ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම…

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම පුත්‍රයා තමයි කෝරි. කෝරි දක්ෂ ක්‍රීඩකයෙක්. මේ පවුල සාමාන්‍ය පවුලක් එත් මෙයාල ජිවත් වෙන කාලය වර්ගවාදය නිසා මිනිස්සු දෙකඩ වෙලා එකිනෙකාට අමනුස්ස කම් කරගන්න කාලය. ඒ කියන්නේ කළු සුදු වර්ගවාදය හොඳටම ඇමෙරිකාව තුල රජකරන කාලයක්. ට්‍රෝයි ජීවිතය හරිම අමාරුවෙන් ගැටගහගෙන පවුලක් විදිහට දැන් එකලාසයක් වෙලා ඉන්න තරමක නූගත් මනුස්සයෙක්.
තමන්ගේ පවුල ගැන සොයා බැලුවත් ඔහුගේ ආධිපත්‍ය පවුල පුරාවටම රජකරගෙන තරමක ඒකාධිපති පාලනයක් ගෙනියන මනුස්සයෙක්. තමන්ගේ දුක්බර අතීතයට තාමත් සාප කරන මේ මනුස්සයා තාමත් ජීවිතය දකින්නේ හණමිටි අදහස් ගොන්නක් තමන්ගේ ඔලුව ඇතුලේ පුරවාගෙන. ඒ වගේම ට්‍රෝයි කියන්නේ දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෙක්. ඔහුගේ අවාසනාවට ඒ ඔහුතුල සිටි ක්‍රීඩකයා උපන්ගෙයිම වළලන්න ඔහුට සිදු උනේ මේ වර්ගවාදයට පින්සිද්ධ වෙන්න. සුදු හමට මුල් තැන ලැබුන මේ කාලයේ කළු හමට තැනක් දක්ෂ කම තිබුනත් ලැබුනෙම නැහැ. ට්‍රෝයි කුඩාකාලයේ ඉතාමත් කර්කශ ජිවිතයක් ගත කරපු ජිවිතේ තිත්ත ඒ අයුරින්ම රස විඳපු පුද්ගලයෙක්. රෝස් ඔහුගේ දෙවන කසාදය උනාට පළමු කසාදයෙන් ඔහුට දාව ඉපදුන පුතා තමයි ලයන්ස් කියන්නේ. ඒ වගේම ට්‍රෝයිගේ සහෝදරයා ගේබ්‍රියෙල් යුද්ධය නිසා අනතුරට ලක්වෙලා දැන් උන්මත්තකයෙක් වෙලා. මේ තමයි ට්‍රෝයිගේ ජිවිතේ. සතුටු වෙන්න කියල මේ මනුස්සයට කිසිම දෙයක් නැහැ. ජිවිතය නමැති කර්කශ මාවතේ කටු මතින් පැමිණිලා කටු මත ජීවිතය තාමත් ගෙනියන මේ පුද්ගලයා මේ බාධක ඔස්සේ ජීවිතය ගෙනියන්නේ කොහොමද? ජීවිතය තිත්ත වෙනකොට මිනිස්සු ඒක රහ කරගන්න හොයන වෙන මාර්ග තවත් ජීවිතය අගාධයටම ගෙනියන හැටි මේ සලරුවේ ට්‍රෝයි අපි හැමෝටම පෙන්වලා දෙනවා. එහෙනම් සුපිරි වීරයෝ, ක්‍රියාදාම වලින් තොර, එදිනෙදා ජිවිත සටන කරන අපි ඔයාල හැමෝටම ගැලපෙන චිත්‍රපටයක් තමයි ෆෙන්සස් කියන්නේ.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වගේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් ඔස්කාර් සම්මාන ලාභී ඩෙන්සල් වොෂින්ටන් විසින්. 2007 වසරේ පසු ඔහු විසින් අධ්‍යක්ෂණය කල The Great Debaters චිත්‍රපටයට පසුවමේ තමයි ඔහුව අධ්‍යක්ෂ වරයෙක් විදිහට අපහමුවන පළමු අවස්ථාව. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙන තව චරිතයක් තමයි වයලා ඩේවිස් කියන්නේ. ඇයට පසුගිය ඔස්කාර් සමාන උළෙල තුල හොඳම සහය නිලියට හිමි සම්මානය මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුනා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක වෙලා තියෙන්නේ 1985 වසරේදී තිරගත උන ෆෙන්සස් නමින්ම වූ ටෙලි නාටයක්. එහි රචකයා වෙන්නේ ඕගස්ට් විල්සන්. මේ නාට්‍යට 1987 වසරේදී පුලිට්සර් සම්මානය පවා හිමි උනා. IMDb අගය 7.3 ලබා ඇති මේ චිත්‍රපටය සඳහා උපසිරසි ලබා දෙන්න තරමක් ප්‍රමාද උනා වගේම තරමක අපහසු සහ දීර්ග දෙබස් සහිත චිත්‍රපටයක්. ඉතින් මේ වැඩේට පළමු වතාවට මගෙත් එක්ක එකතු උනේ යශෝධ මල්ලි. එයාටත් ස්තුති කියන ගමන් නැවත මෙවැනි උපසිරසක් සමඟින් මුණ ගැහෙනතුරු ඔබ සැමට ජයෙන් ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
Fences.2016.720p.BluRay.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,427 downloadsDownload Fences-2016.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරලියගේ” සහ “හසන්ත වික්‍රමරත්න”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
27 comments
Supitha
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.g@neo
ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වටින ෆිලුමක් වගේ.මේ වගේ වටින ෆිල්ම් වලට සබ් දෙනවට දහස් වරක් ස්තූතියි සහෝ
අසිත
එලම සහෝ තෑන්ක්ස්
එල්.සී. දමැල්
මේවාට sub දෙන එක කොච්චර අමාරුද??? ඒත් කමෙන්ට්ස් දාන්නෙ නැහැ බාං යනව :(
මොනව කරන්නද මේක හැටියාව...
මමනම් බලනව අනිවාරෙන්ම මේක ලබන මාසෙ හරියෙ...
බොහොම ස්තුතියි හසා යසෝ දෙපලට...Shenin Perera
බොහොම ස්තූති සහෝ
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░▄▄▄▄▄▄▄░░░░░░░░░
░░░░░░░░░▄▀▀▀░░░░░░░▀▄░░░░░░░
░░░░░░░▄▀░░░░░░░░░░░░▀▄░░░░░░
░░░░░░▄▀░░░░░░░░░░▄▀▀▄▀▄░░░░░
░░░░▄▀░░░░░░░░░░▄▀░░██▄▀▄░░░░
░░░▄▀░░▄▀▀▀▄░░░░█░░░▀▀░█▀▄░░░
░░░█░░█▄▄░░░█░░░▀▄░░░░░▐░█░░░
░░▐▌░░█▀▀░░▄▀░░░░░▀▄▄▄▄▀░░█░░
░░▐▌░░█░░░▄▀░░░░░░░░░░░░░░█░░
░░▐▌░░░▀▀▀░░░░░░░░░░░░░░░░▐▌░
░░▐▌░░░░░░░░░░░░░░░▄░░░░░░▐▌░
░░▐▌░░░░░░░░░▄░░░░░█░░░░░░▐▌░
░░░█░░░░░░░░░▀█▄░░▄█░░░░░░▐▌░
░░░▐▌░░░░░░░░░░▀▀▀▀░░░░░░░▐▌░
░░░░█░░░░░░░░░░░░░░░░░░░░░█░░
░░░░▐▌▀▄░░░░░░░░░░░░░░░░░▐▌░░
░░░░░█░░▀░░░░░░░░░░░░░░░░▀░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░Sanindu Lakkitha
***හසන්ත අයියටත්,යශෝධ අයියටත් බොහෝම ස්තුතියි උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Dulanga
Thanks
charith vishwa
හසන්ත සහෝ සබට වගේම සබ් කරන්න අනිත් අය දිරිගන්වනවාට බොහොම ස්තූතියි...
ජයවේවා...ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝල දෙන්නටම
ජය වේවා!Ashan Herath
thnkz bro naluvanam patta film eka boring danna ban sub dilanam kohomatha bamak thama sub ekata thnkz mcn
Kulanjana Maduranga
niayamai…thanks YASHODA & HASANTHA sahola..sub ekata..digatama sub demu.jaya wewa……
ආසිරි ප්‍රියන්ත (හේවා)
මේක බලන්න කොයි තරම් කාලයක් ඉවසන් උන්නද?
වෙබ් කොපිය ආපු ගමන්ම ගත්තා ඒකට සබ එක දෙනවයි කිව නිසා. මෙන්න දැන් බ්ලු රේ එකට දීල.
ඔව්ව කැත වැඩ හසන්ත මහත්තයෝ.
හදල දීපිය වෙබ් එකටත්.
කොහොමහරි කමක් නැ, වැඩකාරයෝ දෙන්නෙක් නේ සබ එක බස්සල තියෙන්නේ.
තැන්ක්ස් සබ එකට.
දෙයියම්පා, වෙබ් එකට හදලා දෙනකම් බලන්නේ නෑ.
ඔව්.Rado
maga balaagena hitiye machoo.. thanx a lot
නිරෝෂ්
ස්තුතියි හසන්ත සහ යශෝධ සහෝ.ජයවේවා !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mithun
බොහොම ස්තුතියි සිංහල සබ් දැම්මට
ගොඩක් අය මෙවගෙ මුවි බලන් නෑ
වැඩක් නැ චිත්‍රපට බලලත් එහෙනම්
හිතට දෙයක් දැනෙන රස විදින්න පුළුවන් දෙයක් තම චිත්‍රපටයක් කියන්නෙ.
එවගෙ ලස්සන ස්ටොරි මුවි එකක් මෙකත්.Soori
බොහෝම ස්තුතිය සිංහල උපසිරැසියට හසන්ත, යශෝධ සහෝලා දෙන්නටම...!
amaadi Niwaththana
One of the GREATEST MOVIE. Definitely you must watch this. It's worth the time.
ගයාන් පිටිගල
බොහෝමත්ම අාශාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටියක් බලන් කරැණාකරල බොහොමත්ම පින් සිද්දවෙච්වාවේ.
kottege mendis
ස්තුතියි සහො...දෙවි පිහිටයි!.....
Viraj
bohoma sthuthiy sahola upasirasiyata.. jaya wewa!!
Rumesh
නියමයි.. ස්තුතියි සබට !
nuwanwarnakula
superb movie bro. excellent sub !!!!plz 1A man called ove 2 Tanna .kiyna movies puluwannam sub Karanna brother
Wicki
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතිය
Mewan wijekoon
ane sub eka nane meke puluwan kenek dnnko
nipuna
thanks mchn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Upasirusiyata bohoma sthuthi. Lipiye widiyata nam lassana filumak wage. Bagena balannam