ආයුබෝවන්! ඉතින් මගෙ 50 වෙනි උපසැරසියෙන් පස්සෙ ගේන පළවෙනි චිත්‍රපටිය තමයි මේක.සේරටම කලින් මට සුබ පතපු සහ ”Confidential Assignment” චිත්‍රපටියට ප්‍රතිචාර දක්වපු හැමෝටම සහ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.හරි ඉතින් අද චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2017 මාර්තු 16 තිරගත වුණ Action/Come…

ආයුබෝවන්!
ඉතින් මගෙ 50 වෙනි උපසැරසියෙන් පස්සෙ ගේන පළවෙනි චිත්‍රපටිය තමයි මේක.සේරටම කලින් මට සුබ පතපු සහ ”Confidential Assignment” චිත්‍රපටියට ප්‍රතිචාර දක්වපු හැමෝටම සහ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.හරි ඉතින් අද චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2017 මාර්තු 16 තිරගත වුණ Action/Comedy ගණයට අයත් වෙන imdb 6.00 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්.වැඩි දේවල් නැතුව මං කෙළින්ම කතාවෙ සාරාංශෙ කියන්නම්..
ජංග් යොන්ග් සිල් (Kang Ye-won) කියන්නෙ තැන් තැන් වල පාට් ටයිම් ජොබ් කර කර ස්ථිර රස්සාවක් හොයන කෙනෙක්.මෙයා කොයි තරම් ඉන්ටව් වලට ගියත් එකකටවත් තේරෙන්නෙ නෑ.සුදුසුකම් තිබුණට මෙයා ටිකක් කුලෑටි බය ගතියක් තියෙන කෙනෙක්.ඉතින් ඉන්ටව් ගානකට මූණ දුන්නට පස්සෙ අන්තිමේදි බුද්ධි අංශෙම ජොබක් සෙට් වෙනවා.ඒත් මාස තුනයි ඒකත්.එයාව අස් කරල දානවා.මෙයා අස් කරපු දවසෙ ගෙදර යන්න කලින් මෙයාගෙ ලොක්කගෙ ඔෆිස් එකට යද්දි ලොක්ක ෆෝන් එකෙන් කතා වෙන දේ ඇහෙනවා..
වොයිස් පිෂින්ග් ගැන මං හිතන්නෙ හුඟක් අය දන්නව ඇති.ඒ කියන්නෙ කෝල් වලින් රවට්ටලා සල්ලි ගලව ගන්න එක.ලංකාවෙ ඒ තරම් නොවුණට අනිත් රටවල් වල මේක නිතරම වෙන දෙයක්.කොරියාවෙ වගේ නම් මහා පරිමාණව වෙන දෙයක්.ඉතින් මේ යොන්ග් සිල්ගෙ ලොක්කව ඔය වගේ කෝල් එකකට අහු වෙනවා.ඒ වගේම තමා හොඳ ගානක් ගැලවිලා යනව මිනිහගෙන්.මෙයා ඒ ගැන ගිණුම්තියන කෙනත් එක්ක ෆෝන් එකෙන් කතා කරනව තමයි යොන්ග් සිල්ට ඇහෙන්නෙ.ඉතින් මේකෙන් පස්සෙ මෙයා උදව් කරන්නද කියල අහනවා.අනිත් අය දැනගත්තොත් ලැජ්ජයිනෙ කියල මෙයාට භාර දෙනව ඒ ආයතනෙට ගිහින් වොයිස් පිෂින්ග් කරන ලොක්කවම අල්ලගන්න කියලා.අල්ලගෙන කාටවත් නොදැනෙන්න නැති වුණ සල්ලි ගන්න තමයි ලෑස්තිය.වැඩේ හරියට කරොත් මෙයාගෙ රස්සාව පත්වීමකුත් එක්කම ස්ථිර කරනව කියනවා.ඉතින් යොන්ග් සිල් මේ වොයිස් පිෂින් කරන තැනට යනවා..එතනට ගියාම එතන පොලිස් අපරාද අංශෙ කෙල්ලෙකුත් වෙස්වලාගෙන වැඩ කරනවා.එයත් හදන්නෙ මේකෙ ලොක්කව අල්ලගන්න කියල මෙයාට තේරෙණවා.
නා ජන්ග් අන් (Han Chae-ah) තමයි ඒ පොලිස් කාරි.මෙයාට පොඩ්ඩ ඇත්තන් මල පයිනව.කොයි වෙලාවෙත් වලියටම තමයි යන්නෙ.මෙයා කොහොම හරි ඒ වොයිස් පිෂින්ග් කරන තැන ලොක්කව අල්ලගන්න ඕනෙ හින්දා ඉවසගෙන වැඩ කරනවා. ඒකෙ ලොක්කා චීනෙ ඉන්න විත්තිය තමයි කියන්නෙ.ඉතින් මෙයා දවසක් රෑ එයාල වැඩ කරන තැන ලොක්කගෙ ඔෆිස් එකට පනිනවා.එතකොටම යොන්ග් සිලුත් ඒ වෙලාවෙම එතන ඉන්නවා.ඉතින් දෙන්නවම දෙන්නට මාට්ටු වෙනවා.
පස්සෙ හුඟක් සීන් ගියාට පස්සෙ මේ දෙන්නගෙ ලොක්කො දෙන්න කියනව දෙන්නටම හවුලෙ වැඩ කරන්න කියලා.ඔන්න ඔහොමයි කතාව ගලාගෙන යන්නෙ.. ඊට පස්සෙ ඉතින් දෙන්නම එකතු වෙලා වැඩ කරනවා.කරාට දෙන්න දෙන්නවම රවට්ටගන්න එක තමයි කරන්නෙ.මුල ඉඳන්ම ඉවරයක් වෙනකල් බලාන ඉන්න පුළුවන් කොමඩියක් ඔන්න.එහෙනම් මං ගිහින් එන්නම්.ඩිරෙක්ට් ලින්ක් ඕනෙනම් දන්නවනෙ කලින් වගේ බුකියෙන් මැසේජ් එකක් දාන්න.මං එවන්නම්.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Part.Time.Spy.2016.720p.HDRip.900MB.Ganool.li.mkv
Part-Time Spy 2016 720p HDRip XviD-PCHD
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,028 downloadsDownload Part-Time-Spy-2017.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
25 comments
Kulanjana Maduranga
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~sumeda
ස්තූතියි සහෝ.සිංහල උපසිරස කිරීමට තවත් ශක්තිය ලැබේවා...
Banuka
Thanx Bro නීයමයි...
Chami.S
Thanks..
Good Luck..Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.කසුන් සංජය
සබ් එකට බොහොම ස්තූතිය ඔබට තවත් මෙවැනි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අසිත
එලම සහෝ තෑන්ක්ස්
Chalana
thnx bro...
Dulanga
Thanks
sunimal
Niyamai saho sub ekata eth comments na nda...a kiyala sub karana eka nawattanna epa... Api paw ne... Kollo ne...
chamalkalum
කමෙන්ට් බලන් කරානම් එහෙම නවත්තල ගොඩක් කල් බ්‍රෝ.. ඒත් ඉතින් කොල්ලොනෙ
කොරියන්නේ බලනවනේ...
wajira weerasinghe
Part Time Spy (2017) AKA Bijeonggyujik Teuksuyowon
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
නියමයි සහෝ..
බොහෝම ස්තුතියි සබට.
ජය...Nipun Pavithra
එළම සහෝ......... අනිවා බලනවා.....
චරිත්
බොහෝම ස්තුතියි සහෝදරයා ..
තිසර
thanks macho sub eakata
jonta
Thanks Bro
Sandeepana
thanks bro sub ekata. hoda wedak
malith
Thanks machoo
maji91
tnx drling ;)
Rashmika dumidu
Thanks bro
salinda wimalaweera
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……