Watch Trailer

Westworld (1973) with Sinhala Subtitles | බටහිර ලෝකය[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්…

Westworld (1973)
ආයුබෝවන් 2017 වසරේ මගේ පලමු උපසිරස අරගෙන ආවා. චිත්‍ර‍පටයේ නම දුටු පමනින් ගොඩක් අයට යම් හුරුපුරුදු බවක් දැනේවි. ඔව් 2016 වසරේ HBO නාලිකාවේ විකාශවුනු Westworld කතා මාලවට පාදකවු Westworld චිත්‍ර‍පටය තමයි අද අපි ඔබ වෙත ගෙන්නේ. හැබැයි මේ සලරුවට උපසිරස දෙන්න නියමිත වෙලා තිබුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අන්තිම සතියේ. කොහොම නමුත් ඉතිං ඇතිවුනු පොඩි පොඩි කාර්යබහුලකම් හින්දා වැඩේ ප්‍ර‍මාද උනා.

Michael Crichton අධ්‍යක්ෂනයක් වන මේ සලරුවේ ලෝක සිනමා ඉතිහාසයේ යම් සුවිශේෂි කඩයිමක් පසුකල සිනමා නිර්මානයක් කිවොත් වරදක් නෑ. Westworld කියන්නේ පරිඝනක සජිවිකරන යොදාගත් ලෝකයේ පලමු චිත්‍ර‍පටයයි. ඔබ මේ චිත්‍ර‍පටයේ දකින විනාඩි කිහිපයක සරල පරිඝනක සජිවිකරනයන් නිර්මානයට ඒ යුගයේදි මාස 4 පමන කාලයක් ගතවු බවට සදහන් වෙනවා. ලෝකයේ පලමු පරිඝනක වෛරසය බිහිවිමට වසර 5 පමන පෙරයි මේ චිත්‍ර‍පටයෙන් පරිඝනක වෛරස පිලිබද අනාවැකියක් සිදුකරන්නේ. ඒ වගේමයි පසුකාලිනව මානවරූපි රොබෝවරුන් ගැන කියවෙන චිත්‍ර‍පට බොහෝමක පදනම වී තිබෙන්නෙත් මේ සිනමා නිර්මානයයි. මේ චිත්‍ර‍ටය ලැබු සාර්ථකත්වය නිසා Futureworld(1976) නමින් තවත් සිනමාපටයකුත් Beyond Westworld (1980) නමින් රූපවාහිනි කතාමාලකුත් නිර්මානය වෙලා තිබෙනවා.(නමුත් එම කතාමාලව අතරමග නවතා දැමුවා).

කතාව ආරම්භවෙන්නේ මිතුරන් දෙදෙනෙක් මානවරූපි රොබෝවරුන් සිටින උද්‍යානයකට පිවිසිමත් සමගයි. නමුත් මෙහි එක් උද්‍යානයක් වෙනුවට උද්‍යාන 3 තිබෙනවා ඒ රෝමානු යුගයට අයත් උද්‍යානයක්, මධ්‍යකාලින යුගයට අයත් උද්‍යානයක් හා 18 වැනි සියවසේ ගොපලු සංස්කෘතිය නිරූපනය කරන උද්‍යානයක්. මේ සියලුම උද්‍යාන ඩිලෝස් නම් බහුජාතික සමාගමක් විසින් තමයි නිර්මානය කර මෙහෙයවන්නේ. මේ රොබෝවරුන් බැලුබල්මටම සෑබෑ මිනිසුන් වගේම උනත් ඔවුන්ව පැහැදිලිව වෙන්කරගන්න පුළුවන් එක ලක්ෂනයක් පවතිනවා. ඒ තමයි රොබෝවරුන්ගේ අත්. ඒවායේ යම් අස්වාභාවික බවක් පවතිනවා. මේ උද්‍යානය තුලදි සංචාරකයන්නට(අමුත්තන්ට) තමන් කැමති ඔීනෑම දෙයක් කලහැකියි. සිමාසහිතකම් ඉතාම අඩුවෙන් තමයි මේ උද්‍යානයේ තියෙන්නේ. එවගේම කිසිදු අමුත්තෙකුට රොබෝවරයෙකුගෙන් හානියක් නොවන අකාරයටයි සියල්ල සැලසුම් කරලා තියෙන්නේ. නමුත් මේ උද්‍යානයට ඇතුල්වන සියළු දෙනාම තමන් ඇතුල්වනේනේ යම් අවදානම් පරිසරයකට බව ඔවුන් ඇතුල්විමේදිම සමාගමෙන් දැනුවත් කරනවා. කෘතිම බුද්ධියේ අනාගතය දිශානතිය පිලිබද ඔබට යම් අදහස් මේ සලරුවෙන් ලබාගන්න හැකිවේවි.

ඔබත් HBO නාලිකාවේ  Westworld රූපවාහිනි කතාමාලාව නැරඹු ප්‍රේක්ෂකයෙක් නම් පොඩි දෙයක් සදහන් කරන්න ඔනේ. රූපවාහිනි කතාමාලවට මේ චිත්‍ර‍පටය පදනම් උනත් රූපවාහිනි කතා මාලාවේ තරම් ගැඹුර සංකීරන සංකල්ප හා සිද්ධින් මේ චිත්‍ර‍පටයේ ඇතුලත් වෙන්නේ නෑ. ඒ වෙනුවට විද්‍යාප්‍ර‍බන්ධ කතාන්දරයක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ. ඒ වගේමයි චිත්‍ර‍පටයේ සෑම  සිදුවිමක්ම රූපවාහිනි කතාමාලාව සමග සම්බන්ධවෙන්නෙත් නෑ. නමුත් අපිට ටිවි සිරිස් එකේ වැඩියේ දකින්න නොලැබුනු උද්‍යානයේ ක්‍රියාකාරිත්වය මේ චිත්‍ර‍පටය හරහා දකින්නට පුළුවනි.

පහලින් ඔයාගේ ප්‍ර‍තිචාරයක් ද සදහන් කරලා යන්න අමතක කරන්න එපා. ඉතිං විනාඩි 90ක් බටහිර ලෝකයේ සැරිසරන්නට ඔබට ආරාධනා කරනවා.

Westworld (1973) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Westworld.1973.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

476 downloadsDownload Westworld.1973.Baiscopelk.com_.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/14ef6ac.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    

Subtitles

476 downloadsDownload Subtitles25 KB

18 comments

  1. devinda

    Ty malli.gdk pin.....

  2. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ. මේකේ ටීවී සීරීස් එකෙත් ආසාවෙන් බැලුවා.. ෆිල්ම් එකත් බලන්න හිත හිතා ඉන්නකොට තමයි මේ සබ් එකත් දීලා තියෙන්නේ.. බොහෝම ස්තූතියි..

  3. Udara Damith B/K

    එල
    මරු නියමයි

  4. අසිත

    elama saho thanks

  5. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි කළිදු සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  6. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. piyumal sanjeewa

    ටීවී සීරීස් එකෙත් ආසාවෙන් බැලුවා...
    ෆිල්ම් එකත් බලන්න ඔන...
    උපසිරසට ස්තුතියි සහෝ…

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  9. surannga

    thanks malli...

  10. Sajith Anthony

    පරණ වුනත් බලන්න වටිනව,
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. Asiri

    මං බලපු සුපිරිම ටීවී සීරීස් එකක් උන westworld එකට පාදක උන film එක බැලුවේ නැතිනම් ඒක අඩුවක්.බොහොම ස්තූතියි සහෝ මේකට sub දුන්නට.

  12. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharaka

    කෙතරම් පැරණි වුනත් බටහිර සිනමාවේ නිර්මාණනම් කවදාවත් පරණ ඒවා කියලා අහක දාන්නනම් බෑ. සිනමාලෝලී අපට ඒවා පරණ වෙන්නේ නෑ. පැරණි චිත්‍රපට වල තාක්ෂණය දුර්වල හෝ හොඳ වුනත් අදටත් බොහොමයක් චිත්‍රපට අලුත් පරම්පරාවේ මා වැනි සිනමා රසිකයන්ටත් ඉතාමත් ආශාවෙන් නරඹන්න පුළුවන්. කාල භේදයක් නැතිව පැරණි හෝ අලුත් වේවා හොඳ සිනමා නිර්මාණ මා නරඹනවා. ඉතින් එසේ චිත්‍රපට නරඹන මා වැනි අය වෙනුවෙනුත්, පැරණි චිත්‍රපට නරඹන අය වෙනුවෙනුත් ඔබ මේ කල උපසිරැසි ගැන්වීමට බොහෝම ස්තූතියි සහෝ. කමාන්ටු හා බාගත කිරීම් ප්‍රමාණය ගැන නොසිතා ඉදිරියටත් හොඳ පැරණි හෝ නව චිත්‍රපටවලට උපසිරැසි ලබා දෙන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Dewadithya

    Thanks for sub!

  17. Anonymous

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.