Watch Trailer

Fed Up (2014) | ඇති වෙලාද? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට මීට අවුරුදු 6 කට කලින් දවසක අහම්බෙන් වගේ මම ගොඩ වැදුණේ ඇත්තටම කියනවනම් සිංහල බ්ලොග් කියවන්න ගිහිනුයි. එදායින් පස්සෙ වැඩි වෙලාවක් බයිස්කෝප් අඩවියට දුන්නත් අදටත් මම බ්ලොග් කියවීම නම් නතර කරලා නෑ. ඔය අතර පහුගිය මාර්තු මාසේ දිහා තවමත් නමින් නොදන්න වෛද්‍යවරයෙක් විසින් ලියන ගිමන…

Fed up 2014

බයිස්කෝප් සිංහලෙන් අඩවියට මීට අවුරුදු 6 කට කලින් දවසක අහම්බෙන් වගේ මම ගොඩ වැදුණේ ඇත්තටම කියනවනම් සිංහල බ්ලොග් කියවන්න ගිහිනුයි. එදායින් පස්සෙ වැඩි වෙලාවක් බයිස්කෝප් අඩවියට දුන්නත් අදටත් මම බ්ලොග් කියවීම නම් නතර කරලා නෑ. ඔය අතර පහුගිය මාර්තු මාසේ දිහා තවමත් නමින් නොදන්න වෛද්‍යවරයෙක් විසින් ලියන ගිමන්හල කියන බ්ලොග් අඩවියේ හරිම අපූරු ලිපි පෙළක් මම දැක්කා. ඒ අතර එතුමා විසින් එක වාර්තා චිත්‍රපටයකට උපසිරැසි යොදන්න කියලත් විවෘත ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් මේ හදන්නේ ඒ ඉල්ලීම ඉටු කරන්නයි. (ඇත්තම කිව්වොත් මාස 4 ක් තිස්සෙ මේකට උපසිරැසි දානවා 🙁 ) ඉතින් මම මේ ගැන කියනවට වඩා එතුමාටම මේ චිත්‍රපටයේ හැඳින්වීම ලියන්න කියන එක වඩා හොඳයි කියලා මට දැනුණ නිසාම මම ඔහුට කරපු ආරාධනය ඔහු සතුටෙන් පිළිගත්තා. පහළ පළවෙන්නෙ එතුමාගේ ලිපියයි. ඒ වගේම ඒ ලිපි පෙළේ මුල් ලිපියේ සබැඳියත් මම ලිපියේ අගින් යොදනවා. චිත්‍රපටිය බාගත වෙන්න දාල ගිහින් එක හුස්මට ලිපි හතරම කියවලා බලන්න. (අනික තමා ඒකේ අන්තිම ලිපියෙන් කියවෙන සතියෙන් අනවශ්‍ය මේදය ඉවත් කරගෙන බර අඩු කර ගැනීම පෞද්ගලිකව මමත් අත්හදා බලලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා වගේම මේ වෙද්දි තවත් දෙතුන් දෙනෙක්ටත් බොහොම සාර්ථක ප්‍රතිඵල අත් කරල දීලා තියෙනවා.) මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ ඇමරිකානු සමාජය ගැන වුණාට, අපේ ඇත්තොත් දැන් ඒ ආහාර සංස්කෘතිය හිස් මුදුනෙන් පිළිගන්න පටන් අරගෙන තියෙන හින්දා, මේක අනිවාර්යයෙන්ම බලන්න (බලන්න අකමැතිමනම් ලිපි ටික හරි කියවන්න) කියලා මම ඉල්ලනවා.

————–

සරලව පෙනුණට බොහෝ දෙනෙක් දරුණු විදිහට කායිකව වගේම මානසිකව විදවන්න හේතු වෙන, මුලු මිනිස් වර්ගයාටම බලපාන ගැටලුවක් ගැනයි මේ චිත්‍රපටයේ සිත්තම් වෙන්නේ. ඒ තමයි තරබාරු බව. අමුතුවෙන් කියන්න ඕනෑ නෑ මේක කියවන ඔයාලගෙ කවුරු හරි මහත ගැන දුක් වෙනවා නම් මේ චිත්‍රපටය නැරඹිය යුතුමයි.

මෙය වාර්තාමය චිත්‍රපටයක් වුණත් අපි බලන ගොඩක් චිත්‍රපට වලට වඩා රසවත් බවක්, කුතුහලයක්, ඒ සියල්ලටම වඩා දැනුමක් මෙයින් අපට ලැබෙනවා. හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. මෙහි කියවෙන්නේ අපි ගැන, අපිව ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ආහාර/බීම නිපදවීමේ සමාගම් කොයි තරම් රැවටිල්ලකට අහුකරගෙන තියෙනවද කියන එක. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. අවසානයේ ඔයාල පුදුම වේවි මිනිස්සු සල්ලි නිසා කොයි තරම් වංචාවන් කරනවද කියල. ගැටලුව තියෙන්නෙ ඒ වංචාවන්ට අහු වෙලා තියෙන්නෙ අපි, අපේ දරුවන්.

ලෝකයේ වැඩිම අදායම් උපයන මෙම දැවැන්ත අහාර නිපදවීමේ සමාගම් සිය නිෂ්පාදන අලෙවිය බින්දුවට හෙළිය හැකි මත හෝ පර්යේෂණ වාර්තා සමාජයට යාමට කිසි සේත්ම ඉඩ දෙන්නෙ නැහැ. මේ චිත්‍රපටයෙන්ම හෙළිකරන එක උදාහරණයක් කිව්වොත්,

“2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 (කැමති අය අන්තර්ජාලයේ සෝදිසියක් කරල බලන්න) යන ලියවිල්ලක් එළි දක්වනවා. එහි ඉතා පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා තරබාරු බවට හා පරිවෘත්තිය සින්ඩ්‍රෝමික තත්වයට බලපාන ප්‍රධානතම සාධකය සීනි බව. ඔවුන් නිර්දේශ කරනවා පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 10% කට වඩා නොවැඩි විය යුතු බව. මෙම ලියවිල්ලත් එක්ක ආහාර සමාගම් වලට යළිත් තදින්ම පහර වදිනවා. ඇමෙරිකානු ආර්ථිකයේ බහුතරය වන මෙම සමගම් වල බලපෑම නිසා මෙම ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම නවතාලීමට ඇමෙරිකානු රජයට සිදු වෙනවා. මෙහිදී ඇමෙරිකානු රජය ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනතුරු හඟවනවා ඉහත ලියවිල්ල ප්‍රකාශයට පත් කළහොත් ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) වෙත ලබා දෙන ආධාර මුදලින් මිලියන 406ක් නවතා දමන බවට. මේ බලපෑමත් එක්ක ලෝක සෞඛ්‍යය සංවිධානය ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනවා.

ඉතින් අවසානයේ ජනතාව වෙත ලැබෙන පණිවිඩය වෙන්නෙ පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 25%ක් බව. මෙය සත්‍ය අනුමත ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. බලන්න මුදල් හමුවේ ලෝකයේම ජනතාව රෝගින් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇති අකාරය.”

“ඊළඟට ඔබව තරමක් කේන්තියට පත් කරවන කරුණක් කියන්නම්. බොහොමයක් ජීවිත රක්ෂණ සමාගම් (Health Insurance) සිය මුදල් යොදවන්නේ ආහාර නිපැයුම් සමාගම් වල කොටස් මිලදී ගැනීමට. මොකක්ද රහස? මොකද ඔවුන් දන්නවා අයහපත් ආහාර පුරුදු පවතින තරමට ජනතාව රෝගීන් වන බව. රෝගීන් ශල්‍යකර්ම බහුල වෙන තරමට ජීවිත රක්ෂණ මිලදී ගැනීමට පෙළඹෙන ප්‍රමාණයත් වැඩියි.” මේ වගේ ඔයාල කවදාවත් නොහිතපු පැති/රහස් ගණනාවක් මේ චිත්‍රපටය මගින් හෙළි කරනවා.

මේ චිත්‍රපටයේ පසුබිමෙන් සිත්තම් වන්නේ අධික තරබාරු කමෙන් පීඩා විදින ඇමෙරිකානු දරුවන් සිව් දෙනෙකුගේ ජීවිතය. ඔවුන් තරබාරු බවින් මිදීමට කරන අරගලය. තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි. ඔයාල කවදාවත් මහත කෙනෙක්ට ඒ ගැන ඇනුම්පද කියන එක නවතා දමාවි.

අනිවාර්යයෙන් මේ චිත්‍රපට බැලුවට පස්සෙ ඔයාලගෙ කෑම ගැන දෙවරක් හිතන්න පටන් ගන්නවා. අඩුම ගානෙ අපේ ඊළඟ පරම්පරාවවත් මේ අනතුරෙන් බේර ගන්න අපිට පුළුවන්.

තවත් විස්තර ඕනෙ නෑ චිත්‍රරපටය බලන්න. ඉගෙන ගන්න දේවල් හිතවතුන් එක්ක බෙදා ගන්න. එයාලවත් මේ චිත්‍රපටය බලන්න යොමු කරවන්න.

වටිනා ලිපි මාලාවේ මුල් එකට මෙතනින් යන්න.388

Fed Up (2014) on IMDb

 

 

757 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

30BE1E166D40404417034E399004C1BC89D10759 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,097 downloadsDownload 201507301001Sinhala.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,097 downloadsDownload Subtitles121 KB

49 comments

  1. achi

    ස්තුති රොයිලි අයියෙ!!!
    ජය!!!

    1. achi

      නියම ලිපියක්. දැන් තමයි කියවල ඉවර කළේ. නම නොදත් ඩොක්ටර්ටත් මේ වගේ වැදගත් තොරතුරු ගැන දැනුවත් කිරීම වෙනුවෙන් ගොඩක් ස්තුති කරනව. නියම වැඩක්!!!

  2. රවිඳු තේනබදු

    නම නොදන්නා ඩොක්ටර්ටත් රොයිලි අයියටත් බොහොම තුති. සෑහෙන කාලෙකට පස්සෙ මෙහෙ දැක්කෙ. වෙලාවක් ලැබුණම බාමි.!

  3. “චූටී මල්ලි”

    elz set unot balanawaaaaaaa
    tnxxxxxxxxxxx

  4. නලින්

    එලස්ස්ස්! රොයිලි අයියා.

    මාරම වටිනා ෆිලුමක් වගේම ලිපි පෙලකුත් ගෙනාවට...

    ස්තුතියි වේවා!

    ජය වේවා!

  5. natasha

    thank you so much !

  6. ගිමන් නිවන්නා

    බොහොමයක් වෛද්‍යවරුන් පවා නොදන්න රහස් ගණනාවක් කැටි වුන පැය එක හමාරක්.
    අද බලන මේ චිත්‍රපටය නිසා ඔයාලගෙ ජීවිතය වෙනස් වුනොත් තව වසර 20කින් ඔයාල අනිවාර්යයෙන් රොයිලි සහෝදරයට පින් දේවි. ඔයාල විදින නිරෝගී කම ගැන හිතල.
    මේ චිත්‍රපටය දැකපු දවසෙමයි. මම් ලිපිපෙල ලිව්වෙ. මොකද එහි වටිනාකම මිල කරන්න බැරි නිසා.
    වාසනාවට රොයිලි ඒ ලිපිය කියවලා තියෙනවා.
    උපසිරැසි යෙදීම තරමක් අපහසු චිත්‍රපටයක් වුනත් රොයිලි සාර්ථකව වැඩේ කරල තියෙනවා.

    ඉතින් කියන්න තියන එකමදේ, කීයටවත් මේ චිත්‍රපටය මග අරින්න එපා.

    මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රොයිලි සහෝදරයට මේ කරපු උතුම් කාර්යය වෙනුවෙන්.

  7. Ysa

    වැදගත් දෙයක් වග‍ේ....බාලම බලමු.ලිපියට සහ කරුණු වලටත් ස්තුතියි.

  8. නලින්

    රොයිලි අයියා, ටොරන්ට් ෆයිල් එක බා ගන්න බෑ. උදවුවක් දෙන්නකෝ.

    මේ ෆිලුම බැලීමෙන් ඉහත කී මහා පරිමාණ කෑම සමාගම් වල අදායම 0 වට බැස්සිය හැකිවෙයි කියලා බය වෙලාද කොහේදෝ
    අන්තර්ජාලයෙන් මේ ෆිලුම අයින් කරලද මන්දා කියලා බයකුත් ඇති වෙනවම නොවෙයි.

    රොයිලි අයියාටත් ගිමන් නිවන්නාටත් නැවතත් ස්තුතියි.

    ජය වේවා!

  9. Tharindu

    Thank you roily aiye... ela documentary ekk wage balannama oni

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් රොයිලි අයියා!
    ආදර්ෂමත් ෆිලුමක් වගේ!
    අනිවා බලමි.
    ජයවේවා!

  11. ශාන් විමුක්ති [විමා]

    වෛද්‍යතුමාටත් රොයිලි අයියටත් බොහොම ස්තුතියි
    විනොදාස්වාදයට වගේම දැනුමට යමක් එක්කරන්න ගන්න මේ උත්සහය බොහොම අගය කරනව
    මෙන්න ගන්නව
    ජය!

  12. සසිනිකා

    කට්ටියකට උදව් කරන්න
    තවත් නියම විදියක්
    රොයිලි අයියා හොයාගෙන
    වගේ ...

  13. Kulanjana Maduranga

    meka nm kawyuth aniwaryenma baliya uthu film 1k widiyata mm dakinawa....me kalaye api gewana karabahula jeewana ratawa ekka minisa laba ganna aahara ekka mewani thathwayakata path wena 1ka samanya deyak wela....ehi athi awadanam thathwaya apita wataha denn DOCTOR & ROYLI saho gathth uthsahaya agaya kranawa.......subata thanks.............Nice Work…bro

  14. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ඒවගේම ගිමන් නිවන්නා නමින් ඉන්න වෛද්‍යතුමාටත් බොහොම පිං මේ කරන සත්කාරයට..මේ වගේ ජීවිතේට දෙයක් එකතුකර ගන්න පුළුවන් ඒවා නං අනිවා බලනවා.. වෛද්‍යතුමාගේ බ්ලොග් අඩවියත් Bookmark කරගත්තා. ඒකේ ලිපි දවසට එක ගානේවත් කියවන්න ඕනා :)

  15. Tharukaya

    Ela saho. thanks sub ekata

  16. buddhima

    Thanks aiye mewage dewal aniwa minissu atharata geniyanna oona aiya karagaththe loku pinak

  17. Asel

    Thanx

  18. කේ.යූ.ජී. උදාර

    මේ වගේ සත් කාර්යයක් වෙනුවෙන් කැපවුණු දෙන්නට ම බොහොම ස්තූතියි කියන ගමන් ඔන්න මාත් බාන්න දැම්මා............

  19. kavi

    oyalage sevaya godaak agaya karanava.....god bless !!!!!!!!!

  20. uda

    හොඳයි හොඳයි... ඉතාම අගෙයි!

    මීට කාලෙකට කලින් මට මතකයි, මාත් මේ වගේ දෙයක් කරන්න උත්සාහයක් ගත්තා.
    හැබැයි මම ඒකෙදි අසාර්ථක වුණා. මම ආරාධනා කළ වෛද්‍යවරයෙක් බව කී පුද්ගලයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගන්න මට නොහැකි වුණා. (මම ඔහු කවුදැයි දන්නේ නැහැ.)

    ඒ වුණත් ඒ වැඩේදි අපේ රොයිලි සාර්ථක වෙලා. ඒක බොහොම සතුටට කරුණක්. ක්ෂේත්‍රය දන්න, විද්‍යාත්මක දැනුමක් සහිත කෙනෙකුගේ දායකත්වය ලබාගන්න මම හිතුවාට වඩා දුර ගිහින් කළ උත්සාහයට රොයිලිට ස්තුති කරනවා.

    ඒත් එක්කම මේ වැඩේ දිගටම කරමු කියලා යෝජනා කරනවා, වෛද්‍යතුමාටත් රොයිලිටත් දෙන්නටම. තව ඕනෙ තරම් මේ වගේ වටිනා කියන ඒවා තියෙනා නිසා...
    10/10ක් ලකුණු දෙනවා මම.

  21. indika

    ස්තුතියි වේවා!

  22. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න අදයි පැකේජ් එක අලුත් වුනේ..
    ඒ නිසා දැන් නෙට් අවුලක් නැති වෙයි ඉස්සරහට...
    11, 000 ගානක් තියෙන බිල් එකට 1000 ක් දාල අප්ඩේට් පාරකුත් දාපු නිසා slt කාරයෝ නපුරක් කරන එකක් නැහැ මට..
    එහෙනම් රොයිලි අයිය කාලෙකින් මටම කියාපු ෆිල්ම් එකක් අරං ඇවිත්..
    මේ දවස් වල හෙන කට්ටක් කන්නේ බඩ අඩු කරගන්න...
    එහෙනම් මේකවත් බලලා බලමුකෝ බඩ අඩුවෙයිද කියලා..
    ප්‍රශ්නෙකට තියෙන්නේ මේක බැලුවම විතරක් බඩ අඩුවෙයිද?
    නැත්නම් මේකේ කියන කරන ඒවා කලොත්ද බඩ අඩුවෙන්නේ කියන එකයි..
    එහෙනම් ඒක බලලම බලමු නේද/
    ජය වේවා!!

  23. Nandana

    Thank U Roylee.

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Shenali chathurika

    අයියේ පුලුවන් නම් මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න කෝ red planet(2000), Mission to Mars(2000), Apollo 13(1995), Fog(2005), Before we go(2014)

  26. nalinda

    Thank you

  27. shanperera

    thanks machan

  28. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    මගේ ඇඟේ මස් කලඳක් නැතුව ඉන්නේ... ;)
    බ්ලොග් එකේ කියලා තියෙන ඒවත් එක්ක කතාව බලපු ගමන් බඩු අඩුවෙයි කියලා බය හිතෙනවා. :P
    ඒක නිසා බාගෙන මම බලන්නේ නැතුවම
    මම මේක බලෙන්ම තාත්තට පෙන්නන්න ඕනේ... :D

    කොහොම වුනත් උපසිරැසියට තුති...
    මෙච්චර කියන නිසාමයි මේක බලන්නේ... ඈ
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  29. chiran maduranga

    lipi tika baluwa
    thnx for the sub

  30. nidi

    mama nam mahatha kenek nowewi. eeth film eka download wenna dala, lipi tikath kiyewwa. ehema kale Royly gena athiwela thiyena wiswasawantha hangeema nisa. hithanawa niyama wedak thama karala thiyenne kiyala. me baiscope adawien kerena pin wedak wewi kiyalath hithenawa. film eka balala yali hamu wennam! ethek thanks!

  31. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  32. Wimukthi

    සහෝ පුළුවන් තරම් වාර්තා චිත්‍රපට දෙන්න. ඒක ගොඩක් වටිනවා.....

    ජයවේවා……

  33. natasha

    thanx a lot !

  34. warshamanage

    වටින කෘතියක්, ස්තුතී වෛද්‍ය තුමනී සහ රොයිලි සහෝ!

  35. Gayan

    Thanks...

  36. apurvi

    ගිමන් හලේ ලිපි කියවලා මාත් බර කිලෝ 4කට වඩා එක සතියෙන් අඩුකරග්ත්තා, ඒ වගේම නිවැරදි ආහාර පුරුදු එකතුකරගත්තා.

  37. Jack

    නියමයි රොයිලි සහෝ.....
    ෆිලුම නම් අනිවා බලනවා.
    බොහෝම ස්තුතියි මේ වගේ එකක් ගෙනාවට.
    ජයෙන් ජය.

  38. ඉසු ඩිපි (Isu DP)

    සබ් එක බාගත්තා. ලිපි ටික කියවලා, වේලාවක් ලැබුනම ෆිලුමත් අනිවා බලනවා.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  39. චාමික දිල්හාර (දිලා)

    නියමයි රොයිලි අයියේ.........
    නියම වැඩක් අනිවා බලනවා
    එල එල

  40. චාමර

    best

    txz

  41. එල්.සී. දමැල්

    ගිමන් නිවන්නා වෛද්‍යවරයටත් රොයිල් සහෝ ඔබටත් ගොඩක් ස්තූතියි ජය...
    දිගටම මෙවැනි වටිනා දේ බලාපොරොත්තු වෙනවා...
    ජය...

  42. Kasun

    ඇති යාන්තං .srt subtitles දාලා.

  43. chamini

    aththatama hodha dheyak mee wagee kathaawak kawadhaawath apee tv chaenal ekakin wath pennanne naa

    apee ratheth tharuna aya dhaen macdonal kfc walatama furudhuwelaa samaharu add ekata wagee api kfc eken kanne pizz kanne kiyala kiyanawane meewagee dhaenuwathwimak kalaata godak sthuthiyi sahoo

  44. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. ප්‍රසාද් කන්දමුල්ල

    ෆිල්ම් එකකට වැඩිය වටිනවා...ඇත්තටම.
    සබ් එකට ''තැන්ක්ස්''...රොයිලි......

  46. Saman Prasad [පූසා]

    අද නොවැ මේ ෆිලුම ඇස ගැටුනේ...
    එහෙනම් ඒ දොස්තර මහත්තයටයි රොයිලි අයියටයි දෙන්නටම බොහොම පින් කියලා කියනවා...
    මම හිතනවා මේ කොරෝමෙට මගෙත් බර අඩුකරගන්න පුළුවන් වෙයි කියලා... :D
    එහෙනම් ජය වේවා...!!!
    සබ් එක ඔන්න ගන්නවා...

  47. vishwatha

    Suppa documentary ekak. Oyata pin