ඉතින් මගෙ පළවෙනි උපසිරැසිය ලබා දීල දෙවෙනි එක ඔයාලට දෙන්න මට ගොඩක් කල් ගියා. ඒ මොකද අවිවේකී ජීවිතෙත් එක්ක මේ ෆිල්ම් එකට උපසිරැසි දැම්මෙ ඉඩ ලැබෙන හැටියටයි. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2008 ඔක්තෝබර් වලදී. ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එක බලල ඇති. ඒත් සිංහල සබ් එකක් එක්ක ඔයාලට මේක දෙන්න ඕන කියල මට […]
ඉතින් මගෙ පළවෙනි උපසිරැසිය ලබා දීල දෙවෙනි එක ඔයාලට දෙන්න මට ගොඩක් කල් ගියා. ඒ මොකද අවිවේකී ජීවිතෙත් එක්ක මේ ෆිල්ම් එකට උපසිරැසි දැම්මෙ ඉඩ ලැබෙන හැටියටයි. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2008 ඔක්තෝබර් වලදී. ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එක බලල ඇති. ඒත් සිංහල සබ් එකක් එක්ක ඔයාලට මේක දෙන්න ඕන කියල මට හිතුන. සාමාන්යඅ හින්දි චිත්‍රපටියකට වඩා ටිකක් වෙනස් කතාවක් තියෙන්නෙ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්න මධූර් බන්ධාකර්. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි හොදම අධ්යමක්ෂකට නිර්දේශ වෙනව මෙම චිත්රූපටිය අධ්ය්ක්ෂණය කිරීම වෙනුවෙන්. මේග්නා මාතූර් කියන ප්‍රධාන චරිතයට පන පොවන්නෙ සුරූපී ප්‍රියන්කා චොප්රා. ඇය මේ චිත්‍රපටියට ඉන්දියානු ජාතික චිත්‍රපටි සම්මාන උළෙලෙදි වගේම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදිත් හොදම නිළියට හිමි සම්මානය හිමිකර ගන්නවා. ඇයත් සමග කන්ගනා රනාවුට් සහය නිළිය ලෙස ඉතා දක්ෂ රඟපෑමක නියලෙනවා. ඇයත් හොදම සහාය නිළියට හිමි සම්මාන ඉන්දියානු ජාතික චිත්‍රපටි සම්මාන උළෙලෙදි වගේම ෆිල්ම ෆෙයාර් සම්ම්න උළෙලෙදිත් හිමිකර ගන්නවා.
ඉතින් කතාව පොඩ්ඩක් කියනව නම්, මේග්නා මාතූර් මුම්බායට ගොඩක් ඈත පිටිසර චන්දිගාර් කියන කුඩා නගරයක ඉපැදුන කෙල්ලෙක්. ඇය ඒ නගරෙ තිබුන රූප සුන්දරී තරගයකින් ජයගන්නවා. එහිදි ඇතිවන සම්බන්ධකම් උඩ ඇය දෙමව්පියන්ගෙ බලවත් විරුද්ධත්වය මැද්දෙ මුම්බායට යන්න තීරණය කරනව මෝස්තර නිරූපින ශිල්පිනියක් වෙන්න හිතාගෙන. ඇයට ප්‍රසිද්ධ නිරුපිකාවක් වෙන්න එතරම් ලෙහෙසි වෙන්නෙ නෑ. වෙලාවකට ජය තවත් වෙලාවක පරාජය දරාගන්න ඇයට සිද්ධ වෙනව. මේ ගමනෙදි ඇයට විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් හමු වෙනව. ඒ අය ඇයගෙ ජයග්‍රහනයට අවංකවම උදව් කරනව වගේම තවත් අය ඇයව ඔවුන් ගෙ අවශ්‍යතාවයන් ඉටුකරගන්න ඉත්තෙක් විදිහට විතරක් යොදා ගන්නව. ඇය හිතන තරම් ඒ ක්ෂේත්‍රය සරළ සුන්දර නෑ. දක්ෂ නිරූපිකවක් වෙන්න නම් ලැජ්ජ බය යන දෙකම අමතක කරන්න වෙනව. දක්ෂ නිරූපිකාවක් වෙන්න ඇයට ඉතා විශාල කැපකිරීමක් කරන්න සිද්ද වෙනව වගේම ගොඩක් මහන්සි වෙන්න සිද්ද වෙනව.
කොහොම උනත් ඔයාලටචිත්‍රපටිය බලන්න වෙනව කතාව මොනවගේද කියල දැනගන්න නම්. මොකද මේක තවත් එක කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර ඇතිවන සරළ ආදර කතාවක් පදනම් කර ගෙන නිමැවුන එකක් නෙමේ. මේක වෙනස් ආරේ කතාවක්. ඒවගේම හැමෝම තමන්ගෙ චරිතයට විශාල කැපකිරීමක් කරල ඉතා දක්ෂ ලෙස රඟපානව. ඉඩ තියෙන හැටියට තවත් සබ් එකක් අරගෙන ළඟදීම එන්නම්. එහෙනම් ඔයාල හැමෝටම ජය වේවා කියල පතනවා.
583 downloadsDownload Fashion-2008.zip77 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරාජ් නිලන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරාජ් නිලන්ත
Subtitles
43 comments
දිනිඳු සම්පත්
දිනිඳු සම්පත්
කාලෙකට පස්සේ 1 වෙලා....
mihin ලංකා
පට්ටනේ බලන්න ඕනේ
mihin ලංකා
අයියෝ හිතුවේ 1 කියලා දිනිදුව ඉස්සර වෙලා :)
chamath cafe
අද කාලෙට වටිනා කතාවක් කෙල්ලෝ අනිවා මේක බලන්න ඕනෙම
ositha
thanks kollo
isuru
elakiri supirima akak machan
lasidu
පට්ට පට්ට අනිවා බලන්න ඕනේ මචෝ මේක නම් මම බලලා නෑ කියමුකෝ
tharanga
එල කතාවක් මේක අනිවා හැමෝම බලන්න වටිනවා
ganidu
තැන්ක්ස් වේවා!!
siraj
thanks bro for sub.nice job.
was
එලම කතාවක් සහෝ මේක
ccnp
Thanks
rusuru | රුසිරු
සුපිරි පහරක් එකෙන්ම
DANUKA!
thanks baiscope
හර්ෂ ලහිරු
Thanks brother
sp පියමල්
මේක ගැන අහලා තිබුනට බලලා නෑ,සබ් එකට thanks,
දැන් බලන්න ඕනේSs
මේ වගේ තව හින්දි හෝ Hollywood films තියනවා නම් කියන්නකෝ
vernie
**********
thilina
this is more like the life story of indian model Gitanjali Nagpal who rose to the fame and suddenly found herself begging on streets with her cocain addiction.
දිල්ෂාන් කාලිංග
මම කැමතිම ෆිල්ම් එකක්.කතාව සුපිරි.
ආයෙත් බලන්න හිතෙනවා සිංහල සබ් එක්ක.
ස්තුතියි සහෝ.ඩොක් අයියා
Thank you saho
නලින්
ස්තුතියි සුරාජ් සහෝ
ජය වේවා
p.g.gdenipitiya
mama ara gaththa thanks ok
#ChalinduDeshan (කිනා)
උපසිරැසියට සුභ පැතුම්.
බලලනම් නෑ කලින්.
ප්‍රියන්කා ඉන්නවා කියන්නේ නොබලත් බෑ :D
ජයවේවා!!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.තව ෆිල්ම් දෙන්න ශක්තිය ලැබේවා.
mudiya / මුදියා
බලන්න හිතාගෙන හිටියට බැරිවුන එකක්.මේකට සබ් දුන්න එක නම් ලොකු දෙයක් සුරාජ්.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි සුරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asela
Denikaina Ready Full Movie meke sinhala sub 1 hadala danna suraj machan,, theligu movie 1k..
Hasi
Adee man hoya hoya hitapu mV 1k thnx :D
සංජය
පට්ට කතාවක්... බොහොම ස්තුතියි සුරාජ් සහෝ...
Faz
Meke torrnt file eka vada karanne nenee? plzz ekata vikalpayak thiyenavanam danna kenek kiyanna.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
සාරංග ලියනගම
ජයවේවා.බොහෝම ස්තූතියි…!
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
kasun
yalu meke timing hodatama awl! mage player wala awlakda danne na.sub eka kalin run wenawane! wisadumak tiye nam mata e-mail ekak danawada?
Dilshan Kainga
බොහොම ස්තුතියි...
මම ආසම ෆිල්ම් එකක්.
ආයෙත් බලන්න හිතුනා.
ඉතින් සිංහල සබ් සයිට් එකේ දුන්න වගේ මතක නිසා ඇවිත් බැලුවේ.
මේන් තියනවා...
තවත් සබ් කරන්න ලැබෙන්න ඕනේ.sasini
මට මේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන විදිය කියන්න පුලුවන් ද?
Sanupa Ranmeth
අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගන්න සහෝ.
Kavishka
Sub download link is not working.
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලමු (දෙවෙනි) උපසිරැසියට සුභපැතුම්..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයවේවා!!!