ආයුබෝවන් යාළුවනේ! නොබෝ දිනකින්ම ආපහු කට්ටිය හැමෝටම චිත්‍රපටයක් ගෙනාවා සිංහල උපසිරැසි එක්ක. අද මං ගෙනෙන චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ. එනම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.8/10 ක සාර්ථක අගයක් ලබපු මේ අතිවිශිෂ්ට සිනමා පටය සිනමා ඉතිහාසය තුල බිහිවූ…
ආයුබෝවන් යාළුවනේ! නොබෝ දිනකින්ම ආපහු කට්ටිය හැමෝටම චිත්‍රපටයක් ගෙනාවා සිංහල උපසිරැසි එක්ක. අද මං ගෙනෙන චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ. එනම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.8/10 ක සාර්ථක අගයක් ලබපු මේ අතිවිශිෂ්ට සිනමා පටය සිනමා ඉතිහාසය තුල බිහිවූ අතිශය කලාත්මක චිත්‍රපටවලින් එකක් බව අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන්. ශ්‍රීමත් J. M. Barrie නම් ඒ අසහාය කලාකරුවාගේ ලෝ ප්‍රචලිත නිර්මාණයක් වන Peter Pan සඳහා පන්නරය ලබා ගත් අයුරු දිගහැරෙන මේ චිත්‍රපටය මේ පොලෝ තලයේ සැබෑ අසිරිමත් මිනිසුන් සිටිනා බව අපට නැවත නැවතත් සිහිකර දෙනවා. ඒ විතරක් නෙවෙයි කලා නිර්මාණ පිටුපස ඒ මහා නිර්මාණකරුවන් කරනු ලබන කැපවීම, ස්වභාවධර්මයෙන් ඔවුන්ට දායාද කර ඇති පරිකල්පන හැකියාව නම් වූ අගනා මිනිස් ගුණය, කලාව නම් අපූර්ව මාධ්‍යයෙන් ලොවම ස්පර්ශ කල නිර්මාණකරුවන්ගේ ඒ කැපවීම සෑම නිර්මාණයක් පිටුපසම සැඟවී ඇති බව පෙන්වීමටත් ප්‍රබල ලෙස සමත්වී තියෙනවා. කලා නිර්මාණයක් යනු කලාකරුවාගේ හදවතේ කැඩපත බව ප්‍රබල ලෙස අප හදවත් තුල සංවේදී කරවීමට මේ සිනමා පටය ක්‍රියා කර තිබෙනවා. මෙකී කරුණු Finding Neverland චිත්‍රපටයේ දෙවිදියකට නිරූපණය වෙනවා කීවොත් ඉතාමත් නිවැරදියි. එකක් චිත්‍රපටයට පාදක වී තිබෙන ශ්‍රීමත් J. M. Barrieගේ වෘතාන්තය හා බැඳුණු සිද්ධින්. අනික Finding Neverland නම් මේ අනගි සලරුවේ වන අද්විතීය සිනමාකරණය හා පසුබිම් සංගීතය. පරිකල්පනය කරගත් දෙය ප්‍රේක්ෂකයාට දායාද කිරීමට නම් කලාකරුවාට තිබිය යුත්තේ සුවිශේෂි හැකියාවක්. ඒ බව මේ දෙවිදියෙන්ම අපේ හදවතට සංවේදී කිරීමට මෙකී සලරුව සමත්වී තියෙනවා. ඒ නිසාමයි මෙවන් නිර්මාණයන්ට, පුද්ගලයන්ට ලොවේ සුවිශේෂි තැනකුත් හිමිවෙලා තියෙන්නේ. මෙය චිත්‍රපටයකට වඩා වැඩි යමක් බව මං කීවෙත් ඒ නිසයි.
අපූර්ව රංගන ශිල්පින්, ශිල්පිනියන් පිරිසකගේ කැපවීමෙන් මෙහි ප්‍රධාන චරිතයන් ටික කෙරීගෙන යනවා. Pirates of the Caribbean චිත්‍රපට මාලාව, Public Enemies (2009), Platoon (1986), Dark Shadows (2012), Transcendence(2014) , Sleepy Hollow (1999) වැනි ජනප්‍රිය චිත්‍රපටවල රංගනයේ යෙදුණු Johnny Depp ද, Titanic (1997), Revolutionary Road (2008), Eternal Sunshine of the Spotless Mind (2004), The Reader (2008) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු ඔස්කාර් සම්මානලාභි Kate Winslate ද, Rain Man (1988), Kramer Vs. Kramer (1979), Sleepers (1996) වැනි චිත්‍රපටවල රඟදැක්වූ ඔස්කාර් සම්මානලාභි ප්‍රවීණ නළු Dustin Hoffman ද මෙහි මූලික චරිතයන් සඳහා දායක වෙනවා. 2005 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 7 ක් සඳහා (හොඳම නළුවා, හොඳම රූ අදියුරු, හොඳම තිර රචනය, හොඳම පසුබිම් සංගීතය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම වේශ නිරූපණය සහ හොඳම සංස්කරණය) Finding Neverland චිත්‍රපටය නිර්දේශ වී හොඳම පසුබිම් සංගීතය සඳහා සම්මානය (Jan A.P. Kaczmarek) දිනා ගත්තා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Marc Forster විසින්.
මේකේ යන කතාව මෙහෙමයි: J. M. Barrie (Johnny Depp) ගේ අසාර්ථක වේදිකා නාට්‍යයකට පසුව දිනක උද්‍යානයකදී Sylvia නම් වැන්දඹුව (Kate Winslate)යි, ඇයගේ පිරිමි දරුවන් හතර දෙනයි මොහුට හමුවෙනවා. පිරිසත් සමඟ ඇතිවන J. M. Barrie ගේ හිතවත්කම පසුකාලයක ඉතා ප්‍රබල වෙනවා. සිල්වියාගේ පවුලේ යම් යම් ගැටළු තිබෙනවා. පියා නොමැතිවීම නිසා Peter කියන දරුවා ඉතා මුරණ්ඩු තත්වයක ඉන්නේ. මේ ගැටවර වියේ ඉන්න දරුවන්ගේ දඟකාරකම් J. M. Barrie ග්‍රහණය කරගන්නේ කලා නිර්මාණයක මූලද්‍රව්‍ය හැටියටයි. J. M. Barrie නිතර මේ පවුල සමඟ සිටින නිසා විවිධ කටකතාත් පැතිරෙන්න පටන් ගන්නවා. මෙය ඔහුගේ විවාහය දෙදරා යාමට පූර්ව සංඥාවක් වෙනවා. කාලයත් එක්ක මොහු Sylviaයි ඇගේ දරුවන් එක්කයි නාට්‍යවල මෙන් විවිධ වීරක්‍රියා කරන්නට පටන් ගන්නවා. ඉතා අඳුරු ජීවිතයක් ගත කල දරුවන්ට J. M. Barrie ඇවිත් කළණ මිතුරෙක් වෙනවා. Sylviaගේ මව මේවට අකමැති නිසා ඔහුව ගැරහුමට ලක් කරනවා. කොහොමවුණත් J. M. Barrie ළමුන් සමඟ කරන මේ වීරක්‍රියා දිනෙන් දින තම සටහන් පොතේ වාර්තා කරමින් නාට්‍යයක් නිර්මාණය කරන්නට සිදුවීම් පරිකල්පනය කරගන්නවා. ඒ නාටකය “Peter Pan” ලෙස ඔහු නම් කරනවා. දිනක් J. M. Barrie සංවේදී කතාවක්Sylvia අතින් කියනවා. Barrie කුඩා කාලයේදීම ඔහුගේ සොහොයුරා මියයනවා. එයින් කම්පනයට ලක්වෙලා ඔහුගේ මව පසුව මියයනවා. එයින් James නම් තමුන්ගේ ළමා අවධිය අවසන් වනවා. ඔහු තමුන්ටම කාලයක් කියා ගත්තලු James Barrie “සිහින කොදෙව්ව” (Neverland) නමින් සිතින් මවාගත් ලෝකයකට ගිය වගක්. සිල්වියා අහනවා සිහින කොදෙව්ව මොන වගේද කියලා. එවිට Barrie කියනවා දවසක තමන් Sylviaයි දරුවන්වයි ඒ කරා රැගෙන යන බව. Peter Pan නාටකයේ වැඩ කටයුතු දිනෙන් දින කරමින් ඉද්දී Sylvia තුල කාලයක් තිබූ රෝගයක් උත්සන්න වෙනවා. පියා අහිමිවූ දරුවන් මෙයින් දැඩි කම්පනයට ලක් වෙනවා. මේ අභියෝග හමුවේ මේ සොඳුරු මිනිසාට සිය සලරුව නිම කල හැකිවේවිද? “සිහින කොදෙව්ව” නම් වූ ඒ ලෝකය යථාර්තයක් කරලීමේ පොරොන්දුව ඉටු කරන්නට හැකිවේවිද? චිත්‍රපටය බලලම මෙය දැන ගන්න පුළුවන්.
ජීවිතයේ ඇතිවන නොයෙක් දුක්ගැහැට හමුවේ ජීවිතය රස විඳීම, එම දුක්ගැහටම ආශිර්වාදයක් වෙමින් කුඩා දරුවන්ව පරිණත බවේ මාර්ගය සඳහා වන දොරටුව වෙත ගෙන යාම මෙන්ම මනුශ්‍යත්වය, කලාව යනු මිනිසාට ස්වභාවධර්මයෙන් දායාද කරන ලද අමිල දායාදයක් බවද මේ චිත්‍රපටය පුරා විද්‍යාමාන වෙනවා. Finding Neverland යනු චිත්‍රපටයකට වඩා වැඩි යමක් වන බව නැරඹු පසු ඔබට වැටහේවි.
එහෙමනම්, යන්නත් කාලය ඇවිත්. ලිපිය ටිකක් දිග වැඩිවුණා වගේ. ඒත් මේ අනගි සලරුවේ ඇති වටිනාකම අපේ බයිස්කෝප් හිතමිතුරන් සමඟ බෙදා ගන්නටයි මට ඕනි වුණේ. මේ ටික නොකියම ඉන්න මට බැරිවුණා ඉතින්. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!
700 MB (720p BRrip) කොපිය මෙතනින් බාගන්න
2B6A63DDE8DB0CEC3A8D183AA12520B1D2915940 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,480 downloadsDownload Finding.Neverland.2004.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
33 comments
fireballmovies
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
නියමයි සහෝ! ස්තූතියි.
Purnima
ලිපිය ගොඩක් රසවත්. වෙලාවක් තියෙද්දි කියවන්නම්
sanath indika
thx sahoo. ලිපයේ තිබුන විස්කර නිසාම බලන්න හිතුනා
kanthaDLA
Jaihind 2
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!
කේ.යූ.ජී. උදාර
උපසිරැසියට වගේම රහට ලියපු ලිපියටත් බොහොම ස්තූතියි විරාජ්.
ඉස්සරහටත් මේ වගේ වටින නිර්මාණ අරන් එමු........Nalaka Uggahakumbura
Lipiya wagema rasawathwa Upasirasiyath athai sithami. sabavinma Obage Mahansiyata Thuthi Pudami. Jaya.
roshan
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…lipya nm supiriyatama liyala....eka kyewwama filuma balannnama hithenawa..thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya
patta saho....
තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ .....
nalinda
thanks
thisal
ශා මගෙ නලුව න්එහ් ඉන්නෙ අනිවා බැමක් තැන්ක්ස් සබට :D ;)
Tharaka
උපසිරැසියට බොහෝම ස්තූතියි. මේක හොඳම ෆිල්ම් එකක්. අනිවාර්යෙන්ම බලනවා.
VENUKA
thanx
උදය කුමාර
බොහෝම ස්තුතියි. ජය!
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ras
උපසිරැසියට බොහෝම ස්තූතියි.
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තුතියි මචන් මේකට සබ් එක ගෙනාව එකට...
මං මේ බයිස්කෝප් එක බැලුවා සහෝගෙ උපසිරසත් එක්ක...
සහෝ සුපිරියටම පරිවර්තනය කරලා තිබුණා.. (කතාව බොක්කටම දැනුනා බන්)
ඒ හින්දමයි ආපහු සැරයක් ඇවිත් සටහනක් තියලා යන්න ඕනේ කියලා හිතුනේ....
“ නිර්මාණි විජේසිංහ ” සොයුරිය මේ බයිස්කෝප් එක්ට පස්සේ ගෙනාපු Pan (2015) බයිස්කෝප් එකත් බලන්න හිතුනේ මේක බැලුවට පස්සෙයි... ( හරියට බයිස්කෝප් වෙබ් එකේ ඇඩ්මින්ලා නියමෙට තෝරලා පලවෙනියට පලකරන්න ඕනේ එක මුලින් දැම්මා වගේ!!! ඇත්තටම එහෙමද? )
මහන්සියෙන් මේ දුන්නු උපසිරසට නැවත වාරයක් බොහොම ස්තූතියි...
තවත් මේ වගේම බයිස්කෝප් එකකට උපසිරස අරන් එන්න කියලා ඉල්ලනවා. ජයෙන් ජය...විරාජ් කොඩිතුවක්කු (තෙලා)
ඇත්තටම මමත් පුදුම වුණා සහෝ නිර්මාණි සොයුරිය pan චිත්‍රපටය ගෙනත් තියෙනවා දැක්කම. බයිස්කෝප් සයිට් එකේ අපූරුවට මේ චිත්‍රපට දෙකම දැන් පෙළගැහිලා. ඔබ දුන් දිරිගැන්වීමටත් බොහොමත්ම ස්තූතියි ශ්‍රීමාල් සහෝ. දිගටම බයිස්කෝප් සමඟ රැඳෙමු. ජය!!!
asitha
Johnny අයියගෙයි Kate අක්කගෙයි ෆිල්ම් නම් අතරින්නේම නෑමයි.
මේක සිංහල සබක් නැතුව බලන්න කම්මැලි හිතුනා.
ඉතින් බොහොම පින් සහෝ.ජය වේවා!!!!!!!!!!!!!!!!තාරක
Thank you bro...
chacha
oyalage (baiskope.lk) search enanam awul...eka hadanda balandako...search eke "Finding Neverland" kiyala gahandako...file eka pennan na.. kisi sambandhayak naeti wena ewane pennanne..{tack as a feedback }
Prabath
Thanks brother, good luck.
wiki
Thanks......
nidi
harima sanwedi kathawak. lassanai, dukai. eeth adarayata nawa arthayak dena akthawak. niyama adaraya parithyagasili bawa niyameta kiyawenawa! me film eka select karala subs deema gana thawa warak thanks!
chamithshehan
Neverland 2011 film එකටත් සබ් එක දෙන්න
ස්තුතියිiresha
චිත්‍රපටය හා ලිපිය ඉතා විශිෂ්ඨයි.........බොහොම ස්තුතියි .....................!!
Gayan Chathuranga
thanks !!
baiscopelkishu
thanks machn sub ekata
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
Great movie and great subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Finding Neverland (2004) With Sinhala Subtitles| චිත්‍රපටයකට වඩා වැඩි යමක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Finding-Neverland-2004.jpg)

“විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොයුරා FINDING NEVERLAND (2004) | චිත්‍රපටයකට වඩා වැඩි යමක්. සදහා ලබා දී ඇති උපසිරැසි වලට හොදින්ම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ වේගයෙන් ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුව.