සුභම සුභ දවසක් මගේ යාළුවෝ හැමෝටම. කාලේකට පස්සේ අපි ආයෙම මුන ගැහෙනවා තවත් එක ෆිල්මුවක් සමගින්. ඇත්තම කිව්වොත් පහුගිය ටිකේ කොරෝනා හැදිලා හරි අමාරුවෙන් තමා ගොඩ ආවේ. ඒ ගමන්ම හිතුනා නිරෝධායන කාලේ ඉවර වෙන්න කලින් කොහොම හරි සබ් එකක් කරන්න. ඉතින් එන්න එහෙම තමා මේ ෆිල්මුවට සබ සෙට් වෙන්නේ. හැමදාම වගේ මන් ස්ත…

සුභම සුභ දවසක් මගේ යාළුවෝ හැමෝටම. කාලේකට පස්සේ අපි ආයෙම මුන ගැහෙනවා තවත් එක ෆිල්මුවක් සමගින්. ඇත්තම කිව්වොත් පහුගිය ටිකේ කොරෝනා හැදිලා හරි අමාරුවෙන් තමා ගොඩ ආවේ. ඒ ගමන්ම හිතුනා නිරෝධායන කාලේ ඉවර වෙන්න කලින් කොහොම හරි සබ් එකක් කරන්න. ඉතින් එන්න එහෙම තමා මේ ෆිල්මුවට සබ සෙට් වෙන්නේ.
හැමදාම වගේ මන් ස්තුති කරන්න කැමතියි බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු කාර්යය මණ්ඩලයේ සියළු දෙනාට.ඉස්සර තරම්ම දැන් සබ් දෙන්න වෙලාව නැතත් කොහොම හරි ඉඩක් ලැබුන ගමන් හොදම තත්වයේ දෙයක් ඔයාලට දෙන්නයි අපේ මේ සියළුම කාර්යය මණ්ඩලයේ උත්සාහය.
Feral State අහලා තියෙනවද. බලලා තියෙනවද. ටිකක් හරි අමුතු කතාවක්. ප්‍රධාන චරිතයම හොද මැරයෙක්. මැරයෙක් කිව්වට ටිකක් අමුතු මැරයෙක්. මට නම් මේ මැරයව තේරෙන්නෙම නෑ. එක පැත්තකින් හොදයි. තව පැත්තකින් නරකයි. කතාව පටන් ගන්නෙත් එයාගෙන්. එතකොට ඉවරවෙන්නේ කාගෙන්ද. ඒක ඔයාලම බලන්න.
මේ කතාවේ Director මහත්තයා වෙන්නේ Jon Carlo මහතායි.මේ කතාව ටිකක් නිස්ශබ්දව යන කතාවක්. අනාථයෝ එකතු වෙලා කරන දේවල්. ඔව්න් වරදට පෙළඹවීම. මේ දේවල් තමා මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. සම්පූර්ණ කතාවම දින කීපයක දර්ශන වලට සීමා වෙලා. ඒ කියන්නේ කතාව දිග නෑ. ඒත් ලස්සනයි. මේකේ පිටපත ලියලා තියෙන්නෙත් Jon Carlo මහතාම තමා. ඒ වගේම මේකේ රගපාන අය ගැන කිව්වොත් AnnaLynne McCord, Ronnie Gene Blevins, Octavio Pisano වගේ නළු නිළි සෙට් එකක් තමයි මේකේ ප්‍රධානම චරිත ටික රග දක්වන්නේ. කෙහොම උනත් මේ කට්ටිය හරි ලස්සන විදියට තාත්වික විදියට මේක රග දක්වලා තියෙනවා. ඒක ඔයාලට බලද්දී තේරේවි.
ගොඩක් දේවල් කියන්න ඕන නෑ. කතාව ලස්සනයි. බය නැතිව බලන්න. කොහොම හරි මේ ලෙඩ හොද කරන් ඔයාලට තවත් ලස්සන ෆිල්මුවකුත් අරන් එන්නම්. එහෙනම් ඉතින් කතාව බලලා ලස්සනයි නම් කොමන්ටුවකුත් කොටලා සහයෝගය දීලා යන්න. මගේ යාළුවෝ හැමෝටම
ජයවේවා!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
4,943 downloadsDownload Feral.State_.2020.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශනිල්ක ජයලත්
Subtitles
14 comments
Anonymous
Anonymous
Braidmaids 2011 එකට සබ් එක දෙන්නකො සහො,Please Please Please
HNR
බ්‍රෝ Red Line 2007 සබ් එක දෙනවද කීප පාරක්ම ඉල්ලුවා
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suranjan
Thanks.....jayawewa....!
Anonymous
Sub ekata thanks! 'Annette (2021)' film ekatath sub denna..
indika75
thanks..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Pramukmili
Thanx bro..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එල එල මචන්