.
(psychojisan : Rating 10/10)
ඊයේ රෑ බැලුවා. මතක් වෙන කොටත් අසනීපයි වගේ.
කාටවත් බලන්න කියලා නම් යෝජනා කරන්නෑ.
(raims007 : Rating 3/10)
කියන තරමේ හොඳක් නෑ.
වෙන වැඩක් නැත්තම් විතරක් බලන්න.
(asifthevamp : Rating 5/10)
මං H**b*l වගේ ඒවා ගේමක් නැතුව බැලුවා.
ඒත් මේක නම් සිරා දැනෙනවා.
(අචින්ත)
ප්‍රශ්නය
එතකොට, අනිවාර්යෙන්ම Aamis බලන්න කියලද කියන්නේ?
උත්තරය
තමන්ගේ කැමැත්ත ඉතින්. බලපෑමක් නෑ. ඒත් ඉතින් කවුරුහරි ඉස්සරහට ඇහුවොත්, “මචන් උඹ Aamis බැලුවද” කියලා, නිකම්ම “නෑ” කියනවා වෙනුවට “ඔව්” කියන එකේ පොඩි ගතියක් තියෙයි.

ඉතින් වසර 6ක බයිස්කෝප් ගමන ඇතුලේ මගේ තුන්වෙනි කඩඉම එහෙමත් නැත්තම් 150 වන සිංහල උපසිරැසිය අරගෙනයි මේ ආවේ. අපේ ඇඩ්මින් මඩුල්ල වගේම සහෝදර උපසිරැසිකරුවන් හැමෝවම මේ වෙලේ ආදරෙන් සමුහ වශයෙන් මතක් කරන්නේ එකින් එක මතක් කරොත් ගොඩ දෙනෙක්ව මග ඇරෙන්න පුළුවන් නිසයි. ඒ වගේම නිතර දෙවේලේ අපිට කමෙන්ට් කරලා හයියක් වෙන සහෝදර සහෝදරියෝ හැමෝවමත් ගෞරවයෙන් සිහි කරන්න කැමතියි. ඉදිරියටත් අපිට ශක්තියක් වෙන්න කියලයි ආදරෙන් ඉල්ලන්නේ.
හැමෝටම ජය වේවා එහෙනම්.!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
5,716 downloadsDownload Aamis-AKA-Ravening-2019.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
52 comments
Anonymous
Hashan M. Priyadarshana
අමුතු ෆිල්ම් එකක් වෙනස්ම විදිහක ලිපියක් :) :) බලලම ඉමු ෆිල්ම් එක.. බොහොම ස්තුතියි
Hashan M. Priyadarshana
බ්‍රෝ මේ H**b*l කියල දාලා තියන ෆිල්ම් එකේ නම කියාංකො කල්පනා කරා කරා ඔලුවට එන්නෑනෙ :(
මයුර
ඔතන අකුරු අඩුයි බන්. Hannibal
රොයිලි
උණූසුම් සුබ පැතුම් මයුර මලේ 150 ට. FAQ එකක්ම දීලා තියෙන්නෙ. ඔන්න ඔහේ 200 ත් ගහමු. නැත්තම් මේ වගේ ඒවා අපිට මඟ ඇරෙනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Erandi
Torrent ekawath full film ekawath hoya ganne nane.
Ane kawuru hari link ekak ewannako pleasechamindu lakshitha
1337x.to සයිට් එකට ගිහින් aamis කියලා search කරන්න..හොඳ කොපි දෙකක්ම තියෙනවා..torrent ගන්න පුළුවන් ඒකෙන්..
chamindu lakshitha
150ට සුබ පැතුම් මුළින්ම.ඉන්දියාවේ 1Millionට වඩා subscription තියෙන film review කරන youtube channel එකක් තියෙනවා filmi indian කියලා..ඒකෙ recommend කරපු නිසා මාත් දැනට මාස 2කට විතර උඩදි Aamis බැලුවා..english sub එකෙන් තමා බැලුවෙ නම්..කවදාවත් බලපු නැති විදිහෙ අමුතු ම film එකක්..හිතාගන්නවත් බෑ මෙහෙම දේවල් වෙනවදත් කියලා..සිංහල සබ් එකෙන් ආපහු බලන්න ඕන කියලා හිතුවත් One Time Watch film එකක් නිසා බලන්න හිතෙන්නෑ.අනිවා සබ නම් බානවා..ඒකට බොහොම ස්තූතියි..මේ film එකේ Directorගෙම film එකක් තියෙනවා Kothanodi කියලා..මට film එකවත් හොයාගන්න බැරිවුණා.පුළුවන් නම් ඒකටත් සබ් දෙන්නකො..මේ වගේ නිර්මාණ වලටත් සබ් ගේනවට ජය වේවා...
මයුර
ට්‍රයි එකක් දෙන්නම් මචන්. ෆිල්ම් එක නම් youtube තියේ.
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!LaHIRU MV
150 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ..
බොහොම ඉක්මනින් 200 ට ලඟා වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..gihan perera
150ට උණුසුම් සුභ පැතුම් මචං.... බලන්න හිතෙන විදියට හැඳින්වීම කරලා තියෙනවා.... පට්ට.... බලන්න ම ඕන.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා....200ටත් ඔහොම්මම යමු.....
එල්.සී. දමැල්
ලිපි ලියන විදිහ ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් කෙනෙක් තමයි මයුර අයියා. කෙනෙකුට තමන් ලබපු රස වින්දනය දෙන්න උදව් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් අයියා ඒක නියමෙටම කරනව. උපසිරස ගැන ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. රසය උපරිමයි!
එහෙනම් ඉතින් මගෙනුත් උණුසුම් සුභ පැතුම් 150 වෙනි උපසිරස වෙනුවෙන්.
ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)
ජය... :DPasindu Madumal
මගහැරුණු සුපිරියක් වගේ..!
ලිපිය නම් අලුත් තාලෙකට දාපු එකක් මයුර අයියා, ඔන්න එහෙනම් සබ බෑවා. හින්දි මාස්ටර් කෙනෙක් කිව්වොත් හරි ඈ. සයිටට වටිනම පුරුක් වලින් එකක්. එහෙනම් වසර 6ක් හිටියා වගේ තව අවුරුදු ගාණක් ඉමු. 150* සිංහල උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබපැතුම් කියන ගමන් ඉදිරි කඩයිමටත් ඉක්මනින් යන්න පුළුවන් වෙන්න ඕනේ.
සබට තුති & 150*ට උණුසුම් සුබ පැතුම් මයුර අයියේ..! ❤️✌️
හේමන්ත
ස්තුතියි මයුර...
උපසිරැසියට..
ඒ වගේ ම හැඳින්වීමේ නිර්මාණශීළීත්වයටත් සුභ පැතුම්...තාරක නුවන් දිල්හාර
හදවතින්ම සුභ පැතුම් මයුර තුන්වෙනි කඩයිම වෙනුවෙන්..
වැඩ්ඩෙක්, දක්ෂයෙක්, උපසිරැසිකරණයේ මායාකාරයෙක් කිව්වොත් නිවැරදියි..
නිර්මාණශීලී හැඳින්වීම් සහිත ලිපි ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි.
ඉදිරියටත් තව තවත් උපසිරැසිකරණයේ යෙදෙන්න හැකියාව ලැබෙන්න කියල පතනවා,
ඊළඟ කඩයිම් වලටත් ඉක්මනින් යන්න පුළුවන් වෙන්න කියලත් පතනවා.
ජයෙන් ජය!!!Sohan Jayasooriya
හම්මේ කඩඉම ගහනකම් බලන් ඉදියා පහු ගිය ටිකේම.. දැනුයිනේ ගහලා තියෙන්නෙ ..හැමදාම වගේ වෙනස් විදියේ ෆිලුම් වලට සබ් ගේන කෙනෙක් තමා මයුර අයියා.. ඒ වගේම සයිට් එකෙන් සහෝදරයෙක් තරම් මා එක්ක ෆිට් උන සුපිරිම ගතිගුන තියෙන අපේ හොස්ටල් එකේම අයියා කෙනෙක්.. 150 කඩයිමට හදවතින්ම සුබ පතනෝ අයියේ..තව තවත් සබ් කරන්න කාලය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. සබ් 150 ක් කරන එක ලේසි නෑ.. ගොඩක්ම සතුටුයි හොදේ.. ඔයා නිසා වැඩිය කාටවත් අහු නොවී යට යන ෆිල්ම් කීයකට සබ් ලැබිලා ඇතිද.. මොකද මං එහෙම කියන්නෙ ගොඩක් අය සබ් කරන්න ට්‍රයි කරන්නෙ ඇක්ශන් පිරුන ෆිල්ම් වලට.. ඒත් ඔයා එහෙම නෙමේ හැමදාම ගෙනාවේ මොකක්ම හරි අමුතුම කතාවක් තියෙන මොලේ කොලොප්පන් වෙලා යන ෆිලුමක්.. ඉතින් මේකත් එහෙම එකක් කියලා පේනවා.. සබ් එකටත් ස්තූතියි අයියෙ ගොඩක්.. අනිවා බලනවා මේකත්.. මේ ටිකේ එක්සෑම් කිට්ටු නිසා සයිට පැත්තෙ වැඩිය එවුනෙ නැති නිසයි කමෙන්ටුව පරක්කු උනේ සමාවෙන්න හොදේ ඒකට.. එහෙනම් ඔහොම්ම ශේප් 200 ටත් යමු ඈ.. කංගනාගෙ ෆිලුමකින් 200 ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! .. ජය වේවා!
Helili Hemamali
චිත්‍රපටය බලන්න කලින්:
අප්පද බොල, මයුර 150 ගහලානේ. මොකක්ද මේ ෆිල්මෙක?
FAQ ක්‍රමේට ලිපිය දීලා. පොර කොහොමත් අමුතුයි, වැඩත් මාර නිර්මාණශීලියි. හැබැයි මයුර ටිකක් පම්පෝරිත් ගහනවා සමහර වෙලාවට. බලනවද නැද්ද.. බලනවද නැද්ද??
මේ යකා සබ් කරන අනිත් ඒවත් බලපු එකේ ඔන්න මේකත් බලලා දානවා. අර කිව්වත් වගේ මොකෙක් හරි ඇහුවොත් Aamis බැලුවද කියලා, නිකන්ම නෑ කියනෙක තත්ත්වෙට මදී.
මීලඟ කමෙන්ටුව චිත්‍රපටය අතරවාරයේ බලාපොරොත්තු වන්න.උදයංග සම්පත් හතරසිංහ
150 වෙනි නිර්මාණය වෙනුවෙන් සුබ පැතුම් සහෝදරයා! මට නම් ඉතිං ඉංග්‍රීසි හැර වෙන ෆිලුමක් බැලෙන්නෙ නෑ. ඉංග්‍රීසි වුණත් ෆිල්ම් එකක් බලන්නෙ කලාතුරකින්. ආපු ගමනට වඩා වැඩි වේගයකින් ඔහොම යමු 200ට ඉක්මනට. ජය වේවා..! ❤
Kavinu
හප්පේ... 150ත් ගහලා! සොහාන් අයියා කියල තියෙනව වගේ නමවත් නොදැන හිටපු ෆිල්ම් බරගාණක් බැලුවෙ ඔයාගේ සබ හින්දා,
ලියන ලිපියෙයි සබේ කොලිටියයි ගැන අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නෑනෙ ඉතින්! කන්ගනාගේ Thalaivi එනකන් ඉන්නැතුව ඔහොම්මම *200ත් ගහමු
ලිස්ට් එකට දාගත්තා එහෙනං ෆිලුමත්, ඉඩක් ලැබුනු හැටියෙ පළවෙනියටම බලනවා!
Teance 2 ආපුවාම ආපහු සෙට් වෙමු එහෙනම් ❤️සුභාෂිණි මල්ලව ආරච්චි
මුලින් 150 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතනවා. 200 වෙනි කඩඉමත් ඉක්මනට පහුකරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල සුභ පතනව.
තව දෙයක් කියන්න ඕන මං මුලදිම පරණ සිනමා නිර්මාණයකට උපසිරැසි නිර්මාණය කරල ඒක බයිස්කෝප් එකේ පල උනාට පස්සෙ ඒ චිත්‍රපටිය හොඳ නෑ. ඒක බලන එකත් අපරාදේ කියල fb සිනමා group වල ගොඩක් negative comments වැටුනා. ඒක මම තෝරන් කරපු සබ් එකක් හින්ද මට අපරාදේ ඒක කරේ, ආයෙමත් සබ් කරන්න බෑ කියල හිතුනා. ඒ අතරෙදි මයුර සුරාජ් සොහොයුරා මං කරපු ඒ සබ් එකට "ෆිල්ම් එක සුපිරි. සබ් එක හොඳටම තිබුණ" කියල කෙමෙන්ට් එකක් දාලා තිබුණා. ඇත්තටම ඒක දැක්කම ගොඩක් සතුටු හිතුනා. සබ් කරන ගොඩක් දක්ෂ කෙනෙක්ගෙන් එහෙම කමෙන්ට් එකක් ලැබුණ කියන්නෙ මං වගේ අලුත් කෙනෙක්ට ගොඩක් සතුටු හිතෙන දිරි ගැන්වීමක්. ඒ අගය කිරීමට ගොඩක් ස්තූතියි.
150 වෙනි උපසිරැසිකරණයට ආයෙමත් සුභ පතනව.
-චානක ඉඳුනිල්-
ඒකනම් දීල තියේ ඇඩෙන්නම,
සුපිරි ලිපියක්...උපසිරැසියටත් ස්තූතියි!
ඒ වගෙම තුන්වෙනි කඩයිමට සුභපැතුම් මචෝ...!lahiru
superb sub
anuja tharinda
aamis බැලුව අහම්බෙන් අහුවෙලා....වචන නැහැ කියන්න පහරක්.මේ වගේ හැංගුගුණු නිර්මාණ වලට සබ කරන එක ලොකු දෙයක් සිරාවටම.පුළුවන් නම් deth in gunj,gulabjaam ෆිල්ම් දෙකටත් සබ කරමු.මාරම වටිනවා....
isuru srinath sjs
මුලින්ම 3න් වෙනි කඩයිමට, එහෙමත් නැතිනම් 150 වෙනි සිංහල උපසිරැසිකරණයට හදවතින්ම සුබ පතනවා..!!
අම්මෝ ලිපිය නම් මාරයි... ඔයා ඉතින් කොහොමත් නිරනිර්මාණශීලී නේ.. ඒ වගේම මේ දීපු සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි.. ජය වේවා !!Chanaka
සුබ පැතුම් සහෝ..!
උපසිරැසියට ස්තූතියි..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයHelili Hemamali
ෆිල්මෙක බලන ගමන් ඉන්නේ. මුලින්ම මේ කතාව මොකක් ගැනද කියලා වගේ වගක් නැතුව විනාඩි 15 ක් බලන් හිටියා. ඒත් කිසිම කම්මැලිකමක් දැනුනෙ නෑ. ඔන්න ඊටපස්සේ හිතුනා මේක unfaithful වගේ එකක්වත්ද කියලා. ආයේ හිතුනා එහෙමත් නෑ වගේ කියලා. මේ වෙද්දි ඉන්නෙ ෆිල්මෙකේ මැද හරියේ. හිතාගන්න බෑ කොහෙන් කෙළවර වෙයිද කියලා.
මීලඟ කමෙන්ටුව චිත්‍රපටය අවසානයේ බලාපොරොත්තු වන්න.keerthi
kothanodi sub ekath damuda
thanks me sub ekataHelili Hemamali
චිත්‍රපටය බලලා ඉවර වෙලා පළ කරන අදහස උපසිරැසිකරුවෙක්ට දෙන්න පුලුවන් ඉහළම උපහාරයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වචන ටික කියන්නේ චිත්‍රපටය සම්පූර්ණයෙන් බලලා අවසාන කරලා. මං මෙහෙම කියන්නම්, මයුර ආපහු වතාවක් ඔප්පු කරා, එයාගේ තේරීම් අසමසමයි කියනෙක. නොමිලේ දෙන උපසිරැසිය ආවට ගියාට දෙන්නේ නැතුව, ගොඩ දෙනෙක්ට මඟ ඇරෙන්න යන විශිෂ්ට චිත්‍රපට හැමදාමත් අපට ගේනවට ස්තූතියි මයුර. 150 වෙනි සිංහල උපසිරැසිය නිසා උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.
චිත්‍රපටය ගැනත් වචනයක් කියාගෙනම යන්නම්.
Unfaithful, Raw, Perfume ඔයි චිත්‍රපට ටික මට මතක් වුනා. ඒත් අවසානය වෙනකොට මට තේරුනා මේක වෙන කිසිවකට සම කරන්න බැරි වග. "පෙමතෝ ජායති සෝකෝ - පෙමතෝ ජායතී භයං" කියලයි අපි අහලා තියෙන්නේ. ඒත් අවසානේ කියාගන්න බැරි සිතුවිල්ලක් හිතට එනවා. චිත්‍රපටය ගැන හොඳ සහ නරක ප්‍රතිචාර ලැබෙනෙක පැහැදිලියි. අපි වගේ සර්ව භක්ෂකයොන්ට දිරවගන්න පුලුවන් වුනාට, අධි සංවේදි, ශාක භක්ෂක මිනිස්සුන්ට මේක දිරවගන්න බැරි වෙයි. මට නම් මේක චිත්‍රපටයකට මාර තේමාවක්, මාර රඟපෑමක්, මාර අධ්‍යක්ෂණයක්, කොටින්ම මාර නිර්මාණයක්.ශසිත් සඳරුවන්
තුන් වන කඩඉම වෙනුවෙන් සුබපැතුම් මයූ... උඹේ සබ් ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑනේ. ලිපිය කියවගෙන එනකොට අඳුරගන්න පුලුවන් සබ කරලා තියෙන්නේ කවුද කියලා. ඒ තරම් වෙනස්ම ආරකට ලිපිය ලියන කෙනෙක්. ඒ වගේම වෙනස්ම ආරක චිත්‍රපට තෝරාගන්න පුද්ගලයෙක්. උඹ සබ් කරපු ෆිල්ම් සේරම වගේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්නවා (බැලුවේ නැතත් :P ) වෙලාවක් ලැබුණු ගමන් බලනවා කියලා. මොකද සමහර වෙලාවට ෆිලුම ගැන බුකී ඔස්තාර්ලගේ විචාර නැතත් අනිවා හොඳ ෆිලුමක් කියලා කියන්න පුලුවන් නිසා. ඉතින් ඉදිරි කඩඉම් වලටත් යන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!
Anonymous
150* ට හදවතින්ම සුබ පතනවා මචන්...!!
කරන කියන වැඩ කටයුතු සාර්ථක කරගන්න අතරේ
ඉදිරියටත් උපසිරසිකරණයේ යෙදෙන්න ශක්තිය,
වාසනාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..
~~ඔබට ජය~~ඉසුරු සම්පත් සිරිසේන
150* ට හදවතින්ම සුබ පතනවා මචන්...!!
කරන කියන වැඩ කටයුතු සාර්ථක කරගන්න අතරේ
ඉදිරියටත් උපසිරසිකරණයේ යෙදෙන්න ශක්තිය,
වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
~~ඔබට ජය~~Anonymous
150* සුබ පතනවා...ඒත් වෙන film එකක් තිබුනෙම නැද්ද Bro 150 remarkable එකක් කරන්න..
මස් කන්නත් එපා උනා ඒක බලලා.
Madhushani Gamage
150 ට සුභ පැතුම් සහෝදරයා..
ලිපිය අලුත්ම විදියකින් කරලා තියෙනවා...සුපිරියි...
ගොඩක් ස්තූතියි..Dileka Prabodhinee
150 වෙනි උපසිරැසියට සුභපැතුම් අයියේ!
හැමදාම වගේ ඉදිරියටත් ලිපිය බැලුවාම ෆිල්ම් එක බලන්න හිතෙන විදිහේ ලිපි එක්ක උපසිරැසි අරගෙන හැකියාව වගේම ජීවිතයේ ඉදිරි කටයුතුත් සාර්ථක වේවා කියලා පතනවා!Achintha udayanga
සෑහෙන අමාරුවෙන් ඉවසගෙන ඉඳල පොඩ්ඩක් වේලෙන්න ඇරලා කමෙන්ට් එකක් දාන්න හිතුව
ලිපිය කියෙව්වට පස්සෙ ඒක වඩා උචිතයි කියල හිතුනා..ඉහිම් ඉහිම්
කොහොමවුණත් පහල තියෙන කමෙන්ට්ස් ටික දැක්කම පට්ටම සතුටුයි... ඒවා උඹට ලැබෙන්නම ඕන වචන
ඒවගේම පුංචිම කණගාටුවක් කලකිරීමක් දැනෙනවා
ඩවුන්ලෝඩ් කවුන්ට් එක දැක්කම...මීට වඩා නම් වඩා බලාපොරොත්තු වුණා
ඒත් අන්තිමේදී උඹට මේ වගේ දේවල් සාමාන්‍යයි නෙවැ
150 ට සුබ පැතුම් බන්...
උඹ නිසා මටත් බලන්න ලැබුණ සෑහෙන අහලවත් තිබ්බේ නැති හොඳ ෆිල්ම් සෙට් එකක්
හැබැයි මේක ඒ එක්කොටමත් වඩා වෙනස්
මේක ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිල්ම් එකක් වේවි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූණයි කියන්න පුළුවන් නිර්මාණයක්
cannibalism කිවම අපි හැමෝටම එන්නේ මහා ගෝත්‍රික ජුගුප්සාජනක හැඟීමක්
ඒ හා සබැදි සිනමාපට එක්ක මෙහෙම කියන්නම් ආමිස් රහයි වඩා අප්‍රියයි
ආදරයත් එක්ක වේදනා රසත් එක්කම අප්‍රිය මික්ස්චර් එකක් කියන්න පුළුවන්
පින් මයුර...ඉදිරියටත් මේ වගේ වෙනස් වෙනස් නිර්මාණ ගේන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
අහ් FAQ එක මල් හතයි ඈ (ඉහිම් ඉහිම් )...එච්චරයි අඩු වුණේ..
මේ වගේම අපූරු අපූරු විදි වලින් ලිපි ලියන්න තව තවත් අදහස් පහල වේවා වේවා..ජය වේවාකවිශල් රසින්ත (කවී)
ෆිල්ම් එක බලලම කමෙන්ට් එකක් දාන්න හිතුන නිසා තමයි පොඩ්ඩක් පරක්කු උනේ. ෆිල්ම් එක නම් වෙනම රසයක්. කොහොමත් මයුර කියන නම ඇහුන ගමන් දැන් දන්නවා පොරගේ තියෙන්නේ අනික් අයට මිස් වෙන වෙනමම කලාවක, රසයක ෆිල්ම් තියෙන්නේ කියලා, ඉතින් ඒ වගේ අපිට මිස් වෙන ලෝකයේ විශිෂ්ට රසවත් නිර්මාන ලං කරලා දෙනවට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. ෆිල්ම් එකේ අවසානය වෙනකල් මේ සිනමා පටය මොකක් ගැනද කියලා හිතාගන්න බැර් උනා. බිඳෙන් බිද ගොඩ නඟන තර්ක බිදවැටුනා. අවසානේ උඩ දාලා පොලවේ ගැහුවා වගේ ෆිල්ම් එක ඉවර් කලා. කොටින්ම සුපිරියක්, කවදාවත් න නොබලපු ජාතියේ ෆිල්ම් එකක්. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ ස්තූතියි උපසිරසියට. ඒ වගේම එකසිය පනස් වෙනි උපසිරසි නිර්මාණයටත් සුභ පැතුම්. දෙසීය කඩයිමටත් ඉක්මනින යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා. ජය වේවා...!!!
yasas
good job
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!රවිදු රුක්ෂාන්
ලේසියෙන් හින්දි චිත්‍රපටයක් නොබලන මම හින්දි චිත්‍රපට වලත් හොඳ එව්වා තියෙනවා කියලා දැනගත්තෙ මයුර අයියගේ සබ එකකින්. මුලින්ම ඒක පටන්ගත්තේ හිචිකි ඒකෙන්. එදා ඇත්තටම සතුටක් ලැබුවා. ඇත්තම කිව්වොත් වෙනම රසාස්වාදයක්. ඊට පස්සෙ කෙලින්ම කරලා තිබ්බ ෆිල්ම් වලින් තෝරාබේරා අරගත්තා. නමුත් ගොඩක්ම එව්වා හරිම වෙනස් චිත්‍රපටය. ඔය ඇක්ෂන් වලට වඩා දාහින් සම්පතයි. ඉතිං මේකත් අනිවා බලනවා. ඒවගේම ලිපි ගැන කියන්න ඕනෙ නැහැ සුපිරියටම ලබාදෙනවා ප්‍රේක්ෂකයාගෙ හිත ඇදිල යන්න. එහෙනම් ඉතිං මෙතනින් නොනැවතී ඉදිරියටම කරගෙන යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
Chaturange Madanayake
Sub Aamis.2019.1080p.Moviesaints.WEB-DL.AAC.x264-BonsaiHD me copy ekata match wenne na...
Chämàrá Sâmpáth
150'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් මයුර.
මෙතැනින් නොනැවති වෙනස්ම විදිහෙ සුපිරි නිර්මාණ හරහාම ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒවගේම මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!මධුකප්‍රිය පෙරේරා
150ට හෘදයාංගම සුබපැතුම් මයූ!
කවදාත් වගේ වෙනස්ම ආරේක අර්ථවත්
නිර්මාණවලට සබ් කරන කෙනෙක් නොවෑ ඉතින්...
එහෙමනම් ඉක්මණින් 200ත් ගහන්න ලැබේවා කියා පතනවා.
උපසිරසියට තුති. ඔබට ජයෙන් ජය!Nilanka
බොහොමත්ම ස්තූතියි සබ් එකට සහෝ.. ඒ උනාට මේ සබ් එක ඔයාලගෙ ඩවුන්ලෝඩ් සයිට් එකේ තියෙන Aamis.2019.1080p.Moviesaints.WEB-DL.AAC.x264-BonsaiHD කියන 1.13Gb කොපි එකට සෙට් වෙන්නෙ නැහැ. ඒක හදන්න පුළුවන්ද?
හසන්ත වික්‍රමරත්ත
150 වෙනුවෙන් සුබපැතුම් මයුර!
හැමදාම වගේ අමුතු එකක් හොයන් ඇවිල්ලා අතාරිනවා.
කොහෙන් හොයාගන්න එව්වද මන්දා.
අමුතුවෙන් හොඳ කියන්න දෙයක් නැහැ සයිට් එකේ රහට ඉන්දියන් සබ් කරන කීප දෙනාගෙන් උඩින්ම ඉන්න කෙනෙක් මයුර කියන්නේ. එහෙනම් ඉක්මනින් දෙසියා වෙන්න කියල පතනවා!!!ishu
මම කැමතිම උපසිරසි කරුවන්ගෙන් එක්කෙනෙක්.. කැමතිම කෙනා කිව්වත් වැරදි නෑ.. ගොඩක් ෆිල්ම්ස් බලල තියෙනව මයුරගෙ. සබ් එක වගේම ෆිල්ම් එක ගැනත් දෙගිඩියාවක් නෑ මයුරගෙ නම්.. එච්චරටම පට්ට.. සුභ පැතුම් මචන්..
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
බුදු අම්මෝ මන් දැන් ෆිල්ම් එක බලලා ඉවර කරේ... මගේ ඇග පත තාම වෙවුලනවා....
Anonymous
මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ලා ශාක භක්ෂක(Vegetarian)
කෙනෙක් බලන්න තියා හිතන්නවත් එපා..
ඒ වගේමයි මේක ඇවිල්ලා කච්චපඩංගු බොලිවුඩ් ඒවා වගේ නෙමෙයි..
මේක තමයි ඇසෑම් සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටය..
සැබෑ ආදරයක් වෙනුවෙන් පිරිමියෙක්ට කරන්න පුලුවන් කැපකරීම මේකේ මොනවට පෙන්නනවා..
ඒ වගේමයි ගැහැණියකගේ සෑහීමකට පත් නොවනා ගතියද එලෙසින්ම මැනවින් මෙහි පෙන්වනවා..
ඒ වගේමයි මේ වගේ තත්ත්වයකට ගැහැණියක් පත් වෙන්නේ හැම වෙලාවෙම පිරිමින්ගේ වරදින්මයි කියලත් කියන්න පුලුවන්..
අනිත් දේ තමයි ගැහැණියක් කිසියම් තත්ත්වයකට පත් කල විට එම ගැහැණිය එම තත්ත්වයට පත් කල පිරිමියාටද ඇයව නවත්වාලිය නොහැකි බව..
හැබැයි වැදගත්ම දේ මෙයින් ඉගෙනගන්න පුලුවන් ආදරයක් වුනත් කරන්න ඕන පිළිවෙලක් ක්‍රමයක් සහ ඒකෙත් සීමාවක් තියෙනවා කියන එක..Pasan
අම්බෝ
sasanka
thanks for the sub
Advertisement
![Ravening (2019) Aka Aamis Sinhala Subtitles | ප්‍රේමයක්.. මාරක ප්‍රේමයක්..!! [සිංහල උපසිරැසි] (150)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Ravening-2019.jpg)
150 ට සුබපැතුම් සහෝ
මේක black & white නෙවේ නේ(විහිලුවක් හොදේ)
දිගටම මේ වගේ අමුතු පහරවල් වලට sub දෙමු
ජය වේවා!!!