ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ, යාන්තමින් ඇස් අරිනකොට, එකම එක රූපයක් පමණයි දැක්කේ… මං හිතුවෙම, දිව්‍ය විමානයෙන් මිහිපිට බට දිව්‍යාංගනාවක් කියලයි. පස්සේ තමයි දැනගත්තේ, මගේ ජීවිතය බේරපු දොස්තර නෝනා කියලා. දැකපු වෙලාවෙම මගේ හිත මොකක්දෝ වෙලා ගියා කියලා මට තේරුණා. ඔයාටත් එහෙම්මම වුණා කියලා මට විශ්වා…

ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ, යාන්තමින් ඇස් අරිනකොට, එකම එක රූපයක් පමණයි දැක්කේ… මං හිතුවෙම, දිව්‍ය විමානයෙන් මිහිපිට බට දිව්‍යාංගනාවක් කියලයි. පස්සේ තමයි දැනගත්තේ, මගේ ජීවිතය බේරපු දොස්තර නෝනා කියලා. දැකපු වෙලාවෙම මගේ හිත මොකක්දෝ වෙලා ගියා කියලා මට තේරුණා. ඔයාටත් එහෙම්මම වුණා කියලා මට විශ්වාසයි. මොකද, මං කාටවත් නොකියා ඉස්පිරිතාලෙන් පිටවෙලා ගියාම, මාව හොයාගෙන එන්න තරම් ඔයාගේ හිතේ මං ගැන සෙනෙහසක් තිබිලා තියෙනවා. මං ගැන සෙනෙහසක් ඒ ආදරණීය හදවතේ නොතිබුණා නම්, නොදන්නා මාව හොයාගෙන එන්න තරම් අපි අතරේ තිබුණ බැඳීම මොකක්ද? වෘත්තියෙන් මං ප්‍රහාරක ගුවන් යානා නියමුවෙක්. ඔයා, දොස්තර කෙනෙක්. මං සමහරක් මිනිස්සුන්ගේ ජීවිත අහිමි කරද්දී, ඔයා සමහරක් මිනිස්සුන්ගේ ජීවිත බේරාගත්තා. අපි දෙන්නට දෙන්නා නොගැලපෙනවා වගේ තමයි. හැබැයි, ගලපගන්න බැරි වෙන එකක් නැහැයි කියලා හිතුවා.
කොහොමින් කොහොමහරි, ඒ සංසාරගත බැඳීම ඇති වුණා. හරිම ආදරයෙන් තමයි අපි දෙන්නා ජීවත් වුණේ. රණ්ඩු සරුවල් නොවුණාම නෙමෙයි. ආදරය තියෙන්නෙ කොතනද, එතන රණ්ඩු සරුවල් තියෙනවා කියලා කතාවකුත් තියෙනවනෙ. හැබැයි, ඒ හැම දෙයක්ම තාවකාලිකයි. පුරුදු විදියටම, ආයෙත් අපි දෙන්නා ආදරයෙන් වෙලෙනවා. ආදරයෙන් තුරුල් වෙලා, නීල වර්ණ අහස කුස පුරාවට විදුළි වේගයෙන් පියාඹලා ගියපු අපි දෙන්නා දිහා, පක්ෂීන් පවා ඉරිසියාවෙන් නොබැලුවා නම් තමයි අරුමය… පොළවේ සිටින මිනිසුන් සෝ සුසුම් නොහෙලුවා නම් තමයි අරුමය… අවසානයේ, හැම දෙනාටම අස්වැසිල්ලක් ගෙන දෙමින්, ශාපය ඵල දුන්නා. අපේ කුරුළු කූඩුව සී සීකඩ බිඳී විසිරී ගියා…
ආදරණීය ලීලා! මගේ අතින් ඔයාට වැරදි සිදු නොවුණාම නෙමෙයි. ඒත්, ඒ හැම දෙයක්ම සිද්ධවුණේ, මගේ හිතේ ඔයා කෙරෙහි තියෙන සදාතනික ආදරය නිසාමයි. ඔයාව අවසාන වතාවට දැකලා අවුරුදු ගණනාවක් ගතවෙලා. එළඹෙන දවසක් දවසක් පුරාවට, එකම එක දෙයක් පිළිබඳවයි මගේ සිත මොර දෙන්නෙ. තව එකම එක වතාවක්, ඔයාගේ ඔය ලස්සන මූණ දැකගන්න මට අවස්තාවක් ලබාදෙන්න, දෙවියනේ! එනමුත්, සතුරු දේශයක, හුදෙකලා සිර කුටියක, තනිකම විසින් වෙලාගෙන සිටින්නාවූ මා දෙස, දෙවියන් වත් දෑස් විවර කර බැලීමට තරම් සානුකම්පිත වූයේ නැහැ. මාගේ ගැඹුරු වූ ආත්මයෙන්ම, සිතුවේ පැතුවේ එකම එක බලාපොරොත්තුවක් පිළිබඳවම පමණයි. මේ ආදරණීය හදවත සදහටම නතර වීමට පෙරාතුව, මේ ආදරණීය පුද්ගලයාගේ අවසාන හුස්ම බිඳත්, මේ වා තලයට මුසු වීමට පෙරාතුව, මා ආත්මයේ හිමිකාරියගේ ඒ ආදරණීය ඇස් දෙක, අවසාන වතාවට, එකම එක වතාවක්, යලි දැකගන්නට, මා හට වරම් ලැබේවිදෝ?
මතකද අපි ඉස්සර, හරිම ආසාවෙන් බලපු Roja (1992) චිත්‍රපටය? මතකද ඒ චිත්‍රපටයේ තිබුණු, ඒ හරි අපූරු සිංදුව… චීන්න චීන ආසෛ…! ඒ තරමටම හදවතට සමීප දෙයක්, කොහෙත්ම අමතක වෙන්න නම් බැහැ. මතකද, ඊට පස්සේ බලපු, Dil Se.. (1998) චිත්‍රපටය? හරි ලස්සන කතාවක්… ලස්සන සිංදු ටිකක්… මට නම් අද ඊයේ වගේම මතකයි. මේ චිත්‍රපටි දෙකේම සාර්ථකත්වය පිටුපස, එක්තරා අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වුණා. මේ අදෘෂ්‍යමාන හස්තය විසින් අත ගහන ගහන හැම චිත්‍රපටයක්ම වගේ අතිශය සාර්ථක වෙන්න ගත්තා. ඇදහිය නොහැකි සාර්ථකත්වය සහ පවතින සාම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් බිහිකරන ලද නිර්මාණයන් නිසා සමහරු මේ පුද්ගලයාව මායාකාරයෙක් ලෙසත් හඳුන්වන්න ගත්තා. ඒ, වෙන කවුරුවත් නෙමෙයි… මනි රත්නම් මහත්මයා! වසර කීපයක නිහැඬියාවකින් පස්සේ, මෙන්න එතුමා නැවත වතාවක් කරලියට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. හැබැයි, හිස් අතින් නම් නෙමෙයි. ඔස්කාර් සම්මාන ලාභී, A. R. රහමන් මහත්මයාගේ අතිශය සුමියුරු සංගීතයෙන් රස ගැන්වී, දකුණු ඉන්දීය තාරකාව, Karthi ගේ විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් සහ, Aditi Rao Hydari ගේ හද මන්මත් කරවන සුළු, අයස්කාන්ත රංගයෙන් වර්ණවත්වූ, විශිෂ්ඨ සිනමා කෘතියක් සමගින් තමයි, මනි රත්නම් මහත්මයා මේ වතාවේ කරළියට ප්‍රවිෂ්ට වෙන්නෙ. 2017 වර්ෂයේ අප්‍රේල් මස 7 වෙනි දින, Romance කාණ්ඩය යටතේ තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිත්තම, මේ සටහන ලියවෙන මොහොත වන විට, Imdb දර්ශකයේ 6.2 ක අගයක් තමන් සන්තක කර ගැනීමට සමත් වී තියෙනවා.
ඇත්තටම, මේ චිත්‍රපටය ගැන ගොඩක් ආසාවෙන් හිටියත්, උපසිරැසි ගන්වන්න නම් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මේ චිත්‍රපටයට HC Sub එකක් තමයි නිකුත් වුණේ. ඒ කියන්නෙ, මුල ඉඳලම ලයින් හදාගෙන තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නෙ, සාමාන්‍ය චිත්‍රපටයක් වගේ දෙගුණයක් මහන්සි වෙන්න ඕනේ. නමුත්, මොනවා බලාගෙනද? පුරුදු විදියටම මේකටත් උපරිම කමෙන්ට් 20-25ක් වැටේවි. ඔය කමෙන්ට් 25 ගන්න, ඔය තරම් මැරෙන්න ඕනෙද…? එහෙම තමයි මට හිතුණේ. ඇත්තම කියනවා නම්, දැන් මේ උපසිරැසි කරන්නෙ පුරුද්දට වගේ මිසක්, කිසිම කමෙන්ට් එකක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි. දැන් වැටෙන කමෙන්ට් සංඛ්‍යාවත් එකක්, ඒ ගැන තිබිච්ච ආසාව මැරිලා ගිහිල්ලා දැන් සෑහෙන කාලයක් වෙනවා. මං දැක්කා සමහරු අහලා තියෙනවා, ලයික් බොත්තමක් ඔබනවා වගේ ලේසියට, කමෙන්ට් එකක් දාන්න විදියක් තිබුනා නම්, ගොඩක් දෙනෙක් කමෙන්ට් දාවි කියලා. ඒ ගැන කියනවා නම් මට හිතුන දෙයක් තමයි, ලයික් බොත්තමක් ඔබනවා වගේ ලේසියට උපසිරසියක් කරන්න පුළුවන් වුණා නම්, මීට වඩා ගොඩක් දෙනෙක් උපසිරැසි කරාවි නේද කියලා… හැමදෙයක්ම අන්තිමේ, කළකිරීමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ කතා වලින් වැඩක් නැහැ. චිත්‍රපටය නොකරන්න හිතාගෙන හිටියත්, මොන හේතුවක් නිසාද මන්දා, කොහොමින් කොහොමහරි චිත්‍රපටය කරන්න බාරගත්තා. මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සඳුන් ධනුෂ්ක සොයුරාව. කාල රාමු නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහුත් උපකාර කළා. ඒ වෙනුවෙන් සඳුන් සොයුරාට විශේෂ ස්තුතියක් පුදකර සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ, චිත්‍රපටය පුරාවටම, A.R. රහමන් මහත්මයාගේ අතිශය මියුරු සංගීතයෙන් වර්ණවත්වූ සුමියුරු ගීත කීපයක්ම අන්තර්ගත වෙනවා. මගේ මතය අනුව නම්, සෑහෙන කාලයකට පස්සේ තමයි දමිළ චිත්‍රපටයක් තුලින් මේ වගේ අතිශය මිහිරි ගීත සමුහයක් අහන්න ලැබුණේ. මේ ගීත සියල්ල සඳහා උපරිමයෙන්ම උපසිරැසි ගන්වලා ඇති.
එහෙනම් ගිහිල්ලා එන්නම්. යන්න කලින් තව එක දෙයක් කියන්න තියෙනවා. අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් වැඩ රාජකාරි නිසා, ඉස්සර වගේ උපසිරැසි වෙනුවෙන් කාලය වැයකරන්න අදහසක් නැහැ. කලින් නම් මාසෙකට අඩුම වශයෙන් චිත්‍රපට 4ක් හෝ 5ක් අනිවාර්‍යයෙන්ම දුන්නා. ඒත්, අපේ වටිනා කියන කාලය නාස්ති කරගෙන, තමන්ගේ වැඩ පාඩු කරගෙන, සමහර වෙලාවට නිදිමරාගෙන කරන මේ වැඩෙන් අපිට ආත්ම තෘප්තියක් වත් ලැබෙන්නෙ නැත්නම්, ඒ කරන වැඩේ කිසිම ප්‍රයෝජනයක් තියෙනවද? මේ චිත්‍රපටය පවා මේ උපසිරැසි ගන්වන්නේ, විභාගයක් ඔන්න මෙන්න තියාගෙන. හොඳ දෙයක් දැක්කාම හොඳයි කියලා කියන්න මැලි වෙන මිනිස්සුම තමයි, පුංචි හරි අඩුපාඩුවක් දැක්කම, රෙදි උස්සගෙන, දෙමව්පියන්ගේ පවා ගුණ වයමින්, තමන්ගේ දුර්ජන ගතිය පෙන්වන්නෙ. මේ සඳහා උදාහරණ පහුගිය ටිකේ ඕනෙතරම් බලාගන්න තිබුණා. කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට ඕනෙම දෙයක්, ඕනෙවට වඩා ලැබෙනකොට, ඒකෙ කිසිම අගයක් නැතිවෙලා යනවනෙ. අනික, කිසිම මුදලක් අයකර නොගෙන, නොමිලේම කරන සේවයක්නේ. ඒ නිසා කිසිම අගයක් නැතුව ඇති. මේ කතාව කිව්වේ හැමෝටම නෙමෙයි. වදින කෙනාට වැදේවි. තමන්ගේ හදවතට තට්ටුවක් දාලා අහලා බලන්න, තමන් අයිති මොන කාණ්ඩයටද කියලා. මේ හේතු නිසා, මීට පස්සේ තෝරාගත්ත සීමිත චිත්‍රපට සංඛාවක් සඳහා පමණක් උපසිරැසි කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. බලමු, ඉස්සරහට මොකක් වේවිද කියලා. මේ තීරණය වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. යන්න කලින් තව එකම එක දෙයක් කියන්නම්. මේ තත්වය දිගටම තිබුණොත්, පළපුරුදු උපසිරැසිකරුවන්ගේ කළකිරීමත් සමගින් ඔවුන් උපසිරැසිකරණයෙන් ඈත් වුවහොත්, මේ ක්ෂේත්‍රයේ කඩා වැටීම වැඩි ඈතක නම් නොවේවි. බයිස්කෝප් අඩවියට නිතර යන එන අයෙක් නම් හොඳටම දන්නවා ඇති, දවසකට මේ අඩවියෙන් චිත්‍රපටම විතරක් කීයක උපසිරැසි නිකුත් කරනවද කියලා. ඒ දවස් වල උපසිරසියක් වෙබ් අඩවියේ පළකරගන්න නම්, දවස් ගාණක් බලාගෙන ඉන්න වුණා. ඒ තරමට උපසිරැසි තිබුණා. නමුත් දැන්, සමහර දවස් වලට එක චිත්‍රපට උපසිරසියක් වත් පළවෙන්නේ නැති දවස් ඕනේ තරම් තියෙනවා. නිවී හැනහිල්ලේ කල්පනා කරලා බලන්න හේතුව මොකක්ද කියලා. තේරේවි… හැබැයි ටිකක් කල් යාවි. එතකොට පරක්කු වැඩි වේවි. ඒ අනිසි ඵලවිපාක ලැබෙන්නෙ අපිට නෙමෙයි… ප්‍රේක්ෂක ඔබටම තමයි.
එහෙනම්, හැමෝටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.lv – Kaatru Veliyidai (2017) Tamil HDRip x264 700MB ESubs
ලබා දී ඇති උපසිරසි සියලුම HDRip පිටපත් සඳහා අදාළ වේ.
19,047 downloadsDownload Kaatru-Veliyidai-2017.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
155 comments
salinda
Ranga Prasanna
Niyama kathawa machan. Sirawatama meke amaruwa danne karana api witharai. Exam eka goda daganin machan. Puluwan welawata ayeth me wage supiri film ekak demu. Jaya wewa!!
anjana
thanx sab ekata bro,api wenuwen karana kapaweema agaya karanawa.....jaya wewa sahoooooo'''
එල්.සී. දමැල්
ලස්සන Tamil film එකක් වගේ... බලමුකෝ...
Comments ගැන කතාවනම් සම්පූර්ණ ඇත්ත... උපසිරසක් කරන්න කොච්චර අමාරුද? ඒත් අදහසක් දාලා නොයන්නෙ ඇයි??? :( අපිට දුක අර අදහසක් වචනෙකින් හෝ ස්තුතියි කියලා යන පුද්ගලයා දෙන්නා ගැනයි :(එල්.සී. දමැල්
And thanks for sub
Randika N Jayarathne
thnk you very much......ubalata danena feeling gan atta tam dukai ban.....bt etin apita karann pluwan de api dannw....api wage film pisso wenuwen karan me kapa kiria gan etin aya amuthuwen guna warnana karann on nah n....meka eti lankan ba......munta nikan dena kisima deyaka agayak nah.....ubala sub nokaran1 sadaranai....but tin eka nia kela wenn...api wage unta tam.... lankawe sinhala film gan etin kata karala wadak nah n...ewa etin supirima supiri n....machn english terunath..e film1 niyama feeling1 gann eka sinhalen balanna on....any way thnkz a lot.
shehan prathapasinghe
wade atharinna epa moka mnw qwwath me karana wade apita gdk watinawa bro thanxxx jayama wewaaa!!!
Nirodha uthpala
Yako sisilayage lipiyak nam filuma gana kavadada kathada obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
sithum perera
ela machan thx
charith vishwa
ස්තුතියි සහෝදරයා...
ජය වේවා...
බුදු සරනයි...Madusha Bandara
Thanks For the Sub
Lahiru
තෑන්ක්ස් මචෝ සබට...බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිලුමක් ...දිගටම සබ් දීපන් බං ...
kumara
romba thanx bro sub ekata.... obata pin.....
sandun
thanx saho
jaya wewaSanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
Comment ගැන කියල තියෙන කතාව සහතික ඇත්ත බන්. ඒත් comment එකක් දැම්මොත් සල්ලි දෙනවා කියුවත් අපේ බහුතරයක් නෝනලා මහත්තුරු ටික comment දාන්නේ නෑ සත්තයි. වෙන මුකුත් නෙමෙයි බන් මේ වෙලා තියෙන්නේ.. ලොකුකම. හිතන් ඉන්නේ උබලා දෙන සබ් එකට වඩා උන්ගේ comment එක වටිනවා කියලා. Site එකට හැමදාම ඇවිත් තියෙන හැම එකටම comment එකක් මං අනිවා දානවා film එකක් බැලුවත් නැතත්. මං සබ් දෙන කෙනක් නොවුනත් සබක් කරන්න කොච්චර අමාරුද කියන දේ හොදට දන්නවා. Thnx කියලවත් දාන්න බැරි එවුන්ට මේ කියන්නේ. උබලා සනිකව download button එක ඔබලා අරගන්න ඔය සබ් එක note pad එකෙන් open කරලා බලහල්ලා නිකමට. එතකොට තේරේවි කොච්චර මහන්සියක් වෙලා තියේද කියලා..!
~~බුදුසරණයි..ජය වේවා~~Ravin Laksitha
බොහෝම තුති උපසිරසියට.......
Gayan Rathnayaka
Thank you sub ekata oya karana sewaya ape paaluwa kansiya kochchara makanawada samaharunta mewa therenne ne eththatama sub ekak karanna kochchara mahansi wenna oneda kiyala danne eka parak hari try karapu aya vitharai mokada api eka husmata film eka beluwata sub ekak hadala eka test karanna 5 paarakwath film eka balanna one..eththatama lokuma kattak kanawa api wenuwen oyata hadawathinma Thank You and respect You And Your Team
DT Lakmal
Bohoma sthuthi saho upasirasiyata. lipiya bohoma awadanayen kiyewwe, saho hithata danennama kiyanna thiyena de kiyala thiyena nisa. oba kiyapu de aththa. meeta awrudu ganakata kalin matath pissuwak thibba subtitle karanna. palaweni sub eka x men site eke palaweddi, a dawas wala avatar film eka pamanak dewani una comment pramanayak mage palaweni sub ekatama watuna. eth dawasin dawasa, nidimaragena, sub karala site ekata ewanne kattiyagen labena adahasak dakinna. eken labena sathuta watina nisa a api kapa karapu kalayata.
eth kaleth ekka math sub karana eken ain une oye hethuwa nisamai. sub ekak karanna patan ganna oni meke sub download karana hamoma. ethota therei oyala me de karanna wena mahansiya. ehema una nam comnt ekak noda yana kenek nathi wei bohodurata. attatama meke age danenne oye download karagena yana daas ganatama dawasaka aluthen ena film ekakata sub ekak ganna nathuwa amu english walin balanna sidda unama. edata oyalata aye reqwst ei... anywy man kiyanne na bro me wade nawattanna kiyala.. ehema wenawata ekenma akamathi. digatama sub denna try karanna. kuhaka minissu inna samajayak bro meka. danagena issarahata yamu. jaya wewa...
man. Dhanushka Lakmal [Dhana]
ahinsaka hithne :D
Vimukthi Anuradha Kumarage
jaya wewa saho salenna epa ape minissu hoda 1000k kalath punchi waradak athi e okkoma hoda nathi kekthi
දිනූජ තීරාජ්
බොහොම ස්තූතියි......
mahesh babu
Sub එකට බොහොම ස්තුතියි bro.....
කවුරු නැතත් අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා..
Sub එකක් හදන්න වෙන මහන්සිය අපි දන්නවා,ඇත්තටම කිසිදු ප්‍රයෝජනයක් නැතුව ඔයාලා කරන සේවය අගය කල යුතූයි!!!!
ඔයාලා දෙන sub විකුනලා කාලා,බීලා ඉන්න පිරිසකුත් ඉන්නවා.....
ඉතින්,හැමෝටම කියන්නේ අඩු තරමින් THANKS කියලවත් comment කරන්න
සිසිල සහෝ,ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වේවා!!!!!!!!!!Ashan Herath
sub ekata thnkz mcn ade bn me sit eke vatinakama kiyala nima karanna ba sub kirilla atarnna epa mcn
Nati
Sub eka denakm blan unne. Thank you.. ❤️
Chami.S
Thanks..
Good Luck..Ashan
sub ekata thanks. ayye oya kalin dila thibba Attraction(2017) films eke br copy ekata adaala sub eka empty ekak. webDl ekata adala sub eketh bagyak witharai thiyenne. eka harigassanna pulyvannam loku udavvak
Sisila Prasad
ඒ පිළිබඳව ඇඩ්මින්තුමන්ලට දැනුම් දීමක් කරන්නම්, සහෝ.
Kulanjana Maduranga
niayamai…supiri film 1k ne..aniwa balanna ona..thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh
bohoma sthuthi saho
krishantha bandara
mekata nam 26 i hodee.. sathutui.. ubala nathi unath api film balai eth therum ganna wenne nee.. katta kagena sub denawata pin.. jaya wewahh...
johnnysand
සබ් එකට තෑන්ක්ස් මචෝ....
Kaviya
Tq bro✌✌✌
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
ජයම වේවා…supun perera
sub ekata thanks........... jaya wewa.....
කසුන් සංජය
සබ් එකට බොහොම ස්තුතියි සහෝදරයා ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට ජය!!
Niram Suresh
අඩේ අලුත් ටැමිල් එකක් නැතුව වේලි වේලි හිටියෙ බං ..ජය ආ
sumeda
බොහොම ස්තූතියි උපසිරසියට.
Vimuth Madusanka
Sub ekt Thanks mcn
Tilantha1
sub aekata thanks oyage katawa aethta katawath karana hoda wada penne na aeth waraddak unahama aeka dakinna aeka gana kiyawanna ona taram kattiya innawa
Chamith Mihiranga
Ela aiya.. Bohoma sthuthiyi.. Jaya wewa..!
sunimal
අන්තිමට කොහොම හරි wenne apita asawen treumak atiwa sub ekak ekka film ekak balanna nati wena eka... Nikan dena de adu padu hoyanna goyama mehema wenawa... Me kalaye hama sub ekak ekkama dapu lipi wala tibbe kalakirimak a lipi diha baluwama issarahata mokak wai da kiyala hitenawa... Dukai attatama ewa dakiddi.... Twa kalekin issara nam hama film ekatama sub dena supiti baiscope kiyala site ekak tibba kiyala kiyanna wewida danne na...... Koma hari sub ekata godak thanks.... Puluwan kalayak sub denna ema denna kiyala bala karannath ba... Mko wena wada natuwa ya... Oyalata eth mecchara kalayak site ekath ekka hitiya eka me wage kada watenakota attatama dukai
dinesh
thanks machan
hemasri
wadi wadiyen sub karanda labewa
thank umunasinghe
ඉස්තුති සිසිල බ්‍රෝ..........ආදරෙයි..
Rado
elama saho elama
anura
jayaweewa sahoo thnz sabata
prasad
bohoma stuti sub ekata mcn.apa pahasuwata karana kapa kerima agayanawa.
Imalka Dias
sub akta tnxxxxxxxxxxxxxxx. mewathath sub denwda.
Fist Fight 2017 , Yaakkai (2017) , Running Shaadi (2017)
Indrajith
bohoma mahansi wela me wawage sub ekak dunnata ....Bhoma sthuthiii...jaya weewa!!!
hasith
thankyou sahoo me krna kapakirimata api lassanata films tv series balanna oyala nisa
chandana
ලස්සන ෆිල්ම් එකක්වගේ.......මමත් සබ් එක බාගත්ත..............
මේ කතා ලස්සන ෆිල්ම් එකක්"Subtitles Half Girlfriend" ..සබ් එක දෙන්න බලමු............... ස්තුතියි ..........
madhushana
ela machan niyamai
gayan
ඇත්තම කිව්වොත් ඉංග්‍රීසි ටැමිල් වගේම වෙනත් භාෂාවන්ගෙන් තියෙන චිත්‍රපට බලන එක පුරුද්දක් වුනේ බයිස්කෝප් වෙබ් අඩවිය නිසා. මේ චිත්‍රපට වලට සිංහලෙන් උපසිරැසි ගේන ඔබ සැමගේ මහන්සිය ඇත්තටම සේවයක්. හැමෝම කමෙන්ට් නොකළා වුනත් ඒ කාගෙත් හිත්වල මේ සේවය ගැන ගෞරවයක් ඇති. අද හැමෝම දෙයක් කරන්නෙ දෙයක් බලාපොරොත්තුවෙන්. නමුත් මේ සේවය උදෙසා ඔබලාට කිසිවක් නොලැබෙන බව අපි කවුරුත් දන්න දෙයක්. බයිස්කෝප් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී ඉන්න හැම කෙනෙක්ම උසස් රසවින්දනයක් ලබනවා. සිනමාව ගැන. ඒ හැම කෙනෙක්ම වෙනුවෙන් ඔබ සියලු දෙනාට ස්තූතියි කියනවා.
HAPPY BOY
Aniwa machan.math wadiya comment karanne na.ath godak agaya karanawa sub karana eka.comments balaporththuwen me de karanawata wada thamange athma thrupthiya wenuwen kalanam thamai honda.godak aya kiyaka thiyenawa comments na kiyala.oka aulak ganna dekuth nemei.ath lankawe api huruwela thiyenne karana deta loku agayeemak balaporththu wenna.comment karala thiyena aya dala thiyenne godak honda comments.a nisa comment nokala aya gana hithanna one na wadiya.sub karana eka amaru wadak.welawa yanawa godak.aka aththa.comments wadi wuna dawasaka suv eke thiyena adu padu ganath godak comments watei.edata godak hitha ridei.comment ekak kiyanne akai.fb eke dana photo ekakata daana comments likes wage balaporoththi wenna epa mekata.sevayak karanne kiyala thamanta awanka wela me aya agaya karana deyin sathutu wenna.aluthin sub karana aya witharak nemei.sub godak kal idan karana ayageth sub wala godak waradi thiyenawa.hondama copy walata hondama english sub thiyena ewageth ehema man dakala thiyenawa.ath kawadawath aka auk kiyaka comment karala na.hethu 2k thiyenawa.ekak kauruwath waraddak ahanna kamathi na mahansiyen karapu dekata.anith eka ehma kiwwama upset gihin karanna hithenne nathi wenna puluwa.man dakala thiyenawa samaharu ikmanata sub eka awe nathi wunama baninawa.aka hari na.ath mehema dekuth thiyenawa.issara aya comments godak balalorththuwen sub kare na.anika issara ikmanata sub eka enawa sub karana aya wadiya hitiye mathi wunath.issara pata gala awa.ath dan ehma na.anika meke thawa deyak dakala thiyenawa.kauruhari waraddak pennala dunnama kohewath nathi aya pade kiyala amathanawa.waraddak pennala denne waradda hadagena aka therumaragena usas mattame sub enawa dakinna.nathuwa pudkalika tharahakata nemei.a nisa therumaragena issarahata yamu.thawa deyak api subtitles bagaththata eka kare kauda kiyala godak aya balanne na.a hati.eken thamanta labena dekuth na.akai aththa.a kale idan sub bawath mata mathaka රොයිලි ප්‍රනාන්දු kiyana nama witharai.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela thanks ...