Watch Trailer

Kappela (2020) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල, වැරදුනු දුරකථන ඇමතුම… [සිංහල උපසිරසි]

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා. ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙ…

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.

ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.

අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.

හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.

මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.

Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.

මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා..

සුපුරුදු ලෙසම තරිඳු රුක්ෂාන් පෙරේරා අයියා එක්ක එකතුවෙලා තමයි මම මේ උපසිරසිය අරගෙන ආවේ. චිත්‍රපටිය ඇවිල්ල නම් ටික දවසක් උනත්, තරිදු අයියා එයාගේ දායකත්වය ඉක්මනටම කරලා දුන්නත්,මගේ රැකියාවේ කාර්යබහුලත්වය නිසාම දෙන්න පොඩ්ඩක් පරක්කු උනා. එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.

“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

12,275 downloadsDownload Kappela-2020.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,275 downloadsDownload Subtitles58 KB

26 comments

  1. මයුර

    ස්තූතියි දසනෝ තරිඳු අයියේ.
    ඉවසිල්ලක් නැතුව හිටියෙ සබ එනකන්.

    1. මයුර

      ඇනාබෙන් කියල නම ඇහෙද්දිම පිලුම බලන්න තරම් වහ වැටිලා.

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) පුළුවන් නම් Haami (2018) Bengali film එකට සබ් කරන්න IMDb එකත් 8/10යි

  3. Chandima Prasad

    Thanks Sub ekata..jayawewa..

  4. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා!

  5. Chanaka

    ස්තූතියි සහෝ..!
    ජය..!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. indika75

    thanks..

  8. Anonymous

    patta pata pata.supiri kollo thanks

  9. සුභාෂිණි මල්ලව ආරච්චි

    බොහොම ස්තුතියි මල්ලි

  10. Kavinu

    තුති වේවා...
    ඇනාටත් වඩා ටාන්වි ඉන්න හින්දයි බැලුවෙ මන් නම්! ❤️
    දිගටම මලයාලම් ගේමු එහෙනම්,
    ජය වේවා.

  11. isuru srinath sjs

    මලයාලම් වලට සබ් ගේන එකනම් වටිනවා.. 2න්නටම බොහොම ස්තුතියි !!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Tissa Gunawardana

    මෙම චිතරපටිය බාගත කරගත හැක්කේ කුමන සයිට් එක හරහාද

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    එනකල් බලන් හිටපු ෆිලුමක්..
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  16. ishara

    Story eka supiri.balanna

  17. Anonymous

    thanks

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. iresha

    great movie. thank u bro for sub.

  20. yasindi

    good job

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. Jeewantha

    සන්නස්ගලගේ විඩියෝ එකක Kumbalangi Night චිත්‍රපටිය ගැන කියපු විචාරක් අහලා තමයි ඉස්සෙල්ලාම මලයාලම් චිත්‍රපටියක් බැලුවේ. දැන් එක දිගටම මලයාලම්. බයිස්කෝප්එල්කේ සහ සියළුම උපසිරැසිකරුවන්ට මාගේ ප්‍රණාමය. එක Film එකක්වත් මඟහරින්නේ නැතුව සබ් දුන්නට.

  23. Rohith

    පට්ටම ෆිලුම. ගැම්මක් තමයි සහෝ

  24. Vishwa sasanka

    Thank you

  25. Sahan Gayantha

    thanks a lot sahola sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.