ආයුබෝවන්. මුලින්ම ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත තත්පර 31,536,000ක එකතුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් වාසීන් ඔබ සියලු දෙනා වෙතම..! එසේ නම් මේ අවුරුද්දේ මුල්ම උපසිරැසිය විදියට මම අරන් එන්නේ මේ චිත්‍රපටය තමයි. චිත්‍රපටයේ නමේ නිවැරදි අර්ථය නම් මෝටර් රථ අතර එතරම් හානි සිදු…

ආයුබෝවන්. මුලින්ම ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත තත්පර 31,536,000ක එකතුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් වාසීන් ඔබ සියලු දෙනා වෙතම..! එසේ නම් මේ අවුරුද්දේ මුල්ම උපසිරැසිය විදියට මම අරන් එන්නේ මේ චිත්‍රපටය තමයි. චිත්‍රපටයේ නමේ නිවැරදි අර්ථය නම් මෝටර් රථ අතර එතරම් හානි සිදු නොවී වන සුළු අනතුරක් කියන එකයි. ඒත් ඒකට සිංහලෙන් කියන කෙටි වචනයක් මට මීටර් වුනේ නැති නිසා චිත්‍රපටයේ සමහර තැන්වල ඉංග්‍රීසි යෙදුමම සදහන් කරා.
මේ චිත්‍රපටය හොරර් හා ට්‍රිලර් කාණ්ඩවලට තමයි අයත් වෙන්නේ. Imdb අගය 5.1ක් හිමිකරගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Pavia විසින්. කතාව පාදක වෙන්නේ අමුතු විදියේ මිනීමරුවෙක් ගැන. මේ පුද්ගලයා එයාගේ ඊලඟ ගොදුර හොයාගන්නෙත් හරි අමුතු ක්‍රමයකට. ඒ කියන්නේ කාර් අනතුරකින්. එයා එක මිනීමැරීමක් සිද්ධකලාම, අනිත් ගොදුර හමුවෙනකම් කලින් මියගිය පුද්ගලයාගේ විස්තර තමයි පාවිච්චි කරන්නේ. ඔහුගේ කාර් එක වෙනස් නොකලත් කාර් එකේ අංක තහඩුව අවසාන මියගිය තැනැත්තාගේ එකට මාරු කරගන්නවා. ඒ වගේම ඒ තැනැත්තාගේ ළඟ තිබුණු මුදල් ප්‍රමානෙට හරියටම හරියන්න ඉන්ධන පුරවගන්නවා. ඉන්ධන ඉවර වෙන්න කලින් එයාගේ ඊළඟ ගොදුර හොයාගන්නවා. ඉතින් මේ අමුතු මිනීමරුවාගේ ගොදුරක් විදියට හිලරි කියන අහිංසක තරුණියත් අවාසනාවන්ත ලෙස තෝරා ගැනෙනවා. ඉතින් කතාව ගැන ඊට වඩා කියන්න යන්නේ නෑ. මේ හිලරි කියන තරුණියට, එතකොට එයාට හිතවත් අයට මේ මිනීමරුවාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද. ඔයාලත් චිත්‍රපටය අරගෙනම බලන්නකෝ.
වෙනදා වගේම අදත් මේ චිත්‍රපටය බාරදීම පිලිබඳ ස්තූතිය සමන් ප්‍රසාද් සහෝදරය හට පුද කරනවා. එමෙන්ම ඔහුගෙන් බයිස්කෝප් එකත් සමඟ හැකි උපරිම කාලයක් ඉන්නා ලෙසද නැවතත් ඉල්ලා සිටිනවා. මං හිතන්නේ උපසිරැසිය ඉවර කරන්න චිත්‍රපටය බාරගෙන මාසයක විතර කාලයක් ගතවුණා. ඒ මොකද බලාපොරොත්තු වූවාට වඩා පසුගිය වසර අවසානයේ රැකියාවේදී කාර්යබහුල වූ නිසාත්, මේ චිත්‍රපටයට ගුණාත්මක තත්වයේ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් නොවීමත්, මගේ පරිගණකයේ ඇති වූ දෝෂයක් නිසා වැඩ අවසන් කිරීමට ආසන්නව තිබු උපසිරැසිය නැවතත් මුල සිටම ටයිප් කිරීමට සිදුවීමත් නිසා උපසිරැසිය ගෙනෙන්න ප්‍රමාද වුනා. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා.
හොදයි. මං ඊලග උපසිරැසිය විදියට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ චීන ක්‍රියාදාම චිත්‍රපටයක්. එසේ නම් එම උපසිරැසියත් සමඟ නැවත හමුවීමේ අපේක්‍ෂාවෙන් මම සමුගන්නවා. ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
Fender.Bender.2016.720p.BluRay.x264-SADPANDA
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,268 downloadsDownload Fender.Bender.2016.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිත් මිහිරංග
Subtitles
20 comments
Kantha_DLA
Udara Damith B/K
********උපසිරසියට ස්තුතියි*****
Iresh Laksahan
ela
Udara Damith B/K
සමන් ප්‍රසාද් බයිස්කෝප් එකත් සමඟ හැකි උපරිම කාලයක් ඉන්නා ලෙස ඉල්ලා සිටිනවා.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
asitha
THANKS BRO
අසිත
elama saho thanks
Lady Bloodfight (2016) film eka nam hoday wage,ekata sab demu
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!කිං මැක්ස්
Thanks for the sub.... Good Luck.............!!!!
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය...Madhushan
Niyamai bro....
Nadun Dasantha Kariyawasam
හැමෝටම සුභ නව වසරක් වේවා. !!!
උපසිරැසියට බොහෝම ස්තූතියි චමිත් සහෝ.
සමන් සහෝගේ කැපවිමත් අගය කරනවා.
ෆිලුම නම් බලලා ඉවරයි සුපිරියට තිබ්බා.
අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක්.
මේ ෆිලුමේ ඉදිරි අනාගතයේදි තවත් ෆිලුමක් එයිදෝ කියන ඉගියක් අවසානයේදි දුන්න එයිද කියල හරියටම කියන්න අමාරුයි ඉස්සරහට බලමු.
ලැබුවාවු මේ අවුරුද්දේ මේ වගේ සුපිරි ෆිලුම් අප අතරට අරගෙන ලැබේවා කියා ප්‍රර්ථන කරනවා.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
LAKMAL
ෂිවායි හින්දි film එක දාන්න
Global
මෙවැනි තවත් රසවත් හරවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා....!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Asanka Gayan RZ
Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.Nishan
Thanx bro
ashan lankanath
thanks .......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.