ජීවිතේ කවදාකහරි සියදිවි නසාගන්න හිතිල තියෙනවද. ඔබත් හැඟීම් දැනීම් වලින් පිරුණු මිනිසෙක්නම් අනිවාරයෙන්ම පිලිතුර ඔබ දන්නවා ඇති.ඉතින් මේ ලස්සන හිනාවක් අස්සෙ තමන්ගෙ ප්‍රශ්න, කරදර, හංගගෙන ජීවිතේ ඉදිරියට යන්න හදපු මිනිසෙකුගේ ජීවිත කතාවයි…. මේ මොහොතේදිත් ආදරණීයන් නැතිව, මුළු ලෝකෙන්ම තනිවුනු, කාරුණික වචන ක…

ජීවිතේ කවදාකහරි සියදිවි නසාගන්න හිතිල තියෙනවද. ඔබත් හැඟීම් දැනීම් වලින් පිරුණු මිනිසෙක්නම් අනිවාරයෙන්ම පිලිතුර ඔබ දන්නවා ඇති.ඉතින් මේ ලස්සන හිනාවක් අස්සෙ තමන්ගෙ ප්‍රශ්න, කරදර, හංගගෙන ජීවිතේ ඉදිරියට යන්න හදපු මිනිසෙකුගේ ජීවිත කතාවයි…. මේ මොහොතේදිත් ආදරණීයන් නැතිව, මුළු ලෝකෙන්ම තනිවුනු, කාරුණික වචන කීපයක් බලාපොරොත්තු වෙන, බලාපොරොත්තු බිඳවැටුනු, වේදනාවන් හිතේ හංගගත්තු පිරිසක් මේ ලෝකෙ ඉන්නවා ඇති. ඉතිං අද අරගෙන ආපු චිත්‍රපටියත් ගනුදෙණු කරන්නෙ මේ සංකීර්ණ මාතෘකාවත් එක්කයි. IMDb මීටරේ 7.7ක් වෙනකල් කරකවපු, විවිධ සම්මාන උළෙලවල්වලදී සම්මාන 14කට පාත්‍ර වුනු මහතාගෙ විශිෂ්ට අධ්‍යක්ශනයෙන් හැඩවුනු මේ සිනමා කෘතිය මෙතැන් පටන් ඔබට භාරයි.

Lee Chang-dong

ඔබ ගුණාත්මක චිත්‍රපට රසවිඳින අයෙකුනම් මේ අධ්‍යක්ශකවරයා ඔබට නුපුරුදු පුද්ගලයෙක්නම් වෙන්නට බැහැ.එතුමා චිත්‍රපට 6ක් තම අධ්‍යක්ශනයෙන් හැඩ ගන්වා අවසන්..

  • Green Fish-1997 (IMDB-7.0)
  • Peppermint Candy-1999 (IMDb-7.7)
  • Oasis-2002 (IMDb-7.9)
  • Secret Sunshine-2007 (IMDB-7.5)
  • Poetry-2010 (IMDB-7.8)
  • Burning-2018(IMDb-7.5)

Sol Kyung-gu

ඉතා ජනප්‍රිය කොරියානු චිත්‍රපට රාශියක්ම තම රංගනයෙන් හැඩ වැඩ කරන්නට මොහු සමත්වුනා.ඒවා අතුරින් Memoir of A Murderer, Hope, The Merciless, public enemy, Silmido, Cold Eyes, Oasis , No Mercy, Public Enemy Returns, Haeundae වැනි චිත්‍රපට ඔබට අමතක නැතුව ඇති.මෙම චිත්‍රපටයේ ඔහුගේ රංගනයට සම්මාන කිහිපයක්ම දිනාගන්නටත් හැකියාව ලැබුනා.

Moon So-ri

කතාවේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ Oasis, Juror 8, Little Forest, The Handmaiden, Three sisters වැනි චිත්‍රපටි වලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මූන් සො-රී නිලි‍යයි.ඇයත් තම චරිතයට උපරිම සාධාරනයක් කරන බව චිත්‍රපටය නරඹනවිට ඔබට වැටහෙවි..

චිත්‍රපටය දිනාගත් සම්මාන කිහිපයක්

  • 2000 Baeksang Arts Awards
  • Best New Actor – Sol Kyung-gu
  • 2000 Grand Bell Awards
  • Best Film
  • Best Director – Lee Chang-dong
  • Best Supporting Actress – Kim Yeo-jin
  • Best Screenplay – Lee Chang-dong
  • Best New Actor – Sol Kyung-gu
  • 2000 Blue Dragon Film Awards
  • Best Actor – Sol Kyung-gu, Best Screenplay – Lee Chang-dong
  • 35th Karlovy Vary International Film Festival
  • Special Jury Prize

ඉතාම කෙටියෙන් කතාව ගැන කීවොත් චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ කතාවෙ ප්‍රධාන චරිතය සියදිවි නසාගැනීමකින්.එතැන් පටන් ඔහුගේ ජීවිතයේ අවුරුදු 20ක් අතීතයට අපිව කැඳවාගෙන යනවා.කොහොම උනත් විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක රේඛීය ලෙස ගලා නොයන කතාවක්.ආරම්භයේදී යම් සිදුවීමක් ප්‍රේක්ෂකයාට ලබා දී එහි මූලාරම්භය සොයා යන කොටස් වශයෙන් වෙන් කරන ලද ජීවන චාරිකාවක් මෙහි අනිතර්ගතයි. memento චිත්‍රපටයේ කාල රේඛාවට බොහෝ දුරට මෙම චිත්‍රපටියටද සමාන බව විචාරකයන්ගේ අදහසයි.

මෙහිදී අධ්යක්ශකවරයා 80 දශකයේ කොරියාවේ සමාජ පසුභිම පිලිබඳවද යම් විග්‍රහයක යෙදෙන බව ඔබට පෙනේවි.එහිදී
-පුරුෂමූලික සමාජ ක්‍රමය
-මිලිටරීකෘත් කොරියානු සමාජය
-හමුදා පාලනයේ ස්වභාවය
-ග්වංජු සංහාරයේ ප්‍රතිඵල
-මිනිස් සඹඳතාවල ස්වරූපය
-වසර දෙකක හමුදා පුහුණුවෙන් පසු තරුණයන් සතුවන ප්‍රචණ්ඩකාරීබව,කුරිරුබව හා අධික විනය.යන කාරණා පිළිබඳ ගැඹුරු විවේචන රාශියක් දැකගත හැකිවේවි.

  • අධ්‍යක්ශනය-Lee Chang-dong
  • තිර රචනය-Lee Chang-dong
  • කැමරාකරණය-Kim Hyung Koo
  • නිශ්පාදනය-Makoto Ueda, Gye-nam Myeong, Jae-Young Jeon, Kaynam Myung

IMDb – 7.7/10
Rotten Tomatoes-86%
letterboxd- 3.9/5

මිනිස්සු හරි ආසයි තව කෙනෙක්ව ජජ් කරන්න.
තව කෙනෙක්ව පහත්කරන්න
තව කෙනෙක්ව සමච්චලයට ලක්කරන්න.
ඒත් එකපාරක් හරි හිතල තියෙනවද?
එහෙම කරන්න කලින් ඒ මිනිස්සු ඇත්තටම මොනවගේ ප්‍රශ්නෙක,මොනවගේ තත්ත්වෙක ඉන්නවද කියලා…..
කවදාවත් මිනිස්සුන්ව ජජ් කරන්න එපා…
මොකද අපි දන්නේ නෑ ඒ මිනිස්සු ඉන්න තත්ත්වේ..
ලස්සන හිනා ඇතුලෙ ලෝකෙ ලොකුම වේදනාවල් තියෙන්න පුළුවන්.
ඔයාලගේ ජජ් කිරීම තව කෙනෙක්ගේ මානසික මට්ටම කඩාවට්ටන්න හේතුවක් කරන්න එපා..පුළුවන්නම් මානසිකත්වය හදන්න..බැරිනම් කඩාවට්ටන්නෙ නැතුව ඉන්න…
මේ කතාවත් මානසිකව වැටුණු මිනිසෙකුගේ කතාවක්..
මේ කතාව විශිෂ්ට වෙන්නේ මේක මේ මහ පොලවේ ඉන්න මහා වේදනාවකින් පිරුණු මනුස්සයෙක්ගේ කතාවක් වීමයි..
කතාව ඉවරවෙලා අවසානයේ ඉඳන් ආරම්භයට කතාව පෙලගස්වගෙන එනවිට ඒ මිනිහගෙ වේදනාව ඔයාටත් දැනේවි..

චිත්‍රපටයේ අඩංගු සමහර දෙබස් සහ දර්ශන නිසා වැඩිහිටියන්ට පමණක් සීමා කර ඇත..
පලි -සෙමින් ගලායන කතාවක් අන්තර්ගත බැවින් තෝරා බේරාගෙන නැරඹීම ඔබ සතුයි.ස්තූතියි.
බයිස්කෝප් ඇඩ්මින්වරුන්ටත්, විමා සහෝටත්, ක්‍රිශාද් සහෝටත් ගොඩක් ස්තූතියි..

තවත් උපසිරැසියකින් හමුවෙමු..!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2,575 downloadsDownload Peppermint.Candy_.1999.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ජයවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-29
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිඳු ජයවර්ධන

Subtitles

2,575 downloadsDownload Subtitles36 KB

21 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. කවිදු ජයවර්ධන

      මට ලැබුණු පලවෙනි කමෙන්ට් එක තමයි මේ.ගොඩක් ස්තූතියි සහෝ.

    2. Sohan Jayasooriya

      පල්ලෙහා රිප්ලයි කමෙන්ට් එකේ ෆොටෝ එකෙන් දැනගත්තේ.. මේ කවිඳුනේ.. පළවෙනි උත්සාහයට හදවතින්ම සුභ පැතුම් එකතු කරනවා මලේ.. දිගටම සබ් දෙමු එහෙනම්.. ජයවේවා

    3. කවිඳු ජයවර්ධන

      ඇත්තටම පලවෙනි සබ් එක කියල ලිපියට ඇඩ් නොකලෙ හිතාමතාම තමයි.ඒ මොකද කාගෙ හරි පලවෙනි සබ් එකක්නෙ කියල මිස් කරොත් මිස් වෙන්නෙ සුපිරිම ෆිල්ම් එකක් නිසා.ගොඩක් ස්තූතියි අයියේ කමෙන්ට් එකට.

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Jagath55

    Thanks

  5. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    පළවෙනි සබ් එකට සුබපැතුම් බ්‍රෝ.. දිගටම සබ්දෙන්න වෙලාව ලැබේවා... සියලුවැඩකටයුතු සාර්තක වේවා..... !!!

  8. කවිඳු ජයවර්ධන

    කමෙන්ට් එකක් දාල යන්න නතරවුනු හැමෝටම ගොඩක් ස්තූතියි.❤

  9. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  10. Lakshansilva18

    Oasis (2002) movie ekatath sub dennako

    1. කවිඳු ජයවර්ධන

      ඒ ෆිල්ම් එකට සබ් දෙන්න අදහසක් තිබුනා.කොහොම උනත් හරිම පොඩි පිරිසක් තමා මේ වගේ ෆිල්ම් වලට කැමති.කිසිම ආර්ථික වාසියක් නැතුව අපි පැය 7ක් විතර මහන්සි වෙලා සබ් දුන්නට අඩුම අපේ මිනිස්සුන්ට කමෙන්ට් එකක්වත් දාන්න බෑනෙ.මේකත් 300ගානක් අරගෙන.එවුනාට කමෙන්ට් 15ක්වත් නෑ.ඉල්ලීමකුත් කරපු නිසා තව මාස දෙකකින් තුනකින් විතර අනිවාරෙන්ම සබ් එක දෙන්නම්.

  11. Ruchira

    Thanks for the sub!!!!!!

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharaka

    Sub akata bohoma isthuthi....jaya !

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  17. Bariya

    Tysm mcn <3