ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තිය…
ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තියෙන මේ චිත්රපටිය ත්රාසජනක සහ අපරාධමය ගණයට ගැනෙනවා.. ඒ වගේම මේ සතියේ ලොව හොඳම චිත්රපටි 5000 අතර 140 වෙනි ස්ථානය රඳවගන්න තරම් මීට වසර තුනකට පෙර තිරගත උන මේ චිත්රපටියට හැකි වෙලා තියෙනවා. චිත්රපටියේ සුපිරි බව තව කියන්න ඕන නෑ.. කතාව ගැන ටිකක් කියන්නම්.
වාහනේ දෝෂයක් නිසා පාළු පාරක් අයිනේ ඒ වාහනේ නවත්තගෙන ඒක ඇතුලට වෙලා ඉන්න ගෑනු ලමයෙකුට ඒ පාරේ යමින් සිටින තවත් වෑන් රථ රියදුරෙක් විසින් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ඒ ගෑනු ලමයා වාහන ඇදගෙන යාමේ සේවාවකට ඇමතුමක් දීලා ඉවරයි. ඒ නිසා ඇය ඔහුගෙ උදව් ප්රතික්ෂේප කරනවා. (අනිත් එක අද කාලේ කාවවත් විශ්වාස කරන්නත් බෑනේ) නමුත් ඔහු බලෙන්ම වගේ වාහනේ තත්වය පරීක්ෂා කර බලලා ඒ වාහනය සෑහෙන්න එරිලා කියලා ගෑනු ලමයට පවසලා එතනින් යන්න යනවා. හැබැයි ඇත්තටම ඔහු එතනින් යන්නම යන්නෙ නැහැ. අනිත් පැත්තෙන් ඇවිත් අර වාහනේ වීදුරුව කඩලා ගෑනු ලමයට මිටියකින් හිසට පහර දීලා ඇදගෙන ගිහින් ඔහුගෙ වෑන් රථයට දාගෙන ඔහුගෙ ගෙදරට අරගෙන යනවා. එහිදී තමන් ගැබිණියක් බවත් තමන්ව නොමරන ලෙසත් ඒ ගැහැනු ලමයා ඔහුට පැවසුවත් ඔහු ඒ ගැන නොතකා ඇයව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. පොලිසියට සොයා ගන්න ලැබෙන්නේ ඇගේ හිස විතරයි.
මෙසේ ඝාතනයට ලක් උන ගෑනු ලමයගෙ පෙම්වතා වන සුහ්යුන් කිම්, වෘත්තියෙන් රහස් පොලිස් නිලධාරියෙක්. ඒ වගේම ඇගේ පියා විශ්රාම ලත් පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ සුහ්යුන් ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල මිනී මරුවා හොයන්න උත්සාහ කරනවා. එහිදී මෙවැනි ගැහැණු ලමුන් ඝාතනය කල පුද්ගලයන් සිව් දෙනෙක් පිළිබඳව තොරතුරු ඔහුට හොයා ගන්න පුළුවන් වෙනවා. ඔහු ඒ එකිනෙකා පස්සෙන් පන්නලා කොහොම හරි ඔහුගෙ පෙම්වතියව ඝාතනය කල ඝාතකයව හොයා ගන්නවා.. නමුත් ඔහු ඒ ඝාතකයව එක පාරටම මරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු අපූරු අන්දමකින් ඝාතකයගෙන් පලි ගන්නවා.
ඉතින් යාළුවනේ.. කවුද මේ ඝාතකයා? සුහ්යුන් කොහොමද නිවැරදි ඝාතකයව හඳුනා ගන්නේ? ඝාතකයට උදව් කරන අයත් ඉන්නවද? නැත්නම් ඝාතකයා තනිවම ක්රියාත්මක වෙන පුද්ගලයෙක්ද? ගැහැණු ලමුන් ඝාතනය කල අනෙකුත් ඝාතකයන් තිදෙනාටත් සුහ්යුන් වැඩේ දේවිද? ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල ඝාතකයගෙන් ඔහු පලි ගන්නෙ කොහොමද? ඇයි ඔහු ඝාතකයව එක පාරට නොමරන්නේ? අවසානයේදිවත් ඒ ඝාතකයව සුහ්යුන් විසින් මරා දාවිද? නැත්නම් ඝාතකයා අතින් සුහ්යුන් මිය යාවිද? එහෙමත් නැත්නම් අපි කවුරුත් නොහිතන දෙයක් සිදු වේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ඒ වගේම මේ කතාව අනෙක් බොහෝමයක් චිත්රපටි වගේ අවසානයක් නොමැතිව අවසන් වෙන්නෙ නැහැ කියලත් කියන්නම ඕන. හැමෝටම ජය වේවා!!!.
22,528 downloadsDownload I-Saw-The-Devil-2010.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
65 comments
kalinga
naleen
ela saho mama 2
venura
ela rahs parikshaka akak wage thanks kiwuwua
lk
niyamai didnidu
yasas
onna mama nam dan gaththa thx
කේ.යූ.ජී. උදාර
දෙකක් නැහැ මං දන්න කාලෙ ඉඳල ම මේක තිබ්බෙ උඩම අගයක තමයි.....
සිංහල සබට තුති කොල්ලො.was
ජය වේවා මචෝ
rusuru | රුසිරු
පට්ට ෆිල්ම් එකක් මේක අනිවා බලන්න හැමෝම සබ් වලට පින්
ccnp
Thanks
DANUKA!
niyamaiiiiii ela
shann
පට්ට කතා දෙන්නේ නොබා කොහොමද
උදාර
ජය වේවා සහෝට
chami
thazzzzzzzzzzzzzzz
wow
wow,,maru :D
දිල්ෂාන් කාලිංග
මේ වගේ ඒවා ඉතින් නොබලා කොහොමද.
තෑන්ක්ස් සහෝ..uda
මේකනම් බලන එක බලනවා...
සුපිරි පහරක් වගෙයි! අඩු කොපියනම් මසුරං. ජය!(කොහොමත් KUG කියනවානම් හොඩ බව, දෙසැරයක් තියා එකසැරයක්වත් හිතන්න දෙයක් නෑ. මේන් බෑවා...) :D
ශාන් විමුක්ති [ විමා]
ane apppe ara 400MB Br ekak
ammo dakinnath asai me wage ehema adu saiz 1k
sub 1ta bohoma sthuthi Dinidu aiye!jack
නියමයි මචෝ පට්ටම බයිස්කෝප් එකක්. තවත් මේ වගේ පට්ට මුවීස් වලට සබ් දෙන්න.
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....Danuka
නියමයි කොල්ලො සිංහල සබට තුති.
danushka
thanks machan,,,
Thilina
Onna mamath Down karanna damma...
හර්ෂ ලහිරු
පට්ට පතුරු පහරක් වගේ අනිවා බැලිල්ලක් තමයි
ස්තුතියි සහොsp පියමල්
ඔන්න ගත්තා එහෙනම්,බලලා හොඳ නරක කියන්නම්,thanks
sp පියමල්
අනේ අපොයි මොන හිතකින්ද ඔයා මේකට සබ් දැම්මේ,මට නිකන් කලන්තේ වගේ,ඇඟ හිරි වැටෙනවා මේ වගේ ඒවා බලද්දී,අපොයි හොල්මන් එකක් බැලුවනම් මීට සැපයි කියලා හිතෙනවා
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
chana
SUPER BRO
නලින්
ස්තුතියි දිනුදු අයියා..
ජය වේවා!
Dilan Anuradha
Superb Movie, Thanks D.Sampath :)
nalaka
ඔයා දුන්නොත් දෙන්නේ තනි ඇහැට අඩෙන්න පාරවල් කියල බයිස් කෝප් බහින සෙට් එකම දන්නවා ....සබ් එකට පට්ට තෑන්ක්ස් දිනිදු සහෝ
mudiya / මුදියා
මං හිතුවෙ හොල්මන් එකක් කියල.නෑනෙ බොලව්.මේ අර ජීඅයිජෝ එකේ ඉන්න එකා නේද.අනිව බෑමක් තමයි ඉතිං.නියමයි දිනිඳුවො.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. හොඳ කතාවක් වගේ. බලමු බලන්න. ජය෴෴ :P :P
Danuka
maxaaa.....
Ashain
ela wage...thnx saho!
DDSameera
pissu hadila ayth hadenawa...ban
සංජය
බොහොම ස්තුතියි දිනිඳු සහෝ..
namika
ඇක්ශන් පාරක් වගේ. සබත් එක්ක දුන්නට බොහොම ස්තූතියි!
ඔන්න බෑවා!aravinda
Thanks.....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍අසින්ත
එල කොල්ලෝ
සාරංග ලියනගම
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි
ජයවේවා!!!gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Krish
Niyama film 1k genalla thiyenne Dinidu..thank u wewaaaa!!!!!!
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
මයුර
නියමයි සහෝ. Ek Villain එකත් හදලා තියෙන්නේ මේක මුලික කරගෙන කියනවනේ, ඒ හින්දා මේක බලන්නම හිතුනා. පොඩි කොපියක්. පට්ටම ස්පීඩ්. සතුට දෝරේ ගලනවා :D
Naween
සබට බොහොම ස්තූතියි.
ඔබට ජය….!Naween
සබට බොහොම ස්තූතියි.
ඔබට ජය…!කේ.යූ.ජී. උදාර
ඕං අද තමයි මේක බලල අහවර කළේ..............
මේ වැඩේට බොහොම ස්තූතියි දිනිඳු.sriyntha
Mn bala thiye mek
mithun
මත් බැලුව සුපිරියි ෆිල්ම් එක නම් උපසිරැසියට බොහොම තුති සහොට .නියමෙටම තිබුන
keshan
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේක නම් අනිවා බානවා