මේ සැරේ මම උපසිරැසි නිර්මාණය කළේ 80 දශකයේ අගභාගයේදී ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටයකට. ඒ තමයි ඒඩ්‍රියන් ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද Fatal Attraction. ඒඩ්‍රියන් ලින් කියන්නේ හොලිවුඩයට Unfaithful, Indecent Proposal, Nine 1/2 Weeks වැනි නම ගිය චිත්‍රපට බිහි කල අධ්‍යක්ෂකවරයෙක්. Fatal Attract…

මේ සැරේ මම උපසිරැසි නිර්මාණය කළේ 80 දශකයේ අගභාගයේදී ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටයකට. ඒ තමයි ඒඩ්‍රියන් ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද Fatal Attraction. ඒඩ්‍රියන් ලින් කියන්නේ හොලිවුඩයට Unfaithful, Indecent Proposal, Nine 1/2 Weeks වැනි නම ගිය චිත්‍රපට බිහි කල අධ්‍යක්ෂකවරයෙක්. Fatal Attraction චිත්‍රපටයත් Unfaithful වගේම Thriller එකක්.
මේකේ කතාව ගෙතී ඇත්තේ නිව්යොර්ක් නගරයේ වෙසෙන සාර්ථක නීතීඥයෙක් වන ඩෑන් ගැලගර් (Michael Douglas) වටායි. ඔහු ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්නෙක්. එක්තරා සති අන්තයකදී ඔහුට මුණ ගැහෙන සරාගී කාන්තාවක් වන ඇලෙක්ස් (Glenn Close) සමග ඔහු ලිංගිකව හැසිරෙන්නේ ඒ මොහොතේ ඇති වූ ආකර්ෂණයක් හේතුවෙන් මිසක් ඒක දුරදිග ගෙනියන අදහසකින් නෙමෙයි. නමුත් ප්‍රශ්නය වෙන්නේ බලාපොරොත්තු නොවූ ලෙස ඇලෙක්ස් ඔහු හා පෙමින් බැදීම නිසා දිගින් දිගටම ඔහු පසුපස ඒමට පටන් ගැනීමයි. ඩෑන් නොදන්නා අනික් කාරණය තමයි ඇලෙක්ස් Borderline Personality Disorder නම් වූ මානසික තත්වයෙන් පෙළෙන බව. එහි මූලික ලක්ෂණ වන්නේ හැඟීම් සහ ආවේග පාලනයට ඇති නොහැකියාව, අධික කෝපය, යමක් අවශ්‍ය වූ විට විපාක ගැන නොසිතා එය කෙසේ හෝ ලබා ගැනීමට පෙළඹීම වැනි දේයි. ඩෑන්ට සිදු වන්නේ මෙවැනි තත්වයක සිටින කාන්තාවකගෙන් එල්ල වන තර්ජන වලින් තම පවුල් ජීවිතය සහ පවුලේ අය රැක ගැනීමේ අභියෝගයට මුහුණදීමටයි.
මෙය ඇත්තෙන්ම මුල සිට අග දක්වා කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි Thriller එකක්. එම වර්ෂයේ ලොව පුරා වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය (වියදම – ඩොලර් මිලියන 14. ආදායම ඩොලර් මිලියන 320.) වගේම හොඳම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 6 කට නිර්දේශ වී තිබෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය ඇමරිකානු සමාජය තුළ විශාල බලපෑමක් ඇතිකරමින් ආකල්පමය වෙනසක් සිදුකිරීමට සමත් වූ එකක් බවත් සඳහන්. ඉන් ප්‍රධාන වන්නේ ඇමරිකානු පිරිමින් අනියම් සම්බන්ධතා පැවැත්වීමට පෙර දෙවරක් සිතීමට පෙළඹීමයි. මෙහි ඇලෙක්ස්ගේ චරිතය රඟපෑ Glenn Close වරක් පවසා තිබුණේ ඒ දින වල ඇමරිකාවේ වඩාත්ම වෛරයට පාත්‍ර වූ කාන්තාව වූයේ තමා බවයි. මේ කතාව ඇසුරු කර ගෙන අනූ ගණන් වල සිංහල චිත්‍රපටයක්ද නිර්මාණය වී ඇති බව මෙහිදී සඳහන් කළ යුතුයි.
53a6fb94f72f2f0a54eb76768335132ac9a9c4bd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,470 downloadsDownload Fatal.Attraction.1987.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
rum2550
Subtitles
64 comments
වරුණ රංගජිත් (වරූ)
piyasiri
Sanath Sabitha Prasanna Withanage Sisila Ginigani
නලින්
ස්තුතියි රම් සහෝ.
ජය වේවා.
“චූටී මල්ලි”
අප්පටසිරි රම් කොල්ලා
එල මේකත් සෙට් උනොත් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය.........joe root
කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ඇමරිකාවේ මේවා හොද වුනාට මේ ලංකාව ඒක නිසා ලංකාවට මේවා ගැලපෙන්නේ නැ මේක සබ්‍යත්වයක් ඇති රටක් ලිංගිකත්වය එලියේ දාගෙන දගලනඒවායින් වෙන්නේ මිහොදයි කියනසුන්ගේ ඔලු නරක් කරන එක ඒක නිසා මේ වගේ එවා දෙන්නේ නැතිව ගොඩක් හොද ඒවා දෙන්න බලන්න ඇයි දෙයියනේ මුන්ට හොද චිත්‍රපටි කියන ඒවා නැතිවද බලපලක්කකෛා් නෙට් එකේ කොචිචරක් තියෙනවද ගනින් කෝ එවගේ චිත්‍රපටියක් මේ කුනු වුන ඒවා දෙන්නේ නැතිව මේකත් අර සම්මාන හම්බවුන සිංහල චිත්‍රපටියක් තියෙන්නේ සුලග එනු පිනිස කියලා සම්මාන නම් හමුවුනා නමුත් සංගේ තියෙන කාටවත් බලන්න පුලුවන් කමක් නෑ ඒකා නිසා නැවත නැවත ඉල්ලන්නේ මේ වගේ කුනුකතා දෙන්නේ නැතිව හොද චිත්‍රපටි දෙන්න බලන්න කියලා
ශාන් විමුක්ති [විමා]
මේකන් දෙන ආදර්ශය වෙන්නේ බලල හැදියන් කියල මිසක් වැලක් විදියට බල හොර ගෑනු පස්සේ යමන් කියල නෙමේ
ලිපියේ පවා පැහැදිලිවම ඒක තියනවා" මෙම චිත්‍රපටය ඇමරිකානු සමාජය තුළ විශාල බලපෑමක් ඇතිකරමින් ආකල්පමය වෙනසක් සිදුකිරීමට සමත් වූ එකක් බවත් සඳහන්. ඉන් ප්‍රධාන වන්නේ ඇමරිකානු පිරිමින් අනියම් සම්බන්ධතා පැවැත්වීමට පෙර දෙවරක් සිතීමට පෙළඹීමයි "
බලන කෙනා දකින කෝණය අනුවයි මේක තීරණය වෙන්නේ
සිද්දාර්ථ ගෞතම බලලා සෝවාන් වෙච්ච කෙනෙකුත් නෑ
ඉගිල්ලෙන මාළු බලලා කාමයෙන් උමතු වෙච්ච කෙනෙකුත් නෑ
විලි-සංගේ හොදහැටි තියන ඔය ඇත්තගේ දෘෂ්ටි කෝණය ඔය දාලා තියන කමෙන්ට් එකෙන් හොදටම තේරෙනවා
ඒ වගේම දැන් ලංකාවේ සභ්‍යත්වය ගැන කතා කරනවානම් ඔයාට මම වෙනම පොස්ට් තුන හතරක්ම දෙන්නම්
ලංකාවට ඕන ආකල්පමය වෙනසක් මිසක. අර දේ කරන්න එපා. මේක කරන්න එපා . මේක තහනම්. me ෆිල්ම් බලන්න තහනම් කියලා නීති පනවන ජිහාඩ්වාදයක් නෙමේ සහෝ!
අවසාන වශයෙන් කියන්නම්
මම මේ ෆිල්ම් එක කලින් බලලා තියන කෙනෙක් හැටියට
පළමුව සිනමාපටය බලව
පසුව නැවත එව
අදහස් දක්වව :Dගයාන් රූකාන්ත (ජෝනා)
හපොයි දෙයියනේ joe root
උඹ දැක්කේ නැද්ද මේ ගිය සතියේ එකෙක් නාගෙන රෙදි එහෙම අපුල්ලගෙන යනවා..LOL :)බුරුවො සිනමා නිර්මාණයක් කියන්නේ නිකන්ම නිකන් දර්ශන කිහිපයක් නෙමේ
එකේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් තෙරුන් ගන්න බලහං නැතුව ඔහේ රුප ටික බලලා
අසන්වරේ යන්න කියලා නෙමේ කියන්නේ. මේ වගේ සිනමා නිර්මාණයක් උනහම දර්ශන වගේම ගැබුරු
අර්ථයක් තියනවා තමන්ගේ ජීවිතේට ලං කරගන්න ඕනේ ඒවා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරහං.
අනිත් කියන්න ඕනේ දේවල් ටික අපේ විමා කියලා තියනවා බොට....උඹට සංගේ ඇතිව
මේ ෆිල්ම් එක බලන්න බැරි නම් නිකං අපේ ලේ පුච්චන්නේ නැතිව පොඩි උන්ට
වෙන් වෙච්ච කතාවක් (කාර්ටුන්)එකක් බලාගෙන ඉදින්..උඹලා වගේ කිසිම
දැනුමක් තේරුමක් නැති අයට බලන්න අපි කාටුන්, ඇනිමේෂන් ෆිල්ම් එහෙමත් සිංහල උපසිරැසි සමග ලබාදෙනවා.
එක නිසා දෙයියනේ කියලා අපිට පවු නොදී එහෙම ෆිල්ම් එකක් බලාගෙන ඉදින්...Saman Prasad ( Black Panther )
උඹලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං. යකෝ මේ ෆිල්ම් එකෙන්ද ඔය හොඳට තියෙනවා කියන සමාජය නරක වෙන්නෙ? හොඳ සමාජයක් තියෙනවාද බං? අනික අපේ රටේ මේ වගේ ෆිල්ම් හැදිලම නැද්ද බං. අනික අපි මේක කට්ටියට " ආ මෙන්න බලහන් මේ ෆිලුම, නැත්නම් තෝව මරනවා" කියලා තර්ජනය කරලා බලෙන් පෙන්නුවද, නෑනේ. මට නම් කියන්න දෙයක් නෑ. විමා උඩින්ම ඔක්කොම කියලා තියෙනවා. නිකන් ගොම් පාට් එකක් වෙන්න එපා බං. යකෝ ඕනම දෙයක් දිහා මිනිහෙක් බලන විදිය මිනිහගේ හිතේ තියෙන අරමුණ අනුව වෙනස් වෙනවා. උඹ දැන් ඕක දිහා බලන්නෙ බ්ලු එකක් විදිහට. එකනේ උඹ ඔහොම කියවන්නෙ. යකෝ අර කිවුවා වගේ ලිපිය කියවපං. ලංකාවේ මිනිස්සු ඔහොම්මමයි බං. මොකක හරි තියෙන පොඩි ජරා කෑල්ලක් අල්ලගෙන ඒකෙන් ගන්න තියෙන වැදගත් දේ අයින් කරලා දානවා. ඒ වැදගත් දේ ගැන හිතන්නෙවත් නෑ. අර පොඩි කෑල්ල අල්ලගෙනම කෑගහනවා. අනේ මන්දා බං. වෙන නම් කියන්න දෙයක් නෑ. ඕනම දේකින් ගන්න පුළුවන් හොඳ දේ අරගෙන නරක දේ අයින් කරලා දාපං බං. උබට දෙන්න තියෙන උපදෙස එකයි...
නලින්
කෙලින්ම කිව්වොත් පොටක් පැදෙනකල් බලන් ඉන්න ඔබ තුමාලා වගේ අයට මේක හොද අවස්ථාවක්. පේනහැටියට එක අවස්ථාවක් කරගෙන තියනවා. එත් එක හරියටම වෙලාද කියන්න ගැටළුවක් තියනවා. එත් මේ කියන විදිහට "කුණු කතා"වක් වෙන්නේ එක තමන් බලන මානසිකත්වය අනුව කියලයි මම දකින්නේ. තමුන්ගේ කතාවේ හැටියට තමුන් ගැන චිත්‍රයක් අපිට මවා ගන්න ගන්න පුළුවන්. තමුන් මෙම අදහස දැක්වුයේ ඇත්තටම මෙය නරඹලාමද නැත්නම් ඔහේ ලිපිය කියවලා ඔළුවට ආපු විකෘති සිතුවිල්ලකටද කියලා හිතා ගන්න පුළුවන්. කතා තේමාව, එහි අන්තර්ගතය කුමක්ද? එයින් සමාජයට දෙන අරුත කුමක්ද යන්න එම සිනමා කෘතිය නරඹන්නා විසින් තිරණය කළ යුතුයි.
චතුරංග සුරාජ් පෙරේරා
සිනමාව ගැන දන්නේනැති උබල වගේ ගොන්හරක් හින්නද තමයි අද අපේ ලංකාවේ සිනමාබල්ල ගානට වැටිල තියෙන්නේ. මේ චිත්‍රපටය බලල තියෙනව ඇත්තටම හොද චිත්‍ර පටියක් මම බලපු. දුක තමයි මේ වගේ හරක්ට මේ වගේ නිර්මාණ ඉදිරිපත් කරන එක. rum2550 සහෝ මම දන්නව උබ රසවිදිවිදිහ මාත් එහෙම තමයි මේවගේහොද නිර්මා ඉදියටත් දෙන්න කියල මම ඉල්ලනව.
ඔබට ජය සහෝ !!!
පැතුම් අරෝෂණ වනිගසේකර
joe root
මිනිසුන් ආශාවල් කිහිපයක් පසු පස හබායනව ඒ ආසාවන්ගෙන් ප්‍රධානම දෙයක් තමයි ලිංගිකත්වය කියන්නේ .
මිනිසුන් ලිංගිකත්වය ගැන අවබෝධයෙන් ඉන්න , ලිංගික ආශාවන් ගැන ඒවා පාළනය ගැනඒ අවබෝධයන් ලබාගන්නනම් ඒ ගැන සමාජයේ කතිකාවක් ඇති වෙන්න ඕන ඉබේම අවබෝධයක් ලැබෙන්නෙ නෑ
ඒ කතිකාව කරන්න පුලුවන් මාධ්‍යක් තමයි සිනමාව
ඒ ලිංගිකත්වය ගැන කතා වෙන සිනමාපටයක ලිංගික දර්ශන ඇතුලත් නොකර කොහොමද !!
අනික ලංකාවේ යහපත් සංකෘතියක් තියෙනවද දැන්
ලිංගිකත්වය පදනම් උන කොයිතරම් අපරාධ අපචාර වෙනවදමේ වගේ සිනමාපටයකින් පුලුවන් මිනිසුන්ගෙ ලිංගිකත්වය කියන හැගීම ගැන අලුතින් හිතන්න පොළබවන්න
ලිංගික දර්ශන අභිබවා මේ සිනමාපටයෙන් ගෙන එන පණිවිඩය හිතට ගන්න පුලුවන් කෙනා ජීවිතේට වටිනා යමක් එකතු කරගත්ත වෙයි .
ලිංගික චර්‍යා , ඒ හා බැදුන ජීවන ගැටලු ගැන කතා කරන සිනමාපට බලන්න බැරි අය නොබලහිටියනම් හරි ඒ වගේ චිත්‍රපටි
අනිවර්යෙන් බලන්න කියල බලකරල සිනමාපටවලට උපසිරැසි දෙන්නෙ නැති නිසා බලන නොබලන එක තම තමන්ගෙ කාර්‍යක්
අසාධාරන චෝදනා එල්ල කරන්න හොද නෑ මේ කරන කාර්යට
උපසිරැසි ලබාදෙන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ කාලය කැප කරලකැලුම් ගුණසේකර
අනේ මචං, උඹට මේක බලන්න බැරිනම් නිකා ඉදින්. උඹ මේක බලලා නරක් වුනොත් නේ? ඒ නිසා උඹ දන්න එවුන්ටත් කියපන් මේක 18+ එකක් කියලා. උනුත් නරක් වේවි. ඇයි මචං උඹ දැක්කේ නැද්ද? මේකේ මුලින් ම දාලා තියනවා 18+ කියලා? පොඩි උන් ඉන්නවා නම් නොබලා ඉදී. උඹත් නොබලා ඉදපන්. අනික හැම මගුල ම මෙතන කියන්නේ? ගිහින් කිපන් කෝ තව සිංහල උපසිරැසි දෙන අඩවි වල? අපි විතරද 18+ ඒවා දෙන්නේ?
saman
........
සැබැවින් ම විමලධීර ශෘංගාරාත්මකය. විටෙක ඔහු තමා හමුවීමට පැමිණි සමීපස්ථයකුට මෙසේ කියයි.
“ගැහැනියකගේ සුන්දරත්වය දකින්න බැරි මනුස්සය නිර්මාණ කාරයෙකු වෙන්නෙ නෑ.”
“ඒක සදාචාරයට පටහැනි නැද්ද?Ó
“විකාර. සීගිරි අප්සරාවියන්ගේ ලැම වර්ණනා කළ අය අතරෙ කී දෙනෙක් පවුල් කාරයො ඉන්න ඇද්ද?”
“ඒ කියන්නෙ ශෘංගාරය නැත්නම් නිර්මාණය බෑ කියලද?”
“ඔව්. මිනිහෙක් මහල්ලෙක් වෙන්නෙ එයින් පස්සෙ.”
“එහෙනම් විමලධීර ලියන්නෙත් අත්දැකීම් ද?”
විමලධීර නැගිට තම මිතුරා ගේ කරවටා අත දමා ගත්තේය.
“තොටගමුවෙ හාමුදුරුවො වෙසඟනන්ගේ ලැමේ ගාපු කොකුමගරවල සුවඳ දැනගෙන හිටිය.”
වරුණ රංගජිත් (වරූ)
joe root
මෙන්න තව එකෙක් බුරණවෝ යකෝ උඹලට පිස්සුද බත්නම් කන්නේ කාලා බුදියගනින්කෝ අපේ ලේ පුච්චන්නේ නැතුව...යකෝ මේක බලලා මේකෙන් ලබාදෙන ආදර්ශය ගණින් උඹලා ගැනනම් හිතාගන්න පුළුවන් උඹලා හිතන්නේ මේකේ වැරදි පැත්ත විතරයි මුන්ට කියලා වැඩක්නෑ
තිසර නියෝ (Thisara Buddhika)
කාටුන් එකත් බැලුවත් මුන් ඒකටත් මොකක් හරි කියයි බන්. ඕකුන් වගේ උන් එහෙම්මමයි
තිසර නියෝ (Thisara Buddhika)
අනිවා.
මුලින්ම ෆිල්ම් එක බලල වරෙන්. නිකන් ලිපිය දැක්ක පලියට උම්බෑ කියන්නේ නැතුව.anonymouse
machan uba lankawe sanskruthiya gana katha karanna kalin samajeta bahala balapan.uba podi ekek. jeevitheta night club 1kata gihin thiyanawanam ohoma kathawak kiyanne naha lankawe sanskruthiya gana.uba montisoori sithuwili thiyana gode baiyek
වරුණ රංගජිත් (වරූ)
මටනම් දුකත් හිතනවා බන් උෟ ගැන....
හි.....හි.....
Nalaka Lakmal
mama meka kalin baluwa.. dan sinhala sub ekkama balanwa.. thxx ............
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ සමාජයට ආදර්ශයක් අරන් යන්න පුළුවන් විදියේ නිර්මාණයකට උපසිරසි අරන් ආවට
වැද්දන්ගෙන් බැන අහලා ජේතවනයට ගල් ගහන උදවිය කියන දේවල් ගැන හිතන්න එපා
කලාව කියන්නේ අසීමාන්විත දෙයක්, අනිත් හැම දේටම වඩා ඒක තියන වෙනස ඒකයි
ඒක තේරුම් ගන්න බැරි උදවිය ඔහොම කතා කියනවා
සමහරවිට උපාසක බළල්ලුත් එහෙම කියනවා
ජයෙන් ජය!Saman Prasad ( Black Panther )
බොහොම තුතු සහෝ සබ් එකට. දැන් සතියට එකෙක් දෙන්නෙක් එනවාමයි නේ අපි ගැන හොයලා බලන්න. ලොල්... ඕවා ගණන් ගන්න එපා සහෝ... සබ් දෙන්න තව ශක්තිය ලැබේවා...!!!
ගයාන් රූකාන්ත (ජෝනා)
දැන්ම නම් බලන්න වෙන්නේ නැ නමුත්
ලිස්ට් එක දාගත්තා සබට තුති "රම්" සහෝ ජය!! :) :)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
ඔය සමහර ඔලමොට්ටලයෝ කියන කතා ගණන් ගන්න එපා සහෝ
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Amila Jayasena
උපසිරැසියට තුති…
මලියා
සබ් 1කට ගොඩක් ස්තුතී මචන්... නියම ෆිල්ම්1ක
[Prash]
ela mcn
පැතුම් අරෝෂණ වනිගසේකර
මිනිසුන් ආශාවල් කිහිපයක් පසු පස හබායනව ඒ ආසාවන්ගෙන් ප්‍රධානම දෙයක් තමයි ලිංගිකත්වය කියන්නේ .
මිනිසුන් ලිංගිකත්වය ගැන අවබෝධයෙන් ඉන්න , ලිංගික ආශාවන් ගැන ඒවා පාළනය ගැනඒ අවබෝධයන් ලබාගන්නනම් ඒ ගැන සමාජයේ කතිකාවක් ඇති වෙන්න ඕන ඉබේම අවබෝධයක් ලැබෙන්නෙ නෑ
ඒ කතිකාව කරන්න පුලුවන් මාධ්‍යක් තමයි සිනමාව
ඒ ලිංගිකත්වය ගැන කතා වෙන සිනමාපටයක ලිංගික දර්ශන ඇතුලත් නොකර කොහොමද !!
අනික ලංකාවේ යහපත් සංකෘතියක් තියෙනවද දැන්
ලිංගිකත්වය පදනම් උන කොයිතරම් අපරාධ අපචාර වෙනවදමේ වගේ සිනමාපටයකින් පුලුවන් මිනිසුන්ගෙ ලිංගිකත්වය කියන හැගීම ගැන අලුතින් හිතන්න පොළබවන්න
ලිංගික දර්ශන අභිබවා මේ සිනමාපටයෙන් ගෙන එන පණිවිඩය හිතට ගන්න පුලුවන් කෙනා ජීවිතේට වටිනා යමක් එකතු කරගත්ත වෙයි .
ලිංගික චර්‍යා , ඒ හා බැදුන ජීවන ගැටලු ගැන කතා කරන සිනමාපට බලන්න බැරි අය නොබලහිටියනම් හරි ඒ වගේ චිත්‍රපටි
අනිවර්යෙන් බලන්න කියල බලකරල සිනමාපටවලට උපසිරැසි දෙන්නෙ නැති නිසා බලන නොබලන එක තම තමන්ගෙ කාර්‍යක්
අසාධාරන චෝදනා එල්ල කරන්න හොද නෑ මේ කරන කාර්යට
උපසිරැසි ලබාදෙන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ කාලය කැප කරලකේ.යූ.ජී. උදාර
නියමයි සහෝ...........
මේකට සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි.
ඔන්න මාත් සබයි ටොරන්ට් එකයි දෙකම ගන්නවා.Global
Meka Honda Adarshamath Movie Ekakne. Mama Meka Baluwe Danata Avurudu 12Kata Withara Kalin.
Ane Manda. Mallilata Sub Karala Banum Ahannath Welane. Owa Ganan Gannama Epa.
Oya Eka Eka Ewa Kiyana Ayata Hariyata Thamange Wadak Wath Karaganna Ba Saho.
Subata Godak Sthuthi..!Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. ඇත්තට ම හොදයි මේ වගේ නිර්මාණයක් කරපු එක. හැදෙන එකෙක් හැදෙයි. නැතිවෙන එකෙක් නැති වේවි. මෙහෙම එකක් හරි බලලා එකෙක් හරි හැදුනොත් ඒ පිනේන ටිකක් හරි ඔයාටත් අයිති වේවි. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැ නේ? ස්තුතියි උපසිරැසියට.
Kulanjana Maduranga
mcnla heta poya nisada koheda thawa 1kek hada dakala buranna patan aran wge ne.....aiyo mehemath gonharak.me wge filmukin krnne samajaye thiyana wgema wena deyak gn minissunta pennala dila eken samajayata yam panividayak dena 1ka.nathiwa film 1ke thiyana dewalma krnn kyla nemei....yoko meka therum gn bari me wge harak hamadama krnne mokkak hari 1k allan ka gahana 1ka....dn sathiyata sararayak me patte me wge harakek 2nnek en patan arn wge....munta wena wada nathiwada manda..
elaz machan.subata thanks rum2550 saho.Good work.rum saho me wge pissu yakkunge gon athal saho gnnan gn epa....digatama sub demu saho.....ohoma yn...jaya wewa...
joe root
මට මේ චිත්‍රපටියේ කියපු දේ ගැන බැනලා බැනලා කමෙන්ට් කරපු එක ගැන ස්තුතියි ඒකෙන් හැගෙන්නේ මගේ කමෙන්ටුව ඔල දරා අඇති බවයිගකේසේ නමුත් කතාවක් තියෙනවනේ ඔයගොල්ලන් අහලා ඇති ඇත්ත කියන කොට පැත්තක ඉදන් කහින අය වැඩියිලු කියලා ඒකනිසා ඔය චිත්‍රපටිය ගැන මට කට්ටිය කොච්චර දෙහි කැපුවත් මම කියන්නේ ඇත්ත මේකේ කට්ටිය කියලා තිබුනා කමෙන්ටුවල මම චිත්‍රපටිය බලලා නැ බලන්න කියලා ඒ අය බබ්බු වගේ ඒ කියපු ඒවාට මම කණගාටුවෙනවා මොකද මම මේ චිත්‍රපිටය විතරක් නෙමේ ඔය කෑගහන අයට වඩා චිත්‍රපටි බලලා තියෙනවා විතරක් නෙමේ ඒ රටවල සිනමා ශාලාවලත් ඇති තරම් ඕවා බලලා තියෙනවා අනික ඔය කමෙන්ටු දාපු අය කියනවා වගේ මගේ මෝලේ අවුල් වෙලා නැ අනික තමයි ඔය කැ ගහන මෝඩයෝ රුල කියනවා වගේ ලිංගකත්වය ගැන මට ඒගොල්ලන්වගේ පිස්සුවක් නෑ මොකද මම ඒගොල්ලන්ට වඩා හොදට Gender Studies ගැන හදාරා තියෙනවා අනික මම සිනමාව ගැනත් ඔය බහුබුතයන්ට වඩා හොදින් හදාරා තියෙනවා ඒකා නිසා මැට්ටෝ වගේ මට කියපු ඒවා ගැන මට කියන්න තියෙන්නේ පවු තාම උන් කිරිබොන කුක්කු පැටව්නේ කියලා තමයි ඒකානිසා මම තව මේ ගැන කියන්න යන්නෙත් නෑ අනිකමට ඒ අයට කියන්න තියෙන්නේ SLIITඑකේ හරි වෙන කොහේ හරි ගිහින් it degree එකක් විතරක් කලාට මදි ඒවාත් කරන්න ඔන ඊට අමතරව Gender studies ගැනයි Cinema ගැනයි මනෝවිද්‍යාව ගැනයි මිට වඩා ටිකක් හොදින් අඩුම ගානේ හෝඩිපොතේ ටික හරි හදාරන්න කියලා එතකොට ඔය කියන ඒවා තේරැම්යයි.IT DEGREE එකක් විතරක් තියාගෙන ඒකෙන් ඔක්කොම දන්න මහාචාර්ය වගේ කැගහන මෝඩයෝ කට්ටියක් වෙන්න එපා කියලා අවසාන වශයෙන් මේ කිරිසප්පයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
කේ.යූ.ජී. උදාර
ඇත්තටම ඔයා ඔය දේවල් ගැන දන්නව ඇති. ඒත් යම් දෙයක් ගැන දැන ගැනීමයි. ඒ දේ පිළිබඳව වූ අවබෝධය යි කියන්නෙ එකක් නෙවෙයි දෙකක්. ඒ හින්ද දෙයක් දැනගැනීමෙන් විතරක් නතර නොවී ඒ දේ පිළිබඳව අවබෝධයකුත් ලබන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන එකක් නැහැ.
Indi
joe root,
ඔයා ඒ රටවල සිනමා ශාලාවලත් ගිහින් මේවා කිව්වද? එයාල ඔයාට මොනවද කිව්වේ?
Dilshan kalinga
අනේ යකෝ තෝ වගේ කාලකණ්ණියෙක්.
දැනගන්නවා....චිත්‍රපටියක් කියන්නේ කිසියම් මිනිසෙකුගේ ප්‍රකාශනයක්.
එහෙම තේරෙන්නේ නැත්නම් හරියටම කීවොත් මිනිසකුගේ සිතේ ඇතිවන නැතිනම් අත්දැකීමකින් ආදී විදියකින් ඇතිවන හැඟීමක් ලෝකයේ වෙසෙන අනිත් මිනිසුන් හට සමීප කරන්න යොදාගන්නා විධික්‍රමයක්.
ඉතින් ඒක ලෝකයේ වෙසෙන මිනිසුන් විවිධ විදියට ස්පර්ශ කරනවා.ඒකට ඒකෙ මුල් අයිතිකාරයට කරන්න කිසිම දෙයක් නෑ.ඔහු ඔහුගේ ප්‍රකාශනය හරියට කළා නම් ඒක මිනිස්සු වැළඳගන්න ප්‍රමාණය සාර්ථක වෙනවා.මේක ඔස්කාර් සම්මාන 6 කට නිර්දේශ වෙලා තවත් සමාන 17 කට නිර්දේශ වෙලා ඒවගෙන් 9 ක් දිනා ගැනීමට සමත්වුණ චිත්‍රපටියක්.ඒ වගේම ඡන්ද 40000 ක් වගේ ප්‍රමාණයකින් 6.9 ක් වගේ රේටින් ලබාගන්න සමත් වුන එකක්.
මේ වගේ ප්‍රකාශන සාමාන්‍යයෙන් කරන්නේ සමාජයේ චර්යා, සිතුම් පැතුම් වෙනස් කිරීමී උවමනාවෙන්.ඒත් කරුමෙක මහත, මේ සමාජයේ වෙසෙන ඔබ වැනි කාම විකෘතිකයන්ගේ චර්යා හෝ සිතුම් පැතුම් වෙනස් කරන්න මේ වගේ චිත්‍රපටි වලටවත් බෑ. අන්න ඒක තමයි පැහැදිලි සත්‍යය. ඔබ වැනි අය දකින්නේ ඒකෙන් සමාජයට දෙන්න හදන පණිවිඩය නෙමෙයි, නිරුවත සහ ලිංගිකත්වය පමණයි.
මට මෙහෙම සිතුවිල්ලකුත් පහල වෙනවා.
දැන් ටික දවසකට කලින් 18+ දෙන එක ගැන බයිස්කෝප් එකට බල්ලෙක් බිරුවා.මම හිතන්නේ දඩාවතේ යන ගමන් ඒ පිස්සු බල්ලාගේ නම වෙනස් වෙලා ආයෙත් මේ පැත්තට ඇවිත් වගේ.බල්ලාගේ අයිතිකරුවන්ට----"කරුණාකර ඔබගේ පිස්සු බල්ලන් බැඳ තබාගන්න, නැතිනම් සමාජයේ මිනිසුන්ට ඔබගේ බල්ලාගෙන් චිත්‍රපටි භීතිකාව බෝ වීම සම්බන්ධව ඔබට වගකීමට සිදුවනු ඇත."
කිරිසප්පයා
පිස්සෙක්
Yasindu
" Joe root"...saho oya niyama kondak tiyena pirimiyek nam oage eththa name eka dala comment krnnako..ai me kohewath yana ayage nam dala comment krnne?..film ekaka tiyena de balala eken apita hadenna jiwitheta yamak ekathu kragannawa misak film eke tiyena dewal kranna yanna epa..oata waradune ethanai...oa wage ayata tiyenne danuma,adhyapanaya wthrai..eka prayogikawa pawichchi kranna danne ne..lankawe oya kyana widiyata ehenam tiragatha wenna one cartoon wthrai..eth lankaweth 18+ film hadanawane..ewa hadanne e film balala thamange ashawan sapura ganna nemei..eyain adarsha aran apita hadenna..ada kale tv eke yana add dakkama podi lamai ahanawa e mnawada kyala...oa kiyana thram honda sanskrutiyak lankawe tiyenawa nam mewa mehema weida?..lingika adhyapanaya kiyana eka ada kale hamotama laba denna one deyak..e thamange jiwithe kalakanni karaganna nemei thamanwa kalakanni karanna ena ayagen parissam wenna..ehema lingika adhyapanayak warthmana samajayata awshyai..e nisa thamai school saukya achchu poth wala 8 wasare indanma e gena padam malawak athulath karala tiyenne..e wage adhyapanayak nati unama thamai apachara,apayojana ihala yanne...saho oage manasika mattama oka nam oama eka tiyaganna..habai me lankawe anith minissunta eka bo karanna epa..oa UGATH MODAYEK..nombara eke UGATH MODAYEK..oa wage ayata anukampa kranawa misak wena karanna dyak ne...oa wage aya karana dewal walin kwdawath me site eka wattannath be...deyak kiyanna kalin deparak hithanna saho..mewa balanna beri nam gihin cartoon ekakata cmment kranna..
ශාන් විමුක්ති [විමා]
මුලින්ම කියන්න ඕනා බැනලා කමෙන්ට් කලේ නැහැ. ඔබ පටු මානසිකත්වයකින් යුතුව දක්වූ මතයට එදිරිව අදහස් දැක්වුවා
ඔය සහෝදරයා ඒ ගැන දැනගෙන ඔහොම කතා කරනවානම් මට හැගෙන්නේ ඔයා තැපෑලෙන් පිහිනන්න ඉගෙනගත්තු කෙනෙක් විදියටයි. ඒ වගේම පෞද්ගලිකව දන්නා තරමින් ඔතන කමෙන්ට් කරලා තියන කිසිම කෙනෙක් SLIIT එකට යන උදවිය නෙමේ. IT ඩිග්රි කරන කිසි කෙනෙක් ඔතන නැහැ. කණගාටුයි අනුමානය වැරදීම පිළිබදව, ඔයාකියන විදියට අපි කාටත් වඩා මෙවැනි සිනමාපට නරඹලා තියනවා. රට රටවල සිනමාශාලාවලට පවා ගොසින් මෙවැනි නිර්මාණ හෝ වටිනා "සිනමා නිර්මාණ" නරඹලා තියනවා. එයනම් මහත් සන්තාපයට කාරනාවක්. මේ විෂය පිලිබදවත් මනෝ විද්‍යාව පිළිබඳවත් ලිංගික අධ්‍යාපනය පිළිබඳවත් යහමින් හදාරා ඇතිබව කියන අයෙක්, කියන කතාවක්ද කියල තියෙන්නේ කියල හිතෙනවා. එක්කෝ එම විෂයන් ඉගැන්වූ ගුරුවරුන් වැරදි විය යුතු අතර නැතිනම් ඉගෙනගත් ඔබ හරිහැටි ඉගෙනගෙන නැතිවිය යුතුය. අනෙක් කරුණ නම් යම් දෙයක් පිලිබද දන්නා අයෙක් කෙදිනකවත් කියන්නේ නැහැ තමන් ඒ දේ දන්නවා අනිත් අය ඒ දේ ගැන දන්නේ නැහැ. දැනගත්තත් තමන්ට වඩා අඩුවෙන් කියල. එහෙම හැසිරෙන එක කිසිදිනක උගත් බුධ්ධිමතෙකු අතින් වැන්නේ නැහැ. එසේ සිදුවන්නේ යම් දෙයක් බාගෙට ඉගෙනගත් හෝ තමා පරතෙරටම දන්නේය යන හැගීමෙන් සිටිනා උගත් මෝඩයාය. මන්ද මා දන්නා දේ ඔබ කෙලසකින්වත් නොදන්නවා විය හැක ඔබ යමක් දන්නේද එය මා නොදන්නවා විය හැක. යම් දෙයක හොද පැතිකඩ හෝ නරක පැතිකඩ දකින්නේ අදාළ පුද්ගලයා බලන කෝණය අනුවය, ඔබ කියන ආකාරයට මෙම සිනමාපටය සමාජයට අහිතකර යැයි වර්ගගත වන්නේ නම්, මෙම කාරණාවන් පිලිබඳ හදාරන ඔබ වැනි අයවලුන්ගේ තත්වය සහ මතය මෙලෙසනම් අප රටෙහි අනාගත සමාජ තත්වය පිලිබඳ මහත් සන්තාපයක් නිතැතින්ම හටගනී, හත්වලාම වෙන්න යන දේට මක් කොරන්නද!ශාන් විමුක්ති [විමා]
නෑ සහෝදරයා. මම ලංකාවෙන් එලියට අඩියක් තියල නැහැ තවම. මොකක්ද එකයි ඔයා දාලා තියන කමෙන්ට්එකේ තියන අතාර්කික කරුණු වලයි තියන සම්බන්දෙ?
දිනිඳු සම්පත්
හික්ස්... අදත් මෙන්න පූස් පැටියෙක් ඥාව් ඥාව් කියලා ගිහින්. පේන හැටියට ලැජ්ජාවට බයට හැදුන රට පූසෙක් වගේ. හැබැයි මූ මීයෝ දෙන්නා දෙන්නා අල්ලන හොර පූසෙක්ද මන්දා.. කියලා තියෙන කතා දැක්කම මටනම් හිතෙන්නේ මූ gender study lකරපු ලොල්ලෙක් කියලා.. උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද?
ශාන් විමුක්ති [විමා]
:O
බර අවි ප්‍රහාර
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!verona
ane collane ubala owa ganan ganna epA JOE ROOT kiyanne hadda modayek ..matath kiyanna tiyenne හත්වලාම වෙන්න යන දේට මක් කොරන්නද kiyala tama....film balala minissunge manasa wikurti wenwwanam ,,,eyata kiyamu spider man fim 1 balala ..lamai hadanna kiyala --etakota e lamainuth spider man wage unama ape lokaya naraka dewal walin berei neda ,,JOE ROOT....
ලක්ෂාන් නිලංක
එල සහෝ....දිගටම සබ් දෙමු....ජය වේවා.....ඔය සමාජය ගැන වැඩිය දන්නෙ නැති එවුනුයි සයිට්එක වට්ටන බලාගෙන ඉන්න එවුන් කියන කතා ගණන් එපා සහෝ....ඔයා හොද නිර්මාණයක් කරලා තියෙන්නෙ.....ජය වේවා.....!
Dilshan kalinga
සබට බොහොම තුති සහෝ...
ගොන්නු උම්බෑ කිව්වට, බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා සහෝ.
ඒක එයාලගේ ගතිය නේ.
එයාල ඒක නොකර අපි කරන්නද, ඈ???
:-oprabhath
කවුරු හරි දෙයක් කලොත් ඒකේ ඇද කුද හොයන්න ඕනේ තරම් ඉන්නවා.(joe root)මේකේ කාටවත් බලෙන් දෙන්නේ නෑ.කැමති නම් ගන්න නැත්නම් අත ඇරලා දාන්න.නැත්නම් උගත් බුද්ධිමත් joe root මහත්තයෝ අපි බලලා නැති ඔබතුමා බලලා තියෙන film ටිකකට සබ් දෙන්නකෝ
Kaushal Manu
ඔය කෑ ගහන බුරුවොන්ට සබ් එකක් දෙන්නත් බෑ.දෙන එකාට ඒක කරන්න ඉඩ දෙන්නෙත් නෑ....සබට ස්තුතියි සහෝ.... :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි rum සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
joe root කියලා නම දාලා කමෙන්ට් කරපු බුරුවා තමන්ගෙ නමවත් දාන්න කොන්ද පන නැති එකෙක්.
Naween
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Sanjaya
උපසිරැසියට ස්තුතියි සහෝ…!
චන්දිම අමරසිංහ
niyami niyamai degatama karagana ymu superi...subapatum
Nandana
ස්තුතියි රම් 2550
දිමුතු තරංග ඉලුක්කුඹුර
දාල තියෙන අදහස් වලින් joe root ගේ දැනුම ගැන හිතාගන්න පුළුවන්, කියන්න තියෙන දේවල් අපේ සහෝදරවරු කියල තියෙන නිසා මම මුකුත් කියන්න යන්නේ නැහැ, ඕවගෙන් සැලෙන්න එපා, දිගටම සබ් දෙන්න, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
janaka
thanxxxx .....""joe root"", muta lingayak nadda danne ne...
Ashain
Joe Root......නිකන් නෙවෙයි නෙ අර එංගලන්ත ටීම් එකේ ඉන්න ගොන් තඩියගේ නම දාගෙන තියෙන්නේ........
යකෝ....මේ ෆිල්ම් එකක් බැලුවම මොලේ කචල් වෙනවා නම් වෙන්නේ මේක බලල මානසික අසහනයක් හැදෙන්න තරම් දුර්වල මානසික මට්ටමක් තියන උන්ට........එහෙන්ම උබ කසාද බලා මේවා ඇත්තටම කරපු දවසට උබ පිස්සෙක් වෙයි අනිත් දවසේ උදේ වෙද්දී........ උබ නික බොරු කියන්නෙපා උබ අරව දන්නවා මේවා දන්නවා කියලා......උබ දන්නවද ලිංගික මනෝවිද්‍යාව උගන්නද්දී ඒ ගැන හැදුනු වාර්තා චිත්‍රපටි පෙන්නනවා......ඒ වගේ දේවල් වලට උපදෙස් ගන්න යන අයට ඒ ගැන අධ්‍යාපනික වාර්තා චිත්‍රපටි පෙන්නනවා.......ඒවා පෙන්නන්නේ ඒවා බලල පිස්සු කෙලින්න නෙවෙයි.......මොලේ තියන එක එවන් හැදෙනව.....අපේ රටේ අධ්‍යාපනයේත් ලිංගිකත්වය ගැන හරි හැටි දෙයක් උගන්නන්නේ නෑ....එක තමයි ලොකුම ගැටලුව........මේ වගේ ෆිල්ම් ඇස් දෙකෙන් විතරක් නෙවෙයි.මොලෙනුත් බැලුවොත් මේවා තමයි ඉගෙන ගන්න දේවල්.........මේ ෆිල්ම් ඇතුලෙ ඉගෙන ගන්න දේවල් තියනව....එම නැතුව මේකෙ තියන එක සීන් එකක් අල්ලාගෙන හරක වගේ උම්බෑ නොකිය බලන්න බැරි තරම් සිගිති,අසහනකාරී මානසිකත්වයක් තියනව නම් නොබලා ඉදපන්........මොකද මේ රටේ උබට වඩා මොලේ තියන උන් ඉන්නව.......උන්ට මේවා බැලුව කියලා උබට වගේ වල වැදිච්ච මානසිකත්වයක් එන්නේ නෑ.....Mad
Thanxxx mcn
wele
Mama me nidaganda kiyala lasthi une...nikamata baiscope enna hithuna....danne bole dakke me yuddayak yanawa, aparsde e dawas wala set wenna bari unane....film eka passe ba ganna one.... Ara gothaya deiyane kiyala bada kata pirenda kawa neda....wechchi deyak. vima thawa thawath sub denna shakthiya dairya labewa....
r.s. samantha
thanks macho..sub ekata. mamath onna gaththa
tharindu
කොහොම උනත් මමත් ෆිල්ම් එක බෑවෙන්න දෑම්මා… සිංහල සබ් වලට මහන්සි උනාට සහෝට ස්තූතී… බයිස්කොප් වලට ජය…..!!
jack
thanks මචං
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හොඳ එකක් වගේ
බාන්න හිතෙනවා
සබට තෑන්ක්ස්
ජය වේවා!!!